මාරාන්තික~අමුත්තා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මාරාන්තික~අමුත්තා




    බොහෝ දෙනෙක් කැමති නේ අමුත්තෝ ගෙවල් වලට එද්දි.. ඒ වගේම අකමැති අයත් ඉන්නවා
    " මේ මොන කරදරයක් ද අපිට නිදහසේ පාඩුවේ ඉන්නත් නෑ " කියන අය..
    ඒ අතර තවත් සමහරු ඉන්නවා.. අමුත්තෝ අත වනාගෙන එන්නේ නැති හින්දා අමුත්තෝ එන එකට කැමති වෙන අයත්..


    අද මම කතා කරන්න යන්නේ මැතකදි.. ඒ කියන්නේ නොවැම්බර් මස 15වන දින රාත්‍රීයේදී අපේ ගෙදට ආව අමුත්තා ගැනයි..
    බැලු බැල්මටම කාටත් මේ අමුත්තාගේ පින්තුරය වගේම රූප රාමුව දැක්කාම හදුනා ගන්න බැරිව ඇති..
    ඇත්තටම මට වුනත් තේරුම් ගන්න බැරි වුනා.. මේ අමුත්තා කවුද කියලා..
    කොහොම වුනත් මම දැනගෙන හිටියා මේ අමුත්තා ලංකාවේ ඉන්න උග්‍ර විෂ සහිත සර්පයෙක් කියලා..

    බලන්න කෝ ඔගොල්ලන් මේ අමුත්තාව හදුනනවා ද කියලා..




    ( පින්තුරය මත ක්ලික් කිරිමෙන් ලොකු කර බලා ගැනිමට හැකිය..)


    කොයි තරම් විෂ සහිත සර්පයෙක් වුනත්. හැම වේලාවේම එළකිරි අඩවිය මතක් වෙනවා නේ..
    ඒ හින්දා රූප රාමු පෙලකුත් ගත්තා අම්මා එන්න ඉස්සෙල්ලා..
    නැත්නම් ඉතින් බැණුම් කොටියක් අහන්න වෙයි මේ වේලාවේ රූප රාමු අරන් ඉන්නවා කියලා.. :පී




    කොහොම වුනත් රූප රාමු අරන් ඉවර වෙද්දි අමුත්තා මාත් එක්ක හැංගිමුත්තන් සෙල්ලම් කරන්න ඕනෑවට.. ලාච්චුව ඇතුලට ගිහිල්ලා හැංගුනා..

    ඊට පස්සේ තමයි අම්මා බණින්න පටන් ගත්තේ.. :පී..
    කොහොම හරි.. අම්මාගේ කාමරයත් ඒ ආසන්නයේ තිබ්බ හින්දා මේ අමුත්තාව කොහොම හරි යවන්න ඕන හින්දා පුදුම ගේමක් දිලා හොයා ගත්තා..
    බලද්දි.. පල්ලයා තියෙන අන්තිම ලාච්චුවේ හැංගිලා ඉදලා හිටියේ..

    කොයි තරම් විෂ සහිත සර්පයෙක් වුනත් මට මරන්න හිත දුන්නේ නෑ.. අල්ලලා හුරතල් කරන්නමයි හිතුනේ :පී..


    කොහොම වුනත් පැයක් වගේ කාලයක් ගියා අපේ මේ අමුත්තාව අල්ලා ගන්න..
    අල්ලා ගන්න යද්දි.. දෙතුන් පාරක් හාල් පොහොර මල්ලට දෂ්ථ කලා..
    මම හිතෙන් කිව්වා බය වෙන්න එපා යාලුවා මගෙන් කරදරයක් නෑ කියලා :පී.. ඒ දේට ඇහුම් කන් දුන්න කෙනෙක් වගේ කෙලින් ම මල්ලට ගියා ඊට පස්සේ..
    ගෙදරට පොඩ්ඩක් දුර ඇලක් තියෙනවා ඒ ඇල ලගට ගිහින් දැම්මා..

    මම මේ දේ කිව්වේ මම ලගදි දැක්කා එළකිරි එකේ සාමාජිකයෙක් සර්පයෙක් ව මරලා දාලා තියෙන පින්තුරයක්..
    හදිසි වේලා තේරුමක් නැතිව සර්පයෙක් දැක්ක පලියට බය වෙන්න යන්න නරකයි..
    බය වුනත් තේරුමක් නැතිව හදිසි තිරණ ගන්න නරකයි..
    අපි ප්‍රතික්‍රීයා කරන ආකාරය අනුවයි සර්පයෙක් වුනත් ක්‍රියා කරන්නේ..

    අනික් කරුණ ඇවිත් අපි හදිසි වේලා මරා දමන සර්පයා සමහර වේලාවට ලංකාවට ආවේණික සර්පයෙක් වෙන්න ඇති.. ඒ හින්දා..
    ඒ සර්පයන්ගෙන් ඉදිරි පැවැත්මක් අපිට දැක ගන්න විදියක් නැති වෙයි..

    අපේ ගෙදරට ආව අමුත්තා කවුද කියලා ඔගොල්ලන්ට හිතෙන දේ ලියන්න...

    මම හිතන විදියට..


    මේ අමුත්තාගේ නම ඇවිත් "මුදු කරවලා" නමුත් මේ සර්පයාට තවත් නම් කිහිපයක් ම තියෙනවා..

    srilankankrait.jpg




    මෙරට තෙත් කලාපයේ ජිවත් වෙන මේ සර්පයා අපේ ලංකාවට ආවේණික සර්පයෙක් කියලායි වෙන් කරගෙන තියෙන්නේ..
    කළු දිලිසෙන ශරිරයක් ඇති මේ සර්පයාගේ සුදු පාට තිරු දක්නට ලැබෙනවා.. ඒ හින්දා වෙන්න ඇති මම හිතන්නේ මුදු කියන නම ලැබිලා තියෙන්නේ..
    මේ සර්පයා වයසට යද්දි.. මේ සුදු පාට මුදු නැති වේලා යනවාලු..

    උග්‍ර විෂ සහිත මේ සර්පයා රාත්‍රියේදි තමයි වැඩි හරියක් ම දෂ්ඨ කිරිම් වාර්ථා වෙන්නේ..

    කොහොම වුනත් මේ සර්පයන් ව මෙරටෙන් තුරන් නොකර අපි ආරක්ෂා කරමු..



     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Captain ජැක් ස්පැරෝ;11421519 said:
    :shocked: :shocked: :shocked: :shocked:
    සතා මැරුවේ නැති එක හොදයි............
    අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි..........

    මොනවා වුනත් අපේ මිනිසුන්ට වඩා එවුන්ට අපිව තේරුම් ගන්න පුලුවන්
    හැකියාව තියෙනවා..
    ඒ හින්දා තේරුමක් නැතිව ඒ සතාගේ ජිවිතය නැති කරන්න හිත දුන්නේ නෑ..
     
    • Like
    Reactions: smother and heshi32
    මොනා වුනත් හැමෝටම ජිවත් වෙන්න අයිතියක් තියෙනවා,
    ගොඩක් මිනිස්සු පුරුදු වෙලා සර්පයෙක් දැක්කොත් මරලා දාන්න,
    මේ වගේ අල්ලලා පාලු පත්තකට ගිහින් දනවනම්
    සතාටත් හොදක් අපිටත් පවක් අත් නොවි ඉන්න පුලුවන්.
    හොද වැඩක්
    :yes:
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මොනවා වුනත් අපේ මිනිසුන්ට වඩා එවුන්ට අපිව තේරුම් ගන්න පුලුවන්
    හැකියාව තියෙනවා..
    ඒ හින්දා තේරුමක් නැතිව ඒ සතාගේ ජිවිතය නැති කරන්න හිත දුන්නේ නෑ..


    :yes: :yes: :yes: :yes: :yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගල්පාත මහත්තයා;11421575 said:
    මොනා වුනත් හැමෝටම ජිවත් වෙන්න අයිතියක් තියෙනවා,
    ගොඩක් මිනිස්සු පුරුදු වෙලා සර්පයෙක් දැක්කොත් මරලා දාන්න,
    මේ වගේ අල්ලලා පාලු පත්තකට ගිහින් දනවනම්
    සතාටත් හොදක් අපිටත් පවක් අත් නොවි ඉන්න පුලුවන්.
    හොද වැඩක්
    :yes:

    අනිවා.. අනික ඒ සත්තු කොයි තරම් දරුණු වුනත්..
    අපි ක්‍රියා කරන ආකාරය අනුවයි ඒ සත්තුන්ගේ දරුණු කම රදා පවතින්නේ..
    අනික නොදැන මැරෙන ඒක වෙනම කතාවක් ඒත්.. ඒ සතාව දැක්කාට පස්සේ..
    හිතේ බය ඇති කර ගන්නේ නැතිව..
    අල්ලන්න පුලුවන් කම තියෙන්න ඕනේ..
    ඒදා මම තනියෙන් අල්ලලා දැම්මේ අම්මා ලගට ආවේ නෑ.. මම කිව්වා ඇත් වේලා කරබාගෙන ඉන්න කියලා :පි
    අම්මා වුනත් කිව්වේ මරන්න ඕනේ නෑ කියන මතයයි.. ඒ හින්දා මම අම්මාගේ තිරණයට ඒ වේලාවේ ගරු කලා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    amuththa awe kawa balannada ?

    ඒක නේ හිතා ගන්න බෑ..
    මෑතකදිත් සර්පයෙක් ආවා කියලා ආරංචි අපේ ගෙදර.. ඒ වේලාවේ මම හිටියේ නෑ..
    කොහොම හරි උඩහා ගෙවල් වල කට්ටියක් ඇවිත් අල්ලලා පුච්චලා දැම්මා කියලායි ආරංචි මම වැඩි හරියක් දන්නේ නෑ..
    අපරාදේ ඒ දවසේ මම හිටියා නම් ඒ සතාට වුනත් බෙරෙන්න තිබ්බා..
    මොනවා කරන්න ද ඒ සතා පිං කරලා නැතුව ඇති..
    මම හිතන්නේ ඒ සතාව හොයාගෙන වෙන්න ඇති මේ අමුත්තා ඇවිත් තියෙන්නේ..
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ගල්පාත මහත්තයා;11421575 said:
    මොනා වුනත් හැමෝටම ජිවත් වෙන්න අයිතියක් තියෙනවා,
    ගොඩක් මිනිස්සු පුරුදු වෙලා සර්පයෙක් දැක්කොත් මරලා දාන්න,
    මේ වගේ අල්ලලා පාලු පත්තකට ගිහින් දනවනම්
    සතාටත් හොදක් අපිටත් පවක් අත් නොවි ඉන්න පුලුවන්.
    හොද වැඩක්
    :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eka dawasak awa ape dihata ekek... api nam bayata abawak prarth kala ekawa

    පව් , මචන්. ඒ ඇවිත් උඹගේ වැරැද්ද නෙවෙයි..
    ඔය සහෝදරයා ගත්ත තිරණය බොහෝ දෙනෙක් ගන්නවා මචන්.. ඒකයි වැරැද්ද..
    ඒ වගේ අවස්ථාවේදි.. අපි උත්සහ කරන්නේ...
    අපේ ජිවිතයේ වටිනාකම ගැන හිතලා තිරණ ගන්නයි..
    ඒකයි වැරැද්ද...
    අවුලක් නෑ.. ආයේ ආවොත් පොඩ්ඩක් හිතලා බලලා කටයුතු කරන්න සහෝදරයා..
     
    • Like
    Reactions: Kalana_65

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113

    පව් , මචන්. ඒ ඇවිත් උඹගේ වැරැද්ද නෙවෙයි..
    ඔය සහෝදරයා ගත්ත තිරණය බොහෝ දෙනෙක් ගන්නවා මචන්.. ඒකයි වැරැද්ද..
    ඒ වගේ අවස්ථාවේදි.. අපි උත්සහ කරන්නේ...
    අපේ ජිවිතයේ වටිනාකම ගැන හිතලා තිරණ ගන්නයි..
    ඒකයි වැරැද්ද...
    අවුලක් නෑ.. ආයේ ආවොත් පොඩ්ඩක් හිතලා බලලා කටයුතු කරන්න සහෝදරයා..

    ow maranna kemeththak ne ban .. baya nisa meruwe.. wena itin karanna deyak danne ne... allanna bayay