සබරගමු මහ සමන් දේවාලය

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සබරගමු මහ සමන් දේවාලය

    සබරගමු මහ සමන් දේවාලය

    500px-Dewalaya-sketch-main.jpg


    සබරගමු මහ සමන් දේවාලය යනු සබරගමු පළාතේ පිහිටා තිබෙන අති පූජනීය ස්තානයකි.
    map_kot.jpg

    මෙහි මූලාරම්භය සැලකීමේදී සබරගමුවේ
    තැනුන මුල්ම සමන් දෙවොල සිරිපා බිමේදී තැනුන බවට සාක්ශි ඇති අතර එම දෙවොලට සතර දෙසින් තවත් දේවාල සතරක් සාදා
    ඇත ඒවා නම්
    1.බටහිරින් රත්නපුර මහ සමන් දේවාලය
    2.උතුරින් දැරණියගල මහ සමන් දේවාලය
    3.දකුණින් බොල්තුබේ මහ සමන් දේවාලය
    4.නැගෙනහිරින් මහියංගන මහ සමන් දේවාලය

    මෙයින් රත්නපුර මහ සමන් දේවාලය ප්‍රමුඛ දෙවොලක් ලෙස සැලකේ.මෙය රත්නපුර පානදුර මාර්ගයෙහි කළුගග ආසන්නයෙහි ඇති
    දේවාලේගම නම් ගමෙහි ඉතා රමනීය බිම් කඩෙක පිහිටා ඇත.

    1.jpg


    මෙහි ඓතිහාසික පසුබිම සැලකීමේදී ලාංකීය ඉතිහාසයේ දබදෙණී යුගයේ දෙවන පැරකුම්බා රජ දවස ආර්යකාම දේව නම් නම් ඇමති
    වරයා මැණික් ගැරීමට සබරගමුවට ගිය බවත් තමන්ට වටිනා මැණිකක් ලබා දුන්නහිත් තෙමහල් ප්‍රාසාදයක් කරවන බවට පොරොන්දු වූ බව සමන් සිරිතේ
    සදහන්ය
    සුරිදුනි සිරි බර
    අප මිණි කම් කරන වර
    ලදුවොත් මිනි පවර
    ගෙයක් කරවමි තුන් මහල් කර

    SDC11717.JPG


    මෙම දෙවොල උඩ මළුව,පහත මළුව ලෙස කොටස් දෙකකින් යුක්ත වන අතර ප්‍රදාන දොරටුවෙන් පිවිසෙනවිට ඇති සුදු වැලි ඇතිරූ
    බිම් කඩ පහත මළුව වන අතර
    පිය ගැටපෙලින් උඩ ඇති කොටස උඩ මළුව වේ.පහත මළුවේ පියගැටපෙල අසල වම් පසින් ඇති කුලුණු සතරකින් සැදි කුඩා වේදීකාව
    පත්තිරිප්පුවයි ඒ අසල අඩි 6ක් පමන උස වූ වහලක් සහිත ආලින්දයක් ඇත.පියගැට පෙල දෙපසටම සමානව පිහිටා ඇති එය කුරගෙවල්
    (පුරගෙවල්) ලෙස හැදින්වේ
    පහත මලුවේ දේවාලය දෙපස අඩි හයක් පමන උසට මුහුනට මුහුන ලා තැනුන වේදිකා දෙකකි ඒවා මඩම යනුවෙන් හැදින්වේ මෙය
    කුරුවිට බෙත්ම හා හංගමුව බෙත්ම යන බෙත්ම දෙකට අයත් මොහොට්ටාල හා විදානේ වරුන්ගේ ප්‍රේක්ශකාගාරය වේ
    මෙම බෙත්ම දෙක ඉහල බෙත්ම සහ පහල බෙත්ම ලෙස හැදින්වේ(ඇතැම්හු මෙමෙ බෙත්ම එගොඩ සහ මෙගොඩ බෙත්ම ලෙස
    රාජකාරි කරුවන් සදහා වෙන්වූ ඒවා ලෙසද හදුන්වයි )
    දේවාලයේ දකුනු පසින් කුරගෙයත් මඩමත් අතර රථගෙය තනා ඇත ප්‍රදාන වාහල්කඩ අසල දකුනු පසින් පැරනි බෝධියකි.
    පහත මලුවෙ පියගැට පෙල නැගීමෙන් පසුව පලමුව හමුවන ශාලාව ශාන්ති මණ්ඩපයයි එයට අඩි 2ක් පමන උසින් අඩි පණහක් පමණ
    දිගට ඇති කොටස දිග්ගේ ලෙස හැදින්වේ මෙය නැටුම් පැවැත්වීමට නිර්මාණය වූවකි.
    මහල් තුනකින් යුත් මාලිගය සදුන් කුඩම හෙවත් වැඩ හිදින මාලිගාවයි අතීතයේ මෙය සදුන් කුණම ලෙස හදුන්වා ඇත.මෙහි
    පලමු මහල ගබඩාව වන අතර දෙවැන්න දේවාභරණ තැන්පත් කිරීමට යොදාගන ඇත.තෙවන මහල සමන් දෙව් රුව තැන්පත් කිරීමට
    වෙන්කර ඇත.
    සදුන් කුඩමේ උඩ මහලේ දල්වන ලද පහන් එලිය සෘජුවම රිට්ටා ගෙයට වැටෙන ලෙස නිර්මාණය කර තිබීම විශේශත්වයකි.
    පියගැට පෙල නැග ශාන්ති මණ්ඩපයට ඇතුල්වන දොරටුවේ ඇතුල් බිත්තිය දෙපස සිවවටුක රාක්ශ රූප දෙකක් සිතුවම් කර ඇත.
    ශාන්ති මණ්ඩපයට වම් පසින් පත්තිනි දේවාලයද දකුනු පසින් විහාරයද පිහිටා ඇති අතර වැඩහිදින මාලිගය අසල දකුනු පසින්
    පුරාණ ලිද පිහිටා ඇත මෙම ලිද ආරක්ශක පවුරක් සහ වහලක් සහිතව තනා ඇති අතර එහි උලුඅස්සේ ඇති වෙස් මුහුන මහබබගේ වෙස්මුහුණ ලෙස හදුන්වයි

