අමන_ත්‍රීවීල්_රියදුරන්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අමන_ත්‍රීවීල්_රියදුරන්

    අමන ත්‍රීවීල් රියදුරන්

    news20077imagesnewsceyl.jpg


    මම මෙහෙම කිව්වට කිසිම කෙනෙක් මාත් එක්ක හිත් අමනාපකම් ඇතිකරගන්න එපා, මොකද ඊයේ හවස වෙච්ච සිද්ධියක් නිසයි මම එහෙම කිව්වේ, ඒ සිද්ධියෙන් මනුස්ස ජීවිතයක් නැතිඋනා, ඒක එහෙම උනේ, ඒ ත්‍රීවිල් රියදුරාගේ අමන ක්‍රියාකලාපය නිසයි. ඒත් අද ජිවිතය නැති උනේ අහිංසක මනුස්සයෙකුගේ, ඒ වගේම තවත් අහිංසකයෙකුට බන්ධනාගාරගත වෙන්න සිද්ධවුනා.

    අප ආතායතනය මඟින් රත්මලාන අඟුලාන දුම්රියපල පාරේ විශාල ප්‍රමාණයේ GRP නල (Glass fiber Reinforced Plastic) මීටර් 6කටත් වඩා වැඩි ගැඹුරකින් එලීමේ කටයුතු සිදුකරන වැඩ බිමකදී තමයි මේ අනතුර සිද්ධ උනේ, එහිදී එහිදී එම නල එලීම සදහා විශාල ලෙස පොළව හැරීමේදී දෙපස ඇති පස් කඩා වැටීම වැලැක්වීම සදහා පොළව හැරීමට පෙර මීටර් 12ක් පමණ දිග පෝරු ටැඹ (Steel Sheet Pile) මීටර් 10ක් පමණ පොළව තුලට ඇතුල් කිරීම සිදුකරනවා,

    steelsheetpilegbastmwru.jpg


    rep0601.jpg


    සුපුරුදු පරිදි ඊයේ පස්වරුවෙත් අප ආයතනය මඟින් නල එලීමේ කටයුතු සිදුකරන අතරතුර, ආයතනයේ JCB යන්ත්‍රයක් අධාරයෙන්, වෙනත් අතුරු මාර්ඟයක සිට මීටර් 12ක් පමණ දිග, පෝරු ටැඹ (Steel Sheet Pile) දෙකක්, වැඩබිම් අසලට ගෙන යන අවස්ථාවකදී, රථවාහනපාලක විසින් දුන් අණ නොතකා, ත්‍රීරෝද රියදුරු තම ත්‍රීරෝද රථය JCB යන්ත්‍රය දෙසට ධාවනය කර තිබෙනවා, ඒ මොහොතේ සිදුවෙන්නට යන අනතුර තේරුම් ගත් රථවාහනපාලක, එම අනතුර වැලැක්වීම සඳහා, JCB යන්ත්‍රය එන මාර්ඟය දෙසට දුව ගොස්, JCB යන්ත්‍රය නැවැත්වීමට උත්සාහ දරා තිබෙනවා.

    එත්, ඒ මොහොත වන විටත්, JCB යන්ත්‍රය ප්‍රධාන මාර්ගය අසලටම පැමිණ අවසන්, කුමක් කලයුතුදැයි සිතීමටවත් කාලයක් නොමැත, 600 kg පමණ බරක් සහිත පෝරු ටැඹ (Steel Sheet Pile) පටවාගත් JCB යන්ත්‍රය දෙසට, අදික වේගයෙන් එන ත්‍රීරෝද රථය තම අණ නොතකන බව ඔහු හොදින් දැනගත් බැවින්, වහා JCB යන්ත්‍රය ඉදිරියට පැන, නවතින ලෙස ඔහු විසින් අණ කරන ලදී. ඒ සමඟම JCB යන්ත්‍රය ක්‍රියාකරු තමා දෙසට වෙගයෙන් එන ත්‍රීරොදරථයද දැක, හදිස්සියෙම් යන්ත්‍රයේ තිරිංග යොදා ඇත්තේ, JCB යන්ත්‍රය ත්‍රීරොදරථයේ වැදීමෙන් සිදුවන අනතුර වලක්වා ගැනීමටයි.

    වාසනාවකට ත්‍රීරොදරථය JCB යන්ත්‍රයේ නොගැටී බේරාගැනීමට, JCB යන්ත්‍රය ක්‍රියාකරුට සහ රථවාහනපාලකට හැකිවුවද, හදිස්සියෙම යෙදූ තිරිංග නිසා, ඇතිවුන ගැස්සීම හේතුවෙන්, JCB යන්ත්‍රයේ පටවාගෙන ආ 600 kg පමණ බර පෝරු ටැඹ (Steel Sheet Pile) දෙක, ලොක් (Clamp) වලින් ගැලවී, රථවාහනපාලකගේ හිස මතට පතිතවී ඇත, එම අනතුරේදී, අප ආයතනයේ රථවාහනපාලකයෙකු වසයෙන් සේවය කල, තිදරු පියෙක් එම ස්ථානයේදිම මරණයට පත්වුනා,

    ඇයි මිනිස්සු මෙච්චර කුරිරු, ඒ ත්‍රීරොද රියදුරු මියගිය පුද්ගලයා විසින් දුන් අණ පිලිගනු ලැබුවේ නම්, ඒ අනතුර සිද්ධ නොවෙන්න ඉඩ තිබුණා.

    ඇයි මේ මිනිස්සු සල්ලි පස්සෙම මෙච්චර දුවන්නේ,

    මට නම් මාර අප්සට්..


     
    Nov 2, 2011
    990
    76
    0
    meka uba damme na neda machan :eek:

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්රිමසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්රේඩ් එකක් දානකන්ම බලන් ඉන්න සහ අනුන්ගේ නම් වලින් මගේ රෙප් කපන, පිට කොන්දක් නැති හෝ පිට කොන්දක් තිබේ නම් එය පණ නැති මහත්ම මහත්මීන්ට,
    මේ ත්රෙනඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    :(අප්පා... අවාසනාවන්ත සිද්දියක් බං... මැරුණ මනුස්සයගෙත් වෙලාව තමා... අපතයෙක්ව බේරන්න ගිහින් ඒ මනුස්සයා ජීවිතෙන් වන්දි ගෙව්වා... ත්‍රීවීල් කාරයට දෙන්නෙපැයි බං හොඳට... ඌට මුකුත් කලේ නැත්ද....?:oo:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ශිට්.:(:(

    විනය නැහැ බන් මහ එකාගේ ඉඳලම.ඕකයි මචන් දැන් රටේ තත්වය.ඕවා මුල ඉඳල හදන්න් ඕන.හැමෝගෙම බලාපොරොත්තුව බල්ලෝ මරල හරි සල්ලි හොයන එක.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :(අප්පා... අවාසනාවන්ත සිද්දියක් බං... මැරුණ මනුස්සයගෙත් වෙලාව තමා... අපතයෙක්ව බේරන්න ගිහින් ඒ මනුස්සයා ජීවිතෙන් වන්දි ගෙව්වා... ත්‍රීවීල් කාරයට දෙන්නෙපැයි බං හොඳට... ඌට මුකුත් කලේ නැත්ද....?:oo:

    කට්ටිය ඇල්ලගෙන දෙක තුනක් ඇන්නා, එත් උත ගැහැව්වා කියලා අර මනුස්සයට පණ එන්නේ නැහැනේ මචන්
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    කට්ටිය ඇල්ලගෙන දෙක තුනක් ඇන්නා, එත් උත ගැහැව්වා කියලා අර මනුස්සයට පණ එන්නේ නැහැනේ මචන්


    :(:( ඔව් ඒකත් ඇත්ත තමා. ඒත් ඔහොම පරයන්ව නිකම් තියන්න හොඳ නෑ බං...
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කාලකණ්ණි! :angry::angry: උන් වගේ එව්න්ට තමා කියන්නෙ 'බල්ලට ඇති වැඩකුත් නෑ, හෙමින් ගමනකුත් නෑ' කියලා

    මාර දුකයි අර මැරුණ කෙනා ගැන :( නිවස් සුව පතනවා :sorry:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපරාදෙ! එකෙක්ගෙ කෑදර කමට හොඳ මනුස්සයෙක් ජීවිතෙන් වන්දි ගෙව්වා, පවුලකටම දැං ජීවිත් කාලයටම වන්දි ගෙවන්න සිද්ධ වෙලා. :(
     

    salli525

    Junior member
  • Sep 27, 2011
    362
    9
    18
    maath oya project eke thama.. eeye man niwadu. seen eka danne me thread eka dakkama.. pau..:( angulana pare 3wl ballo gana kiyala wadak na.. :angry:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    3 wheel karaya waradi thama. Namuth wahana palaka mokatada load eka yatata giye? Wada bimaka pili padinna ona neethi thiyanwane. Ona kenek dannawa load eka yatata giyama wena de.
    Anik eka brake ekak gahuwa kiyala lock kadenawa nam load eka hatiyata hariyata awasha pramane lock dala na. Ekiyanne ogollo load eka ehe mehe geniyanne niyama pramithiyata dan wal or lock dala nemei.