කොරියානු විභාගයේ ප‍්‍රතිඵල

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    කොරියානු විභාගයේ ප‍්‍රතිඵල

    exam_results_200_127.jpg


    පසුගියදා පැවති කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කෙරේ. එම ප‍්‍රතිඵල විභාග අපේක්ෂකයන්ට වෙබ් අඩවි 4ක් ඔස්සේ දැනගැනීමට ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු යොදා තිබේ.

    මෙම වෙබ් අඩවි වෙත විභාග අපේක්ෂකයන්ගේ විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප‍්‍රතිඵල දැනගැනීමට හැකිය. මෙවර විභාගය සඳහා අපේක්ෂකයන් 44,214 දෙනෙකු පෙනීසිටි අතර කොළඹ පිහිටි මධ්‍යස්ථාන 10ක දී දින දෙකක දී විභාගය පැවැත්විණි. මෙවර විභාගයෙන් 9300 දෙනෙකු තෝරාගැනෙන අතර ඔවුන් 2012 වසරේ සිට කොරියානු රැකියා සඳහා යොමුකරන බව කාර්යාංශය සඳහන් කරයි.

    සමත්වන 9300 දෙනා සම්මුඛ පරීක්ෂණයකට කැඳවා ඔවුන් කායික යෝග්‍යතා පරීක්ෂණයකට යොමුකෙරේ. ඉන් සමත්වන අපේක්ෂකයන්ගේ තොරතුරු කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ඇතුළත් කෙරේ.

    කාර්යාංශයේ www.slbfe.lk, www.epstoplk.hrdkorea.or.kr, www.hrdkorea.or.kr හෝ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ www.eps.go.kr එම වෙබ් අඩවි වේ.