ආගන්තුක රස්තියාදුකාරයා

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    ආගන්තුක රස්තියාදුකාරයා

    ගොඩක් කාලෙක ඉඳලා මේකට කතාවක් දාන්න හිටියේ. ඔන්න ඉතින් මම අද ඒකත් කලා.කියවලා බලලා කමෙන්ට් එකක් එහෙම දාන්න කට්ටිය :yes::yes:
    මේ කතාව මම වැඩිය දිගට ලිව්වේ නෑ කෙටි කතාවක් නිසා. අනික මේක ලිව්වෙත් ඒතරම් වෙලාවක් අරගෙන නෙමෙයි.ඉතින් අඩු පාඩු ඇති. ඒවට ඉතින් Very Sorry.මම හිතනවා මේක ඔයාලා එන්ජෝයි කරයි කියලා :)

    ගල් අතුරපු පඩිය උඩට වෙලා මහේන් බලා සිටියේ සෙව්වන්දි එන තුරුය. සෙව්වන්දි යනු ඔහුගේ හොඳම යෙහෙලියයි. දෙදෙනාම පදින්චිව සිටියේ එක ලඟ නිවෙස් වලයි. සෙව්වන්දිගේ මව විසින් පවසන ලද පණිවිඩයක් දීමට මහේන්ට සෙව්වන්දිගේ පංති තිබෙන ස්ථානයට ඒමට සිදුවිය. කවදත් ඉලන්දාරියා කැමති ෆුට් සයිකලෙන්ම ටවුමේ කරක් ගැසීමටය. විභාගයෙන් පසු කොහොමත් ඔහුට වැඩක් නොතිබුනෙන් ලද අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීමට ඔහුට සිතුනා විය හැකියි. සෙව්වන්දිගේ මවගෙන් පනිවිඩය ලැබුන වහාම උඩින් පල්ලෙන් ඇඳුමක් දාගෙන ෆුට් සයිකලේට ගොඩ වුනේ අද වෙනදා නැති සතුටිනි.
    පංතිය ඇරෙන්න තව විනාඩි කිහිපයක් වගේ තිබින. තවමත් ගල් පඩිය මතට වී සිටින ඉලංදාරියා ජංගම දුරකතනයෙන් කෙටි පනිවිඩයක් යාලුවෙකුට යැව්වේ සිතට දැනුන පාලුව මකා ගන්නටය. නමුදු ඔහුගේ සිත තිගැස්සුනේ සෙව්වන්දිගේ පංතිය දෙසින් ආ යුවතිය දුටු විටයි. ඔහු ඇය දෙස නෙත් අයාගෙන බලා සිටියේ සුරංගනාවියක් දුටු විටෙක මෙනි. වරක් ඔහු දෙස බැලූ යුවතිය අහක බලා ගත්තේ ඔහු ගැන තැකීමක් නැතැයි යන්න හොඳ හැටි මවා පාමිනි. ඇය ආඩම්බර යුවතියක් වන්නට ඇත. ඉලංදාරියාට සිතේ ඇති වුනේ තෝරා බේරා ගත නොහැකි හැඟීමකි. ඔහු ඇය දෙසම බලා සිටියේ අරමුණකින් තොරවමයි. ඇය දෙස බලා සිටින රස්තියාදුකාර කොලුවා දෙස නැවත් බැලූ ඇය හිතා මතාම පුළුටු කරගත් මුහුණෙන් අහක බැලුවෙන් ඉලංදාරියාගේ මුවගට සිනහවක්ද නැගින.'එයාගේ මූන රතුවෙන්න පුලුවන් බයිට් එකක් දෙන්න තියෙනවා නම්?' මේ අදහස් කොහෙන් එනවාදැයි ඔහුවත් දන්නේ නැත. ඔහු තමාටම සිනාසුනේ ඇත්තටම එය ඔහුට සිතුනේ ඇයිදැයි සිතා ගත නොහැකි වූ නිසාවෙනි. නමුත් එම සිනාව යුවතිය වරදවා වටහා ගත්තේ ඔහු යුවතියට සිනාසුනා යැයි සිතීම නිසාය. ඔහු දෙස තදින් රවා බැලූ යුවතිය අනෙක් පස හැරි සිටගත්තාය.

    [FONT=&quot]'[/FONT][FONT=&quot]මෙයා නම් නියම බයිට් එකක්' මහේන් ගල් පඩියෙන් නැගිට පාපැදිය තල්ලු කරමින් යුවතිය අසලට පැමිණියේ ඇයව පොඩ්ඩක් අවුස්සා ගැනීමටයි. පාපැදිගේ රෝද කැරකෙන ශබ්දයට යුවතිය හැරී බැලූ විට දුටු දෙයින් ඇය තිගැස්මකට ලක් විය.’මේ රස්තියාදු කොල්ලො ඔක්කොම එකයි. කෙල්ලෙක් දැක්කොත් පැණිය’. එසේ සිතූ යුවතිය ටිකක් මෑත් විනි. ඉලංදාරියා නැවතත් ඇය ලඟට පාපැදිය තල්ලු කරන්නට විය. දෙවන වර ඔහු පාපැදිය තල්ලු කරන විට යුවතිය නැවත කලින් සිටි ස්ථානයට ගියාය.’ආයේ මෙතෙනට ආවොත් හොඳවයින් දෙකක් කියනවා’ යුවතිය තරයේ සිතා ගත්තා විය යුතුය. වාසනාවකට හෝ අවාසනාවකට ඉලංදාරියා එසේ කරනු වෙනුවට පාපැදියේ ස්ටෑන්ඩය ගසා ඔහු එයටම බර විය. [/FONT]

    [FONT=&quot]මද වේලාවකින් සෙව්වන්දිගේ පංතිය නිමා වී ඇති බව හඟවමින් කොල්ලන් රැලක් කඩි මුඩියේම යන්නට විය. ගැහැණු ළමුන් ඉතින් සුපුරුදු ලතාවෙන්ම හෙමි හෙමින් ඇවිද එයි. සෙව්වන්දි ඈතින් ඇවිද එනු දුටු මහේන් කියන්නට ආ පණිවිඩය නැවත පසක් කරගත්තේ සිදු වූ අලකලංචි මැද්දේ එය අමතකද යැයි විශ්වාස නැති බැවිනි. සෙව්වන්දි මහේන්ව දුටුවේ නැත. යුවතිය කෙලින්ම ඇවිත් මහේන් මෙපමන වෙලා ඔරොප්පු කල යුවතිය සමඟ කතාවට වැටුනාය. [/FONT]
    [FONT=&quot] ‘ආවායින් ආවේ නෑ මෙහෙමත් චාන්ස්’ ඉලංදාරියා ඉක්මනටම සෙව්වන්දි සිටින තැනට ගියේ අනෙක් යුවතියව ඇවිස්සීමට මෙය ඉතාම හොඳ අවස්තාවක් බැවිනි.[/FONT]
    [FONT=&quot]“ඒයි සෙව්වන්දි’’[/FONT]
    [FONT=&quot]ඇය ලඟටම නොගොස් ටිකක් මෙහයින් සිට ඔහු ඇයට අඬගැසුවේය.[/FONT]
    [FONT=&quot]“ආනේ මහේන් අයියා.” යුවතිය අනෙක් යුවතියට එක්ස්කියුස් මී කියා ඉලංදාරියා ලඟට ආවාය. [/FONT]
    [FONT=&quot]“අම්මා පනිවිඩයක් කියන්න කිව්වා. ඒකයි මම මේ ආවේ. රෑ ක්ලාස් එක අද නෑ කියලා පංති ඇරුනම අම්මලාගේ ඔෆිස් එකට යන්න කියන්න කිව්වා. මේ වෙලාවට ඔයාගේ අම්මට එන්න විදියක් නැති නිසයි මට පනිවිඩේ කියන්න කිව්වේ.”[/FONT]
    [FONT=&quot]“ආනේ ඉතින් මට මැසේජ් එකක් එව්වා නම් ඉවරනේ.’’[/FONT]
    [FONT=&quot]“එවන්න තිබුනා ෆෝන් එක ඔයා ලඟ තිබුනා නම්. කොහෙද ඉතින් එළදෙන වගේ දුවගෙන ඇවිත් නේ’’ ඉලංදාරියා ඇයට ඇද කරමින්ම නැවත් අනිත් යුවතිය දෙස බැලුවේය”[/FONT]
    [FONT=&quot]සෙව්වන්දි ඇගේ බෑගය ඇතුල බැලුවේ ඇත්තටම ෆෝන් එක නැතිද කියා. ඇයට ඒක ගැන ගාණක්ම තිබුනේ නැත.[/FONT]
    [FONT=&quot]“ ඒවගෙන වැඩක් නෑ. කවුද අර දැන් කතා කරපු කිරි කිරි බෝලේ?”[/FONT]
    [FONT=&quot]“කවුද මෙලීසා ද?”[/FONT]
    [FONT=&quot]“මම කොහොමද දන්නේ? දැන් නැති නිසානේ ඇහුවේ ඉතින්”[/FONT]
    [FONT=&quot]“හරි හරි. මෙයා මෙලීසා. බයෝ කරන්නේ. මගේ යාළුවෙක්.”[/FONT]
    [FONT=&quot]“පොඩ්ඩ ඇත්තන් ඩෝං යනවා වගේ එයාට නේද?”[/FONT]
    [FONT=&quot]“ඇයි මොකෝ වුනේ?”[/FONT]
    [FONT=&quot]“ නෑ මොකුත් නෑ. දැක්කම ඒ වගේ පේනවා. ඒකයි” ඉලංදාරියා මොකුත් නොවූ අයුරින්ම ඇයට කීවේය.[/FONT]
    [FONT=&quot]“මම එහෙනම් අම්මිගේ ඔෆිස් එකට යන්නම්”[/FONT]
    [FONT=&quot]“ගෙනිහින් ඇරලවන්න වෙයිද නැත්තම් තනියම යන්න පුලුවන් ද?”[/FONT]
    [FONT=&quot]“අපෝ……මම තනියම යන්නම්” යුවතිය ඔහුට අත වනාගෙනම මෙලීසා ලඟට ගියාය.

    [/FONT][FONT=&quot]රස්තියාදු කොල්ලට දිනුම දී නිහඬව සිටීමට ඇයට නොහැකි ගාණය. තමාව සෙල්ලමකට ගත්ත නිසා ඇයට ඔහු ගැන යම් තරහක් ඇති වී තිබේ.[/FONT]
    [FONT=&quot]“සෙව්වන්දි, ඔයාටත් ලැජ්ජ නෑනේ පාරේ යන රස්තියාදුකාරයෝ එක්ක කතාවට යන්න”[/FONT]
    [FONT=&quot]මෙලිසා තරමක් උස් හඬින් හිතාමතාම කීවේ නැවත යන මහේන්ට ඇසෙන පරිදිමය. වෙනදාක නම් ඔහු එවන් වදනක් තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැත. මන්ද ඉලංදාරියා කවදත් කැමති වුනේ ඔහුටම ආවේනික වූ විදියකට හැසිරීමටයි. එය කවුරුත් කිව්ව පලියට වෙනස් වන දෙයක් නම් නොවේ. නමුත් ඇය එලෙස කියූ විට ඔහුට පාපැදිය නැවත්වීමටම සිත් විය.[/FONT]
    [FONT=&quot] යුවතියන් දෙදෙනා දෙසම බැලූ ඔහු නැවත් පාපැදිය හරවාගෙන ඔවුන් අසලටම පැමිණියේය. මෙලිසා කලින් කී කතාව ගැන සෙව්වන්දි ඇත්තටම පුදුමයට පත් විය. ‘රස්තියාදුකාරයා’ යැයි ඇය ඇමතුවේ ඇයි? සෙව්වන්දිගේ සිතේ පැන නැගුනේ එයයි. චන්ඩි පාට් එකට වදන් දුන්නද ඉලංදාරියා ලඟට එන ආකාරය දුටු විට ඇයට බය සිතුනි. ඇය සෙව්වන්දිගේ අත අල්ලා ගත්තේද එම නිසාය.[/FONT]
    [FONT=&quot]“රස්තියාදුකාරයා කිව්වේ මටද?” මහේන් කෙලින්ම කාරනාවට බැස්සේය. ඇයව ඇවිස්සීමට මෙය නියම පොටකි.[/FONT]
    [FONT=&quot]“තොප්පිය හරි කට්ටිය ඉතින් දාගන්න එකයි ඇත්තේ”[/FONT]
    [FONT=&quot]“තොප්පිය හරි යන්න ඉතින් මෙතන ගොඩක් කට්ටියක් නෑනේ.අනික සෙව්වන්දි කතා කරේ මගේ එක්ක විතරනේ. ඉතින් ඒක වෙන කාටවත් කියපු එකක් වෙන්න බැරි නිසා තමා කෙලින්ම ඇහුවේ”[/FONT]
    [FONT=&quot]ඔහුගේ වදන් වලින් ඇගේ මුහුනේ නොරුස්සනා ගතිය තවත් වැඩි විය.[/FONT]
    [FONT=&quot]“ඔව්. ඔහේට තමා කිව්වේ. ඒකනේ අහගන්න ඕන වුනේ.”[/FONT]
    [FONT=&quot]ඇයව ටිකක් උඩින් තියන්නට ඉලංදාරියාට සිත් විය.[/FONT]
    [FONT=&quot]“ ඉතින් ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද මම සෙව්වන්දි එක්ක කතා කලාම”[/FONT]
    [FONT=&quot]“නොගැලපෙන අයත් එක්ක කතා කරාම ඒ ළමයාටත් මිනිස්සු එක එක ඒවා කියයි.”[/FONT]
    [FONT=&quot]සෙව්වන්දිට තවත් මේවා අසා සිටිමට නොහැකියි. ඇය නිසා මහේන්ට මේ ලෙස අවමන් වීමට ඉඩ දීම සුදුසු නැත. ඇය මෙලීසාට යමක් කියන්න යන බව මහේන්ට ඉවෙන් වගේ දැනුන හෙයින් අත් දෙක සහ මුහුණ යොදාගෙන දන්න හැම අයුරකින්ම ‘මුකුත් කියන්න එපා’ කියා[/FONT][FONT=&quot]ස[/FONT]{a{& [FONT=&quot]කලෙන් සෙව්වන්දි කියන්නට ආ කිසි දෙයක් කීවේ නැත.[/FONT]
    [FONT=&quot]“නොගැලපෙන කෙනෙක්? නොගැලපෙන කෙනෙක් වෙන්නේ කොහොමද? කොල්ලෙක් කෙල්ලෙක් එක්ක කතාකරන එක නොගැලපෙන දෙයක්ද?” ඉලංදාරියා සමච්චලේට මෙන් ඇගෙන් ඇසුවේය.[/FONT]
    [FONT=&quot]“තම තමන්ගේ තත්වෙට ගැලපෙන අය එක්ක කතා කරොත් නේද ගැලපීමක් තියෙන්නේ?” ඇය මහේන්ට පහර දීමට ඇති හැම තැනටම වචන වලින් පහර දෙයි. [/FONT]
    [FONT=&quot]“මගේ තත්වෙට ගැලපෙන? ඒ කියන්නේ කොයි වගේ අයද?”[/FONT]
    [FONT=&quot]“ඇයි ඉතින් තමන් දිහාම බලලා තේරුම් ගන්න බැරිද? ඔක්කොම උන් එකයි. සල්ලි තියෙන් කෙල්ලොන්ව රටේ නැති ඒවා කියලා රවට්ට ගන්න එක තමා මුන් ඔක්කොම කරන්නේ. අතේ සතේ නෑ. ඒ වුනාට කතාව නම් නිකං රජ්ජුරුවෝ වගේ.”[/FONT]
    [FONT=&quot]“මෙලීසා” සෙව්වන්දි බරිම තැන හයියෙන් ඇසුවාය.[/FONT]
    [FONT=&quot]“සෙව්වන්දි, ඔයා මොකුත් කියන්න එපා. ඔයා මෙයාට රැවටිලා ඉන්නේ. මෙයාලා වගේ අයගේ ඇතුලේ තියෙන්නෙ වෙන අදහස්. ඔයාට ඕවා පහුවුනාම තමා තේරෙන්නේ. ඒ වෙද්දී ඔක්කොම වෙලා ඉවරයි”[/FONT]
    [FONT=&quot]“මේ නංගි, දන් නැති නිසා දැන ගන්නයි කියන්නේ. සෙව්වන්දිගෙයි මගෙයි අතරේ එහෙම මොකුත් නෑ. මම රස්තියාදුකාරයෙක් වෙච්ච පලියට එයාට එක එක එව්වා හදන්න එපා”[/FONT]
    [FONT=&quot]“ඔව් මෙලීසා. මෙයා ආවේ අපේ අම්ම දුන්න පණිවිඩයක් අරගෙන”[/FONT]
    [FONT=&quot]සෙව්වන්දි ඇතිවී තිබෙන වැරදි වැටහීම නැති කිරිමට තැත් කලාය. නමුත් මෙලීසා එයින් සිතුවේ රස්තියාදුකාර කොල්ලා සෙව්වන්දිගේ මව යටතේ වැඩ කරන අයෙක් කියායි. [/FONT]
    [FONT=&quot]“අම්මත් එවලා තියෙන්නේ හොඳම කෙනෙක්ව. අනිත් එක පණිවිඩ එවන කෙනා ඒ වැඩේ ඒ විදියට කරන්න දැනගන්න ඕනේ. අනිත් එක ඔයාව එව්වේ පණිවිඩයක් කියන්න මිසක් ගෑණු ළමයින්ට කරදර කරන්න නෙමෙයිනේ?තමන්ගේ මට්ටමේ ඉන්න. වැඩිය උඩ පනින්න ආවොත් ගෙදරට වෙලා නිකං ඉන්න තමා වෙන්නේ” [/FONT]
    [FONT=&quot]“දැනටත් මම ගෙදරට වෙලා නිකං තමා ඉන්නේ” ඉලංදාරියා එලෙස පැවසුයේ තමා විභාගය නිම වී ප්‍රතිඵල එන තුරු ගෙදරට වී සිටින නිසාය. ඔහු සිතාමතාම මෙලෙස සිටින්නේ ඇයි දැයි සෙව්වන්දීට සිතා ගත නොහැකි විය. ඔහුගේ පිළිතුරෙන් මෙලීසා තවත් ප්‍රාණවත් විය.[/FONT]
    [FONT=&quot]“ඔව් ඉතින්, ඔහෙලා වගේ අයට ඉතින් ඕක තමා සදා උරුම. අනිත් අයට සර්, මිස් කියාගෙන දෙකට නැමිලා තමා ඉන්න වෙන්නේ”[/FONT]
    [FONT=&quot]“දැන් එතකොට මම සෙව්වන්දිටත් කියන්න ඕනේ මිස් කියලද? ඒකනේ ඔයා නොකියා කිව්වේ?” ඉලංදාරියා ඇගෙන් ඇසුවේ කිසිදු හැඟීමක් මුහුනෙන් නොපෙන්නාය. නමුත් සිත යටින් ඔහුට මැරෙන්න හිනාය. කොයි වෙලේ එය එලියට පනියි දැයි ඔහු බියෙන් සිටියේ එහෙම වුනොත් මෙය රසබර නොවන්නට ඉඩ ඇති හෙයිනි.[/FONT]
    [FONT=&quot]“ඒ දේ ඒ විදියට තේරුම් ගන්න තරම්වත් මොළයක් තිබුන එක එක ගැන සතුටුවෙන්න”[/FONT]
    [FONT=&quot]“එතකොට ඉතින් සෙව්වන්දි මිස්ගේ යාලුවොන්ටත් නම් කියලා කතා කරන්න බෑනේ?”[/FONT]
    [FONT=&quot]සෙව්වන්දිට මෙය තවත් ඉවසිය නොහැක. ‘සෙව්වන්දි මිස්’ මෙයාට මොනවා වෙලාද මංදා? මේක දුර දිග යනවා වැඩියි.ඇය එලෙස සිතුවද මහේන් එපා කියූ නිසා කට පියාගෙන සිටියාය.[/FONT]
    [FONT=&quot]“නම් වලින් කතා කරන්න බෑ තමා. තමන්ගේ තත්වේට ගැලපෙන අය නම් එහෙම කරාට කමක් නෑ. මම කියන්නේ ඔහේගේ හොඳට”[/FONT]
    [FONT=&quot]“අපිට මොන හොඳක්ද මිස්. මිස්ලා කියන විදියට අපිට උරුම එකම දෙයක් විතරනේ”[/FONT]
    [FONT=&quot]‘දෙයියනේ. මේ මැට්ටට මොනවා වෙලාද?’ සෙව්වන්දි සිතින් මහේන්ට හොඳටම බනියි. අරෙහෙන් මෙලීසා අඩි තුන හතරක් ඉහල ගොස් තිබේ. ඉලංදාරියා එලෙස කීවිට මෙලීසාට දුකක් ඇති විය. මේවා ඇය කියුවේ ඔහු කල දෙයට පළිගැනීමට විනා අන් කිසි දෙයක් බලාපොරොත්තුව නොවේ. නමුත් මහේන්ට බුරුලක් නොදීමට ඇය ඉඩ තැබුවේ නැත.[/FONT]
    [FONT=&quot]“නෑ ඉතින් ගොඩක් දෙනෙක්ට එහෙම තමා” ඇය උඩඟු ලෙස කීවාය.[/FONT]
    [FONT=&quot]“හරි මිස්. කියපු ඔක්කොටම බොහොම ස්තූතියි. ඒත් ඉතින් මම මේකත් කියලාම යන්නම්. මිස් ඔහොමම දිගට හිතන්න ගියොත් කවදා හරි දවසක ලොකු පාඩුවක් වෙන්න පුලුවන්.” ඔහු සමච්චල් හිනාවක්ද සමගින් කියා පෑවේය. එම හිනාව මෙලීසාට රිස්සුවේ නැත.[/FONT]
    [FONT=&quot]“මේ මට වෙන පාඩු මම බලා ගන්නම්. පාරේ යන රස්තියාදුකාරයෝ ඒවා ගැන දුක් වෙන්න ඕනේ නෑ.ඔහේට අයිති දේ විතරක් කරලා ඉන්නවා.”[/FONT]
    [FONT=&quot]“හරි මිස්. මිස් කියපුව ඔක්කොම මම අහගෙන හිටියානේ. ඒ නිසා දැන් මිස් ටිකක් අහන්න. මිස් ඉස්සෙල්ලම කිව්වා මම ගෑණු ළමයිට කරදර කලා කියලා. මම මිස්ට මොකුත් කරදරයක් කරාද?? මම බයිසිකලේ තල්ලු කරන් ඇවිත් මිස්ගේ ඇඟේ හැප්පුනාද? අඩු ගානේ මිස්ට කතා කරාද?? නෑනේ. ඉතින් ඇයි නිකං බොරුවට කෑ ගහන්නේ?[/FONT]
    [FONT=&quot]තව දෙයක් මිස්. මම රස්තියාදුකාරයෙක් වෙන්න පුලුවන්. නමුත් හැමෝටම ආත්ම ගරුත්වයක් තියෙනවා. මිස්ලට වගේම අපිටත් පොඩි හරි ආත්ම ගරුත්වයක් තියෙනවා. මම නම් දන් නෑ මිස් සල්ලි වලින් මනුස්සකම මනින්න පුලුවන්ද කියලා. මාත් කොල්ලෙක් මිස් තව කෙල්ලෙක් ඉස්සරහා මේ විදියට චාටර් වෙන්න වුවමනාවක් නෑ. ඒත් මිස් මට ගොඩක් දේවල් කිව්වා. ඒවා වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒවට ගොඩක් ස්තූතියි.යන්නම් මිස්. යන්නම් සෙව්වන්දි මිස්”[/FONT]
    [FONT=&quot]ඔහු ආපසු වත් නොහැරි බයිසිකලය පැදගෙන එන්නට විය. දැන් කට පුරා සිනාසීමට හැකියි. ‘අම්බෝ….මහන්තත්තකම උතුරන භාණ්ඩයක්නේ’ මුන් හොඳයි ඉතින් මෙන්න ගෑණු කියලා බෝඩ් ගහන්න නම්. වෙන නම් ගන්න දෙයක් නෑ.[/FONT]
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    [FONT=&quot]ගෙදර ගිහින් හොඳට නාගෙන ඔහු ටීවී එක ඉස්සරහට වැටුනේ මැච් එක බැලීමටයි. එහෙත් එම අදහස අහක දමා පරිගණකය දැමුවේ අන්තර්ජාලයේ රවුමක් ගැසීමටයි. තව ටිකකින් සෙව්වන්දි තමාව සොයා පැමිණෙන බව ඔහු දනියි.
    ‘දැන් ඉතින් බේරුමක් නැති වෙයි’ [/FONT]

    [FONT=&quot]පැයකට පමණ පසු ඇය ගෙදරට පැමිණි බව දැන ගන්නට ලැබුනේ ගෙදර කාමරේ දොරට තඩිබාන ශබ්දයෙනි. එලෙස තඩි බාන්නේ ඇය පමණයි. [/FONT]
    [FONT=&quot]“දොර ඇරලා තියෙන්නේ”[/FONT]
    [FONT=&quot]දොර ඇරගෙන ඇය ආවේ ප්‍රශ්න 100ක් අසන්නට මෙනි. නමුත් ඇසුවේ එක ප්‍රශ්නයකි. එහි අනෙක් ප්‍රශ්න සියල්ලම අන්තරගතයි. “ඇයි එහෙම කලේ?”[/FONT]
    [FONT=&quot]“කොහොමද?” ඉලංදාරියාද කිසිවක් නොදන්නා බව අඟවයි.[/FONT]
    [FONT=&quot]“ඔයා දන්නවානේ අයියේ මම මොනවද කියන්නේ කියලා.”[/FONT]
    [FONT=&quot]ඔහු ඇයට වෙච්ච දේවල් අකුරක් නෑරම පැවසුවේය. ඇරත් ඔහු මෙවැනි මෝඩ වැඩක් කලා වීම ඇයට එතරම් පුරුදු නැත.[/FONT]
    [FONT=&quot]“වෙලාවට මම කාර් එකේ ආවේ නැත්තේ. ආවා නම් ශෝ එක මිස් වෙනවා. ඔයාටත් ස්ටේජ් එකේ ඉඳලම ශෝ එක බලා ගන්න හම්බුනා නේද?” ඉලංදාරියා සෙව්වන්දිට කියන්නේ රස කර කරය.[/FONT]
    [FONT=&quot]“අපරාදේ එහෙම වුනා නම් ඉතින් මේ කිසි ප්‍රශ්නයක් නෑනේ”[/FONT]
    [FONT=&quot]“අයියෝ ඉතින් එහෙම වුනා නම් මටත් බෝරින් වෙනවානේ සෙව්වන්දි මිස්” එවර ඔහු හයියෙන්ම සිනාසුනේය.[/FONT]
    [FONT=&quot]“එන්න එපා මැට්ට මට මිස් මිස් ගාන්න.ගිහින් කියා ගන්න කියන්න කියලා කියපු අයටම”[/FONT]
    [FONT=&quot]“එයා ඒකාලේ ඉඳලම ඔහොමද?මම කිව්වේ මේ අනිත් අයට කතා කරන්නේ?”[/FONT]
    [FONT=&quot]“එයා හොඳයි වෙලාවකට. ඒත් ඉතින් ආඩම්බරයි ගොඩා……….ක්” ඇය ඇද පැද කීවාය.[/FONT]
    [FONT=&quot]“ ඉතින් ගොඩා………ක් ආඩම්බර වුනත් වැඩක් නෑනේ එයාට කෙනෙක්ව හරියට අඳුන ගන්න බැරි නම්?’’ ඔහුත් අර ආකාරයටම ඇද පැද ඇසීය.[/FONT]
    [FONT=&quot]“නැත්තේ මොකෝ. හිටියේ නිකං රස්තියාදුකාරයා වගේ තමා. කොට කලිසමක් ගහගෙන. අර පඩිය උඩට වෙලාලුනේ ඉඳලා තියෙන්නේ. ඉතින් හිතන්න ඇති රස්තියාදුකාරයෙක් තමා කියලා.”[/FONT]
    [FONT=&quot]“කොහොම හරි ඉතින් කතාවෙන් තේරුනේ නම් මුන් හොඳ ‘ගෑණියෙක්’ කියලා බෝඩ් එකක් ගහලා තියන්න තමා.වෙන කිසි දෙයක් ගන්න නෑ” [/FONT]
    [FONT=&quot]“අනේ යනවා යන්න. අපේ පන්ති එන කොල්ලො මැරෙන්න හදනවා එයාට. එක පාරක් කොල්ලො දෙන්නෙක් ගහගෙන මෙලීසා නිසා. ඒත් මෙලිසා දන්නේවත් නෑලු ඒ කොල්ලෝ දෙන්නව”[/FONT]
    [FONT=&quot]“අනේ ඉතින් ඒ වගේ චරිතෙකට ගහගන්න උනුත් ඉතින් හරියන්නෙම එයාලට තමා.මොනවා වුනත් කෙල්ලගේ තියෙන්නේ ඔය වැරද්ද විතරයි නම් මම කරපු දෙයින් හොඳක්ම වෙයි.”[/FONT]
    [FONT=&quot]“මම දන් නෑ. හැම දේම දැන ගත්තු දාට එයාට හැංඟෙන්න තැන් නැතිවෙයි අය්යේ.පව් හැබැයි”[/FONT]
    [FONT=&quot]“බලමුකෝ. එයාටමනේ හොඳක් වෙන්නේ. අනිත් දවසේවත් ඇඳුමෙන් මිනිස්සු මනින එකයි, අනිත් මිනිස්සු පහත් කරලා කතා කරන එකයි වත් නැති වෙයිනේ”[/FONT]
    [FONT=&quot]දෙතුන් පැයක් කතාවට ගතවුවද දෙදෙනාගෙන් කාටවත් ඒය වැටහුනේ නැත. රෑ බෝවී ඇති නිසා ඇයව ඇරලීමට ඉලංදාරියාටද සිදුවිය. ආපසු එන විටද ඔහු “යන්නම් සෙව්වන්දි මිස්” කියා සරදම් කලේය. නැවත ගෙට ගොඩ වන් විට ඔහුගේ අම්මා සාලයේ ටීවී එක බලමින් සිටි හෙයින් ඔහු කිසිත් නොකියා එතනින් වාඩි විය.[/FONT]
    [FONT=&quot]“මොකෝ දෙන්නා එක්ක පැය ගණන් කාමරේ කයිය? කාත් එක්ක හරි රන්ඩුවක්වත් පටල ගත්තද?”[/FONT]
    [FONT=&quot]අම්මා අසන්නේ ඔවුන්ගේ භාශාවෙන් ‘වලි’ ගැනය. නමුත් මෙතන වලියක් නැත. ඇත්තේ පටලැවිල්ලක් සහ වෙනමම ශෝ එකකි. අම්මාට දැන්ම ඒවා කියා හරි යන්නේ නැත.[/FONT]
    [FONT=&quot]“මොන රණ්ඩුද අම්මා. අපි ඉතින් නිකං කතා කරා.”[/FONT]
    [FONT=&quot]එය සෑහිමකට පත්විය හැකි පිලිතුරක් නොවුනද මව කිසිත් කීවේ නැත.[/FONT]
    [FONT=&quot]එදා රෑ නින්දට යාමට පෙර ඉලංදාරියාට සිදුවූ දේවල් පිළිබඳව සිතීමට සෑහෙන්න වෙලා ගියේය.[/FONT]
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    [FONT=&quot]දින 3කට පමණ පසු මෙලීසාව සුපර් මාකට් එකේදි හමුවුනද ඇය ඔහුව හඳුනා ගත්තේ නැත. මන්ද ඔහු හැඳ පැලඳ සිටි ආකාරයත්, මුහුණ සාමාන්‍යෙන් වැසෙන්නට දැමු කැප් එක නිසාවෙනි. අනෙක ඔහු මෙවැනි තැනකට ඒවි යැයි ඇය අනුමාන කරන්නටද ඉඩ නැත.මීලඟ හමුවීම සිදු වුනේ නැවත බයිසිකලයේ රවුම් ගසන විටයි. ඇය ගානටම එන්නේ එවැනි දවස්වලටමය. ඇය හා කතා කරන්නට සිත් වුවද කතා කරනවාද නැද්ද යන දෙගිඩියාවෙන් ඔහු පසුවුනේය. ‘කමක් නෑ.ඔන්න ඔහේ කතා කරමු’[/FONT]

