කියවන්නෙ නැත්තන් BUMP එකක්වත් දාල යන්න
අයින්ස්ටයින්ගේ ආලෝකයේ වේග සීමාව පට්ටපල් බොරුවක්! – CERN
මීට ශතවර්ශයකට පමණ පෙර බටහිර බිහිවූ ඉහළම සහ අග්‍රගණය විද්‍යායා සහ විද්වතා ලෙස සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් (Albert Einstein) විසින් ආලෝකයේ වේගය ඉක්මවිය හැකි කිසිදු ප්‍රපංචයක් (ශුද්‍ර අංශු) විශ්වයේ නොපවතින බවට ප්‍රකාශ කරමින් ගොඩ නැඟූ බටහිර විද්‍යාව ද තව දුරටත් වලංගු නොවන්නා වූ විෂයක් බවට පත්වෙමින් පවතින බව ස්විස්ටර්ලන්තයේ පිටිහි CERN පරික්‍ෂණාගාරය විසින් සිදුකර ඇති නවතම පරික්‍ෂණයකින් සනාත වෙමින් පවතී බව බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් වාර්තාවක සඳහන් වේ.
මීට ශතවර්ශයකට පමණ පෙර, එනම් 1905 දී ඇල්බට් අයින්ස්ටයින් විද්වතා විසින් ඔහුගේ විශේෂ සාපේක්‍ෂතාවාදය තුළින් ආලෝකයේ වේගය ඉක්මවන්නා වූ කිසිදු ප්‍රපංචයක් ‘දෙවියන් වහන්සේ’ විසින් විශ්වය තුළ නිර්මාණය කර නොමැති බව ප්‍රකාශ කර තිබිනි.
එහෙත්, ඊයේ රාත්‍රීයේ (24) දී ප්‍රකාශයට පත් කරන ලද CERN පරික්‍ෂණාගාරයේ පරික්‍ෂකයින් පිරිසක් විසින් සිදුකරනු ලැබූ පරික්‍ෂණ වාර්තාවකට අනුව, ස්භාවධර්මය පිළිබඳව බටහිර විද්‍යාව විසින් ගොඩනඟා ඇති අත්තිවාරම බොහෝ දුරට බොරු විය හැකි බව බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් සඳහන් කරයි.
බටහිර විද්‍යාවේ ඉහළතම සහ නිවැරැදි පරික්‍ෂණ පවත්වන එකම සහ ප්‍රධානතම පරික්‍ෂණාගාරය CERN පරික්‍ෂණාගාය බවට බටහිර භෞතික විද්‍යායෝ කියා සිටිති. තවද, එය ලොව පවතින විශාලතම පරික්‍ෂණාගාරය ද වේ. CERN විසින් සිදුකරනු ලැබූ ඉහත ශුද්‍ර අංශු පරික්‍ෂණයට අනුව ආලෝකයේ ප්‍රවේගය ඉක්මවා ගමන් කළ හැකි ශූද්‍ර අංශු විශේෂයක් (පරමානුක අණු විශේෂයක්) පිළිබඳව හෙළවී ඇති බැවින් බටහිර විද්‍යා ලෝකයම දැඩි කම්පනයකට පත්ව ඇති බව ද ටෙලිග්‍රාෆ් සඳහන් කරයි.
CERN විසින් තම විසින් සිදුකරනු ලැබූ පරික්‍ෂණය ඉතා නිරවද්‍ය පරික්‍ෂණයක් බවට සනාත කර ඇති බැවින් අයින්ස්ටයින්ගේ ආලෝකයේ ප්‍රවේග සීමා මූලදර්මය අනුව, පසුගිය අවුරුදු 100 තුළ බටහිර විද්‍යාව විසින් විශ්වය පිළිබඳව ඉදිරිපත් කර තිබූ කෙළ කෝටීයක් වූ සියළුම දැනුම එකවර බොරුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි බටහිර විද්‍යාඥයෝ කණගාටුවන බව ද ටෙලිග්‍රාෆ් වාර්තාව අනුව පෙනී යයි.
වර්ෂ 1905 දී අයින්ටයින් විසින් ඉදිරිපක් කළ විශේෂ සාපේක්‍ෂතාවාදයට අනුව අවකාශය තුළ වැඩිම වේගයකින් ගමන් කළ හැකි එකම ප්‍රපංචය අලෝකය බවත් එම වේගය තත්පරයට කිලෝමීටර 299,792 (තත්පරයට සැතපුම් 186,282) ක් බව ප්‍රකාශ කර තිබිනි. එම මූලධර්මයට අනුව අයින්ටයින් විසින් ඉදිරපත් කරනු ලැබූ සමීකරන බටහිර විද්‍යාව තුළ ඉතා ඉහළින් ද පිළිගනු ලබන වූ සමීකරණ වේ. ආලොකයේ ප්‍රවේගය ආධාරයෙන් අයිස්ටයින් විසින් ශක්තිය සහ ස්කන්දය අතර ඇති සම්බන්ධයක් පිළිබඳව සාධනය කරනු ලැබූ E= MC2 සමීකරණය බටහිර විද්‍යාඥායෝ දෙවියන් මෙන් අදහති.
මෙම පරික්‍ෂණ ප්‍රතිඵල අනුව අනුව මහත් විශ්මයට පත්ව ඇති ඇමෙරිකානු සහ ජපාන විද්‍යාඥයෝ පිරිසක් මෙහි ඇති නිරවද්‍යතාව පිළිබඳව තවදුරටත් සනාථ කර පෙන්වන ලෙස CERN හී විද්‍යාඥ කණ්ඩායමෙන් විමසා ඇති අතර ඒ අනුව නැවත නැවත් මෙම පරික්‍ෂණය සිදුකළ බව එම CERN විද්‍යාඥක කණ්ඩායම පවසති.
“මෙම පරික්‍ෂණය සඳහා අප භාවිතා කළ උපකරණවල, අප භාවිතා කළ ක්‍රමවේදයන් පිළිබඳව, අපගේ නිරික්‍ෂණ වල යම් සාවද්‍යතාවයක් තිබේ දැයි නැවත නැවත නැවතත් දැනගැනීමේ අටියෙන් නැවත නැවතත් සිදුකළ පරික්‍ෂණවල ප්‍රතිඵල වලට අනුව අපගේ ප්‍රතිඵල වල නිරවද්‍යතාව නැවත නැවතත් සනාත වූවා. එහි කිසිදු සාවද්‍යතාවයක් නැහැ.” යැයි මෙම පරික්‍ෂණ කණ්ඩායමේ ප්‍රකාශකයෙකු වන අන්තෝනියෝ එරෙදිතාතෝ (Antonio Ereditato) නම් විද්‍යාඥා විසින් නැවතත් සනාත කරමින් වාර්තාවක් නිකුත් කර ඇත.
කෙසේ හෝ බටහිර විද්‍යාවේ ප්‍රධාන මූලධර්මයක් මෙසේ බොරු වී ඇති පසුබිමක ද බටහිර විද්‍යාවේ පදනමට පහර වදින්නා වූ මෙවැනි ප්‍රතිඵලයක් සියළුම විද්‍යාඥයෝ එකවර පිළිගැනීමට කැමැත්තක් නොදක්වන බව ද පෙනී යයි. එහෙත්, CERN පරික්‍ෂණාගාරයේ නිරික්‍ෂණයක් ප්‍රතික්‍ෂේප කිරිමේ කිසිදු හැකියාවක් බටහිර විද්‍යාවට නො පවතී.
“අයින්ටයින්ගේ මූලධර්ම පශ්චාත් භෞතික විද්‍යාව බිහිකිරීම සඳහා යොදාගත් ප්‍රධානතම මෙවලමයි” යැයි ලොව අංක එකේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු ලෙස සැලකෙත ජෝන් එලීස් (John Ellis) විසින් මෙම නිරීක්‍ෂණය පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ බටහිර විද්‍යාවේ පදනම දෙදරිය හැකි බවට ඉඟියක් කරමින් නිසා බව හොඳාකාරවම පෙනී යයි.
- පුවතට මූලාශ්‍ර ලබා ගත්තේ මෙම ටෙලිග්‍රාෆ් වාර්තාවෙන් සහ අන්තර්ජාලය ඇසුරිනි, යූ. ඩී.
පෙර පුවත: සාපේක්‍ෂතාවාදය අභියෝගයට ලක්වේ. බටහිර විද්‍යාව යළි සලකා බැලිය යුතුය
විශේෂ ස්තුතිය:- මෙම කොම්මටය පළ A.D. ට අපගේ විශේෂ ස්තූතිය.
lankacnews
Last edited:





