මතක පොතක ලියැවී තිබුණා......
ලංකාවෙ තියෙන ලස්සනම ස්ටේෂන් එක මොකක්ද? මට නම් ඉදල්ගස් හින්න...

ලංකාවෙ තියෙන ආදරණියම ස්ටේෂන් එක මොකක්ද??
මටනම් ඔහිය...

මම මෙහෙම කිව්වට ඔයාලට එහෙම නොවෙන්න පුලුවන්. ඒකෙන් කමක් නෑනෙ ඔන්න තවත් කතාවක් ලිව්වා...කියවල බලන්න.
මේක නිකම්ම නිකම් කතාවක් වුනාට ටිකක් විතර කෝච්චි කතාවක්
අද ගෙදර කවුරුවත්ම නෑ.ඔක්කොම බණ්ඩාරවෙල ගිහින්. අපේ ගෙදර අය මම නැතුව බණ්ඩාරවෙල ගියෙ පලවෙනි වතාවට.බණ්ඩාරවෙල ඉන්නෙ අපේ ලොකු අප්පච්චිල.ලොකු අප්පච්චි අපේ නෑදෑයො වෙන්නෙ අමමගෙ පැත්තෙන්.ලඟම නෑදෑ කමක් නොවුනට අපි අතර තිබුණු බැඳීම ගොඩක් ලොකුයි.
දවස් දෙකක්ම ගෙදර තනියෙන් හිටිය හින්දා පරණ පොත් වගයක් ඇවිස්සුවා.ඒ අතර තිබිල අපූරු පොතක් හම්බ වුනා.මතක පොතක්.
අපේ ගෙදර අයගෙන් වැඩිම සැරයක් බණ්ඩාරවෙල ගිහින් තියෙන්නෙ මම.මට මතක ඇති කාලෙ ඉදන් හැම දෙසැම්බර් නිවාඩුවකටම මම බණ්ඩාරවෙල ගියා. ඒ ගමන නැවතුනෙ මීට අවුරුදු දහයකට විතර කලින්. අර මම කිව්ව පොතේ ලියල තියෙන්නෙ මගෙ අන්තිම බණ්ඩාරවෙල ගමන ගැන.
හ්ම්ම්ම්ම්. අම්මල උදෙන්ම එහෙන් ආවැයි කිව්වා දැන්නම් ඒ ගොල්ලො ලඟම ඇති.ඊට කලින් මට හිතුණා ඒ පොතේ තිබුණු කතාව ඔය ගොල්ලන්ට කියන්න.ඒක ලියන එක තමයි අමාරු.කමක් නෑ අමාරුවෙන් හරි මම ලියන්නම්.
ඒක මම ලියන්නේ පොඩ්ඩක්වත් වෙනස් නොකර.තියෙන විදිහටමයි.ටිකක් විතර දිගයි.ඒත් ඒක කොට කරල ලිව්වොත් මගෙ හිතට හරි නෑ.ඒ හින්ද මම එහෙමම ලියනවා..ටිකක් වෙලාව අරගෙන කියනවන්න.ඔන්න එහෙනම් පටන් ගත්තා.
චුට්ටක් තව එකක් කියන්න තියෙනවා.මම ඒක ලිව්වේ ඒ ගමන ගිහින් ඇවිත් දවස් දෙකකට පස්සේ මෙතනම ඉද ගෙන කියන එක නම් මට හොඳට මතකයි.එදායින් පස්සේ ආයෙ මම ඒක කියවන්නෙ අද.දැන් ඔයගොල්ලො කියවන කම් ඒක වෙන කවුරුවත් කියවලත් නෑ.
----------------------------------------------------------
තුන් වෙනි වේදිකාවෙ නවතා ඇති රාත්‍රී තැපැල් දුම්රිය තව ස්වල්ප වේලාවකින් බදුල්ල බලා පිටත්වේ.දුම්රිය නවත්වන්නේ රාගම,ගම්පහ,වේයන්ගොඩ,මීරිගම,පොල්ගහවෙල,රඹුක්කන,කඩුගන්නාව,පේරාදෙනිය හංදිය,ගම්පොල,නාවලපිටිය, නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.
මරදාන පහු කරල දෙමටගොඩට කිට්ටු කරල තිබුනත් තාමත් ඒ හඬ තාලයට හිත ඇතුලෙන් පිලිරැව් දිදී තිබුණා.දුම්රිය නිවේදනයට තියෙන්නෙ හරි අමුතුම තාලයක්.මම ඒ තාලයට පොඩි කාලෙ ඉදන්ම ආසයි.