    Picture+065.jpg


    රත්නපුර මහ සමන් දේවාලයේ වැඩසිටින මාළිගාව
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සමන් දෙවොල හා බැදි චාරිත්‍ර

    සමන් දෙවොල හා බැදි චාරිත්‍ර
    මෙම චාරිත්‍ර ප්‍රදාන කොටස් 3ක්
    1.දිනපතා පවත්වන චාරිත්‍ර
    2.සතිපතා පවත්වන චාරිත්‍ර
    3.වාර්ශිකව පවත්වන චාරිත්‍ර
    rathnapura.jpg

    මෙය දුරුතු මහ කාර්තුව,බක්මහ කාර්තුව,ඇසලමහ කාර්තුව,ඉල්මහ කාර්තුව ලෙස කොටස් 4කි
    දිනපතා පවත්වන චාරිත්‍ර නම් අලුයම් මුරයේ තේවාව,හිල්ම තේවාව,මහා තේවාව,බොලපැන් තේවාව,හැන්දැ දූරයේ තේවාව
    සතිපතා පවත්වන චාරිත්‍ර නම් කෙම්මුර දින පූජා (බදදා,සෙනසුරාදා)
    වාර්ශිකව පවත්වන චාරිත්‍ර අලුත් සහල් මංගලය, අලුත් අවුරුදු උත්සවය ,වසර අවසාන උත්සවය,ඇසල පෙරහැර
    අලුත් සහල් මංගල්ය
    මෙය ගොයම් කපා පාගා අවසන් වන කාලයට අලුත් සහල් වලින් දෙවියන් පිදීමට කරන චාරිත්‍රයකි මෙය ජනවාරි මස පැවැත්වේ
    බුදුන් උදෙසා පූජා පැවැත්වීම දෙවියන්ට මුරුතැන් පිදීම මෙහි සාමනය සිරිතයි මෙහිදී පස් පැණිත මුට්ටියක් දෙවියන්ට පිදීම සිදුකෙරේ
    එයට
    1 හාල් නැලියක බත්
    2 කෙසෙල් ගෙඩි හතක්
    3 හකුරු කැලී හතක්
    4 හත් මාලුවක් අයත්ය
    4912630506_63193b15c0.jpg

    ඇසල පෙරහැර උත්සවය

    මෙය පෙරහැර තුනකින් යුක්තය
    1.කුබල් පෙරහැර 5ක්
    2. දෙව්ලේ පෙරහැර 5ක්
    3. රන්දෝලි පෙරහැර 5ක්
    දෙවොලේ තේවා කටයුතු භාරව සිටින නිල උරුමක්කාරයන් කොටස් 2ක්
    1.ඇතුල් කට්ටලය
    2. පිට කට්ටලය
    ඇතුල් කට්ටලය
    1. කපු නිල 2යි
    2. බත්තන නිල 2යි
    3. අත්තනායක නිල 2යි
    4. පලිහේකාර නිල 2යි
    5. කුඩ නිල 2යි
    6. චාමර නිල 2යි
    7. උඩුවියන් නිල 2යි
    8. ලන්ස නිල 2යි
    9. මුරුතැන් නිල 2යි

    පිට කට්ටලය
    1. තණ්ඩලරාල 4යි
    2. දවුල්වාදක 4යි
    3. තම්මැට්ටම් වාදක 4යි
    4. හොරනෑ වාදක 4යි
    5. හක්ගෙඩි වාදක 4යි
    6. ආලත්තී තේවව සදහා 4යි
    7. අත් උදව් කරුවෝ 2යි
    8. වී කොටන අය 2යි
    9. දර සැපයීමට 2යි
    10. වට්ටෝරු අප්පු
    මීට අමතරව දේවාලයේ පරිපාලන කටයුතු පවත්වාගන යාමට බස්නායක නිලමෙතුමා ප්‍රදාන නිලදාරි මඩුල්ලක්ද වේ ඇසල උත්සවය
    ආරම්භ කිරීමට පෙර බස්නායක නිලමේ සියලුම මොහොට්ටාලවරු විදානේවරු කැදවා රාජකාරි පැවරීම සිදු කරයි
    මෙම නිලදාරිවරුන් කිහිප කොටසකි
    1. රටේ නායක
    2. බස්නායක
    3. රත්නායක
    4. මුදන්නායක
    5. වන්නකු
    6. මොහොට්ටාල
    මෙම අතීත නම් වර්තමානයේදී යම් යම් වෙනස්කම් වලට බදුන් වී ඇත
    old%20adems%20peack%201880.jpg


    මෙම කරුණු ශ්‍රියාණි රාජපක්ශ මහත්මියගෙ සබරගමු මහ සමන් දේවාලය නම් ග්‍රන්තයෙන් සහ මා රත්නපුර ප්‍රදේශයේ ගතකල කාලයෙදි
    අසා දැනගත් කරුනු සංක්ශිප්තයකි මෙය කොහෙන්වත් කොපි පේස්ට් කල ලිපියක් නොවන වග සැලකිය යුතුය
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මමත් මේ දෙවාලෙට ගිහින් තියනවා,ලස්සන තැනක තියෙන්නෙ,බොහොම හොඳ පොස්ට් එකක් අයියා,තෙරුවන් සරණයි! REP+
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ වගේ අතීත සාඩම්භරත්වය කියාපාන ‍වගේ ම කාගේත් පූජනීයත්වයට ලක්වුණ ස්ථානයක් ගැන කරුණු එළකිරි එක බලන අයගේ දැනගැනුම සඳහා ඉදිරිපත් කළ එකට බොහොමත් ම ස්තූතියි.
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ගොඩක් වටිනා පොස්ට් එකක් බ්‍රෝ
    බොහොම අගෙයි.....

    බුක්මාක් කරගත්තා :)

    හිමිහිට කියවන්න ඕනා ! ;)
    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.

    මමත් මේ දෙවාලෙට ගිහින් තියනවා,ලස්සන තැනක තියෙන්නෙ,බොහොම හොඳ පොස්ට් එකක් අයියා,තෙරුවන් සරණයි! REP+

    මේ වගේ අතීත සාඩම්භරත්වය කියාපාන ‍වගේ ම කාගේත් පූජනීයත්වයට ලක්වුණ ස්ථානයක් ගැන කරුණු එළකිරි එක බලන අයගේ දැනගැනුම සඳහා ඉදිරිපත් කළ එකට බොහොමත් ම ස්තූතියි.

    thnxx mchoo :)
    ++

    niyamai yaluwa

    thanks a lot:rolleyes:
     
    • Like
    Reactions: roshancs05