අමුතුවෙන් මොකටද?
’නිහාල්, අපේ ගෙදරට කැසට් එකක් ගමු කියල මං ඔයාට කිව්වා. ඔයා ඒකට පස්ස ගැහැව්වා. ටෙලිවිෂන් එකක් ගමු කියල මං පෙරැත්ත කළා. ඔයා ඒක කළෙත් නැහැ. මොකක්ද අනේ මේකෙ තේරුම.’
අනෝමා තම සැමියා කාර්යාලයේ වැඩ අවසන් වී නිවෙසට පැමිණි වහාම ආඩපාලි කියන්නට වූවාය.
’හරි ඉතින් ඒ දෙකෙන්ම කෙරෙන දේවල් ඔයාගෙන් කෙරෙනවනෙ ළමයො.’ නිහාල් කීවේ කට කොනකට සිනාවක් නඟමිනි.
එහෙ එන්ඩ නම් එපා
’අමිතා මට ඔයාව කසාද බඳින්ඩ බැරි වුණොත් මම වනගත වෙලා තපස් රකිනවා.’
තම සම්බන්ධයට පෙම්වතියගේ නිවෙසින් නැඟුණු විරෝධය පිළිබඳව කථා කරමින් සිටියදී කරුණාසේන, අමිතාට කීවේ ඇගේ සුරත තදින් මිරිකමිනි. ’අනේ ඇත්තද බබෝ. එහෙම නං ඔයා හිමාල අඩවියෙ හිටියත් මම දානෙත් අරගෙන ඔයා බලන්ඩ එනවා.’ අමිතා කීවේ තම ආදරය දෑසින් ද පාමිනි.
’අනේ මේ එහෙම කරන්ඩ නං එපා. මගෙ සීලෙ කඩන්නෙ නැතුව, ඔයා මට මගෙ පාඩුවේ ඉන්ඩ, ඉඩ දෙන්ඩ, හොඳද’ කරූ සැනෙකින් කීවේය.
මොනවටද?
ගැබ්බරව සිටි ගුරුවරියක වූ චමරි හට කුසෙන් හෑල්ලු වීම සඳහා ඉතිරිව තිබුණේ හරියටම මාස දෙකකි. ඇය ඉදිරියට නෙරා ගිය බඩත් දරාගෙන දිගටම පාසල් ආවේ විභාගයට ඉතිරිව ඇත්තේ මාස දෙකක කාලයක් පමණක් නිසා මෙන් ම ඉන් පෙර සම්පූර්ණ කළ යුතු පාඩම් රැසක් ඉතිරිව පැවති බැවිනි.
චමරි තරමක අසීරුවෙන් පන්ති කාමරයට ඇතුළු වී ඉගැන්වීම අරඹන්නට සූදානම් වෙද්දී පන්තියේ දඟකාර සිසුවෙකු වූ ලක්ෂමන් ඉදිරියට පැමිණ මෙසේ ඇසුවේය.
’ටීචර් තව මාස දෙකයි නේද තියෙන්නේ?’
’මොනවට ද?’ චමරි ඇසුවේ හිතේ මෝදු වෙමින් ආ කෝපයෙනි.
’න්... නැහැ... විභාගෙට.’ ලකී හිස කසමින් යටැසින් ගුරුතුමියගේ දරු ගැබ දෙස බලා පිළිතුරු දුන්නේය.
silumina