අන්තර්ජාලයේදී ඔබ සුරක්ෂිතද ?
අන්තර්ජාලය වර්ථමානයේ විවිධ ඉසවු ඔස්සේ මිනිස් සංහතිය කෙරෙහිම බලපෑම් කරමින් තිබේ.එනම් එය භාවිත කරන ඔබ අප සියලු දෙනාම අන්තර්ජාලය යන ගෝලිය ගම්මානය තුල ජිවත් වන පුරවැසියන්ය.එහිදි අපිට විවිධ අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවේ.ඒවා අපිට වාසි දායක මෙන්ම අවාසිදායකද වනු ඇත.
වාසි දායක අවස්ථාවන් හුදෙක් අපේ යහපත පිණිස යොදාගැනීමට හැකිය.එහෙත් අවාසිදායක අවස්ථාවකදී අප කුමක් කර යුතුද ?කාට නම් පැවසිය යුතුද ගත යුතු පියවර මොනවාද ? අප තනිවේද,අපිට අවාසිදායක වනසිද්ධින් තිබේද ?
මුලින්ම අවසාන ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්නම් අන්තර්ජාලයේදී අපිට අවාසි විය හැකි අවස්ථා කිහිපයක්

- ඔබේ නම වෙනත් අයෙකු අවසරයකින් තොරව භාවිතා කිරීම
- ඔබගේ ඊ-මේල් ගිණුම් වලට වෙනත් අයෙකු අනවසරයෙන් ඇතුල් වී පරිහරණය කිරීම.
- ෆේස්බුක් වැනි සමාජශීලී වෙබ් අඩවි තුලදී ඇති වන ප්‍රශ්න,
- එනම් ඔබේගේ ගිණුම වෙනත් අයෙකු හැක් කිරීමඔබගේ පින්තූර වීඩියෝ ආදිය වෙනත් අයෙකු අනවසරයෙන් භාවිත කිරීම
- රටට,ආගම් ජාතින්ට අපහාස වන ලෙස යම් අය යම් යම් දේ ප්‍රසිද්ධ කිරීම
මේ තිබෙන්නේ ඔබට අන්තර්ජාලයේදි වර්ථමානයේ නිතරම කථාබහට ලක්වන සිදුවිය හැකි අපහසුතාවයන් කිහිපයක් පමණි,යම් යම් පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් වල අනිසි ප්‍රතිවිපාක ලෙස ඔබටත් මෙවන් අවස්ථාවන්ත මුහුණ දීමට සිදු වනු ඇත සමහරවිට මේවන විටත් මුහුණ දී නැතුවා විය නොහැක.එවන් අවස්ථාවකදී අපි මොකද කරන්නේ කාටද මේ පිළිබධ දැනුවත් කරන්නේ,මෙවන් අර්බුදයකී ක්‍රියාත්මක විය හැකි පාර්ශවයන් සිටීද?.අප හට මෙවන් අවස්ථාවන් සිදුවීම වලක්වා ගන්නට ගත හැකි ක්‍රියාමර්ග තිබේද?
ෆේස්බුක් ගැන පොඩි අදහසක්
ස්වයං ආරක්ෂාකාරී පිළියමන් ලෙස පහත සදහන් ක්‍රියාමාර්ග වලට අපට පෞද්ගලිකව එළබිය හැක.
ඔව් ඇත්තෙන්ම ලාංකිකයන් වන අපට දැන් ඒ අවස්ථාව ලැබීතිබෙනවා.දැන් අපිට බයවෙන්න ඕනෙ නෑ සත්‍ය ලෙසම පැවසුවොත් දැන් ලාංකීය අන්තර්ජාල භාවිතය තුලත් පොලීසියක් තියෙනවා.දැනටමත් ඔබ මෙය ගැන විවිධ මාධ්‍ය ඔස්සේ කරුණු දන්නවා ඇත.ඒත් නොදන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙන පුලුවන්.ඒ තමයි
ශ්‍රී ලංකා පරිඝණක හදිස්සි ප්‍රතිචාර සංසදය
Computer Emergency Readiness Team | Co-Ordination Center
හදිස්සි අවස්ථාවකදී ක්‍රියාත්මක විමේ බලය ඇති.පරිඝණක සාක්ශරතාවයෙන් ඉහළටම ගිය පිරිසක් එක්ව රාජ්‍ය අනුග්‍රහය පෙරදැරිව සියලු ලාංකීය අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ හිතසුව පිණිස බිහිවූ ඒකකයක් ලෙස මෙය හැදින්විය හැක.අන්තර්ජාලය තුල පිරිස් අරක්ෂා කිරීම අරක්ෂාව කඩවූවන්ට සාධාරණය ඉටු කිරීම මෙහි මූලික අරමුණ ලෙස පෙන්වා දිය හැකිය.ලොව ප්‍රබල වෙබ් අඩවි,පුද්ගලයින් සමග මොවුන් සම්බන්ධ වී අදාල කාර්යයේ නිරතවේ.
අන්තර්ජාලයේදී ඔබට කුමණ හෝ අකටයුත්තක් වන්නේ නම් මොවුන්ට දැනුම් දී නිසි පියවර අදාල පාර්ශවයන්ට එරහිව ගැනීම හැකියාව තිබේ.වෙබ් අඩවි තුලට අනවසරයෙන් ඇතුල් වී අකටයුතු කරන අය සමාජශීලී වෙබ් අඩවි තුලදී නොහොබිනා ලෙස ක්‍රියාකරන අය(වෙනත් අයගේ ගිණුම් තුලට අනවසරයෙන් පිවිසෙන්නන්)පිළිබධ මොවුන් දැනුවත් කර හැක.
මෙම ආයතනය අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව සමග එක්ව ක්‍රියාකරන ආයතනයක් වන අතර නීතිමය වශයෙන් ගතයුතු ක්‍රියාමර්ග පිළිබධ කටයුතු කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවයි.වරදිකරුවන් සොයා ගැනීම ශ්‍රී ලංකා පරිඝණක හදිස්සි ප්‍රතිචාර සංසදය කරන කොට වැරදිකරුවන්ට නිසි දඩුවම් තීරණය කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවයි.මේ සියල්ල ආරක්ෂක අමත්යයංශය සතුය.

- කිසිම අයෙකුට ඔබගේ පෞද්ගලික තොරතුරු නිකරුනේ ලබා නොදෙන්න(පදිංචි ලිපිනයන්,වෙබ් අඩවි වලට අදාල මුරපද,දුරකථන අංක ).
- අනවශ්‍ය වෙබ් අඩවිවලට නිකරුනේ ඇතුලු නොවන්න.
- නොදන්න පුද්ගලයින් දෙන මෘදුකාංග ආදිය බාගතකිරීම හෝ පිටස්තර පුද්ගලයින් එවන වෙබ්ලිපිනයන්ට සේන්සු වීමෙන් වලකින්න
- සමාජශීලී වෙබ් අඩවි ඔස්සේ හදුනාගන්නා ම්තුරන් සමග අසුරු කරන විට වඩා ආරක්ෂාකාරී වන්න.
- නිසිලෙස යාවත්කාලීන වන ක්‍රියාකාරී ප්‍රතිවයිරස් මෘදුකාංගයක් නිතරම අන්තර්ජාලයට එක් වීමේදී භාවිතාකරන්න
- සැම විටම කිසිවෙකුට සොයාගත නොහැකි ලෙස මුර පදයන් යොදන්න
මේ ඉතාමත් පහසුවෙන් යොදාගත හැකි ආරක්ෂිත පියවරයන් කිහිපයකි.එහෙත් මෙවැනි ක්‍රියාමර්ග වලින්ද සපිරිව සිටින විටද අන්තර්ජාලයේදී අපිට අවාසිසහගත වන අවස්ථා නැතුව නොවෙයි,ඒවගේ වෙලාවක අපිට ගත හැකි ක්‍රියාමර්ග තිබේද?මේසම්බන්ද පැමිණිලි කර හැකි යම් පාලනාධිකාරියක් තිබේද?
ඔව් ඇත්තෙන්ම ලාංකිකයන් වන අපට දැන් ඒ අවස්ථාව ලැබීතිබෙනවා.දැන් අපිට බයවෙන්න ඕනෙ නෑ සත්‍ය ලෙසම පැවසුවොත් දැන් ලාංකීය අන්තර්ජාල භාවිතය තුලත් පොලීසියක් තියෙනවා.දැනටමත් ඔබ මෙය ගැන විවිධ මාධ්‍ය ඔස්සේ කරුණු දන්නවා ඇත.ඒත් නොදන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙන පුලුවන්.ඒ තමයි
ශ්‍රී ලංකා පරිඝණක හදිස්සි ප්‍රතිචාර සංසදය
Computer Emergency Readiness Team | Co-Ordination Center
හදිස්සි අවස්ථාවකදී ක්‍රියාත්මක විමේ බලය ඇති.පරිඝණක සාක්ශරතාවයෙන් ඉහළටම ගිය පිරිසක් එක්ව රාජ්‍ය අනුග්‍රහය පෙරදැරිව සියලු ලාංකීය අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ හිතසුව පිණිස බිහිවූ ඒකකයක් ලෙස මෙය හැදින්විය හැක.අන්තර්ජාලය තුල පිරිස් අරක්ෂා කිරීම අරක්ෂාව කඩවූවන්ට සාධාරණය ඉටු කිරීම මෙහි මූලික අරමුණ ලෙස පෙන්වා දිය හැකිය.ලොව ප්‍රබල වෙබ් අඩවි,පුද්ගලයින් සමග මොවුන් සම්බන්ධ වී අදාල කාර්යයේ නිරතවේ.
අන්තර්ජාලයේදී ඔබට කුමණ හෝ අකටයුත්තක් වන්නේ නම් මොවුන්ට දැනුම් දී නිසි පියවර අදාල පාර්ශවයන්ට එරහිව ගැනීම හැකියාව තිබේ.වෙබ් අඩවි තුලට අනවසරයෙන් ඇතුල් වී අකටයුතු කරන අය සමාජශීලී වෙබ් අඩවි තුලදී නොහොබිනා ලෙස ක්‍රියාකරන අය(වෙනත් අයගේ ගිණුම් තුලට අනවසරයෙන් පිවිසෙන්නන්)පිළිබධ මොවුන් දැනුවත් කර හැක.
මෙම ආයතනය අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව සමග එක්ව ක්‍රියාකරන ආයතනයක් වන අතර නීතිමය වශයෙන් ගතයුතු ක්‍රියාමර්ග පිළිබධ කටයුතු කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවයි.වරදිකරුවන් සොයා ගැනීම ශ්‍රී ලංකා පරිඝණක හදිස්සි ප්‍රතිචාර සංසදය කරන කොට වැරදිකරුවන්ට නිසි දඩුවම් තීරණය කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවයි.මේ සියල්ල ආරක්ෂක අමත්යයංශය සතුය.
මේ අය සම්බන්ධ කරගතහැකි මාර්ග මෙලෙස දැක්විය හැක
Address - Room 2-119A, BMICH, Bauddhaloka Mawatha,Colombo 07, Sri Lanka
Tel - +94 11 269 1692
+94 11 269 1064
+94 11 267 9888
Fax - +94 11 269 1064
E-Mail - [email protected]
Web Site - http://www.slcert.gov.lk/index.html
ඔබේ පරිඝණකයේ ආරක්ෂාව වැඩි කර ගැනීමෙන්ද ඔබගේ රහසිගත තොරතුරු වෙනත් පාර්ෂවයක් වෙත ගලායාම වැළකේය හැක.ඒ සදහා උසස් තත්වයේ ලොව පිළිගත් ප්‍රතිවයිරස් මෘදුකාංගයක් භාවිතා කළ හැකිය.නිතර නිතර යාවත්කාලීන වන වයිරස් හෝ හැකින් වැඩ සටහනකට සෘජුව පහර එල්ලකර එහි ක්‍රියාකාරීත්වය අඩාල කිරීමේ හැකියාව ප්‍රතිවයිරස් වැඩසටහනක ක්රියාකාරීත්වයයි.නිතර යාවත්කාලීන කිරීමෙන් බලාපොරොත්තුවන්නේ අන්තර්ජාලයට හෝ වෙනත් මාර්ගවලින් ලොව බිහිවන අන්තර්ජාල පරිශීලකයින් කරදරයට පමුණුවන විවිධ වැඩ සටහන් පිලිබධ ඔබේ පරිගණකයේ ස්ථාපිත ප්රිති වයිරස් වැඩසටහනට දැනුම් දීමයි.ඔබටම වෙන් වූ ආයතනයෙන් පිළිගත් ප්‍රතිවයිරස් වැඩසටහනක් තීබිම බොහෝ සෙයින් ආරක්ෂාකාරී වෙයි.
ElaKiri වෙබ් අඩවිය තුලදී
ElaKiri වෙබ් අඩවිය තුල සිටින ඔබ එහි ගීත භාගත කිරීමට බිය විමට අවශ්‍ය නැත.ආයතන ප්‍රධානීන් එලකිරි වෙබ් අඩවියට ඇතුලත් කරන සියලු දෑ ඔබගේ ආරක්ෂාව පිණිස 100% ආරක්ෂාකාරී ලෙස සකස්කර ඇත(කිසිදු අතුරු අන්තරාවකින් තොරය )
ElaKiri ෆෝරමය තුල සිටින ඔබ දැක ඇති මෙහි සාමාජිකයින් ඔබ වෙත ලබාදෙන මෘදුකාංග වැනි දෑ එවා භාගතකිරීමේදී(පරිහරණයේදී)පහත කරුණු ගැන සැලකිලිමත්වන්න.
කිසිව්ටක ඔබේ සත්‍ය තොරතුරු වෙනත් අයට ප්‍රදර්ශනය නොවීමට වග බලා ගන්න.එලෙසම වෙනත් සමාජිකයින්ගේ තොරතුරුද අදාල නොවේ නම් ප්රසිද්ධ්යේ ප්‍රදර්ශනය නොකරන්න.
______________________________________________________
අන්තර්ජාලය ඔස්සේ සිදුවන අක්‍රමිකත දිනෙන් දින වැඩි වන නිසා මෙම ලිපිය එවැනි අවස්ථාවලින් අත්මිදීමට ඔබට පිටුවහලක් වනු ඇත.නිවැරදි කිරීමට යම් කරුණක් ඇත්නම් පවසන්න අලුත් කරුණු පසුවට ඇතුලත් කරන්නම්.
Address - Room 2-119A, BMICH, Bauddhaloka Mawatha,Colombo 07, Sri Lanka
Tel - +94 11 269 1692
+94 11 269 1064
+94 11 267 9888
Fax - +94 11 269 1064
E-Mail - [email protected]
Web Site - http://www.slcert.gov.lk/index.html
ඔබේ පරිඝණකයේ ආරක්ෂාව වැඩි කර ගැනීමෙන්ද ඔබගේ රහසිගත තොරතුරු වෙනත් පාර්ෂවයක් වෙත ගලායාම වැළකේය හැක.ඒ සදහා උසස් තත්වයේ ලොව පිළිගත් ප්‍රතිවයිරස් මෘදුකාංගයක් භාවිතා කළ හැකිය.නිතර නිතර යාවත්කාලීන වන වයිරස් හෝ හැකින් වැඩ සටහනකට සෘජුව පහර එල්ලකර එහි ක්‍රියාකාරීත්වය අඩාල කිරීමේ හැකියාව ප්‍රතිවයිරස් වැඩසටහනක ක්රියාකාරීත්වයයි.නිතර යාවත්කාලීන කිරීමෙන් බලාපොරොත්තුවන්නේ අන්තර්ජාලයට හෝ වෙනත් මාර්ගවලින් ලොව බිහිවන අන්තර්ජාල පරිශීලකයින් කරදරයට පමුණුවන විවිධ වැඩ සටහන් පිලිබධ ඔබේ පරිගණකයේ ස්ථාපිත ප්රිති වයිරස් වැඩසටහනට දැනුම් දීමයි.ඔබටම වෙන් වූ ආයතනයෙන් පිළිගත් ප්‍රතිවයිරස් වැඩසටහනක් තීබිම බොහෝ සෙයින් ආරක්ෂාකාරී වෙයි.
ElaKiri වෙබ් අඩවිය තුලදී
ElaKiri වෙබ් අඩවිය තුල සිටින ඔබ එහි ගීත භාගත කිරීමට බිය විමට අවශ්‍ය නැත.ආයතන ප්‍රධානීන් එලකිරි වෙබ් අඩවියට ඇතුලත් කරන සියලු දෑ ඔබගේ ආරක්ෂාව පිණිස 100% ආරක්ෂාකාරී ලෙස සකස්කර ඇත(කිසිදු අතුරු අන්තරාවකින් තොරය )
ElaKiri ෆෝරමය තුල සිටින ඔබ දැක ඇති මෙහි සාමාජිකයින් ඔබ වෙත ලබාදෙන මෘදුකාංග වැනි දෑ එවා භාගතකිරීමේදී(පරිහරණයේදී)පහත කරුණු ගැන සැලකිලිමත්වන්න.
- අලුතින් ෆෝරම් එක හා සම්බන්ද සාමාජිකයින් ලබාදෙන මෘදුකාංග පරිහරණයේදී බොහෝ සෙයින් සැලකිලිමත් වන්න.විශේෂ්යෙන් එම සමාජිකයා සමග මින් පෙර ගණුදෙනු කර නොමැති නම්.
- බෝහෝ කාලයක සිට ෆෝරමය සමග සම්බන්ධ සමාජිකයින් ලබා දෙන මෘදුකාංග ආරක්ෂිත වනු ඇත.එහෙත් මින් පළමු වර ඔහු දෙන මෘදුකාංග භාවිතා කරන්නට යන්නේ නම් පොඩ්ඩක් ඔහුගැන සොයා බලන්න.
- ත්‍රෙඩ් එකකදී යමක් ලබාගැනීමට පෙර එහි වෙනත් සමාජිකයින් පළකර තිබෙන අදහස් කියවා බලන්න.එහිදි යම් සැකයක් ඇත්නම් එය දුරුකරගැනීමට පුළුවන් වනු ඇත
______________________________________________________
අන්තර්ජාලය ඔස්සේ සිදුවන අක්‍රමිකත දිනෙන් දින වැඩි වන නිසා මෙම ලිපිය එවැනි අවස්ථාවලින් අත්මිදීමට ඔබට පිටුවහලක් වනු ඇත.නිවැරදි කිරීමට යම් කරුණක් ඇත්නම් පවසන්න අලුත් කරුණු පසුවට ඇතුලත් කරන්නම්.
©2011/MB/EK.COM
Last edited: