කොල්ලනේ කියවන්න !! (බිදුණු හදවතක්)
කවුරුවත් හිතන්න එපා මේක ආතල් එකට දැම්ම කියල
. කවුරුත් කියෙව්වෙත් තමා හොද
කවුරුත් දන්නව ඇතිනේ තරුණයා පත්තරේ.ඒකෙ තිබුන ලිපියක් තමයි, කොල්ලො ඔක්කොටම දැනගන්න කියලා දාන්න හිතුනේ, මේක ලියන්නේ සමන් එදිරිමුණි කියන කර්තෘ.
වල්පල් වැඩක් නෑ ඔන්න පටන් ගත්ත
...මේ කතාව ලියන්න පටන් ගත්තෙ දවස් තුනකට කලින්.ඒත් පලවෙනි අකුරුටික ලියන්නේ දැන්. පටන් ගන්න ඔන තැනක් හිත හිතාම දවස් දෙකක් ගත උනා. ඒ නිසා මං ඔන්න ඔහේ ඔන තැනකින් කියල පටන් ගත්ත.
අයියේ, මුලින්ම කියන්න ඔන දිගටම මේ ලියුම කියවීමේ අවශ්‍යතාවක් නෑ. මට සරලව කියන්න ඕන මං ඔයාගෙ ජීවිතෙන් ගියා කියල විතරයි. ඔයාට ඒ ඇතිනම් දැන් මේ ලියුම ඉරල දාන්න.හැබැයි මට තව ලියන්න ඕන. ඒව ඔයා කියවන්න ඕන කියලා නීතියක් නෑ. හරි.. මට මතකයි අවුරුදු හතරකට කලින් ආරණ්‍යෙය් දානෙකට අපි ගියා සැප්තැම්බර් මාසෙක. එතකොට මං පුංචි කෙල්ලෙක්. ඒත් ඔයා යාලුවෙන්න ඇහුවග තේරුමකට හරි නොතේරුමකට හරි මං හා කිව්ව. එදා ඉදල තමයි මං ආදරේ ඉගෙන ගත්තෙ. සමහර තැන් මට වැරදුනා. සමහර තැන් මං ඔයාවත් වැරැද්දුව. ඒත් මට හැමදාම නෙතේරෙන දෙයක් තිබුනා. ඒ තමයි ආදරේ කලාට ආදරේ ලබන්න ඔන කොයි විදියටද කියලා. අපි කෙනෙකුට ආදරේ කලාට අපිට ලැබෙන්න ඔන ආදරේ හැඩය, පාට, සුවද තේරෙන්නෙ නෑ. මොකද ඔයා මට කවදාවත් ආදරේ කරල නැති නිසා. මං ලස්සන බව මං දන්නව, ඒ ලස්සනට ඔයා කැමති බවත් දන්නව. ඒ උනාට ඔයා ඒ ලස්සන කෙල්ල ඇතුලෙ ඉන්න ලස්සන පුංචි හිත ගැන දශමයකවත් දෙයක් හිතුවෙ නෑ. මට ඒ ගැන මෙච්චර කල් කනගාටුවක් තිබුනෙ නෑ.
මං හැමදාම ඔයාට කිව්වෙ මොනවද? අනේ මට ආදරේ කරන්න කියල. ඔයා කනකං මට කන්න බෑ. ඔයා ඇහැරිලා නම් මට නින්ද යන්නෙ නෑ. ඔයා මහන්සියෙන් නම් මටයි ඇගට අමාරු. ඔයාට උණ නම් මට නිව්මෝනියාව. ඔයාට මොන දුකක්ද දැනෙන්නෙ, මට ඒ දුක විසි තිස් ගුනයකින් වැඩිවෙලා දැනුනා. සමහර වෙලාවට කියන්න ලැජ්ජයි. ඒත් මේ ගොබ්බ ආදරේ කරන්න ඉගෙන ගත්තෙ එහෙම පහුගිය අප්‍රේල් මාසෙ මහ රෑ හරියටම දොළහට මං ඔයාට Call එකක් ගත්ත. ඒ Birthday එකට විෂ් කරන්න. කරුමෙක මහත ඔයා නිදි. මං ඔයා ඇහැරෙව්ව. මයා phone එක කනේ තියා ගත්තෙම හිත හොද නැතුව. විෂ් කලාම තෑන්ක් යූ කියල කියන්නෙ නැතුව ඔයා කියපු දේ මතකයි. "තමුසෙට නින්ද යන්නෙ නැද්ද හලෝ...මං නිදි..කරදර නොකර ඉන්නව.."
කියන්න අයියෙ මට පවු නැද්ද? මේව සීනි බෝල බොලද වැඩ තමයි. හැබැයි මං එහෙමයි නම් මැරෙන්නද කියන්නෙ. මට ඔන කාටත් කලින් විෂ් කරන්න. මං දන්නව රෑ දොලහට නැතත් උදේ පාන්දර පහ හය වෙද්දි පෝලිමට විෂ් කරන්න පොෂ් අම්මන්ඩිලා තුන් හතර දෙනෙක් ඉන්නව. මට ඔන උනේ උන්ට කලින් මගේ දුප්පත් ආදරේ ඔයාට පෙන්නන්න. මට දැන් හිතෙනව ඒ හැම පාරකම මමයි මගේ ආදරෙයි නෝන්ඩි උනා. මොනා කරන්නද ඉතිං ඒ මං දන්න විදියනේ.
කොහොම උනත් මේ ටික තමයි වැදගත්ම ටික. නාරද අයියා මතක ඇති ඔයාට. අපේ අම්මා අසනීප වෙලා මහපාරෙ වැටුන වෙලාවෙ හොස්පිට්ල් එක්කගෙන ගියේ. ඊට කලින් එයා දැකල තිබුනට මං එදා තමයි ලගට දැක්කෙ. කලුයි, කැතයි. ඔයා තරං හැඩ නෑ.ඔයා ඉති හින්දි නලුවනේ. අප්පේ හැඩ. මට තාම ලෝබයි. හරි දැන් ඒව ඔනේ නෑ. ඉති ඒ දවසෙදි අහම්බෙන් මගේ මොබයිල් නම්බර් එක නාරද අයියා අතට ගියා. මුලින් මුලින් එයා මට කතා කළා. මං කතා කලේ නෑ. පස්සෙ මැසේජ් එව්ව. මං රිප්ලයි කලේ නෑ. නමුත් එයා මට හැමදාම මැසේජ් එව්වා.
දවසක මට මහා පාලුවක් දැනුනා. ඔයා කොහෙදෝ ගිහින්. මං කතා කරනව කරනව ඔයා ෆෝන් එක ගන්නෙ නෑ. ඒ පාර ඔය අස්සෙ නාරද අයියා ගෙන් call එකක් ආව. මං කතාකලා. ඒ එයගෙ ජීවිතේ සතුටුම දවසලු. මං වචන දෙක තුනක් කතා කරන්න ඇති ඔනේ නම්. ඒත් ඒක එයාට එච්චර සතුටක් වෙලා. ඔයා කොච්චර ටික ටික මගෙන් ඈත් උනාද, එයා ඒ තරමටම ටිකෙන් ටික මට ළං උනා. ළගදි මටම පුදුමයි අයියෙ, මං ඔයා ලග නෑ. එයා ලග...
ඒක සැන් හරි පුදුම දෙයක්. මං දන්නෙත් නෑ. ඔයා සන්නෙත් නෑ.. එයා දන්නෙත් නෑ..
කොහෙමද එහෙම උනේ? මං හිතුව. ගොඩක් හිතල හිතල අන්තිමට තේරුනා වෙච්ච දේ. ඒක වෙනම කොලේක ලියල ඇති. මේක ඔයා ඉරුවෙත් කියන බයට තමයි ඒක වෙනම එව්වෙග එහෙනම් බුදුසරණයි. හොදින් ඉන්න මං ගියා...
ඔන්න ඔහොම තමයි තිබුනේ.. මේක කාටත් හොද ආදර්ශයක්. දැන්නම් හොද ගනන් අතත් රිදෙනව.
මේවගේ දෙවල් තව තියෙනව ඒව පස්සෙ දාන්නම්
හොද නම් අදහස් ටිකක් දාන්න
bump, rep ගොඩක් වටිනවා
. කවුරුත් කියෙව්වෙත් තමා හොදකවුරුත් දන්නව ඇතිනේ තරුණයා පත්තරේ.ඒකෙ තිබුන ලිපියක් තමයි, කොල්ලො ඔක්කොටම දැනගන්න කියලා දාන්න හිතුනේ, මේක ලියන්නේ සමන් එදිරිමුණි කියන කර්තෘ.

Last edited: