- භව චක්‍රය -
මෙහි පළමුව දැක්වීමට අවශ්‍යය වන්නේ මෙම දීර්ඝ වූ ලිපිය සදහා විවිධ මුලශ්රා උපයෝගී කොටගෙන තිබෙනතර එය හුදෙක්ම බෞද්ධ දර්ශනයේ විස්තර වෙන සංකීර්ණ වූ භව චක්‍රය පිළිබදව විස්තර වේ මෙය කිසිදු ලෙස ආගමක් හා සම්බන්ද නොවනතර එම නිසා මගේ මතය අනුව මෙය Religious Section එකෙහි පළකරනවාට වඩා මෙහි දැමීම උචිත යැයි සිතේ. මෙහි දක්වා තිබෙන සමහර කොටස් අවබෝධ කරගැනීම සදහා පරිණත බුද්ධියක් අවැසි තර එසේ නොමැති අය එය වර්ධන කිරිමෙහිලා නිරතවී පැමිණියාට කම් නැත. සමහර සංකීරණ දෑ හැකි පමණ සරල කොට දැක්වූතර එය බහුතර ජනයාගේ හිතසුව පිණිස හේතුවේ කියා මා විශ්වාස කරනවා. මෙම ලිපිය ඕනම කෙනෙකුහට තමන්ගේ Blog එකේ පළකිරිමට මම අවසර දෙනවා නමුත් ඒ සමගම පහත සදහන් බලපත්‍රය සමග මෙම thread එකට Link එක දාන ලෙස මම ඉල්ලා සිටිනවා.මගේ සෑම ලිපියන් සේ මෙයද Creative Common License එක යටතේ ලියාඇති බව සලකන්න.
විවිධ ආගමික මතවාදයන්ට අනුව සත්වයාගේ පැවත්ම සහා පුනර්භවය පිළිබදව විවිධ අදහස් පවතිනතර මෙම ලිපියෙන් දැක්වීමට යනු ලබන්නේ බෞද්ධ සංකල්පයන්ට අනුව එය කෙසේ නිර්වචනය වෙනු ලබන්නේදැයි සදහන් කිරිමට වේ. ප්‍රධාන වශයෙන් බෞද්ධ මතවාදයන්ට අනුව සත්වයාගේ පුනර්භවය හෙවත් නැවත ඉපදීම හෙවත් සංසාර චක්‍රය භව චක්‍රය ලෙස හැදින්වේ එය ඉතා සංකීර්ණ ලෙස දක්වා ඇති වළල්ලාකාර නිර්මාණයක්වනතර සත්වයන් උපදින ස්ථාන මෙහි පැහැදිලි ලෙස දක්වා තිබේ. එය ප්‍රධාන වශයෙන් සත්වයන්ගේ පැවත්ම, මරණය, නැවත ඉපදීම සහා අවසාන වශයෙන් භව චක්‍රයෙන් ගැලවීම
යනාදි කොටස් හතරකට බෙදිය හැක.
මෙම චක්‍රය කේෂත්ර 6යකට බෙදා ඇතිතර යම් කිසි භවයක එයින් එක් කේෂත්රයක
ඕනාම සත්වයෙක් ඉපදීමෙ සම්භාවිතාක් ඇතැයි සැලකේ. නමුත් මෙහි පවතින ප්‍රමුඛතාව සාපේක්ෂලෙස වෙනස් යැයි සදහන් කරන්න පුලුවන්. දැන් උදාහරණයකට ඉහළ පවතින දිව්‍යය ලෝකයන් හි ඉපදිමේ සම්භාවිතාව ඉතා අඩු වනතර එම කේෂ්ත්‍රයන් වෙත යාමට ඉතා දැඩි හොද කර්ම අවැසි වෙතැයි සදහන් වේ. මෙම භව චක්‍රයේ පවතින ස්භාවය අනුව සත්වයන් හොද කර්ම රැස් කරගන්නවාට වඩා නරක කර්ම රැස් කරගැනිමේ සම්භාවිතාව වැඩිතර එම නිසාම
ඔවුන් වැඩි වශයෙන් පහළ කේෂත්රයන් හෙවත් අපාය වැනි ස්ථාන වල ඉපදීමේ වැඩි සම්භාවිතාවක් දක්නට ලැබේ.මෙහි චක්‍රය උසුලාගෙන සිටිනේ යක්ෂයෙකු විසින් වනතර ඔහු අනෙක් ආගම් වල යක්ෂයක් මෙන් අපායේ ජීවත් නොවේ
සැබෑ ලෙසම මෙම යක්ෂ යැයි හදුන්වන පුද්ගලයා බෞද්ධ සාහිත්‍යයේදි මාර හෙවත් මාර දිව්‍යය පුත්‍රයා ලෙස හදුන්වනු ලැබේ ඔහු දිව්‍ය ලෝකයේම වසනතර එම කේෂ්ත්‍රය වසවර්තිය ලෙස සදහන් කරන්න පුලුවන් මිට අමතර ලෙස
චාතුර්මහාරාජිකය,තව්තිසාව, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවර්තිය ලෙස තවත් දිව්‍යය ලෝක 6යක් පවතිනතර ඒවා වෙත යාම සදහා හොද කර්ම විවිධ අනුපාතවලින් අවැසි වෙතැයි සදහන්වේ. මොහු ප්‍රධාන වශයෙන් මෙම කේෂ්ත්‍ර 6 ටම බලපවත්තනර ඔහුගේ බලපැවැත්වීම චක්‍රයේ ඉහළින් යක්ෂයෙකු ලෙස දක්වා තිබේ. චක්‍රයේ ධාරයන් හි පරායන්ත උප්පත්ති 12 දක්වා තිබේ
මේවා ගැන විස්තර මම පහළින් දාන්නම් ව්ස්තරාත්මක වශයෙන්. බෞද්ධ මතයන්ට අනුව ජීවත්වීම දුකක් වනතර එය අනිත්‍යය ලෙස දක්වා තිබේ මීට අමතර ලෙස මෙම චක්‍රයේ සෑම කේෂ්ත්‍රයන් තුළම උපදින සත්වයන් දුක සහා අවිනිශ්චිත තාවයට පත්වනතර යම් කෙනෙකු පහළ කේෂත්රයකට වැටී කල්ප ගණනක් දුක් විදිමේ දැඩි සම්භාවිතාවක් මෙමගින් ගම්‍යය වේ මෙම අවස්ථාතුන ප්‍රධාන වශයෙන්
තිළකාන ලෙස හැදින්විය හැක. මෙම භව චක්‍රයෙන් මිදිමේ එකම ක්‍රමය නිර්වාණය අවබෝධය ලෙස සදහන් කර හැක එමගින් සත්වයන්ගේ දුක සහා පැවත්ම නැවැත්වෙනතර එමනිසා ඔවුන් විමුක්තිය අවබෝධකරගනු ලැබෙතැයි සදහන්වේ.
1]
ඉහළ යක්ෂ රූපයෙන් මාරයාව දැක්වෙනතර ඔහු සත්වයන් මෙම භව චක්‍රය තුළට කොටුකරගෙන සිටිනු ලබයි ඔහු ඇස් තුනකින් වගේම මිනිස් හිස්කබල් ඔටුන්නකින් සැරසි දරුණු පෙනුමකින් වගේම කළු සමකින් තැබිමෙන් මෙම භව චක්‍රයේ භායානක කම අවබෝධකරගත හැක. මිනිසාගේ වගේම මෙහි සිටිනා සියලු සත්වයන්ගේ නූගත්කම හෙවත් මෝහය නිසා මොවුන්ට මෙම භව චක්‍රයෙන් මිදිමට නොහැකිතර එම නිසා ඔවුන් එයට කොටු වී කල්ප ගණන් දුක්විද විද නැවත ඉපද ඉපද ජීවත් වෙනු ලබයි. මෙය මෙසේ පැහැදිලි කරහැක. හිතන්න දැන් ඔයාට හැම සැපක්ම දෙන තැනක් හම්බවුනා කියලා එතන අතහැරලා කීදෙනක් එතනින් ඉවත්වෙන්න සුදානම්ද? නෑ නේ හැමෝම කැමති එතනට වෙලා ඉන්න ඒවගේම තමයි මෙම භව චක්‍රයේ නිර්මිතයත් මෙමගින් අපට ඕන දේවල් ලැබුනත් එය මෙම කේෂ්ත්‍රයන් වලට රදවා තබා ගැනීමේ උපක්‍රමයක් වනතර සත්වයන් මේවාට අහුවෙලා මෙතනින් ඉවත් නොවේ සංසාරයේ ඉන්නවා දිගටම. නමුත් උගත් කෙනා හෙවත් මෝහය අතහැර කෙනා වස්තූන් වල අනිත්‍යය දැක එතනින් ඉවත්වීමේ මාර්ගය කෙසේ හෝ සාදාගන්නවා. එය නිර්වාණය සදහා පාර වැටීමක් වනතර මෙම අවස්ථාවට මාරයාගෙන බධා පැමිණිය හැකි බව සදහන් කරන්න පුලුවන්. ඒ කියන්නේ දැන් ඔයා හදනවා නම් මෙම භව චක්‍රයෙන් අයින් වෙන්න අනිවාර්යෙන්ම මාරයා එයට හරස් කපන්න එන්න පුලුවන් එය කෙලෙස් වැඩි කිරිමෙන් කරන්න පුලුවන්. කෙලෙස් යනු ආශාවන් ආශාවන් වැඩි වුන පුද්ගලයාට එතනින් අයින් වෙන්න හිතෙන්නේ නෑ. හැමෝම හිතනවා වගේ දන්න කෙනා හොදයි නොදන්න කෙනාට වගේ දන්න සැප හොදයි නොදන්න නිර්වාණයට වඩා කියලා මිනිසුන් හිතන නිසා ඔවුන් තව තවත් මෙතන හිරවෙන එකමයි වෙන්නේ.
2]
ඊළග කොටස ලෙස මෙම චක්‍රයේ මැද කොටස දක්වන්න පුලුවන් එය ප්‍රධාන වශයෙන් සත්වයන් මෙම කේෂත්රයන් වල තවමත් සිටිමේ හේතු ලෙස දක්වා තිබෙනවා එම හේතු ලෙස එය සදහන් කරන්නේ තණ්හාව හෙවත් වස්තූන් හට දක්වන ආශාව, මෝහය හෙවත් නුගත්කම මෙහි අදහස මෙහි ජීවත් වෙන සියළු දෙනාම නූගත් අය ලෙසයි සෑම දෙනාම තමන් උගත් යැයි කීවත් එය සැබෑ ලෙසම උගත් කම ලෙස කියන්න බෑ එය සාපේක්ෂ ලෙස උගත් කම යැයි සදහන් කරන්න පුලුවන් විෂයන්ට සාපේක්ෂව. නමුත් භව චක්‍රයේ උගත් කම යනු මෝහය නොමැති කම ලෙස කියන්න පුලුවන්. අනෙක් එක වෛරය. වෛරය යනු තරහා හෙවත් සිතේ පවතින යම් කිසි දෙයක් අරභයා හෝ වෙත දක්වන ද්වේශය ලෙස දක්වන්න පුලුවන්. මෙම අවස්ථා පිළිවෙලින් තණ්හාව කුකුළෙකුගෙන් දක්වනතර, මෝහය ඌරෙකුගෙන් දක්වනතර, සර්පයෙකුගෙන් වෛරය දක්වනු ලබයි. ඔවුන් එකිනෙකාගේ නැටි සපාකෑම මගින් මේවායේ අතර පවතින සම්බන්ධය මැනවින් දක්වනතර ඒවා සසරට පුද්ගලයන් තබා ගැනිමේ තනි තනි ලෙස නොව බැදීමකින් සම්බන්දයක් දක්වන බව සදහන්වේ.
