එන්න යන්න බලන්න වටිනා තැනක්

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    එන්න යන්න බලන්න වටිනා තැනක්

    ඉවසන්න ලෝඩ් වෙන්න ටිකක් වෙලා යාවි....:(:(:(:(

    ඔන්න මමත් ආවා එළකිරි ට්‍රැවලර් එක පැත්තට හා හා පුරා කියල ත්‍රෙඩ් එකක් දාන්න...
    :):)

    ඔන්න මේ ඉරිදාත් නිවාඩු නිසා මට හිතුනා නිකම් ගෙදරට වෙලා ඉන්න එකේ කොහේ හරි යන්න..
    ලොකු දුරක් යන්න තරම් කාල වෙලාවක් නැති නිසා ගෙවල් ලගපාතම තියෙන අධ්‍යාපනික වශයෙන් මෙන්ම සංස්කෘතික වටිනා කමක් ඇති දේශයේ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ජන කෞතුකාගාරය බලන්න යන්න තමා මම තීරණය කලේ...
    ඒ ගමනේදී මඩොල් දුවටත් ගොඩවෙලා එන්න අමතක කලේ නෑ....
    ඉතින් ඒ ගමන මම එළකිරි සෙට් එකත එක්ක බෙදාගන්න තීරණය කලේ මෙන්න මෙහෙමයි.....


    කවුරු හරි මේ කෞතුකාගාරය බලන්න එනවා නම් මාර්ගය ගැන කිසිම ප්‍රශ්නයක් ඇතිකර ගන්න වුවමන නෑ.. මොකද මේ ජන කෞතුකාගාරය තියෙන්නේ පහසුවෙන්ම ලගාවිය හැකි ස්ථානයක තමයි...

    ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ කොග්ගල වෙළද කාලාපය ආසන්නයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා තියෙන ලෝකයේම අවධානය දිනාගත් ලංකාවේ සුප්‍රසිද්ද fortress Hotel එක ඕනෑම කෙනෙක්ට පහසුවෙන්ම හදුනා ගන්න පුළුවන් වෙයි මේ තියෙන්නේ එම fortress Hotel එක..

    dsc00990i.jpg


    මේ fortress Hotel එකට ඉදිරියෙන් තමයි මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරයට පිවිසෙන්නේ...

    මේ තියෙන්නේ එම නාම පුවරුව..
    dsc00989wr.jpg


    ඔන්න දැන් කට්ටියම මෙතනට යන විදිය දන්නවනේ... එහෙනම් දැන් අපි ගිහින් බලමු..

    දේශයේ මහගත්කරු

    zp10therock.jpg


    z_p25-Bhava.jpg


    මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය හා ඒ මහතා ජිවත් වූ නිවස පිහිට තියෙන්නේ ඉතාමත් නිස්කලංක පරිසරයක්... කට්ටියම ගියාම බලන්නකෝ එතනට ගියාම හිතටයි ගතටයි පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ...

    මෙතනට බලන්න යන අයගෙන් සුළු මුදල් අය කිරීමක් සිදු කරනවා ඒ වැඩිහිටියෙක්ගෙන් රුපියල් 20 ක් ද වයස අවුරුදු 12ට අඩු අයගෙන් රුපියල් 10 ක් ලෙසට

    ඔන්න ඉතින් මම ටිකට් එකකුත් අරගෙන ඇතුළු උනා...

    dsc00993tm.jpg


    ප්‍රථමයෙන් මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය දෙසට....

    dsc01000k.jpg


    dsc01001y.jpg


    මේක ඇතුලත ඡයරුප ගැනීමට නම් අවසර දෙන්නේ නෑ...:no::no::no:

    මේ ජන කෞතුකාගාරය තුල බලන්න දේවල් නම් ගොඩක් තියෙනවා.. ඇත්තටම ගොඩක් වටිනා දේවල් ඒ වගේම කලාතුරකින් දක්නට ලැබෙන දේවල්.... මෙන්න මේ අංශ යටතේ අපිට කෞතුක භාණ්ඩ දක්නට ලැබෙනවා..
    කොහු කර්මාන්තය
    ධිවර කර්මාන්තය
    මැටි කර්මාන්තය
    රුකඩ කලාව
    ගැමි ජිවන රටාව හා ඒ ආශ්‍රිත උපකරණ

    මේ කෞතුකාගාරය බලන ඕනෑම අයෙකුට ශ්‍රී ලංකාවේ අතීත ගැමි ජිවන රටාව පිළිබදව පුර්ණ අවබෝධයක් ලබාගන්න අවස්ථාව තියෙනවා..

    මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය අසල ඇති පැරණි යානවාහන වල එකතුවෙන් කිහිපයක්..
    dsc01002s.jpg


    dsc01003x.jpg


    දැන් යමු අපි මාර්ටින් වික්‍රමසිංහ මහතා ජිවත් වූ නිවස දෙසට....

    dsc01027bg.jpg


    dsc01008eg.jpg


    මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ නිවසට පිවිසෙන විට දක්නට ලැබෙන මෙම පුවරුව හොදින් කියවන්න...

    dsc01011oq.jpg


    dsc01012tp.jpg


    මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ නිවස තුලද ඡයරුප ගැනීමට අවසර නොලැබේ..:no::no: ඒ කියන්නේ කට්ටියට මේ වගේ වටිනා දේවල් ගිහින්ම තමා බලන්න වෙන්නේ....

    මේ තමයි මාර්ටින් වික්‍රමසිංහ සමාධිය..
    dsc01014jc.jpg


    dsc01015m.jpg


    මේ තමයි සේක්කුගල යොදාගෙන තෙල් හිදින උපකරණය කට්ටිය දන්නවද මන්ද මේ ගැන...:nerd::nerd::nerd: දන්නේ නැත්නම් පහලින් තියෙන විස්තරයත් කියවල බලන්න....

    dsc01024l.jpg


    dsc01025m.jpg


    මේ මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාර භුමියේ පිහිට තියෙනවා මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් රචනා කරන ලැබූ කෘති සහිත පොත් සාප්පුවක් මෙතනින් 20% වට්ටමක් සහිතව මේ ඕනෑම පොතක් මිලදී ගැනීමට හැකියාව තියෙනවා....:):):):):)
    dsc01029z.jpg


    දැන් අපි මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාර භුමියේ සංචාරය අවසන් කරලා මඩොල්දූවට යන්නයි සුදානම..
    මඩොල්දූවට පමණක් යනවා නම් බෝට්ටුවකින් ඒ සදහා රුපියල් 600ක් අය කරනවා.
    ඊට අමතරම කුරුළුදුවත් සමග සියලු දුපත් නැරබීම සදහා බෝට්ටුවකින් ඒ සදහා රුපියල 2500ක් පමණ අය කරනවා..
    කුරුලුදුව නරබන්න යනවා නම් අනිවාර්යෙන් හවස 5ත් 6ත් අතර තමයි යන්න ඕන මොකද කුරුල්ලන් වැඩිපුරම දකින්න ලැබෙන්නේ ඒ වෙලාවට නිසා...

    ඔන්න අපි නම් එදා ගියේ මඩොල්දූවට විතරයි මේ ඒ ගමනේදී ගත්ත ඡයාරූප කිහිපයක්..

    මතකයි නේද මේ පොත....???
    955841509XD.jpg


    මඩොල්දූව
    dsc01041mx.jpg


    dsc01044jv.jpg


    මඩොල්දූව දුපත ඇතුලත

    dsc01047hm.jpg


    dsc01048j.jpg


    මඩොල්දූව දුපතට දිස්වන අනෙක් දුපත් සහ ඒ අවට පරිසරය.. කොහොමද ලස්සන..????:):):):)
    dsc01057y.jpg


    dsc01051b.jpg


    ඔන්න ඔහොම තමයි ඉතින් එදා අපේ ගමන අවසාන උනේ......
    කට්ටිය මොකද කියන්නේ ඉතින්..?????

    මේ ත්‍රෙඩ් එක කට්ටියට වැදගත් උනාද... එහෙම නම් අදහස් දක්වල යන්න අමතක කරන්න එපා හොදද.....


    අඩුම ගානේ කට්ටියගෙන් බම්ප් එකකින් වත් සහයෝගයක් බලාපොරොත්තු වෙනවා...:):):):)

    ඉතින් ඔන්න මේ ත්‍රෙඩ් එක බලපු නොබලපු අදහස් දක්වුව නොදැක්වුව සියලු දෙනාටම ස්තුතියි....:):):):)

    don_t_forget_to_say_thanks.gif

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොහෝ දෙනෙකුට යන්න අවස්ථා නොලැබුනත්..
    මේ වගේ විස්තරයක් මගින් අපිට යම් තාක් දුරට ඒ ගැන අවබෝධයක් ගන්න පුලුවන් කම ලැබෙනවා.
    ස්තුතියි අපිත් එක්ක බේදා ගත්තාට..
    රෙප් +10
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    බොහෝ දෙනෙකුට යන්න අවස්ථා නොලැබුනත්..
    මේ වගේ විස්තරයක් මගින් අපිට යම් තාක් දුරට ඒ ගැන අවබෝධයක් ගන්න පුලුවන් කම ලැබෙනවා.
    ස්තුතියි අපිත් එක්ක බේදා ගත්තාට..
    රෙප් +10
    බොහොම ස්තුතියි යාළුවා අදහසට....:):):):)
    ආ....සුදු මල්ලිත් බැහැල තියෙන්නේ.. එළ.
    11.gif
    ස්තුතියි ජෑස්...
    අපිත් ඔන්න පොඩ්ඩක් බැස්සා....
    ;);):D:D
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ආ සුදු මල්ලි නියම වැඩක් ........ආ
    ගොඩක් වටිනා Thread එකක් ....බොහොම ස්තූතියි ........

    Rep +++++++++
    එල එල ස්තුතියි....:):):)
    great post bro
    keep it up
    :D
    hNELp.png
    බොහොම ස්තුතියි චතු සහෝ... :):):)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කොහොම ස්තුතියි කරන්ඩද මන්දා..
    මම මෙතනට 3 පාරක් ගිහින් තියනවා..
    මෙතනදී දැනෙන සුවය,,සැනසුම විස්තරකරන්ඩ අමාරුයි..
    හරියට රුවන්වැලි සෑය ලග වාගේ..
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    පොටෝ ගන්න දෙන්නෙ නැත්නම් උඹ මේව ගත්තෙ කොහොමද බන්
    ෆොටෝ ගන්න බෑ කිව්වේ බන් කෞතුකාගාරය ඇතුලෙයි මාර්ටින් වික්‍රමසිංහ මහතගේ නිවාස ඇතුලෙයි විතරයි... අනිත් ඕනෑම තැනක ෆොටෝස් ගන්න පුළුවන් බන්...:yes::yes::yes: