ඇල්ල අනතුරේ රේන්ජ් රෝවර් රියදුරු කතා කරයි

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,471
    7,243
    113
    “තොරණක් වගේ එකක් හීයක වේගෙන් ඇවිත් හැප්පිලා නොපෙනී ගියා…” ඇල්ල අනතුරේ රේන්ජ් රෝවර් රියදුරු කතා කරයි…
    ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී සිදු වූ මාරක විනෝද චාරිකා බස රථ අනතුර සිදුවීමට මොහොතකට පෙර එම බසය සුඛෝපභෝගී ජීප් රථයක ගැටීමෙන් එහි ගමන් ගත් එකම පවුලේ අයියා මලෝ තිදෙනෙකු අනූනවයෙන් දිවි බේරා ගැනීමට සමත් වී ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.
    මෙසේ අනූනවයෙන් දිවි බේරා ගැනීමට සමත් වී ඇත්තේ බුත්තල නගරයේ ව්‍යාපාරික කටයුතු කරන බණ්ඩාර වෙල පූනාගල පාරේ පදිංචි එච්. එම්. චමිදු දේශාන් (22) සහ ඔහුගේ අවුරුදු 17, 19 යන වයසේ පසුවන සහෝදරයන් දෙදෙනාය.
    තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් ඔහුගේ පවුල්වල උදවිය සමග නුවර එළිය විනෝද චාරිකාවක ගොස් ආපසු යමින් සිටියදී එම විනෝද චාරිකා බස් රථය ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී ඉදිරියෙන් පැමිණි මෙම සුඛෝපභෝගී ජිප් රථයේ ගැටී පසුව මාර්ගය අසල ආරක්ෂිතයකඩ වැටේ ගැටී අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් වූ අනතුරින් 15 ක් මියගොස් 18ක් තුවාල ලැබුහ.
    එම මාරක රිය අනතුර සිදුවීමට මොහොතකට පෙර සිදු වූ සිය අත්දැකීම් විස්තර කළ වමිදු දේශාන් (22), ” මම බුත්තල ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යමින් එහි කටයුතු කරනවා. අපි බුත්තල නතර වී ඉදල සති අන්තයේ බණ්ඩාර වෙල පූනාගල පාරේ තිබෙන ගෙදරට යනවා.
    මේ ජිප් රථයෙන් තමයි අපි ගෙදර යන්නේ. නිතරම මේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ අපි ගමන් කරන නිසා මට පාර හොඳට හුරු පුරුදුයි. කඳු බෑවුම් අනතුරුදායක වංගු සහිතස්ථාන තිබෙන තැන් මම හොඳට දන්නවා.
    එදින (4) අපි ව්‍යාපාරික කටයුතු අවසන් කර මම මල්ලිලා දෙන්නා සමග බුත්තල සිට බණ්ඩාර වෙල නිවසට යාමට රාත්‍රී පිටත් වුණා. මම ජිප් රථය පදවාගෙන ගියේ. ඉදිරි පස අසුනේ මගේ බාල මල්ලි හිටියා. මගේ පිටුපස අසුනේ වීදුරුව අයිනට වෙන්න දෙවන මල්ලි (19) හිටියා.
    අපි රාවණා දිය ඇල්ල පසුකර ඇල්ල දෙසට කන්දේ ගමන් කරමින් සිටියදී 15 කණුව ප්‍රදේශයේ මාරක වංගුව ආසන්නයේ දී ඇල්ල පැත්ත සිට වැල්ලවාය දෙසට තොරණක් වගේ පාට, පාට විදුලි බුබුළු දල්වා ගෙන වේගයෙන් බස රථයක් එනවා දැක්කා. බස් රථය වේගයෙන් මගේ මුහුණට ආවේ. මම ඒ සමගම ජීප් රථය පාරේ වම්පස අයිනට පුළුවන් තරම් කැපුවා. එවිටම වේගයෙන් ආපු බස රථය මගේ ජිප් රථයේ දකුණු පස ගැටී ඊයක වේගයෙන් ගියා. එවිටම ජිප් රථය නැවතුනා.
    මට මොනාවත් හිතාගන්න බැරි වුණා. බස් රථය කොහේටද ගියේ කියා මට හිතාගන්න බැරි වුණා. බස රථය පිටුපසින් පැමිණි කාර් එකක් මගේ ළඟ නවතා මල්ලී බස් එක වද්දගෙන නවත්වන්නේ නැතිව ගියානේද, කියා ඇසුවා. ඉන්න මල්ලි මම බස් එක මගදී අල්ලා ගන්නම් කියා ඔහු මට දුරකථන අංකයත් දීලා, මෝටර් රථය වැල්ලවාය දෙසට පදවාගෙන ගියා. හරියටම මේ අනතුර වෙනකොට රාත්‍රි 9යි. පසුව මම මල්ලිලා දෙන්නා සමග ජිප් රථයෙන් බැහැලා ජිප් රථය බැලුවා. ජීප් රථයේ දකුණු පස පැත්තට අලාභහානි වී තිබුණා. පිටුපස දකුණු පැත්තේ ජනේලය අයිනේ හිටිය මල්ලිගේ මගෙන් අනෙක් මල්ලිගෙන් ජීවිත කිසිදු අනතුරක් නොවී අනූනවයෙන් බේරුනා. මම තාත්තාට කතා කරලා විස්තරය කිව්වා.
    පසුව අපිට පහළ වංගුව දෙසින් කිසිවකු අපිව බේරාගන්න කියා විලාප දෙමින් කෑ ගසන ශබ්දයක් අසුනා. කලුවර නිසා මොනවාත් පෙනුනේ නෑ. මේ වෙලාවේ බස් රථයක අංක තහඩුවක් සහ බස් රථවල සවිකර තිබෙන සුදු යකඩ කණුවක් බිම වැටී තිඛිලා හම්බවුණා.
    ඒ සමගම වැල්ලවාය පැත්තේ ඉඳලා ඇල්ල දෙසට යුධ හමුදා ට්‍රක් රථයක් එනවා දැකලා අපි නවත්තලා විස්තරය කිව්වා. පසුව ඔවුන් හමුදා ට්‍රක් රථය නවතා එහි තිබූ විශාල කඹයක් අරන් ඇවිත් ඔවුන් ළඟ තිබූ විදුලි පන්දම් දල්වා ගෙන කඹයෙන් පහළට බැහැලා, ප්‍රපාතයේ සිරවී රැඳි සිටිය කුඩා දරුවන් දෙදෙනෙකු. කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයකු ප්‍රපාතයෙන් උඩට ගත්තා. අපි තිදෙනා ඔවුන්ට සහය වුණා. ඒ වෙලාවේ තමයි දැනගත්තේ අපේ ජිප් එකේ හැපුනු බස් රථය රාවණා ඇල්ල ප්‍රපාතයට පෙරළී ගොස් ඇති බව.
    මේ අතරතුරේ බස් රථය සොයාගෙන වැල්ලවාය දෙසට ගිය මෝටර් රථයයේ සිටි අය මට කතා කරලා කිව්වා මල්ලි බස් එක නෑ. මිනිහා මාර වේගයෙන් ගිහින් කියා. පසුව මම කිව්වා අයියා ඒ බස් එක රාවණා ඇල්ල ප්‍රපාතයට පෙරළී ඇති බව.
    ඒ සමගම ඇල්ල පොලිසියේ නිලධාරීන් ආවා. ඔවුන් පාර දෙපැත්තෙන් වැසුවා පාර අවහිර වන නිසා. ගිලන් රථ එන්න පටන් ගත්තා. අපි ප්‍රථමයෙන් උඩට ගත්ත පස්දෙනා ගිලන් රථයක දාලා බදුල්ල ශික්ෂණ රෝහලට යැව්වා.
    ඉන්පසුව යුධ හමුදා නිලධාරින්, ප්‍රදේශ වාසීන්, පොලිස් නිලධාරීන්, වෛද්‍යවරුන් ඇවිත් ෆෝන්වල විදුලි එළියෙන්, විදුලි පන්දම් දල්වා ගෙන කඹවල ආධාරයෙන් ප්‍රපාතයට බැහැලා බස් රථයේ සිටි තුවාලකරුවන් අමාරුවෙන් කඹවල ආධාරයෙන් ප්‍රපාතයෙන් උඩට අරගෙන ගිලන් රථවල දමා රෝහල් වලට තුවාලකරුවන් යැව්වා. විශාල පිරිසක් එකතු වී සිටියා. ජෙනරේටර් ගෙනවිත් විදුලි ආලෝකය සැපයුවා. පසුව ප්‍රපාතයෙ තිබු මළසිරුරු අමාරුවෙන් ගොඩට ගත්තා.
    අලුයම පොලිස් නිලධාරීන් මගේ විස්තර ඇසුවා. පසුව උදේ 6 ට පමණ ඇල්ල පොලිසියට ගියා. පසුව මගෙන් ප්‍රකාශ අරගෙන මාව බණ්ඩාර වෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මාව නිදහස් කළා. ජිප් රථයට අලාභහානි වී තිබෙනවා.
    අපි තිදෙනාගේ ජීවිත අනූනවයෙන් බේරුනාට අහිංසක ජීවිත රැසක් අහිමි වී, පිරිසක් බරපතළ තුවාල ලබා සිටීම ගැන නම් අපිට හරිම දුකයි.
    Lankadeepa - ලංකාදීප
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,243
    113
    මට ප්‍රශ්නේ මූට බස් එක පෙරලුන සද්දේ ඇහුනේ නැත්තේ ඇයි කියලා.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    මට ප්‍රශ්නේ මූට බස් එක පෙරලුන සද්දේ ඇහුනේ නැත්තේ ඇයි කියලා.
    ඇහෙන්න විදියක් නෑ කියලයි හිතෙන්නෙ මටනම්...ඕක ක්ෂණයකින් වෙන්න ඇත්තෙ..රේන්ජ් රෝවර් එකේ උන් බහිද්දිම බස් එක වැටිලත් ඉවර ඇති බන්..රෙන්ජ් රෝවර් එකේ අනිවා ඉස්සරහින් එනව සහ පිටිපස්සෙන් බස් එක වැටෙනව රෙකෝඩ් වෙලා ඇති..හෙනම සෙන්සිටිව් කේස් එකක් නිසා මීඩියාවලට දෙන්නෙ නැතුව ඇති කියලයි හිතෙන්නෙ මට.. මාත් ඔය පාරෙ නිතරම යනවා.ෂුවර් එකටම බස් එක උඩදිම නිවුටල් ගහගෙන බ්‍රේක් එකෙන් එන්න ඇත්තෙ බන්..මගදි බයින්ඩ් වෙන්න ඇති.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,570
    6,068
    113
    මට ප්‍රශ්නේ මූට බස් එක පෙරලුන සද්දේ ඇහුනේ නැත්තේ ඇයි කියලා.
    range rover eheka ban yanne.. umba hithuwada three wheel eheka yanne kiyala.. thappara keepen serama wela iwarai ne ithin.. bus ekath pallame.. pitipassen apu car eke untath ahenna epai ehenam.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,243
    113
    ඇහෙන්න විදියක් නෑ කියලයි හිතෙන්නෙ මටනම්...ඕක ක්ෂණයකින් වෙන්න ඇත්තෙ..රේන්ජ් රෝවර් එකේ උන් බහිද්දිම බස් එක වැටිලත් ඉවර ඇති බන්..රෙන්ජ් රෝවර් එකේ අනිවා ඉස්සරහින් එනව සහ පිටිපස්සෙන් බස් එක වැටෙනව රෙකෝඩ් වෙලා ඇති..හෙනම සෙන්සිටිව් කේස් එකක් නිසා මීඩියාවලට දෙන්නෙ නැතුව ඇති කියලයි හිතෙන්නෙ මට.. මාත් ඔය පාරෙ නිතරම යනවා.ෂුවර් එකටම බස් එක උඩදිම නිවුටල් ගහගෙන බ්‍රේක් එකෙන් එන්න ඇත්තෙ බන්..මගදි බයින්ඩ් වෙන්න ඇති.
    ඔව් මචං එහෙම වෙන්න ඇති. ශටර්ස් වහලා තියද්දි කලබලේට එක්ක සද්දේ ගානක් නෑනේ.
    බස් එක නම් නිවුටල් තමයි එන්න ඇත්තේ.

    range rover eheka ban yanne.. umba hithuwada three wheel eheka yanne kiyala.. thappara keepen serama wela iwarai ne ithin.. bus ekath pallame.. pitipassen apu car eke untath ahenna epai ehenam.
    ඔව් උඔ හරි
    ------ Post added on Sep 8, 2025 at 12:07 PM
     
    • Like
    Reactions: oxide

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    බස රථය පිටුපසින් පැමිණි කාර් එකක් මගේ ළඟ නවතා මල්ලී බස් එක වද්දගෙන නවත්වන්නේ නැතිව ගියානේද, කියා ඇසුවා. ඉන්න මල්ලි මම බස් එක මගදී අල්ලා ගන්නම් කියා ඔහු මට දුරකථන අංකයත් දීලා, මෝටර් රථය වැල්ලවාය දෙසට පදවාගෙන ගියා.

    මේ අතරතුරේ බස් රථය සොයාගෙන වැල්ලවාය දෙසට ගිය මෝටර් රථයයේ සිටි අය මට කතා කරලා කිව්වා මල්ලි බස් එක නෑ. මිනිහා මාර වේගයෙන් ගිහින් කියා. පසුව මම කිව්වා අයියා ඒ බස් එක රාවණා ඇල්ල ප්‍රපාතයට පෙරළී ඇති බව.

    :lol:
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    ඔව් මචං එහෙම වෙන්න ඇති. ශටර්ස් වහලා තියද්දි කලබලේට එක්ක සද්දේ ගානක් නෑනේ.
    බස් එක නම් නිවුටල් තමයි එන්න ඇත්තේ.
    රේන්ජ් රෝවර් එක උගෙ ලේන් එකේ පුලුවන් තරං අයින් කරල තියෙන්නෙත්..ඔය නවත්තලා තියෙන්නෙ වැදිච්ච තැනමනම්, බස් එක දකුණෙ ලේන් එකේ මැද්දෙන් වගේ තමා පහලට ගිහිල්ල ඇත්තෙ..රේන්ජ් රෝවර් එකේ සයිඩ් එකෙත් පිටිපස්ස විතරනෙ ඩැමේජ්..වංගුව කෙලින් ගිහිල්ල වගේ මටනම් හිතෙන්නෙ..පාර ගැන දන්න එකෙක්නම් අනිව අල්ලනවා දකුණු පැත්තෙ ගල දිහාවට..අඩුම බස් එක පෙරලිලා හරි නවතිනව පාර මැද්දෙ..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,243
    113
    range rover eke waraddak nam.. kondai ara engine eka uda indan hitapu ekai..break faliure ekak kiyala unge bus ekata wardda dagani da ban.. ..
    රේන්ජ්රෝවර් එකේ කිසිම වරදක් නෑ. අරූට තමයි බස් එක කන්ට්‍රෝල් කර ගන්න බැරි වෙලා තියන්නේ. ඇත්තටම බ්‍රේක් නැති වෙලා හෝ උගේ ස්පීඩ් එක ඌට කන්ට්‍රෝල් කර ගන්න බැරි වෙලා. ඔය වගේ බස්වල එවුන් බස් පාරේ දෙපැත්තට පද්ද පද්ද යනවා මම දැකලා තියනවා. බ්‍රේක් නෑ කිව්වමත් අනිත් එවුන් විස්වාස කරලා නැත්තේ කලිනුත් මූ ආතල් එකට එහෙම කියලා තියනවද දන්නෙ නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,973
    113
    ඇහෙන්න විදියක් නෑ කියලයි හිතෙන්නෙ මටනම්...ඕක ක්ෂණයකින් වෙන්න ඇත්තෙ..රේන්ජ් රෝවර් එකේ උන් බහිද්දිම බස් එක වැටිලත් ඉවර ඇති බන්..රෙන්ජ් රෝවර් එකේ අනිවා ඉස්සරහින් එනව සහ පිටිපස්සෙන් බස් එක වැටෙනව රෙකෝඩ් වෙලා ඇති..හෙනම සෙන්සිටිව් කේස් එකක් නිසා මීඩියාවලට දෙන්නෙ නැතුව ඇති කියලයි හිතෙන්නෙ මට.. මාත් ඔය පාරෙ නිතරම යනවා.ෂුවර් එකටම බස් එක උඩදිම නිවුටල් ගහගෙන බ්‍රේක් එකෙන් එන්න ඇත්තෙ බන්..මගදි බයින්ඩ් වෙන්න ඇති.
    මාස කීපයක් ගිහින් නිවුනම රිලීස් වෙයි. ඕක දැන්ම රිලිස් උනොත් කේස් වැඩියි නෙ.
     