3]
මානව කේෂත්රය
මානව කේෂත්රය යනු ප්‍රධාන වශයෙන් දුක සහා සැප අතර මැද පවතින කේෂ්ත්‍රයක් ලෙස සදහන් කරන්න පුලුවන් එය බුදුන්ට අනුව ජීවත්වීමට සුදුසුම ස්ථානය ලෙස දැක්වේ මොකද මෙහි ඉපදෙන සත්වයන්ට දිව්‍යලෝක වලට ඉන්න අයට වඩා
ඉතා අඩු ආයු කාලයක් පවතිනතර ඔවුන් එම නිසාම අඩු කාලයක් දුක සහා සැපට භාජනය වෙනවා. එම නිසා ක්ලේෂයන් හට ගැනීමේ අවම සම්භාවිතාවක් මෙහි ඉන්න අයට පවතින්නේ. මෙම කේෂ්ත්‍රය නිවන් අවබෝධ කරගැනීම සදහා
සුදුසුම ස්ථානයක් වනතර හොද සහා නරක කර්ම කිරිමේ හැකියාවකින්ද යුක්ත වේ. නමුත් අනෙක් කේෂ්ත්‍රවල ඉන්න සත්වයන් හට එසේ කර්ම රැස් කර නොහැකි අතර ඔවුන් ඒවා පරිභෝජනය කරනු ලබයි.
4]
දේව(God) සහා ඇසුර (Titan)
ග්‍රීක කථා වලට අනුව හැම කෙනාටම මතක ඇති ඔලිපියන් දෙවිවරුන්ගේ සතුරු දෙවිවරු ලෙස සලකනු ලැබුවේ ටයිටන් වරුන් ඔවුන් ලෙසම මෙම ඇසුරයන් දෙවිවරුන්ගේ සතුරන් ලෙස හදුන්වනු ලබනතර එය චක්‍රයේ ඉහළ පහළින්
දක්වා තිබෙනවා මෙය සමහර සදහන් කිරිම් වල මිත්‍යා දෘශ්ඨික දෙවිවරු ලෙසද හදුන්වනු ලබනවා. දෙවිවරුන්ගේ කේෂ්ත්‍රය ප්‍රධාන වශයෙන් කොටස් 6යකට බෙදා ඇති තර එය ඉහතින් මම දක්වලා තියෙනවා (ආයි කියවන්න දැක්කේ නැත්නම්)
ඊට අමතර ලෙස සැප අනුව තවත් කොටස් 26 යකට එය බෙදා තිබෙන බව සදහන්. දෙවිවරුන් ඉතා දිර්ඝ කාලයක් ජීවත් වනතර එය මනුෂ්‍යය ලෝකය සේ ලිංග බේද සහිත ලෝකයක් ලෙස හැදින්වේ. මෙහි දෙවිවරුන්ට විවිධ බල තිබෙන අතර එය අහසින් පාවි යාමේ හැකියාව, පාදීන් භූත හෙවත් එකවිට අවැසි තැනින් මතුවීමේ සහා ඉවත් වීමේ හැකියාව, දුර මනසින් බැලීමේ හැකියාව සහා අධික ලෙස මනුෂ්‍යයන්ට සාපේක්ෂ ලෙස බුද්ධියෙන් පරීණත බව සදහන් කරන්න පුලුවන් ඊට අමතර ලෙස මොවුන්ගේ සිරුරු ඉතා සියුම් වනතර එම නිසා අල්ප ලෙස දුකක් පවති. ඔවුන්ද අවසානයේදි මරණයට පත්වනතර එය චූත වීම ලෙස බෞද්ධයන් විසින් හදුන්වනු ලැබේ.
5]
ප්‍රේත කේෂත්රය
මනුෂ්‍යය කේෂත්රය හා යාබද ලෙස පවතින මෙම කේෂත්රය දැඩි ආශාව සහා ඇලීම සහිත සත්වයයන් වාසය කරන ස්ථානය ලෙස හදුන්වා දිය හැක ඔවුන් ඔවුන්ගේ දැඩි අශාවන්ට වහල් වී මෙහි කොටුවී පවතින කොටසක් ලෙස හදුන්වා දිය හැක. සෑම සත්වයෙකුටම ආශාව පොදු දෙයක් වනතර එය පාලනය කරගැනීමට අපහෝසත්වන සත්වයන් මෙහි උපත්තිය වෙනු ලැබේ. ඔවුන්ගේ ආශාවන් කිසිදා සංසිදනොවන අතර එය ඔවුන් ගේ විශාල බඩවල් සහා ඉතා කුඩා මුඛ්යයන් වලින් සංකේතවත් වේ. ඔවුන් කෙටියෙන් ප්රේරේතයන් ලෙස හැදින්වේ.මනුෂ්‍ය කේෂත්රයේ ජීවත් වෙන ආශාවන් හෙවත් තණ්හාවට ගිජූ පුද්ගලයන් එයින් ස්වක්‍රීය ලෙස ඉවත් කර ඔවුන්ව මෙම කේෂ්තය වෙන දමනු ලබයි. එම නිසා සෑම දෙනාම ඉගෙන ගත යුත්තේ තමන්ට ඇති වෙන හැගීම, ආශාවන් පාලනය කර මධ්‍යස්ථ ප්රතිපදාවෙන ජීවත් වීමට වේ.
6]
සත්ව කේෂත්රය
සත්ව කේෂත්රය යනු තවත් මනුෂ්‍යය කේෂ්ත්‍රය හා යාබද ලෙස පවතින කෙටියෙන් එහිම පවතින ප්‍රේත කේෂත්රය හා සමාන ඉතා විශාල කේෂ්ත්‍රයක් ලෙස දැක්වේ එහි ඉතා විශාල වශයෙන් සත්වයයන් පහළවෙන තර ඒ සදහා විවිධ හේතු ඇතැයි දැක්වේ. මනුෂ්‍යයන් විසින් සත්වයන් පාලනය කරනු ලැබේ එම නිසා ඔවුන්
මනුෂ්‍යයන්ගේ වහළුන් ලෙස දැක්වීමට හැකිතර අඩු බුද්ධි මට්ටම නිසා නිර්වාණය අවබෝධ කරගත නොහැක එම තත්වය හේතුකොටගෙන බුදුන් විසින් මෙම කේෂත්රයහි උප්පත්තිය ලැබීම එතරම් යහපත් කාරණයක් ලෙස නොදැක්වේ නමුත් සෑම සත්වයෙකුටම කරුණාවෙන් සැලකීම ඔහු විසින් අගය කොට කරන ලදි.
7]
නරකාදි කේෂත්රය
භව චක්‍රයේ ඉතා විශේෂි ලක්ෂණයක් වන්නේ තමන් රැස් කරන කර්මය තමන් උප්පතිය ලබන ස්ථානය බොහෝවිට තීරණය කරනු ලැබීමයි කර්මය මුදල් ලෙස සමාන කර හැක යම් ආකාරයකින්. දැන් හිතන්න තමන්ට ඔයා මුදල් විශාල වශයෙන් හොයනවා නම් ඉතා ඉක්මනින් පෝසත් වී සැපවත් ජීවතයක් ලබන්න පුලුවන් ඒ වගේම ණය වෙනවා නම් දුකසේ ඉන්න වෙන්නේ. එලෙසම හොද කර්ම (පුණ්‍යය කර්ම) +මුදල් ලෙසද(+කර්ම) නරක කර්ම(අකුසල කර්ම) -මුදල් ලෙසද(+කර්ම) යම් ආකාරයකින් දක්වන්නට පුලුවන්. තමන් එකතු කර ගන්නා
-කර්ම තමන් අනිවාර්යෙන්ම පිය විය යුතුතර විශාල වශයෙන් -කර්ම සහිත සත්වයන් මෙහි උප්පතිය වී එය ගෙවනවා දැකීමට හැක. භව චක්‍රය එහි සත්වයන් හට -කර්ම හෙවත් අකුසල කර්ම කිරිම සදහා අවැසි මාර්ග සරල කර ඇති අතර කුසල කර්ම කිරිමට අවැසි මාර්ග සංකීර්ණ කර තිබේ මෙම නිසා බහුතර සත්වයයන් අකුසල කර්ම කර ගැනීමෙහිලා නියැලි සිටිනු දක්නට ලැබේ එය වාචික ලෙස ,සිතෙන්, ක්‍රියාවෙන්, යනාදි ක්‍රම වලින් සිදුවිය හැක එම නිසා දැන් ගොඩක් අය අප්‍රිය වචන කථා කරනවා නම් මතක තබා යුත්තේ එය ඔබේ කර්ම ගිණූමේ
-කර්ම ලෙස සටහන් වෙනු ලබන බවයි මෙය අනිවාර්ය ලෙස ඔබ පිය විය යුතුතර පිය නොකරන සත්වයන් බලහත් කාරයෙන් හෝ පිය කරනු ලබන තත්වයට භව චක්‍රය ඔබව පත් කරනු ලැබේ. භව චක්‍රයේ ඉතා විශාල ලෙස සත්වයයන් සිටින අතර වැඩිමනක් දෙනා මෙහිම ගැවසීම මගින් සත්වයයන් නරක කර්මයන් හට යොමුවීමේ සම්භාවිතාව මැනවින් කරනු ලැබේ.
9]
චක්‍රය වටේ ඇති දොලොස් රූපිත සළකුනූ මගින් මෙම අර්ථ දක්වා තිබේ
ඒවා කෙටියෙන් පරායන්ත සමුප්පාද ලෙස හැදින්වේ.
බුද්ධ ධර්මයේ දැක්වෙන තොරතුරු වලට අනුව එහි සර්ව බලධාරි දෙවියන් වහන්සේ කෙනෙක් නොමැතිතර එය ස්වක්රිය ලෙස පාලන වෙනු ලබන කේෂත්ර ගණනාවකින් සමන්විත චක්‍රයක් (සංසාර චක්‍රය) ලෙස දැක්වේ මාර නම් දිව්‍ය කෙනෙකු එහි බලපැවත්තුවත් ඔහුද භව චක්‍රයේ ඉත්තෙකු විනා වෙනත් සර්ව බලධාරි දෙවියෙකු ලෙස දැක්වීමට නොහැක.බුද්ධ ධර්මයේ සෑම අතීත ,වර්තමාන ,අනාගත ක්‍රියා එකිනෙක හා බැදීපවතින අතර අතීත ක්‍රියා වර්තමානය සදහාද,
අනාගත ක්‍රියා සදහා වර්තමාන ක්‍රියාද හේතුවෙනු ලැබේ මේ සදහා උදාහරණ ලෙස දැන් හිතන්න ඔයාලා දැන් හොද රැකියාවක් කරනවා නම් ඒ සදහා අනිවාර්යයෙන්ම
තමන්ගේ අතීත ඉගෙනීම හේතුවෙලා තියෙන්නේ ඒ වගේම අනාගතයේ යම් කිසි දෙයක් කරන්න ඕනේ නම් වර්තමානයේ ඉදලම ඒ සදහා පුද්ගලයන් සැලසුම කරනවා දකින්න පුලුවන් ඉතින් මෙය බුද්ධ ධර්මයේ කාලයත් අතර සම්බන්ධය දක්වා තිබෙන ආකාරයවේ.
බහුතර ඉන්දියානු දර්ශන වල කාලය සහා අවකාශය චක්‍රීය (looping) ස්වරූපයකින් දක්නට ලැබේ එහි පළමු චක්‍රයේ උප්පතියක් දක්වා නොමැතිඅතර අවස්ථා තුනකින් එම චක්‍රය සමන්විත වේ. එය ආරම්භය, පැවතීම, විනාශය ලෙස දැක්වීමට පුලුවන් මෙය ස්වක්‍රීය ලෙස සිදුවෙන ක්‍රියාවක් බව බුදුන් වහන්සේ විසින් දක්වා තිබෙන දේ අංගඥ්ඥ සුත්‍රයේ සදහන් කර තිබේ. පළමුව පද්ධතියේ චක්‍රයක් ආරම්භවනතර (iteration starts of the loop)
විනාශ වෙන පද්ධතිය එහි සත්වයන් සමගම වියැකෙන අතර ඊළග පුනහ්කරනයේදි (iteration හෙවත් චක්‍රයේ ඊළග වටයේදි) එම සතුන් නවතම පද්ධතියක උපදිනු ලබයි. මේ සදහා ඔවුන්ගේ භාවරූපය හෙවත් Soul එක උදව් වෙනු ලැබේ
මේ භව චක්‍රයේ සියලු දෙනාටම භාවරූපයක් පවතින අතර එය එකම පුද්ගලයෙකු හට අනුපම(unique) වේ.
ඔවුන් පද්ධතියෙ ආරම්භයේදි පෘථිවිය හෝ තෝරාගන්නා ලබනු ජීවත් වීමට සුදුසු ග්‍රහයෙක් මත පහළවෙන අතර මනුෂ්‍යය කේෂත්රයේ පහළවෙන බව දක්වා තිබේ. මෙහි අනෙකුත් කේෂත්ර පිළිබදව දක්වා නොමැතිතර බෝහෝවිට ඒවා කලින් පද්ධතියෙ විනාශයත් සමග විනාශ වී යනු ඇතැයි උපල්පනය කරහැක. විශ්වයේ ජිවින් විසිම සදහා ඔවුන් ග්‍රහයෙක් මත විසිමට සිදුවේ භාහිර විශ්වයේ ඔවුන් හට සිටිමට නොහැක. ඉතින් එසේ පහළ වෙන ජීවින් පාවියන සිරුරු සහිත සතුටින් ජිවත් වෙන ආලෝක රශ්මීන් පිටකරන නමක් හැඩයක් ලිංගයක් නොමැති ජීවින් ලෙස දක්වා තිබේ. ඔවුන්ගේ ශරීර අලෝක දහරා නිසා එම ග්‍රහයා මතට භාහිර ආලෝක ධාරා අවැසි නොවේ එසේම ආරම්භයේදි ග්‍රහයා ජලය සහිතව පමණක් තිබෙන ස්ථානයක් ලෙස සැලකිය හැක.
කල් යාමේදි ග්‍රහයාගේ වර්ධනය සමග විවිධ භෞතික වස්තූන් ගේ පහළ වීම නිසා
මෙම සත්වයන් එහි රස බැලීමට යාමේදි ඔවුන් ඒ සදහා අබ්බැහි වී ඔවුන්ගේ ශරීර කොරොස් ,දැඩි ආකාරයක් ගනී ඒ සමගම ලිංග බේද පහළ වීම, කැත සහා ලස්සන යනාදි ලක්ෂණ පහලවීම දැක්වීමට පුලුවන් වේ. ඔවුන්ගේ ක්‍රියා කාරකම් නිසා ඔවුන් තව තව ආධ්‍යාත්මික වශයෙන් පහළට වැටෙනතර ග්‍රහයා ක්‍රමයෙන් නිරස ස්ථානයක් දක්ව විකසනය මේ සමගම වේ. සත්වයන්ගේ අලෝක රශ්මීන්ගේ අභාවය සමග සුර්රයා සහා චන්ද්‍රයා පහළ වීම නිසා ග්‍රහයා මතට
නියමාකාරයෙන් ආලෝක දහරා වැටීමට පටන් ගනී නමුත් නූතන විද්‍යාව මගින්
පළකරනු ලබන මතය අනුව සෞරග්‍රහ මණ්ඩලයක් පහළ විමේ ක්‍රියාවලින් මේ ආකාරයෙන් දක්වා තිබේ
ඕනෑම සෞරග්රහය මණ්ඩලයක් නිර්මිත වී තිබෙන්නේ දුහිවිලි සහා ගෑස් වලින්
ආරම්භවී වේ ආරම්භයේදි විශ්වයේ යම් කිසි වපසරියක පවතින දුහිවිලි සහා ගෑස් මගින් මෙය නිර්මාණය සදහා පාදක වැටෙන තැනට වැටෙන්නේ සුපර් නෝවාවක් මගින් සිදුවන දැඩි පිපිරිමකින් වේ. සුපර් නෝවාවක් යනු න්‍යෂ්ටික පිපිරීමකට වඩා වැඩී දෘඩ මුලද්‍රව්‍යයන් ඇති වීමට පාදක වැටෙන ක්‍රියාවලින් ලෙස දැක්වීමට හැක සුපර් නොවාවක් මූලික වශයෙන් ඇති වන්නේ ඉතා විශාල තරුවක් පිපිරිමෙන් යැයි සදහන්වේ එමගින් දසත පවතින ගෑස් සහා දුහිවිලි මත බලපැවැත්වෙන
තරංග හේතුකොටගෙන ඒවා එකිනෙකා හා ගැටීමට පටන් ගනී මෙහිදි අශූන්ගේ
අන්තර් අනුක ආකර්ෂන බලය නිසා ඒවා එකිනෙක ගුරුත්වය මගින් බැදි සුපර්නෝවාවේ ශක්තිය නිසා වේගයෙන් භ්‍රමණය වීමට පටන්ගනී මෙහිදි විවිධ විකිරණ වර්ග විශාල වශයෙන් පිටවනතර එය නිසාම සුපර්නෝවාවක්
අවට සිටිම ඉතා අන්තරාකාරී ලෙස සැලකේ යම් කිසි හෙයකින් සුපර්නෝවාවක් පෘතුවිය අවට සිදුවුවහොත් ක්ෂණයෙන් ග්‍රහලෝකයේ සිටිනා ජීවින් සහා ශාඛ නැසීමට ලක්වන බව වැඩිදුර ලෙස සදහන් කරන්න පුලුවන්.
ඉතින් මෙම භ්‍රමණය නිසා එහි මධ්‍යය දැඩි උෂ්ණත්වයකට පත්වන අතර විශාල වශයෙන් මූලද්‍රව්‍යයන් හට ගැනීම මෙයට සමගාමී ලෙස සිදුවෙනු ලැබේ. එවිට සැහැල්ලු මුලද්‍රව්‍යයන් භමණයේ පවතින බලය හේතුකොටගෙන (කේන්ද්‍ර අපසාරී බලය) ඈතට තල්ලූ වෙනතර දෘඩ මුළද්රව්යයන් කේන්ද්‍රයේ කිට්ටුව තැන්පත්වීම සිදුවේ ක්‍රමයෙන් අංශූන් එකිනෙක බැදීමේ සීඝ්‍රතාව වැඩිවී ග්‍රහයන් ඇතිවීමට පටන් ගනී(අන්තර් අනුක ආකෂරණ බලය) මෙම භ්‍රමණයේ කේන්ද්‍රය අවට ඇති ග්‍රහයන් බෝහෝවිට දෘඩ මුල්දව්යයන් වලින් ඇතිවනතර ඈත ඇති ග්‍රහයන් සැහැල්ලූ මුල්දව්යයන් වලින් නිර්මිත වීම මේ සදහා හේතුවේ. නිදර්ශනයක් ලෙස අප සිටිනා සෞරග්‍රහා මණ්ඩලයේ වායු ගෑස් ග්‍රහයන් හෙවත් බ්‍රහස්පති, සෙනසුරු ,යුරේනස්, නැප්චූන්, ඈත පිහිටන්නේ මෙහි ප්‍රතිඑලයක් නිසා වේ.එලෙසම දෘඩ ග්‍රහයන් හෙවත් බුධ, සිකුරු, පෘතුවිය, අගහරු යනදී සුර්යයාට සාපේක්ශ ලෙස් කිට්ටුව පිහිටන්නේ මේ නිසාම බව දැක්විය හැක.
එවිට ක්‍රමයෙන් බිද වැටීමකටම සහා භ්‍රමණයකට ලක්වෙන ග්‍රහ මණ්ඩලයේ මධ්‍යය දෙසට කේන්ද්‍ර අභිසාරි බලය නිසා විශාල වශයෙන් අංශූන් එකතු වීම හේතුකොටගෙන ඒවා එකිනෙක ගැටීම හේතුවෙන් (මේ සදහා බලය ලැබෙන්නේ භ්‍රමණයෙන් වේ) මධ්‍යය උෂ්ණත්වය සීඝ්‍රලෙස වැඩීවීම්කට ලක්වේ එමගින් කල්යාමේදී තරුවක් නිර්මාණය වෙනතර තරුවේ ආරම්භක තාරිය සුළග හේතුවෙන් සියලුම ග්රහලෝකයන් නැවත විවිධ ස්ථාන වල තැන්පත්වෙන තර නමුත් බලයේ අවසානයේදී තරුවේ ගුරුත්වයට ලක්වීම නිසා
එහි කක්ෂ ගතවීම සිදුවේ තරුවේ ගුරුත්වයෙන් මිදියන ගහ්රයන් ග්රහමණ්ඩලයෙන් මිදි ඉබාගාතේ පාවි යයි.
මෙය නිව්ටන්ගේ පළමුවැනි නියමය මගින් පැහැදිලි කරහැක. වස්තුවක් මත භහිර බලයක් ක්‍රියා නොකරන්නේ නේ නම් එම වස්තුව ඒකාකාරි ප්‍රවේගයෙන් (දෛශීක හෙවත් දිශාවක් සහා විශාලත්වයන් ඇති ඉතින්
මෙහිදි වෙන්නේ එකම දිශාවට එම වේගයෙන් ගමන් කිරිමයි) චලනය වේ. තවත් කාරණයන් ලෙස සදහන් කරහැක්කේ දෘඩ මුල්ද්රව්යයන් සිසිලනය වීමේ සීඝ්‍රතාව සැහැල්ලු මූල්ද්රවයයන් සිසිලනය විමේ සීඝ්රතාවට සාපේක්ෂ ලෙස අඩුතර එම නිසා තරුව අසල කේන්ද්‍රය මධ්‍යයට කිට්ටුව ඇති ග්‍රහයන් නිර්මාණය විමේ මගින් ඇති වූ ක්‍රියාවලිය නිසා සිදුවූ උෂ්ණත්වය කේන්ද්‍රයෙන් ඈත ඇති ග්‍රහයන්ට සාපේක්ෂ ලෙස ක්‍රමයෙන් වඩා අඩු සීඝ්‍රතාවකින් සිදුවනු ලැබේ.
නමුත් මෙම දෘඩ මුලද්‍රවයන් ජීවින් වාසය සදහා සුදුසු වනතර ගෑස් ග්‍රහයන් මත ජිව්න්හට සිටීමට නොහැක. ජිවයක් පහළවීම සදහා යම් කිසි ග්‍රහයක් මත අනිවාර්යය ලෙස කාබන්, නයිට්රජන්, ඔක්සිජන්, හයිඩ්රජන් පැවතීමට ඇවැසි වේ. ඒවා පසුකාලීනව සංගත වීම මගින් O2 (ඔක්සිජන්), CH2(කබන් ඩයොක්සයිඩ්), H2O (ජලය)etc.... ආදී පහළවීම සිදුවේ නමුත් මෙය ජිවින්ගේ ව්‍යුහය අනුව වෙනස්වීමටද පුලුවන් නිදර්ශනයක් ලෙස නූතන පර්යේෂණයන්ට අනුව මේවා අත්‍යවශ්‍යය මුළද්රවයන්ද නොවේ 2008 දී මේ සම්බන්දව දකුණූ අප්‍රිකාවේ කෙරී ඇති පර්යේෂණයකට අනුව ජොහැන්ස්බර්හිදී කිලෝ මීටර 2.8 යක් පොළව දෙසට වන්නට රත්තරන් පතලක් තුළ සෙල්සියස් අංශක 60තුළ බැක්ටීරියා වර්ගයක් ඔක්සිජන් නොමැතිව ජීවත්වෙන බව සොයාගෙන තිබේ ඒ ආකාරයකට බැලීමේදි ග්‍රහයන් හී පවතින ජීවින් එම ග්‍රහයේ පවතින මුලද්රව්යයන්ට සාපේක්ශ ලෙස හැඩගැසෙන බව සනාථ කළ හැක.
මෙය ඉහත කොටසට සම්බන්ධ කිරිමේදි පෙනියන කරුණක් වන්නේ ජීවින් පහළවීම සහා ඉර සහා සදු පහළවීම අතර පරස් පර තාවයක් දක්නට ලැබෙන බවයි. බෞද්ධ දර්ශනයේ එය ග්‍රහයන් ප්‍රථමව පහළවී ඉන්පසූ ජිවීන් පහළවී පසුව ඉර සහා සදු පහළවීම ලෙසද ඊළගට නූතන විද්‍යාව මගින් එය ප්‍රථමව සමාගාමී ලෙස ග්‍රහයන් සහා සුර්යයා සහා චන්ද්‍රයා(යයන්) පහළවීම ලෙස දක්බා තිබෙනතර කල්යාමේදී ග්‍රහයාගේ මතුපිට කබෝළ සිසිල් වීම එමගින් ජීවින් හට සුදුසු වාස්ථානයක් පහළකිරිම ලෙස සදහන්වේ එවිට ජීවින්ගේ ආරම්භයක් දක්නට ලැබේ.
බුදුන්ට අනුව තණ්හාව සහා ඇලීම දුකට හේතුවනවා පමණක් නොව ලෝකයද ඒ ආකාරයේ දුක්ඛදායි තත්වයකට පත්විය හැක. මෙසේ කේෂ්ත්‍රයන්හී පවතින අඩුපාඩුකම් සහා දුක පරායන්ත සමුප්පාදයේ ප්‍රතිඑලයක් ලෙස දැක්විය හැක. ඒවා 12 ක් පවතිනතර භව චක්‍රයේ ධාරයේ රූපිත ලෙස ඒවා දක්වා තිබේ. ඒවා පිළිවෙලින්......
- මෝහය හෙවත් යථාර්ථය දැකීමට අපහසුකම අන්ධ මිනිසෙකුගෙන් දක්වා තිබේ
- චේතනාත්මක ක්‍රියාවන් කුබල් කාරයෙක් මැට්ටෙන් නිර්මාණයක් කරන ලෙස නිර්මාණය කර තිබේ.
- හේතූත්මක ක්‍රියාවන් හෙවත් පරිචිතයේ වර්ධනය, කර්මානුකූල තත්වයන් හි අවේගශීලි යන්හට අන්ධ ලෙස ප්‍රතිචාර දැක්වීම වදුරෙකුගෙන් රූපණය කරතිබේ.
- රූපකාරය සහා පැවත්ම : බෝට්ටුව මත යන මිනිසා මගින් දක්වා තිබෙන්නේ අප ශරීරය කර්ම බෝට්ටුව මිනිසා රැගෙන යනු ලබන්නේ සේ ගෙන යන බවයි. එය චක්‍රීය ලෙස භවයෙන් භවයෙ අප පසු පස හබාඑයි
- ඉන්ද්‍රීය ගෝචර බව: මේවා 6 යක් ලෙස දක්වා තිබෙනතර ඒවා ඇස, කණ, නාසය, දිව, සම(මුළු ශරීරයේ භාහිර) සහා මනස ලෙස සදහන් කර හැක. ඒවා මගින් විවිධ සංඥා සත්වයන් තුළට රැගෙනයනූ ලබනතර මේවා මගින් කේලේෂයන් හටගනු ලබයි එය නිවසක ඇති ජනේල සහා දොරවල් ලෙස රූපිත ලෙස මෙහි පින්තාරූ කරතිබේ.
- "ජන්ද රාගය" හෙවත් ඉන්ද්‍රීය අතර බැදීම ප්‍රේමවන්තයන් දෙදෙනෙකුගෙන් දක්වා තිබේ. ප්‍රේමවන්තයන් එකිනෙක හා බැදී ඇති සේ ඉන්ද්‍රීයන්ද එකිනෙකහා බැදී ඇති බව මෙයි සදහන් වේ.
- සංවේගය : ඉන්ද්‍රීය මගින් ලැබෙන සංඥා ජන්ද රාගය මගින් ක්ලේෂයන් හටගැනීම තුළින් සත්වයන් අන්ධ වී ඇති බව ඇස පසාරු කරගිය ඊතලයක් ලෙස රූපණය කර තිබේ.
- තණ්හාව : මිනිසා දිගට හරහට බීම මගින් රූපණය කර ඇත්තේ කිසිදා නොසන්සිදෙන ආශාව වේ. මෙමගින් භව චක්‍රයේ සිටිනා සියලුම සත්වයන් සාපේක්ෂ වශයෙන් තණ්හාධික බව සරලව කියවේ.
- ඇලීම : සිමාවෙන් පිට පළතුරු කඩන මිනිසෙකුගෙන් නිරූපණය කර ඇත්තේ සත්වයයන් විසින් සෑම දෙයක්ම තම සන්තක කරගැනීමේ ප්රයන්තයවේ ඔවුන් සිතන්නේ එය තමන්ගේ. ආශාවන් සපුරනවා කියාය නමුත් කිසිදා නොසන්සිදෙන ආශාවන් ඇති සත්වයන් සදා කාලිකව ඇලිමෙන් ජීවත්වේ. නිදසුනක් ලෙස දැන් හිතන්නේ ඔයා චොකලට් වලට කැමතියි කියලා ඕක හැම තිස්සෙම ඉල්ලනවා නම් හෝ එයට කැමති නම් සිතින් හරි එහි අදහස තමන් ඇලී ඇති බවයි. එය නොලැබූ කල දුක ලගාවෙන බව වැඩි දුරලෙස දක්වා තිබේ.
- භවයේ සිරගතය : ගැබිණි මවක් මගින් නිරූපණය කර ඇත්තේ ළදරුවා ගර්භාෂයේ හිරවී ඇති සේ සෑම සත්වයෙකුමෙ මේ භව චක්‍රයේ සිරවී ඇති බවයි.
- නිරන්තරයෙන් සිදුවන උප්පත්තිය(පුනර්භවය) ළදරුවෙකු ප්රසුතයෙන් දක්වා තිබේ.
- ඉහත 11 මගින් උපදින සත්වයාගේ වයසට යෑම, මරණය වයසක මිනිසෙකුගේ රූපණය කරතිබේ. එයින් ශෝකය, බලාපොරොත්තු නැතිකරගැනීම, වේදනාව වැඩිදුර ලෙස අරුත් ගන්වා තිබේ.
9]
අවසාන වශයෙන් භව චක්‍රයේ පිටතින් දක්වා ඇත්තේ බුදුන් වහන්සේ සහා අනෙකුත් නිර්වාණය සාක්ෂාත් කරගත් පුද්ගලයන් වේ. බුදුන් මෙම චක්‍රයෙන් පිටත සිට එහි ඇතුලත සිටින සත්වයන් හට සත්‍යය අවබෝධ කරදීමට
මග පෙන්වනතර චක්‍රය දෙසට ඇගිල්ලක් දිගු කිරිම මගින් පෙන්වා ඇත්තේ සෑම කේෂත්‍රයකම සැබෑ සත්‍යයවේ. ඔහු චක්‍රීය වූ පුනර්භවයෙන් මිදි ඇතිතර මනුෂ්‍යය කේෂත්රයේම වාසය කරත් එය හා බැදී නොපවතී. එය ඔහු විසින් එය
දක්වා ඇත්තේ නෙළුම් මලක් මඩින් මිදි මඩමත පවතිනවා සේ යන්නවේ.
මෙයින් සරල ලෙස ගම්‍යය වෙන කාරණය නම් ඔයා කැමති නම් ඉන්න නැත්නම් යන්න කැමති නිසා තමයි භව චක්‍රයේ ඉන්නේ අකමැති නම් එහි පවතින දේවල් වලට ඇලෙන්න එපා. එතකොට එළියට යන්න දොරටු විවෘත වෙනවා ඒක තමයි නිර්වාණය කියන්නේ. නමුත් මෙහි ක්‍රියාවලිය(Process) තරමක් දුරට අපහසු වෙන්න පුලුවන්. එය විපස්සනා තුළින් සමථය හරහා ලැබිය හැකි බව දක්වා තිබේ. සරල පෙවතකින් දිවි ඇරඹු මිනිසා ඔවුන්ගේ දිවි සංකීර්ණ වන්නට ආධ්‍යාත්මිකය දෙසට නැඹුරු වීමේ සම්භාවිතාව අඩුවීයනතර ඉදිරියේදි එම නිසා බෞද්ධ දර්ශනයේ ප්රායෝගි ක්‍රියාවන් හී වදවීමක් දක්නට ලැබෙනු ඇතැයි නිගමනය කරහැක.
-By Mesozoic-



