

ඔන්න එකෝමත් එක කාලෙක, අත බලලා සාස්තර කියන්න දක්ෂ වයසක ගෑණු කෙනෙක් හිටියලු.
අපේ යාලුවෙක්ටත්, මේ මනුස්සයට කියලා සාස්තරයක් අහගන්න ඕන වුණා.
ඌට සාස්තර ගැන වැඩි විශ්වාසයක් නැහැ. සාස්තර බොරුයි කියලා උගේ යාලුවන්ටත් ඔප්පු කරලා පෙන්නන්න තමයි, මෙයා ආච්චි ගාවට ගියේ.
යාලුවත් ගිහින් තමුන්ගේ දකුණු අත, ගෑණු කෙනාට දික් කළා.
වයසක ගෑණු මනුස්සයා, අපේ යාළුවගේ අත බලලා, නළලත් රැලි කරගෙන, අපේ යාළුවා දිහා බොහොම කරුණාවන්ත බැල්මට් එකක් දැම්මා.
‘ඇයි ආච්චියෙ.. මොනවද මගේ අත බලලා කියන්න පුළුවන්’ අපේ එකා අහනවා..
‘ඔය දරුවා තාම කසාද බැඳලා නැහැ.’
‘එක නම් හරි ආච්චියෙ.. තව මොනවද කියන්න පුළුවන්’
‘හ්ම්ම්.. ඔය දරුවා කවදාවත්ම ගෑණු දරුවෙක් එක්ක යාලුවෙලාවත් ඉඳලා නැහැ වගෙයි..’
‘ඇත්ත. ආච්චියෙ, ඕවත් අතේ රේඛා බලලා කියන්න පුලුවන්ද?’
‘රේඛා බලලා නෙවෙයි බොල කියුවේ. උඹේ අතේ රේඛා ඔක්කොම ගෙවිල ගිහිල්ලා තියෙන නිසයි මම එහෙම කියුවේ..’


Hoda Nam rep oneee

Last edited:


