Prayer

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ජේසුස් වහන්සේ ගේ ශුද්ධ වූ රුධිරයේ බලමහිමයෙන් ආරක්ෂාව අයදින යැදුම


    ජේසු සමිදුනි,ඔබගේ බලමහිමය විශ්වාස කරමින් මම මේ මොහොතේ සිට මාගේත් මාගේ පවුලේ සැමගේත් හිස සිට දෙපතුල දක්වා ඔබ වහන්සේ ගේ ශුද්ධ වූ රුධිරයේ ආරක්ෂාවට යටත්කර ගනිමි. එමගින් මම මාගේත් මාගේ පවුලේ සැමගේත් පුර්ණ ආරක්ෂාව සනාථ කරගනිමි. ජේසු සමිදුනි අද දින නපුරන්, පවින්,පවට ලැදිමින්, සාතන්ගේ ප්‍රහාර හා රවටිලිවලින්, අදුරට ඇති බියෙන් අසනීපයෙන්, රෝග පීඩා වලින් සැකයෙන්,කෝපයෙන්, සියලු අවහිර බාධාවලින් හා ඔබගේ දේව රාජ්‍යට අයත් නොවන සියළුම පාපී දෙයින් මා මුදා ගනු මැනවි ! ජේසු සමිදුනි,ශුධත්මයේ ශක්තියෙන් පුරවාලනු මැනවි. මට ඥාණාලෝකය දුන මැනවි ! එහියින්,නිවැරදි දේ කිරීම සාධාරණ කොටගෙන ඔබ වහන්සේ ගේ මහිමයේ අද දින මම දිවි ගෙවමි.

    ජේසුනි... මම ඔබට ප්‍රසංශා කරමි...... ජේසුනි... මම ඔබට ස්තුති කරමි.
    ජේසුනි... මම ඔබට ප්‍රේම කරමි...... ජේසුනි... මම ඔබව පසසමි.......

    මට සියල්ල ඇතිසැටියෙන් පෙන්වා දෙන මාගේ ඉලක්කය කරා ලගාවිය මාර්ගය පෙන්වන, මට සිදුවූ වරද අමතක කර දමා සමාවිමේ දිව්‍යම වරප්‍රසාද ලබාදෙන සෑම තැන්හිම මා තුල මගේ ජවය වන ශුද්ධාත්මයාණෙනි මම මේ කෙටි දෙබසින් ඔබ වහන්සේට සියල්ල සදහා ස්තුති දීමට කැමැත්තෙමි. ද්රටව්ය මය ආශාවෝ කෙතෙක් ඉහළ වුවත් කිසිදා ඔ‍බගේ වෙන්වී සිටීමට අකමැති බව නැවත ද ස්ථිර ලෙස ප්ර‍ත්යෝක්ෂ කරමි.

    ඔබ වහන්සේගේ සදාතන මහිමය තුල මා මාගේ ආදරය දිනු අය සමග වාසය කරන්නට කැමැත්තෙමි.
    (ඔබගේ ඉල්ලීම සදහන් කරන්න)

    ශුද්ධාත්මයාණෙනි මා හා මාගේ ආදරය දිනු අය කෙරෙහි ඔබ දක්වන කරුණාවට ස්තුති වේවා/ආමේන්.


    jesus-with-children-1211.jpg
     
    Last edited: