එන්න යන්න බලන්න වටිනා තැනක්
ඔන්න මමත් ආවා එළකිරි ට්‍රැවලර් එක පැත්තට හා හා පුරා කියල ත්‍රෙඩ් එකක් දාන්න...

ඔන්න මේ ඉරිදාත් නිවාඩු නිසා මට හිතුනා නිකම් ගෙදරට වෙලා ඉන්න එකේ කොහේ හරි යන්න..
ලොකු දුරක් යන්න තරම් කාල වෙලාවක් නැති නිසා ගෙවල් ලගපාතම තියෙන අධ්‍යාපනික වශයෙන් මෙන්ම සංස්කෘතික වටිනා කමක් ඇති දේශයේ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ජන කෞතුකාගාරය බලන්න යන්න තමා මම තීරණය කලේ...
ඒ ගමනේදී මඩොල් දුවටත් ගොඩවෙලා එන්න අමතක කලේ නෑ....
ඉතින් ඒ ගමන මම එළකිරි සෙට් එකත එක්ක බෙදාගන්න තීරණය කලේ මෙන්න මෙහෙමයි.....
කවුරු හරි මේ කෞතුකාගාරය බලන්න එනවා නම් මාර්ගය ගැන කිසිම ප්‍රශ්නයක් ඇතිකර ගන්න වුවමන නෑ.. මොකද මේ ජන කෞතුකාගාරය තියෙන්නේ පහසුවෙන්ම ලගාවිය හැකි ස්ථානයක තමයි...
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ කොග්ගල වෙළද කාලාපය ආසන්නයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා තියෙන ලෝකයේම අවධානය දිනාගත් ලංකාවේ සුප්‍රසිද්ද fortress Hotel එක ඕනෑම කෙනෙක්ට පහසුවෙන්ම හදුනා ගන්න පුළුවන් වෙයි මේ තියෙන්නේ එම fortress Hotel එක..
මේ fortress Hotel එකට ඉදිරියෙන් තමයි මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරයට පිවිසෙන්නේ...
මේ තියෙන්නේ එම නාම පුවරුව..
ඔන්න දැන් කට්ටියම මෙතනට යන විදිය දන්නවනේ... එහෙනම් දැන් අපි ගිහින් බලමු..
දේශයේ මහගත්කරු
මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය හා ඒ මහතා ජිවත් වූ නිවස පිහිට තියෙන්නේ ඉතාමත් නිස්කලංක පරිසරයක්... කට්ටියම ගියාම බලන්නකෝ එතනට ගියාම හිතටයි ගතටයි පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ...
මෙතනට බලන්න යන අයගෙන් සුළු මුදල් අය කිරීමක් සිදු කරනවා ඒ වැඩිහිටියෙක්ගෙන් රුපියල් 20 ක් ද වයස අවුරුදු 12ට අඩු අයගෙන් රුපියල් 10 ක් ලෙසට
ඔන්න ඉතින් මම ටිකට් එකකුත් අරගෙන ඇතුළු උනා...
ප්‍රථමයෙන් මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය දෙසට....
මේක ඇතුලත ඡයරුප ගැනීමට නම් අවසර දෙන්නේ නෑ...

මේ ජන කෞතුකාගාරය තුල බලන්න දේවල් නම් ගොඩක් තියෙනවා.. ඇත්තටම ගොඩක් වටිනා දේවල් ඒ වගේම කලාතුරකින් දක්නට ලැබෙන දේවල්.... මෙන්න මේ අංශ යටතේ අපිට කෞතුක භාණ්ඩ දක්නට ලැබෙනවා..
කොහු කර්මාන්තය
ධිවර කර්මාන්තය
මැටි කර්මාන්තය
රුකඩ කලාව
ගැමි ජිවන රටාව හා ඒ ආශ්රිත උපකරණ
මේ කෞතුකාගාරය බලන ඕනෑම අයෙකුට ශ්‍රී ලංකාවේ අතීත ගැමි ජිවන රටාව පිළිබදව පුර්ණ අවබෝධයක් ලබාගන්න අවස්ථාව තියෙනවා..
මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය අසල ඇති පැරණි යානවාහන වල එකතුවෙන් කිහිපයක්..
දැන් යමු අපි මාර්ටින් වික්‍රමසිංහ මහතා ජිවත් වූ නිවස දෙසට....
මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ නිවසට පිවිසෙන විට දක්නට ලැබෙන මෙම පුවරුව හොදින් කියවන්න...
මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ නිවස තුලද ඡයරුප ගැනීමට අවසර නොලැබේ..
ඒ කියන්නේ කට්ටියට මේ වගේ වටිනා දේවල් ගිහින්ම තමා බලන්න වෙන්නේ....
මේ තමයි මාර්ටින් වික්‍රමසිංහ සමාධිය..
මේ තමයි සේක්කුගල යොදාගෙන තෙල් හිදින උපකරණය කට්ටිය දන්නවද මන්ද මේ ගැන...

දන්නේ නැත්නම් පහලින් තියෙන විස්තරයත් කියවල බලන්න....
මේ මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාර භුමියේ පිහිට තියෙනවා මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් රචනා කරන ලැබූ කෘති සහිත පොත් සාප්පුවක් මෙතනින් 20% වට්ටමක් සහිතව මේ ඕනෑම පොතක් මිලදී ගැනීමට හැකියාව තියෙනවා....

දැන් අපි මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාර භුමියේ සංචාරය අවසන් කරලා මඩොල්දූවට යන්නයි සුදානම..
මඩොල්දූවට පමණක් යනවා නම් බෝට්ටුවකින් ඒ සදහා රුපියල් 600ක් අය කරනවා.
ඊට අමතරම කුරුළුදුවත් සමග සියලු දුපත් නැරබීම සදහා බෝට්ටුවකින් ඒ සදහා රුපියල 2500ක් පමණ අය කරනවා..
කුරුලුදුව නරබන්න යනවා නම් අනිවාර්යෙන් හවස 5ත් 6ත් අතර තමයි යන්න ඕන මොකද කුරුල්ලන් වැඩිපුරම දකින්න ලැබෙන්නේ ඒ වෙලාවට නිසා...
ඔන්න අපි නම් එදා ගියේ මඩොල්දූවට විතරයි මේ ඒ ගමනේදී ගත්ත ඡයාරූප කිහිපයක්..
මතකයි නේද මේ පොත....???
මඩොල්දූව
මඩොල්දූව දුපත ඇතුලත
මඩොල්දූව දුපතට දිස්වන අනෙක් දුපත් සහ ඒ අවට පරිසරය.. කොහොමද ලස්සන..????

ඔන්න ඔහොම තමයි ඉතින් එදා අපේ ගමන අවසාන උනේ......
කට්ටිය මොකද කියන්නේ ඉතින්..?????
මේ ත්‍රෙඩ් එක කට්ටියට වැදගත් උනාද... එහෙම නම් අදහස් දක්වල යන්න අමතක කරන්න එපා හොදද.....
අඩුම ගානේ කට්ටියගෙන් බම්ප් එකකින් වත් සහයෝගයක් බලාපොරොත්තු වෙනවා...

ඉතින් ඔන්න මේ ත්‍රෙඩ් එක බලපු නොබලපු අදහස් දක්වුව නොදැක්වුව සියලු දෙනාටම ස්තුතියි....

ඉවසන්න ලෝඩ් වෙන්න ටිකක් වෙලා යාවි....

ඒ කියන්නේ කට්ටියට මේ වගේ වටිනා දේවල් ගිහින්ම තමා බලන්න වෙන්නේ....මේ තමයි මාර්ටින් වික්‍රමසිංහ සමාධිය..