    • Like
    Reactions: oxide and vito

    wageesha87

    Active member
  • Oct 31, 2008
    323
    101
    43
    kandy
    මේ රේන්ජ් රෝවර් එක නවත්තලා තියෙන තැනයි බස් එක පෙරලුන තැනයි අතර දුර බැලුවම අර බස් එක පස්සෙන් ආවා කියන කාර් එකට බස් එක පෙරලෙනවා පේන්න ඔනිනෙ. මේ කතාව නම් තනිකර ගොතපු එකක් වගේ
     
    • Like
    • Haha
    Reactions: Yastysan and Smartm

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,243
    113
    මේ රේන්ජ් රෝවර් එක නවත්තලා තියෙන තැනයි බස් එක පෙරලුන තැනයි අතර දුර බැලුවම අර බස් එක පස්සෙන් ආවා කියන කාර් එකට බස් එක පෙරලෙනවා පේන්න ඔනිනෙ. මේ කතාව නම් තනිකර ගොතපු එකක් වගේ
    බස් එක පෙරලිලා තියන්නේ වංගුවේ බං. පස්සෙන් ආපු වාහනේ බස් එක ළගින්ම ආපු එකක් නෙවෙයි. ටිකක් ඈතින් ආපු එකක්. ඌ එතනට එද්දි සිද්දිය වෙලා ඉවරයි. පස්සෙන් ආපු වාහනය මේක වදිනව වත් දැකලා නෑ.

    Mu hoda Salli karayek nisa uta kohoma hari waradda patawanna hadanne lakee pankaawe un tika :LOL:
    කාර් එකක්, ජීප් එක් වගේ වාහනයක් තියන එවුන් එක්ක බස්වල, බයික්වල, ත්‍රීවිල් වල යන උන් පට්ට ජෙල. ඒකනේ බං ඒ වගේ එවුන්ට කිසි දියුනුවක් නැත්තේ. ඉරිසියාවෙන්ම ජීවත් වෙලා නාකි වෙලා මැරිලා යනවා.
    ------ Post added on Sep 8, 2025 at 12:26 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    මේ රේන්ජ් රෝවර් එක නවත්තලා තියෙන තැනයි බස් එක පෙරලුන තැනයි අතර දුර බැලුවම අර බස් එක පස්සෙන් ආවා කියන කාර් එකට බස් එක පෙරලෙනවා පේන්න ඔනිනෙ. මේ කතාව නම් තනිකර ගොතපු එකක් වගේ

    Suspicious :rolleyes:
    Range rover ekak nisa jela wadi neda..
    Oka parana dolphin van ekak kiyala hithapan ethakota oya hithe awla hari yanawa..
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    meke Dash cam ekak tibila nedda ban? ea footage eka tibba nam mokada une kiyala confirm kara ganna tibba.