මිනීමස් කන පිරිසක් ආවොත්???

මිනීමස් කන පිරිසක් ආවොත්???

අන් සත්වයින් ගේ ජිවත්විමේ අයිතිය සුරක්ශිත කරමු.

ආයු වර්ණ සැප බල ප‍්‍ර‍ඥා යන පංචකාම සම්පත්තිය ඉන් හිමි වෙන අතර
මස් මාංශ ආහාරයට ගැනිමෙන් දිවට දැනෙන රසය රදා පවතින්නේ
තත්පර 3ක් වැනි කාලයක් වන
අතර මස් මාංශ ආහාරයට ගැනිමෙන් දිව රළු ස්වාභාවයක් ගනි

ලොව භයානකම මරණයට ගොදුරුවන්නේ ජලජ ජිවින්ය,

විශෙෂයෙන් මාලුන්ය,
හුස්ම ගැනිමට අපහසුතාවයෙන් හුස්ම හිරවි ලබන
මරණය ලොව වේදනාත්මක මරණය වේ
1297117167-dead-fish.jpg
2_62_pollution_fish.jpg





දිනකට ශ‍්‍රිලංකාවේ මරණයට පත්වන සතුන් ගණන
ගවයන් 4000
එලුවන් 5000
කුකුළන් 300000
මාලුන් ටොන් 150
වෙනත් සතුන් 300-400 අතර

cow-slaughter-kosher.jpg


02.jpg



Goat-sacrifice.jpg



IMG_5333.JPG





ඉහත සදහන් සතුන් ගේ ප‍්‍රාණය නිරුද්ධ විමට ගතවන කාලය
ගවයා විනාඩි 20
එලුවා විනාඩි 15
කුකුලා විනාඩි 8,
ඌරා විනාඩි 22
මාලුවා පැය 4,5ත් අතර

අමාමෑණි තිලෝගුරු බුදුරජාණන් වහන්සේට පුජා කරන ලදැයි සැලකෙන
මේ ධර්මද්විපයේ දිනකට ලක්ෂ ගණනින් සතුන් මරණයට පත් කරන්නේ
ඔබ සත්ව ආහාරයට දක්වන ලොල් බව නිසා නොවේද?
ඔබ සත්ව ආහාරයෙන් වැලකෙනවා යනු මරණයට පත්වන
බොහෝ සතුන්ට අභයදානය දෙන්නාක් වැනිය

අපිට කවද හරි මේ අහිංසක සතුන් විදපු වේදනාව තේරෙන්නේ
කවදාහෝ ඔබත් මමත් සංසාරිකව
ඉපිද ඉපිද මැරෙන මේ ලෝකයට
පිටස්තර ලෝකයකින් හෝ
පරිණාම වෙනසක් තුලින්
මිනිමස් බුදින ජාතියක් පහල වු දවසටය,
මර බිය වේදනාව මිනිසුන් ගේ මුවින් එදාට පිට වනු
කේසේනම් නවතාලිය හැකිද

මට මෙම වැදගත් නුල එලකිරියට දැමිමට දත්තයන් ලැබුනේ email එකකිනි,
දත්ත උපයෝගි කරගෙන
ගල්පාතගේ අදහස් වලින්
මෙම නුල හුදෙක් සියලු සත්වයන් ගේ
හිතසුව පිණිස පල කරන ලදි
මදක් සිතමු සැවොම
ඔබට තිසරණ සරණයි
 

Freestyle Rap

Member
Sep 14, 2011
149
19
0
;
සාමාන්‍යයෙන් මනුෂ්‍යයෝ වශයෙන් අපි හැමොටම තේරෙනවා. අපිට අනික් ජීවියෙක්ගේ ජීවිතයක් ගැන තීරණයක් ගන්න බැරි බව. ඒක බුද්ධාගම හෝ ජෛන ධරමය ගැන දෙයක් නෙවෙයි.