ජීවිතේ පලවෙනි පාරට මම තනියම කෝච්චියෙ බණ්ඩාරවෙල යනවා.දෙවෙනි පන්තියේ අසුනක ජනේලයක් අයිනෙ වාඩිවෙලා කෝච්චියෙ දඩබඩස් සද්දෙට සවන් දීගෙන යන මගෙ හිතම අමුතු මිහිරකින් පිරිල තිබුණා.විභාගයත් ඉවර හින්දා හිතට පුදුම සැහැල්ලුවකින් තිබුණා.
කොටුවෙන් රෑ 10.20 බදුල්ල කෝච්චියෙ යන්න තිබුණු ආසාවත් මම ඉටු කර ගත්තා.වෙනදට අපි යන්නෙ රෑ 7.15 කෝච්චියෙ.
මට එහා පැත්තෙ වාඩිවෙලා හිටය අංකල් ලංකාදීප පත්තරේ බලන ගමන් හොරැහින් මගෙ දිහා බලන්නෙ මාත් එක්ක කතාබහකට බව මට තේරුම් ගියත් මම නොදැක්කා වගේ ජනේලයෙන් එලිය බලාගෙන සිතුවිලි ලෝකයෙ ගිල්වුණා.
චූටිනංගයි මල්ලියයි මම එනකම් මඟ බලාගෙන ඇති.චූටිනංගට නම් කියවන්න දේවල් ඇති වරුගානක්.
එතකොට සාවිත්‍රි එයත් මම එනකම් මඟ බලාගෙන ඇත්තේ.එයාටත් විභාගෙ ලේසි වෙන්න ඇති.එයා තාම වෙනස් වෙල නැතුව ඇති.මේ පාර නම් අපි දෙන්නට කතා කරන්න ගොඩක් දේවල් තියෙයි.
'පුතා කොහාටද යන්නෙ'
අංකල් මගෙ සිතුවිලි ලෝකය කඩල දාන ගමන් කතා කරා.
'මං බණ්ඩාරවෙල යන්නෙ අංකල්'
'ආ ඒක හොදයි අපිත් යන්නෙ හපුතලේ.පුතා තනියමද යන්නේ'
එතන ඉඳන් මගෙ ඔක්කොම විස්තර ටික අංකල් මගෙන් දැන ගත්තා.
'පුතා පත්තරේ බලනවද'
අංකල් එහෙම ඇහුවේ මගෙත් එක්ක කතා කරන්න දෙයක් නැතිම වෙනකම් අපේ කතාව ඉදිරියට ගියාට පස්සෙ.මම පත්තරේ අතට ගත්තේ අංකල්ගෙ ඉල්ලීම අහක දාන්න බැරි කමට මිසක් නැත්නම් කෝච්චියෙදි පත්තර කියවන්න මම ආස නෑ.කෝච්චියෙ ගැස්සිල්ලත් එක්ක පත්තරේ එක පේලියක ඇස් දෙක තියාගෙන යන එක හරි අමාරු වැඩක්.
ඔහේ පත්තරේට ඇස් දෙක ඔබා ගෙන යන අතරෙදි තමයි අංකල්ගෙ දුව එතනට ආවෙ.අංකල් එක්ක කුලුපග වුනූ එකේ පාඩුවක් නෑ කියල මට හිතුනෙ ඒ නංගියව දැක්කට පස්සෙ.
ඒ නංගියට තිබුණු බොහෝ කාලයක ඉදන් දැකල හුරුපුරුදු ඇස් දෙකක්.
මට එහෙම දැනුනට ඒ හුරුපරුදු බව ඇතිවුනේ ඊට පැය ගාණකට කලින්.කෝච්චිය එනකම් කොටුව ස්ටේෂන් එකේ ඉන්න අතරෙදි ඒ ඇස් දෙක මගෙ ඇස් දෙකට කිහිප විටකදිම යා වූනා.
එයාටත් ඒක දැනිලද කොහෙද මාව දැක්කම ලැජ්ජාවෙන් හිණාවුනා.
'බලන්න මේ අයියා ඔයාට වඩා අවුරුද්දයි වැඩිමල්.තනියෙන් බණ්ඩාරාවෙලත් යනවා'
අංකල් මාව උඩින්ම තියල කතා කරා.
'ඉතින් එයා පිරිමි ළමයෙක්නෙ'
හැඩ වගේම එයාගෙ කටත් සැරට තිබුණා.
මටත් නංගියගෙන් රසම රස සැන්ඩ්විච් පෙති දෙකක් හම්බවුනා.ඉස්සර අපි ගෙදර හැමෝම බත්මුල් බැදගෙන කෝච්චියෙ බණ්ඩාරවෙල ගිය කාලයට හිතෙන් එබෙමින් මම ඒව කෑව.
කෝච්චිය පොල්ගහවෙලට එනවත් මට මතකයි.ඊට පස්සෙ මම ඇහැරුණෙ නානුඔය කිට්ටු කරලා.ඈතින් පේන තෙල් ටැංකි දැක්කම දුර ඉඳන්ම නානුඔය අඳුර ගන්න පුලුවන්.

.