ෂර්ලොක් හෝම්ස් කතා වස්තුව!

pannisl

Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    ෂර්ලොක් හෝම්ස් කතා වස්තුව!

    ඉතින් කොහොමද යාලුවනේ...... ටික දවසකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තෙ ආවෙ. අද නම් මට සෑහෙන්න සතුටු දවසක්. මම කලින් ලියපු බ්ලොග් එකේ පොස්ට් ටික මට හොයාගන්න බැරුවනෙ තිබුනෙ. ඒත් අද මට ඒ ටික හම්බ උනා. feed burner එකේ තිබිල. ඉතින් මම හිතුව මගෙ කලින් බ්ලොග් එකේ තිබ්බ පොස්ට් එකක් අලුත් බ්ලොග් එකේ නැවත දාන්න. මේ පොස්ට් එක මම මුලින්ම දැම්මෙ 10/04/2009. මේකෙ දින වකවානු තියෙන්නෙ ඒ කාලයට අදාලව. මම එව වෙනස් කලේ නැහැ. නමුත් අලුතෙන් පින්තූර ටිකක් එකතු කලා. මේ පොස්ට් එක බලල comment කරන්න අමතක කරන්න එපා හොඳේ.....


    පහුගිය 21 වෙනිදා Book Fair එකට ගිය වෙලාවෙ අපේ නෑන අලුත්ම ෂර්ලොක් හෝම්ස් කතා පොත ගත්ත. එයා ඉතින් ඔය ගත්ත හදිස්සියට ඕක කියවන්නෙ නැති බව දන්න නිසා එදාම මම ඉල්ල ගත්ත, සතියකින් කියවල ගෙනත් දෙන පොරොන්දුව පිට. ඔය අලුත් ෂර්ලොක් හෝම්ස් පොත් මෙලෝ රහක් නැති නිසා මම සල්ලි දීල ගන්නෙ නැහැ. කොහෙන් හරි හොයාගෙන කියවනව.
    අලුත් පොත තමයි “සමුදුරේ සටන”. පොතේ පිට කවරෙ ලස්සන උනාට සුපුරුදු පරිදි ඇතුලෙ තිබ්බ කතා ටික නම් මෙලෝ රහක් නැහැ. මේ පාර තියෙන්නෙත් මෙලෝ රහක් නැති කතා ටිකක්. අභිරහස් නැවකුයි, තව තව සිද්ධි කීපයක් ගැනයි මේ පාර තියෙන්නෙ. දැන් මුද්‍රනය වෙන කතාවල අර පරණ කතාවල, එහෙම නැත්නම් නියම ෂර්ලොක් හෝම්ස් කතාවල වගේ ගතියක් නැහැ. මුල් කතාවල වැරදිකාරය හෝ

    වැරැද්ද වෙච්ච විදිය කතාව ඉවරවෙන තෙක් අදුර ගන්න බැහැ. සමහර විට කතාව මැදදි අහිංසක විදියට හිටපු චරිතයක් කතාව අන්තිමට වැරදිකාරය වෙන්න පුලුවන්. මතකද ඩ්‍රැකිලා භීෂණය කතාව. ඒකෙ වැරදි කාරය වෙන්නෙ පොඩි ළමයෙක්.නමුත් දැන් පලවෙන කතා වල වැරදිකාරය කතාව මැදදිම උපකල්පනය කරන්න පුලුවන්. මම දකින විදියට ඒකට හේතුවක් තියනව.


    පළවෙනි කතා 54, ආතර් කොනන් ඩොයිල් ලියල තියෙන්නෙ පොඩි තියරියක් උඩ. ඒක තමයි “නිරීක්ෂණ මගින් නිගමන වලට එළඹීම”. මේ කතාව අපිට හෝම්ස්ගෙ දෙබසක් විදියට කතා කීපයකදීම දකින්න ලැබෙනව. නමුත් මේක හුදෙක් දෙබසක් විතරක් නෙමෙයි. කොනන් ඩොයිල් කතාව ලියනකොටත් මේ තියරිය පාවිච්චි කරල තියනව. මම මෙහෙම කියන්නෙ ඇයි කියන එකට හොඳ පිලිතුරක් ඉස්සරහට ලැබෙයි. මම හිතන විදියට කොනන් ඩොයිල් ගෙ මේ තියරිය නිසා තමයි, මේ කතා ගොඩක් ජනප්‍රිය උනේ. ඒ විතරක් නෙමෙයි. කොනන් ඩොයිල්ට හොද කතා ගොඩනැගී මේ හැකියාවක් තිබුන. ඒකත් එක හේතුවක් මේ කතා ජනප්‍රිය වෙන්න. මෙහම කියනකොට මට මතක් වෙන්නෙ “වොට්සන් හපනෙක් වූ හැටි” කියන කතාව. ඒක පොඩි කතාවක් උනාට බොහොම සිත්ගන්න සුලු විදියට ලියල තියනව. කතාව ආරම්භයෙදි වොට්සන් පාවිච්චි කරන්නෙත් ඔය කියන තියරියමයි. හැබැයි අවසානයට වොට්සන්ගෙ උපකල්පන ඔක්කොම වැරදෙනව. නමුත් අර කිව්ව තියරිය නම් බිඳෙන්නෙ නැහැ. මම දකින්නෙ මේක තමයි කොනන් ඩොයිල් ගෙ කතා ගොඩනැගීමේ හැකියාව.

    ඒත් දැන් පළවෙන කතාවල අර සිද්ධාන්තය නියම විදියට යොදා ගන්නවද කියන එක සැක සහිතයි. දැන් පළවෙන කතාවල මේ තියරිය පාවිච්චි උනත් ඒක කතාවෙ අන්තිමට සිත්ගන්න සුලු විදියට පැහැදිලි කෙරෙන්නෙ නැහැ. අනික තමයි කොනන් ඩොයිල්ට තිබුනු කතා ගොඩනැගීමේ හැකියාව වර්තමාන රචකයට එච්චර හොඳට නැහැ කියලයි මම හිතන්නෙ. ඔන්න ඔය හේතු නිසාතමයි දන් පළවෙන කතා ගොඩක් නීරස වෙලා තියෙන්නෙ. ඇයි වර්තමාන රචකයට එච්චර හොඳට අර සිද්ධන්තය යොදාගන්න බැරි. පහළ තියන ටිකත් කියවන්නකො. එතකොට අදහසක් ලැබෙයි.

    මේ කියන්න හදන්නෙ කවුරුත් වැඩිය නොදන්න කතාවක්. කියවල බලන්නකෝ. කොහොමද කොනන් ඩොයිල්ට හොඳට කතා ගොතන්න පුලුවන් උනේ? ඒකට එක හේතුවක් තමයි කොනන් ඩොයිල්ගෙ පවුලෙ කට්ටිය ගොඩ දෙනෙකුට තිබුනු හැකියාව. විශේෂයෙන්ම ඩොයිල්ගෙ ආච්චිට. ඊලඟට කොහොමද ඩොයිල් අර තියරිය හොඳට පාවිච්චිකලේ කතා ලියන කොට. ඒකට හේතුව තමයි ඩොයිල් හෝම්ස් එක්ක වැඩ කරල ලැබිච්ච අත්දැකීම්??????

    දැන් කට්ටිය බලනව ඇති මේ මොන හරුපයක්ද කියල. කලබල වෙන්න එපා. කතාව මේකයි. ෂර්ලොක් හෝම්ස් කියන්නෙ හුදෙක්ම මනඃකල්පිත චරිතයක් නෙමෙයි. මේ කියන්න යන ෂර්ලොක් හෝම්ස් ගෙ නියම නම “ජෝෂප් බෙල්”.

    ජෝෂප් බෙල් කියන්නෙ ආතර් කොනන් ඩොයිල්ගෙ ගුරුවරයෙක්. මම කියන්නම් කොහොමද මම මේ විස්තර හොයා ගත්තෙ කියල. මේ විස්තර ටික තිබුනෙ ශ්‍රීමත් සිඩ්නි ස්මිත්ගෙ Mostly Murder කියන පොතේ තිබිල. ඒ පොත දැන් “ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම් පිලිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ” නමින් සිංහලට පරිවර්තනය කරල තියනව. සිඩ්නි ස්මිත් කියන්නෙ කොනන් ඩොයිල් ගෙ සමකාලීනයෙක්. ඒක නිසා ඔහුගෙ අදහස් බොහොම වැදගත් වෙනව.

    සර් ආතර් කොනන් ඩොයිල් කියන්නෙ වෛද්‍යවරයෙක් කියන එක අපි කවුරුත් දන්නවනෙ. නමුත් ඔහු වෛද්‍ය වරයෙක් වෙන්න කලින් ඉඳලම ජෝෂප් බෙල් ගාව වැඩ කරල තියනව. ඒ බෙල්ගෙ චිකිත්සාගාරයේ බාහිර රෝගීන් පිලිබඳ ලිපිකරුවා විදියට. ඒ කාලෙ වෛද්‍ය උපාධිය ගන්න කලින් ඔයවගේ සුලු සුලු දේවල් කරන්න වෙලා තියනව. දැන් වගේ කෙලින්ම වෛද්‍ය විද්‍යාලයට යන්න ටිකක් අමරුයි ලු.
    දැන් කියන්න හදන්නෙ ජෝෂප් බෙල් ගෙ වැඩ. ජෝෂප් බෙල් එක්තරා රෝගියකු ගෙන් අහල තියනව “ඔබ දකුණු ප්‍රදේශයෙන් ආපු නිසා ගොල්ෆ් පිටිය දිගේ ආපු ගමනෙන් විනෝදයක් ලැබුනද” කියල. හැබැයි මේ රෝගියා බෙල්ට සම්පූර්ණයෙන්ම ආගන්තුක රෝගියෙක්. ඔහු ඒ ප්‍රශ්ණය අහල තියෙන්නෙ රෝගියාගේ පාවහන් වල ගෑවිලා තිබ්බ මඩ නිරීක්ෂණය කරල. මතකද මේ වගේ අවස්ථා කීපයක් ම හමුවෙනව ෂර්ලොක් හෝම්ස් කතාවල. ඊලඟට තවත් ආගන්තුක රෝගියෙක් දිහා බලල බෙල් මහත්මය කියල තියනව, ඒ පුද්ගලය සපත්තු සාදන්නෙක් බවත් ඔහු වමත් කාරයෙක් බවත්. මේ බව නිගමනය කරල තියෙන්නෙ රෝගියාගේ කලිසම් කකුල් වල ගෙවුනු තැන් නිරීක්ෂණය කරල. මේ වගේ නිරීක්ෂණ හා නිගමන කීපයක් ම ෂර්ලොක් හෝම්ස් කතාවල තිබුන. දැන් වැටහෙනව නේද කොහොමද කොනන් ඩොයිල්ට මෙච්චර ලස්සනට කතා ගොඩනගන්න හැකියාව ලැබුනෙ කියල. මේ බෙල් ගුරුතුමා ගැන කොනන් ඩොයිල් තමන්ගෙ චරිතාපදානයෙත් ලියන්න අමතක කරල නැහැ. ඔහු ඒකෙදි කියනව බෙල් ගුරුතුමාව තමන් ආදර්ශයට ගත්ත කියල.

    Mostly Murder පොතේ තියන විදියට කොනන් ඩොයිල් වෛද්‍ය වෘත්තියෙන් සාර්ථක වෙලා නැහැ. ඒ නිසා තමයි ඔහු ලියන්න පටන් ගෙන තියෙන්නෙ. ඔහුට ආපු අපූරු අදහස් තමයි තමන් ගෙ පරණ ගුරුවරයගෙ හැකියාවනුත් යොදාගෙන රහස් පරීක්ෂක කතාවක් ලෙස නිර්මාණය කලේ. ඒ කතාවල දොස්තර වොට්සන් ලෙස කරළියට එන්නෙත් කොනන් ඩොයිල්ම තමයි.

    ඉතින් ඔන්න ඔහොම තමයි ෂර්ලොක් හෝම්ස් කෙනෙක් මේ ලෝකෙට ඇති උනේ. ආ තව කියන්න දෙයක් තියනව. බේකර් වීදියෙ අංක 221b දරණ ගෙයත් හුදෙක්ම මනඃකල්පිතයක් නෙමෙයි. බලන්නකො පහත තියන Video එක…………



    http://www.youtube.com/watch?v=KL_DAInxobs


    මගේම බ්ලොග් එකෙන් copy කලේ
    www.pannipitiya.blogspot.com
    rep ඕන හොඳද
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    බේකර් වීදියෙ අංක 221b දරණ ගෙයත් හුදෙක්ම මනඃකල්පිතයක් නෙමෙයි

    nehe machan.. me gedara aluthin hadapu ekak Sherlock Holmes kathawa nisa
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    sherlock holmes apasu ei kathawen passe apu hama kathawakma melo rahak na.....mamanam hithanne chandan medis hithala liyapu katha wenna oni..
     

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    Niyamai Machoo..Godak Wedagath Una
    02rep added

    Machan "Mostly Murder" Book Eke shinhala Book Eka Ganna Puluwan Thenak kiyapan..loku Help Ekak
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    ඔව් මචෝ මම ඔයත් එක්ක එකගය්.
    මම මම ළඟ තියනවා ෂර්ලොක් හොල්ම්ස් ගේ කතා 60 ම, මම ඒ ඔක්කොම කියෙව්වේ හරිම අසාවෙන්.
    කතා ටික කියෙව්වේ පිළිවෙලට, සමහර කතාවල පිළිවෙල හොයාගන්න අමාරු උනා,
    පරණ ඔක්කොම කතා 60 කියවල ඉවරවෙලා අලුත් එකම එක කතාවය් කියෙව්වේ. එකත් බාගයය්, ඒ තමා draculata එරෙහිව ෂර්ලොක් හොල්ම්ස්.
    බාගයක් කියවනකොට මට අමුවට මල පැන්න, තනිකර ෂර්ලොක් හොල්ම්ස් ගේ චරිතෙට විරුද්දව ලියල තියන්නේ ,
    ඒ මදිවට දොස්තර වොට්සන් ගේත්. .
    ෂර්ලොක් හොල්ම්ස් වැදගත් වැඩක් කරනකොට කවදාවත් වොට්සන් බාධා කරන්නේ නැ, ප්‍රශ්න අහන්නේ නැ.
    එත් මේ කතාවේ දිගට හරහට වොට්සන් ප්‍රශ්න අහනවා බාධා කරනවා.
    මම පස්සේ මැද කියවන්නේ නැතුව අවසාන ටික කියෙව්වා. මගේ යකා දෙගුණ තෙගුණ උනා.
    මතකද සුනක ශාපය කතාවේ එක තැනකවත් ෂර්ලොක් හොල්ම්ස් අත්බුත දෙයක් කොහෙත් විස්වාශ කරන්නේ නැ, ඒ කතාව අවසානේ ඒක ෂර්ලොක් හොල්ම්ස් පැහැදිලිව කියනවා. එ කතාව විතරක් නමෙය් හැම කතාවකම එහෙමය්. හැම කතාවක්ම ලියල තියන්නේ විය හැකි සිදුවීම් විදිහට.
    එත් මේ කතාවේෂර්ලොක් හොල්ම්ස් නොපෙනෙන දෙයක් ගැන විස්වාස කරනවා. මුළු කතාවේම ෂර්ලොක් හොල්ම්ස් විශ්වාස කරනවා මේ dracula කියන චරිතේ ඉන්නවා කියල.
    හිනා යන දේ තමා ෂර්ලොක් හොල්ම්ස් dracula එක්ක සටන් කරනවා, සර් කොනන් ඩොය්ල් හිටිය නම් මෙහෙම කතාවක් කවදාවත් ලියන්නේ නැතිවෙය්.
    මගේ ඇගේ මාළු නටනවා යකෝ ....................................
    ඇය් තව හොඳම ශාක්ෂිය තමා THE SUSSEX VAMPIRE කියන කතාව මේකේ තියන්නෙත් අමනුෂ්‍යයෙක් පොඩි ළමයෙකුගේ ලේ බොන සිද්දියක්, එත් කතාව අවසානේ සිද්දිය හාත් පසින්ම වෙනස් එකක්, එකේ අමනුෂ්‍යයෙක් ඇත්තෙත් නැ ඒ කතාවෙත් කියනවා ෂර්ලොක් හොල්ම්ස් කවදාවත් අමනුෂ්‍ය දෙයක් විස්වාස කරන්නේ නැ කියල
    එහෙම කියල තියද්දීත් මේ අලුත් කතාවේ චරිතේ අමු අමුවේ කාල
    හොඳට අවදානෙන් කතා කියවන්න
    අලුත් කතා එකකටවත පරණ කතා 60 ට ලං වෙන්නවත් බැ
    ස්තුත්ය්