බුද්ධාගම අතින් ගත්තොත් බුදු හාමුදුරුවො බලෙන් කාටවත් කිව්වේ නැහැ උඹලා මරන්න එපා... කියලා කිව්වෙ උඹලා මරන්න එපා මොකද එහෙම කරොත් මේ වගේ ප්‍රතිඵලයි උඹලට ලැබෙන්න කියලා. කියපු දේ අහන නාහන එක තියෙන්නේ අපේ අතේ. අපි පන්සිල්වලින් පවා මේ දේවල් නොකරනවා කියලා පොරොන්දු වෙන්නේ අපටමයි නැතුව බුදු හාමුදුරුවොන්ටවත් එහෙමත් නැත්තම් දෙවියෙක්ටවත් කාටවත්වත් නෙවෙයි. ඒ නිසා මේ දේවල් කරන මිනිසුන්ට නිවන ඈතයි. උඹලා නොසෑහෙන්න මේ සංසාරේ දුක් විඳිනවා. ඒ විතරක් නෙවෙයි බුදු හාමුදුරුවෝ රස තෘශ්ණාව අත හරින්න කියලත් කියා තියෙනවා. මාංශයේ රසයට ගිජු වෙලා ගොඩක් අය අන්ධ වෙලා ඉන්නවා. මම පෞද්ගලිකව කිසිම මසක් කන්නේ නැහැ. ඒහෙමයි කියලා මම අනික් අයට බල කරන්න යන්නෙත් නැහැ තොපි කන්න එපා. කියලා මොකද රස තෘෂ්ණාව මඬින්නේ නැතුව ඒක කරලා වැඩක් නැහැ. හිතන්න මම මගේ දරුවන්ට මස් මාංශ නොදී කන්න එපා.. කියලා භෞතිකව ඒ අය මස් කන එකෙන් වැලැක්වුවා කියලා ඒත් ඒ අය තුල ඒ රසයට තියෙන ආශාව දුරුවෙලා නැහැ. එහෙම අය කරන්නේ සතත්ත්ව මස් රස ගන්වපු කෘතිම ආහාර සොයාගෙන යන එක. ඒ නියම බෞද්ධයෙක්ද ??? මේ සංසාරය කියන්නේ පුරුදු සහ ඇබ්බැහි වීම් භවයෙන් භවයට අරගෙන යන එකක් රස තෘෂ්ණාවෙන් දිවි ගෙවලා මිය ගියාට ඒ පුද්ගලයාගේ තුල අර මසට ඇති ගිජු බව නැති වෙන්නේ නැහැ. ඔහු ඊලඟ භවයේදී නැවතත් ඒ දේ සොයා යනවා. ඒ මඟින් අකුසල් රැස් කරනවා. ඒත් රසතෘෂ්ණාව මැඩීමට අවංකව වෙහෙසෙන පුද්ගලයා එහෙම නැහැ. ඔහුගේ ආධ්‍යාත්මය නොකිලිටියි. එමෙන්ම ඒ හොඳ පුරුද්ද ඊලඟ භවයටත් ගෙන යනවා. එම නිසා බලෙන් අනික් අයව වැලැක්වුවාට ඒකේ නියම ප්‍රතිඵලයක් තියෙනවද කියලා හිතන්න ඕනෑ. ඒ වගේම ඔය මැරෙන සත්ත්වයන් නිකන් නෙවේ මැරෙන්නේ. පෙර කළ කරම පිඩිසන් දීම නිසා ඒ නිසා පමණට වඩා ඒ ගැන සිතීමේ වැඩක් තිබෙනවාදැයි සිතිය යුතුයි. ඔබ වපුරන දේ ඔබටම නෙලා ගැනීමට සිදුවෙනවා. ඒදේ යහපතක් වුනත් අයහපතක් වුනත් භුක්ති විඳින්නේ ඔබ මිසක් ඔබේ මවවත් පියාවත් පෙම්වතියවත් කවුරුවත් නෙවෙයි මේ දේවල්වලට මුහුණ දෙන්න ඕනෑ තනියම. ඒ නිසා සිතා බලන්න ඔබ කරන දේ හරිද කියලා. කුකුළෙක් මරණ පුද්ගලයෙක්ට මරණ එක කුකුළාට ගෙවන්නේ රුපියල් 2/= බැගින් ඔහු ඒ මුදල වෙනුවෙන් ස්වකීය ආත්මය පාවා දෙනවා. ඉදිරියට තමන්ට මුහුණ දෙන්නට වෙන ප්‍රතිවිපාක කෙතරම් දරුණුදැයි හිතන්නේ නැහැ. අනෙක හේතු ඵල වාදයට අනුව මාංශ භාවිතයේදි ඔබ පවට සම්මාදම් වෙනවා. මොකද ඔබ කරන්නේ කඩයෙන් මාංශ මිලයට ගෙන ඒම. එවිට ක්‍රියාව කරන්නේ ඔබ. භික්ෂුවකට දානයක් දීමේදි භික්ෂුව ඔබ දෙන දේ වලඳනවා මිස ඔබ ගෙන් අසුවල් දෙය ඉල්ලන්නේ නැහැ. එවිට කාරණය වෙනස් වෙනවා. අනෙක ඔබ මිනී මැරුවත් අනෙකෙකු ලවා මැරෙව්වත් ඒකේ වෙනසක් තියෙනවාද ????????

 
Last edited:

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
මිනිමස් කන අයත් හැබැයි දැන් ලොකේ ඉන්නවා
කොහොම වුනත් thread එක දැම්මට ස්තුතියි මමත් සත්තු මරන එකට
කැමති නෑ ඒක නිසා vegetarian.
 
මිනිමස් කන අයත් හැබැයි දැන් ලොකේ ඉන්නවා
කොහොම වුනත් thread එක දැම්මට ස්තුතියි මමත් සත්තු මරන එකට
කැමති නෑ ඒක නිසා vegetarian.

නියමයි යාලුවා, මගේ ත‍්‍රෙඩ් එකට උබ හොද උදාහරණයක්
:yes: