කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

    ශ්‍රී ලාංකික ක්‍රමයට උදුනේ පුළුස්සා ගත් සම්පූර්ණ මාළුවා.
    Sri Lankan Style Baked Fish.


    මේ ත්‍රෙඩ් එක විශේෂයෙන් ම පිළිගන්වනු ලබන්නේ ‍එළකිරියන් දෙදෙනෙකුටයි. එළකිරි කුකිං වල විශිෂ්ඨතමයා වන sriboysl සහ බොහෝ සංවේදී සිතක් ඇති Don03 සොහොයුරන් හට. ඒ හැර ඉවීමට ඉගෙන ගැනීමට බලා සිටින සහ EK cookery class ත්‍රෙඩ් වලට නිරතුරුව ම කමෙන්ට් කරමින් මගේ ධෛර්යය වඩවන සියළු ම එළකිරියන් හට, හේතුව මෙය “වැඩ පෙන්විය හැකි” මට්ටමේ ආහාරයක් නිසා.
    අද බ්‍රහස්පතින්දා......හෙට අනිද්දට මාළුවෙක් සොයාගෙන වැඩ ඇල්ලීම පිණිස විශේෂයෙන්ම පෝස්ට් කරමි.......
    බලමු වැඩේ කරන හැටි.......


    අවශ්‍ය දේවල්.

    fish1k.jpg


    1. ඔබේ අවන් එක තුළට දැමිය හැකි තරමේ පැතලි මාළුවෙක්
    (මේ සදහා කොස්සා,ඇටිස්සා, කණ්නඩි පරා හෝ පැතලි ගල් මාළු විශේෂ සුදුසුයි) මේ සිටින්නේ ඇටිස්සෙක්. සාමාන්‍යයෙන් ඇටිස්සන් දුඹුරු පැහැ මුත් මේ හාදයා රතු වී ඇත්තේ මේ පිරිමි මාළුවෙක් සහ මේ උන් ගේ ප්‍රජනක සමය නිසායි.

    2. මාළුවා එතිය හැකි තරමේ කෙසෙල් කොළ කැබැල්ලක්.
    3. මාළුවා එතිය හැකි තරමේ ඇළුමිනියම් ෆොයිල් එකක්.

    4. 5. 6. 7. පිළිවෙලින් සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, ටෙරියාකි සෝස් සහ වූස්ටර්ෂයර් සෝස් මේස හැදි 2 බැගින්.

    8. රම්පෙ සෙමී 3ක් කැබැල්ලක්
    9. ලුණු කුඩු රස අනුව
    10. කුරුදු සෙමී 2ක් කැබැල්ලක්
    11. කරබු නැටි 2ක් සහ එනසාල් කරල් 2ක්

    12. ස්ටාර් අනීස් කරල් 4ක් සහ බේ ලීfප් කොළ 2ක් (මෙම ද්‍රව්‍ය මා හට නිර්ලෝභී ව ලබා දුන් sriboysl සොයුරාට පින්!!!)

    13. ලොකු සුදු ළූණු බික් දෙකක්, තුනක්
    14. මිරිස් කුඩු තේහැන්දක්
    15. ගම්මිරිස් කුඩු මේස හැන්දක්
    16. කහ කුඩු ‍තේ හැදි කාලක්
    17. මාගරීන් මේස හැදි 2ක්
    18. කරපිංචා ඉති 3-4ක්
    19. දෙහි ගෙඩි 2ක්
    20. ලොකු ළූණු ගෙඩි 2ක්


    මාළුවා පදම් කිරීමට පෙර සකසා ගන්නා ආකාරය

    fish2x.jpg


    මාළුවා ගේ -
    a -පෘෂ්ඨීය වරල, b- පෞච්ඡ වරල,c -උදරීය වරල සහ d -ගුද වරල කිචන් සිසර් එකක් මගින් කපා ඉවත් කරන්න. e -ලෙස දක්වා ඇති ලූප්තාකාර වලිග වරල කොර පොතු ඉවත් කිරීමට මාළුවා අල්ලා ගැනීම සදහා අවැසි වන බැවින් දැන්ම ම ඉවත් කරනු නොලැබේ.

    fish3w.jpg


    aa මාළුවා ගේ කරමල් ආවරණ සහ උදරය එක්වන තැන කපන්න.

    bb උදරය පිටුපස ගුද විවරයට ඉදිරියෙන් කුඩා ගැඹුරු කැපුමක් කිරීමෙන් පසුව ඔබට කරමල සහ අන්ත්‍රය ඇතුළු “බඩ මාළුව”සම්පූර්ණයෙන් ම එක් වරම ඉවත් කල හැකිය.

    cc වලිගයෙන් අල්ලා ගෙන පිහියක ආධාරයෙන් කොරල සම්පූර්ණයෙන් ඉවත් කර ගන්න.

    dd කොරල සම්පූර්ණයෙන් ඉවත් කල පසු ව මාළුවා හොදින් අවම ලෙස තෙවරක් වත් සෝදන්න. සේදූ මාළුවා ගේ දෙපැත්තෙන් මැද කටුව දක්වා වෙන් නොවන ලෙසට, ගැඹුරු කැපුම් ඇති කර ගන්න. මෙවිට ඔබට ලූප්තාකාර වලිග වරල ද ඉවත් කල හැකිය.

    මෙසේ සැකසූ මාළුවා මත ටිෂු කඩදාසියක් දෙකක් තබා ජලය හැකිතාක් ඉවත් කර ගන්න(pat dry/blot dry කර ගන්න).


    බේක් කිරිම සදහා මාළුවා පදම් කිරීම

    fish4e.jpg


    A -ලොකු ළූණු, දෙහි, මාගරීන් සහ කරපිංචා ඉති 2ක් හැරුණු කොට අනෙකුත් සියළු ම ද්‍රව්‍යයන් මන්චරයක හෝ බ්ලෙන්ඩරයක දමා හොදින් අඹරා ගන්න.

    B -මෙම මිශ්‍රණයට එක් දෙහි ගෙඩියක් මිරිකා යුෂ එක් කර ගන්න.

    C - ඇළුමිනියම් ෆොයිල් එක මත කෙසෙල් කොළය තබන්න. මාළුවා කෙසෙල් කොලය මත තබා ගැඹුරු කැපුම් සහ උදරය තුලට යන සේ මිශ්‍රණය හොදින් තවරන්න. මිශ්‍රණය තවරා අවසන දී මාගරීන් මාළුවා මත තවරන්න. මාගරීන් තැවරූ මාළුවා මත කරපිංචා ඉති දෙකක් තබන්න.

    D -රූපයේ ආකාරයට , තවරා ඇති මිශ්‍රණය එළියට නොපැමිණෙන ලෙසට කෙසෙල් කොලයෙන් මාළුවා හොදින් ඔතා ගන්න.


    fish5.jpg


    E -දැන් රූපයේ දක්වා ඇති ලෙසට මාළුවා සහිත කෙසෙල් කොලය ඇළුමිනියම් ෆොයිල් එකින් ඔතන්න. මෙසේ ඔතා ගන්නේ මාළුවා වටා තවරා ඇති මිශ්‍රණය හොදින් මාළුවලට උරා ගැනීම පිණිසය. එසේම සුවද පිටවී නොයනු පිණිසය. මෙසේ එතූ මාළුවා පැය4-5ක් පමණ ශීතකරණයක (අධි ශිතකරණයේ නොවේ!) තබන්න. ඒ ගල්වා ඇති ද්‍රව්‍ය මාළුවාට අවශෝෂණය වීම පිණිසයි.

    F -එතූ මාළුවා තැටියක් මත තබා 220C උෂ්ණත්වය සහිත අවන් එකක් තුළ විනාඩි 30ක් බේක් කරගන්න.
    G -විනාඩි 15කට පසුව ඇළුමිනියම් ෆොයිල් එක විවෘත කර කෙසෙල් කොලය මැදින් විවර කර ඉතිරි විනාඩි 15 මාළුවා බේක් කර ගන්න.

    H -බේක් කර ගත් මාළුවා මෙසේ දිස්වේ.


    පිළිගන්වන ආකාරය -

    fish6x.jpg


    පැතලි පිහියක හෝ පැතැල්ලක ආධාරයෙන් මාළුවා පිගානක් මතට ගෙන පෙති කැපූ ලොකු ළූණු සහ සිහින් ව පෙති කැපූ දෙහි වලින් සරසා පිළිගන්වන්න. සාමාන්‍යයෙන් දෙහි සමග පිළිගන්වන්නේ එම දෙහි පෙත්ත මිරිකා එහි යුෂ සමග මෙය අනුභව කිරීමටය.

    දැනට බම්ප් එකක් දමා යන්න. මා හට කරනු ලබන විශිෂ්ඨතම සැළකීම රෙප් නොව ඔබ මෙය සාදා රූපයක් මෙහි පළකිරීම බව සළකන්න.

    (මගේ සූප ශ්‍රාස්ත්‍ර ත්‍රෙඩ් වලට විවිධ නම් වලින් -රෙප් දෙන ෆේක් රාජෝත්තමයාණන් වහන්සේට දැන් වැඩ ඇල්ලිය හැකි බවද දන්වනු රිසියෙමි....!!!)
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,236
    113
    PX3-808
    මේ වැස්ස දවස් වල බඩගින්න තවත් වැඩි කරනව :P:) +
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කටට කෙල උනනව ඕයි , අපට කොහෙන්ද පූසො මාළු :P
    බලමුකො
    ඇළුමිනියම් කොළ කොහෙන්ද ගන්නෙ , වහලෙ සිවිලිමෙන්ද :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටට කෙල උනනව ඕයි , අපට කොහෙන්ද පූසො මාළු :P
    බලමුකො
    ඇළුමිනියම් කොළ කොහෙන්ද ගන්නෙ , වහලෙ සිවිලිමෙන්ද :P

    ඕව ගන්න තියනව පූසෝ.........ඇළුමිණියම් ‍ෆොයිල් තියනව ගන්න කඩේ.....
    උඹ ඉතිං වහලේ මැක් ෆොය්ල් එක දානව නම් ඒක වෙන කතාවක්........:baffled::baffled:
     
    • Like
    Reactions: emil

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    කටට කෙල උනනව ඕයි , අපට කොහෙන්ද පූසො මාළු :P
    බලමුකො
    ඇළුමිනියම් කොළ කොහෙන්ද ගන්නෙ , වහලෙ සිවිලිමෙන්ද :P
    මැක්ෆොයිල් කෑල්ලක් ගනිං :lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඕව ගන්න තියනව පූසෝ.........ඇළුමිණියම් ‍ෆොයිල් තියනව ගන්න කඩේ.....
    උඹ ඉතිං වහලේ මැක් ෆොය්ල් එක දානව නම් ඒක වෙන කතාවක්........:baffled::baffled:
    FACEPALM.jpg
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    දැන් නං කටට කෙල උනනව කිඹුල අයියෙ, වෙලාවක හොට් බටර් කටිල්ෆිශ් හදන හැටි දාන්න
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නුඹ නාඩන්.........:cool:
    එන සතියේ දී නෙළුම් අල උයාගෙන කන්න දාන්නම්......!!!!:cool::cool:

    අන්න එහෙම එන්න අයියා..
    උනු බත් එක්ක හරියට හදපු නෙළුම් අල ව්‍යාංජනයක් විතරක් තිබ්බොත් බත් පිගන් 2,3 කට බය නැතුව වගකියන්න පුලුවන්
    ;);)