    [FONT=&quot]“ආ මිස්. මතකද මාව?” බයිසිකලය නවතා ඔහු ඇගේ මූණට එබී ඇසුවේය.[/FONT]
    [FONT=&quot]“ම්…….මොකද මතක නැත්තේ. ලැජ්ජ නැතුව ආයෙත් ආවනේ මූණට හම්බෙන්නම”[/FONT]
    [FONT=&quot]‘මූනට නැතුව ඉතින් වෙන කොහාට හම්බෙන්නද දන්නෑ’ ඔහු සිතුවද කීවේ නැත.[/FONT]
    [FONT=&quot]“එහෙම කියන්න එපා මිස්. මිස් සෙව්වන්දි මිස්ගේ යාලුවනේ”[/FONT]
    [FONT=&quot]එවිට මෙලීසාගේ යාළුවන් පිරිසක් ඇය සිටින තැනට ඒම නිසා මේ සංවාදය කිරිම නොමනා යැයි සිතුවේය. නමුත් ඇය පරණ දේශනය නැවත් පටන් ගත්තාය[/FONT]
    [FONT=&quot]“මම ඔහේට කලිනුත් කිව්වානේ ඔහේලා ඔක්කොම එකයි කියලා. කෙල්ලෙක් දැක්කොත් පැණිය. සෙව්වන්දිව අල්ලගන්න බැරි වුන නිසාද දැන් මගේ පස්සෙන් එන්නේ? ඇත්තටම ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද? ඔහෙත් එක්ක මගේ යාළුවෝ ඉස්සරහා කතා කරන එකත් මට ලැජ්ජාවක්.”[/FONT]
    [FONT=&quot]වහ බෝතලයක් කෑවා නම් මීට වඩා සැපය. මෙලීසාගේ යාළුවන් ඔහුට සිනාසෙනු නොඅනුමානය. මෙතනින් මාරු වීම ඇඟට ගුණ නිසා ඔහු මොකුත් නොකියාම යන්නට විය.[/FONT]
    [FONT=&quot]අද දින ඔහු කල වරදක්ද නැත. එදා බැන්නේ නම් ඇයව ඇවිස්සු නිසාය. අද බැනීමට හේතුවක් තිබුනේ නැත. නමුත් යාළුවන් ඉදිරියේ වීරයෙකු වීමට ඇයට ආසාවක් ඇති වූ නිසා ඇය එලෙස කල බව ඔහුත් ඇයත් දෙදෙනාම දනි. එවර නම් ඇයට ඇත්තටම දුක සිතුනේ ඔහු අද ඇගේ මූනට එබි සිනා සීගෙන ප්‍රශ්න කල අයුරු මතක් වීමත්, ඇගේ කටුක වදන් වලින් ඔහු සිත රිදවාගෙන යන්න ගිය ආකාරය මතක් වීමත් සමඟය.[/FONT]
    [FONT=&quot]සතියක් 2ක් නොදැනීම ගත් විය. [/FONT]
    [FONT=&quot]රළු සිත් මෙලෙක් වන්නට එම සති 2 තුල ඔහුව නොදැකීම සෑහෙන්න තුඩු දුන් දෙයක් විය. සෙව්වන්දී ඒ ගැන මෙලීසාගෙන් ඇසුවේද නැත. නමුත් මෙලීසා නම් මහේන් අය්යා ගැන කිහිපවරක්ම සෙව්වන්දිගෙන් ඇසූ බව ඇයට මතකය. දිනෙක ඉලංදාරියා කොහේදෝ යමින් සිටින අතරතුර ඇය නෙත ගැටින. නමුත් ඔහු ගණන් ගත්තේ නැත. යන්නට ආ ගමන් යනවා ඇරෙන්න ඔහු තුල ඊට වඩා යමක් නැත. පාර පනින්නට හදන විට එහා පැත්තේ සිට මෙහා පැත්තට පාර පැනීමට තැත් කරන දැරිවියක් දුටු ඔහු ඇය දෙස බලා සිටින්නට විය. කුඩා දැරිවිය පාර පනින්නට හදන්නේ අනාරක්ෂිත්වය. ඇය එන්නේ මේ පැත්තේ තිබෙන කාර් එක ලඟ සිටින මව වෙතට බව ඉලංදාරියාට තේරුනි. ඇරත් මේ කාලේ ලොකු කෙනෙකුට වුවද පාර පැනීම එතරම් සුභ නැත. දැරිවිය පාර මාරු වීමට වේගයෙන් දුව එත්ම කකුල පැටලී පාර මැද වැටිනි. [/FONT]
    [FONT=&quot] සිතන්නට වෙලාවක් නැත. තත්පරයකින් වුවද වාහනයක් දැරිවිය බිලිගත හැක. ඉලංදාරියා දෙවරක් නොහිතා වාහන මැදින්ම පාරට පැන්නේය. හැප්පෙන් නැතුව බේරුනේ අනූනමයෙනි. එහෙමම දැරිවිය අතට ගත් ඔහු පාර මාරු වී මෙහා පැත්තට දිව ආවේය. ගැහැණු කෙනෙකු දිව විත් ඉක්මනටම දැරිවිය වඩා ගත්තාය. [/FONT]
    [FONT=&quot]
    “මෙයාගේ කකුල ටිකක් තුවාල වෙලා වැටුන පාරට. බෙහෙත් ටිකක් දාන්න වෙයි”[/FONT]

    [FONT=&quot]“අනේ පුතේ බොහොම පිං පුතා කරපු උදව්වට” ඔහු සිනාසුනා පමණි. ඔහුට බොරු වීරයෙක් වීමට කිසිම ආසාවක් තිබුනේ නැත. කවදත් ඔහු එහෙමය. ඊ‍යේ අද හෝ කියා වෙනසක් තිබුනේ නැත. [/FONT]
    [FONT=&quot]“යන්නම් ඇන්ටි.”[/FONT]
    [FONT=&quot] කාරය දෙස බැලුනේ නිකමට මෙනි. මෙලීසා කාරයේ දොර ඇරගෙන සිටියි. එහෙනම් මේ ඇගේ මව විය යුතුයි. ඇය සානුකම්පිතව බලා සිටියි. ඉලංදාරියා හැරී එන්නට පිටත් විය.[/FONT]
    [FONT=&quot]මෙලීසාට දැන් දුක දෙගුණ තෙගුණ වී දැනේ. ඇයගේ ‘රස්තියාදුකාරයා’ එවැන්නක් කරාවි යැයි ඇයට තවමත් විශ්වාස නැත. ඔහුට බැනපු වචන වල කිසි අර්තයක් නැති වන්නටම ඔහු මේ කල එක හොඳ දෙයෙන් ඔප්පු වේ. දැන් ඇගේ සිතට හරි නැත.[/FONT]
    [FONT=&quot]දින කිහිපයකට පසුව ඇය පන්තියේ විවේක වේලාවට කෑම ගැනීමට අවන්හලට ඇගේ යාලුවොත් සමඟ ආවාය. අවශ්‍ය කෑම රැගෙන අවන්හලෙන් එලියට එද්දිම කලු පැහැති සුඛෝපභෝගි ජීප් රථයක් පැමිණ නවතවනු ලැබීය. එයින් බැස ආ පුද්ගලයා දුටු මෙලිසා අතේ තිබූ පාර්සලයද බිම වැටිනි.[/FONT]
    [FONT=&quot]“ඔයා” [/FONT]
    [FONT=&quot]ඇයට කියා ගන්නට ලැබුනේ වචනයක් පමණි. ඇය මෙමෙ අවන් හලේ මේ වෙලාවේ සිටිවි යැයි ඉලංදාරියාද නිකමටවත් සිතුවේ නැත. නමුත් කිවීමට ඇති දේ බොහො කලින් සිටම ඔහු සිතේ තබාගෙන සිටියේය. සුපුරුදු සිනාවෙන්ම ඇය ලඟට ඇවිත් [/FONT]
    [FONT=&quot]“මිස් යාළුවෝ ඉස්සරහා මාත් එක්ක කතා කරන්න එපා. මිස්‍ට ලැජ්ජා වෙනවානේ”[/FONT]
    [FONT=&quot]ඔහු මේ කියන්නේ පෙර දිනක තමා ඔහුට කී දෙයක් බව මෙලීසාට දනී. ඇයට කතා කරගැනීමට නොහැකි මන්ද? [/FONT]
    [FONT=&quot]“මිස්. දැන් ඉතින් මම ඇත්තටම කොහොම කෙනෙක්ද කියලා මිස් දැන ගත්තු හන්දයි කියන්නේ. මම මිස්ට හම්බුන පළවෙනි දවසෙම කිව්වා , දිගටම ඔහොම හිතුවොත් කවදා හරි මිස්ට ලොකු පාඩුවක් වෙනවා කියලා. මිස්ම ටිකක් හිතලා බලන්න. මිස් අර වගේ කතාවක් කිව්වේ නැත්තම් අද මිස් මගෙත් එක්ක මේ වාහනේ යනවා.එච්චරයි මිස් මට කියන්න තියෙන්නේ.මම යනවා” [/FONT]
    [FONT=&quot]ඇගේ දෙනෙතෙන් වැටෙන කඳුලු නවත්වා ගැනීමට ඇයටද හැකියාවක් නැත.[/FONT]
    [FONT=&quot]“මෙලීසා, මහේන් අයියා ඒ දේ කරේ ඔයාගෙම හොඳටයි. ඒක කවදා හරි දවසක ඔයාටම තේරෙයි” සෙව්වන්දි මෙතක් කල් මෙලීසාට කීමට සිර කරන් හිටි වචන කිහිපය එලියට දැම්මාය. තමන් හදිසියේම ආසා කල ඒ ආගන්තුක රස්තියාදුකාරයා වාහනයේ නැගී නොපෙනී යනු මෙලීසා බොඳවුන දෑසින් යුතුව බලා සිටියේ හැමෝගෙම දෙනෙත් තෙත් කරමිනි.

    [/FONT]
    [FONT=&quot] ~නිමි~[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]
    ^Night Fury^ විසිනි.
    [/FONT]

     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    ඇත්තටම ගොඩක් ලස්සන කතාවක්...:)ආදර්ශමත් කතාවක්.... ලස්සනට ලියල තියනවා...:rolleyes: keep it up bro... :D
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    Patta machan..Adenawa kyawanakota....maxxa pahara...
    Thnx 4 the Share machannnnnnnn!!!!!
    Thanks and Welcome Btw :)

    ඇත්තටම ගොඩක් ලස්සන කතාවක්...:)ආදර්ශමත් කතාවක්.... ලස්සනට ලියල තියනවා...:rolleyes: keep it up bro... :D

    ස්තූතියි යාළුවා :)
     
    • Like
    Reactions: Ado_Sara and MSaman

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    කොහොමත් කෙල්ලො බලන්නෙ,හොද සල්ලි කාරයෙකුගෙ ඇගේ එල්ලෙන්නමය....අපි පොත් වල කියවා ඇත්තේ බොලද ආදාර කතාමය...දැන් එය මනාවට පැහැදිලිය...මම නම් මෙ කතාවෙන් ගත්ත එකම දේ එයය.එය එක්තරා ආකාරයකට වාසිය තකා ආත්මය දන්දීමක් වැනිය...