කරූ ගස් බල්ලෙක්

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
කරූ ගස් බල්ලෙක්

කරූ, රනිල් සමග සටනට එයි

2011 දෙසැම්බර් 05 වෙනි සදුදා, 09:47 සාමාන්‍ය

Karu_Ranil.jpg

ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්‍ෂ නිලවරණයේදී පක්‍ෂ නායකත්වය සඳහා තමාද තරග කරන බව එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා අද (05) පෙරවරුවේ දැනුම්දීමත් සමග මාස කිහිපයක් යටපත්ව තිබූ එජාප අභ්‍යන්තර අර්බුදය යළිත් වටයකින් ඇවිලී තිබේ.
ඉදිරි නිලවරණයේදී නායකත්වය සඳහා තරග කරන ලෙස එම පක්‍ෂයේ සජිත් පාර්ශවය පසුගිය දින කිහිපයෙහි කරූ ජයසූරිය මහතාගෙන් ප‍්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය.
එම තත්ත්වය තුළ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ, තමා යළිත් පක්‍ෂ නායකත්වය සඳහා තරග කරන බවයි.
කෙසේ වුවද, එයට පිළිතුරු වශයෙන් අද දිනයේ විශේෂ ප‍්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළ කරූ ජයසූරිය මහතා ප‍්‍රකාශ කොට ඇත්තේ, පක්‍ෂය ඇද වැටී ඇති තත්ත්වය හමුවේ තව දුරටත් නිහඬව සිටීම බරපතල අපරාධයක් බැවින්, පක්‍ෂය නිවැරදි මාවතට ගැනීම සඳහා තමන් පක්‍ෂ නායකත්වය සඳහා ඉදිරිපත් වන බවයි.
කරූ ජයසූරිය මහතා විසින් නිකුත් කළ එම නිවේදනය කිසිදු සංශෝධනයකින් තොරව පහත පළවේ.
පසුගිය සති කිහිපයක් තිස්සේ අතිපූජ්‍ය මහා නායක ස්වාමීන්වහන්සේලාද, මහා සංඝයා වහන්සේලාද අන්‍යාගමික පූජක උතුමන්ලාද, එක්සත් ජාතික පක්ෂයේ සගයන්ද, ශාලා සංවිධාන ද, ආධාරකරුවන් හා සිවිල් සංවිධාන සහ අනෙකුත් පාර්ශ්වයන් මා හමුවේ කරුණු කියා පෑහ.
ඒ සියළුම දෙනාම එක් කාරණාවක් පිළිබඳව තමන් තුළ දැඩි සැලකිලිමත් භාවයක් ප‍්‍රකාශ කර සිටියහ. ඔවුන් සියළු දෙනාම එක හඬින් පවසා සිටියේ අප නිදහස ලද දිනයේ සිට සැමගේ ගෞරවයට පාත‍්‍ර වූ ජාතිකමය වටිනාකමකින් යුතු එක්සත් ජාතික පක්ෂය තවදුරටත් විශ්වසනීය, ස්වාධීන, ප‍්‍රජාතන්ත‍්‍රික විපක්ෂයක් වශයෙන් ක‍්‍රියාකාරීමට අසමත් වන්නා වූ තරමේ පහන් මට්ටමකට පිරිහී ඇති බවයි. දිනපතාම අපට අපගේ බිම් මට්ටමේ සාමාජිකයන්ගේ සහයෝගය අහිමි වෙමින් පවතින අතර, සාමාන්‍ය ජනතාව ඉදිරියේ අපි හාස්‍යයට බඳුන් වෙමින් සිටිමු. පක්ෂය තුළ සිටින සුළු පිරිසක්, පක්ෂයේ ආධාරකරුවන් අති බහුතරය හා අපගේ සමස්ත ජාතිය ඔවුන්ගේ ග‍්‍රහණයට ගෙන සිටීම මෙහි ඇති ඛේදජනක තත්ත්වයයි. පෞද්ගලික ලාභ ප‍්‍රයෝජන සඳහා ඔවුන් තුළ පවත්නා කෑදරකම, පක්ෂය වෙතට ඔවුන් තුළ තිබෙන ආදරය අභිබවා නැගී සිටින බව මවිසින් නොකිවයුතු තරම්ය. පක්ෂය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, විනිවිදභාවය සහ ක‍්‍රියාකාරී විපක්‍ෂයක් ගොඩ නගා ගැනීම සඳහා ප‍්‍රතිසංස්කරණ ඉල්ලා සිටිමින්, මා සහ මගේ සඟයන් ගෙන ගිය අරගලය ඵල රහිත වූයේ මෙබැවිනි. අපි අවස්ථා බොහෝ ගණනකදී මෙම කාරණා සම්බන්ධයෙන් පක්‍ෂයේ නායක ගරු රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා සමගින් සාකච්ඡුා කළෙමු. ඉතා කණගාටුවෙන් සහ සිත් වේදනාවෙන් යුතුව මා හට පැවසීමට ඇත්තේ අපව හුදෙකලා කරනු ලැබීමයි. පක්‍ෂය සම්බන්ධව කිසිදු කාරණයක් පිළිබඳව අපට දැනුම්දීමක් හෝ අපගෙන් විමසීමක් හෝ සිදු නොවීය.
‘‘නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීම පිළිබඳව අපි දේශනා කරන්නෙමු. එහෙත් අප පක්‍ෂය තුළ එය නොපවතී. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අපි දේශනා කරන්නෙමු. එහෙත් අපගේ පක්ෂය තුළ එවැන්නක් නොමැති අතර, ඒ වෙනුවෙන් අප පක්ෂය තුළ අද පවතිනුයේ අසමගිතාව, පළිගැනීම උදෙසා උපක‍්‍රමිකව ක‍්‍රියාත්මක වීමයි.
අපි රජය තුළ පවත්නා ආඥාදායක ස්වරූපය පැමිණිලි කරමින් සිටියද ඊට වඩා වැඩි ගුණයකින් යුත් ආඥායකත්වයක් අපගේ පක්ෂය තුළ පවතින බව අපි අමතක කර ඇත්තෙමු. සම නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් මා වෙත එවන ලද ලිපියකින් ඔහු පවසා සිටින්නේ මෑත අවුරුදුවලදී මන්ත‍්‍රීවරුන් 61 දෙනෙකු සන්ධාන රජයට සම්බන්ධ වූයේ මේ කාරණය නිසාවෙන් බවයි. ඔවුන් අතරින් ඇතැමෙක් රජයේ ප‍්‍රබල ඇමතිධූර උසුලති. ඔහු පෙන්වා දෙන පරිදි 1994න් පටන් ගත් පසු ගිය වසර දහසය තුළ දී අපගේ පක්ෂයේ ඡුන්ද පදනම 45% සිට 29% වන ඉතාම කණගාටුදායක තත්ත්වයකට ඇද වැටී ඇත. එක පුද්ගලයෙකු හෝ සුළු කණ්ඩායමකගේ ක‍්‍රියාවන් හේතුවෙන් අපගේ පක්ෂය තුළ ක‍්‍රමිකව හා අඛණ්ඩව සිදුවන්නා වූ මෙම විනාශයට තවදුරටත් ඉඩ දිය හැකිද? මහජනතාව විසින් එක්සත් ජාතික පක්ෂය වෙත තබා ඇති විශ්වාසය තවදුරටත් බිඳ දැමීමට ඉඩ දිය හැකිදැයි මම මගෙන්ම විමසා සිටියෙමි. එය එසේ වීමට ඉඩ දිය නොහැකි බව මට හොඳින්ම තහවුරු වී ඇත්තේය. අපි අපගේ පාක්ෂිකයන්, මහජනතාව හා අපගේ රට වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකමක් ඇත.
රටේ යහපත උදෙසා එසේ කළ යුතු වන්නේ නම් තනතුරු අත්හැරීමට මා සුදානමින් සිටින වග මවිසින් මෙයට ප‍්‍රථමයෙන් කරනු ලැබුවා වූ බොහෝ ප‍්‍රකාශයන් මගින් ඉතා පැහැදිලිව අවධාරණය කර ඇත්තෙමි. ඒ බැව් මා යළිත් වරක් ප‍්‍රකාශ කරමි. මා මෙසේ පවසා සිටින්නේ අන් කිසිවක් උදෙසා නොව මා කිසිවිටෙකත් තනතුරු අපේක්ෂාවෙන් ක‍්‍රියා නොකළ අතරම මා තුළ සැමවිටම පැවතියේ පක්ෂයේ යහපත යන කරුණ පෙන්වා දීමටයි. බොහෝ දෙනෙකු දන්නා පරිද්දෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ මාගේ දිගු කාලීන රජය සමග කටයුතු කළ ඉතා කෙටි කාල සීමාවක දී පමණක් යම් බාධාවකට ලක් විය.
මේ සඳහා මා පොළඹවනු ලැබුවේ ත‍්‍රස්තවාදයට එරෙහිව රජය ගෙන ගිය සටනේ දී එකී වෑයම සහය දිය යුතු බවට මාගේ හෘද සාක්ෂිය තුළ පැවති දැඩි අධිෂ්ඨානයයි. යුද්ධය අවසන් වී ඇතත්, සාමය උදා වී නැත’ ප‍්‍රචණ්ඩත්වය හා දූෂණය වර්ධනය වෙමින් පවතී. මවිසින් ගනු ලැබුවේ වැරදි තීන්දුවක් දැයි ඇතැම් විට මගේ සිත මගෙන් ප‍්‍රශ්න කරයි. කෙසේ වුවද මවිසින් පැහැදිලිව කිව යුත්තේ මා රජයට සහාය දුන් අවස්ථාවේ දී මා එය එළි පිටම සිදු කළ අතර, නැවත පැමිණීම ද එළිපිටම සිදු කළ බවයි. එක්සත් ජතික පක්ෂය සමඟ වන මාගේ සම්බන්ධතා තුළ ද මවිසින් සිදු කළ කිසිදු සංවාදයක් පිටුපස දොරෙන් කළ ඒවා නොවන වග මා පැහැදිලිව ප‍්‍රකාශ කරමි’ එබැවින් විටින් විට මගේ ස්ථාවරයන් වෙනස් කිරීමට හෝ එක්සත් ජාතික පක්ෂය මොනයම් ආකාරයකින් හෝ අපහසුවට පත් කිරීමට හේතුවක් මට නොවීය.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා කරන ලෙස මා වෙත කරන ලද බොහෝ ඉල්ලීම් හමුවේ මම තවදුරටත් එකී ඉල්ලීම් නොතකා සිටිය නොහැකි තත්ත්වයකට පත්වීමි. මා ප‍්‍රකාශ කර සිටින්නේ මා වෙත කරුණු එම ඉල්ලීම් මවිසින් පිළිගන්නට යෙදුණු අතර, මා ද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා තරග කිරීමට තීරණය කළ බවයි. අපට නොයෙකුත් බාධකවලට මුහුණ දීමට සිදු විය හැකි බව මාත් මගේ සඟයනුත් හොඳින් දැන සිටින්නෙමු. අපගේ මඟ ඇහිරීම සඳහා, දැනටමත් පෙනී යන පරිද්දෙන්, විවිධ ආකාරයේ වැට කඩොළු බැඳීමට දරණ උත්සාහයන් පිළිබඳව අපි දැනුවත්ව සිටින්නෙමු. එසේ වුවත් පක්ෂ නායකත්වයට තරග වදින ලෙස මගෙන් ඉල්ලා සිටි සියළු දෙනාටම මා සහතික කොට කියා සිටින්නේ කුමන ආකාරයේ සිද්ධීන්වලට මුහුණ දීමට සිදු වුවත් මා ඔවුන්ගේ ඉල්ලීම සපුරාලීම සඳහා ක‍්‍රියා කරන බවයි. මා පක්ෂයේ නායකධූරය සඳහා තරග වදින්නේ එක්සත් ජාතික පක්ෂය බේරා ගැනීමට හා එක්සත් කිරීමටයි. නිලතලවලට වඩා මම එක්සත් ජාතික පක්ෂයට ආදාරය කරන්නෙමි. නායකත්වය සඳහා තරග වදින ලෙස මගෙන් ඉල්ලා සිටි සැමට මා දුන් පොරොන්දුව ද එයයි

 

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    කතාව ඇත්ත රනිල ඉන්නකන් විපක්ශයට ඔලුව උස්සන්න බැ:lol:, ඒක මුලු රටම දන්නව ඔනේම unp පාක්ශිකයෙක් දන්නව . එයාට ගෙදර යන්න කාලේ ගොඩක් පහු උනා , දැන් ඉතින් කනෙන් අල්ලලා හරි එලියට දාන්න ඔනේ කාලේ .:yes::yes:
    අනේ මන්ද ඒත් කරු ? එයත් නිකන් මට රනිල්ගේ නිවුන් සහොදරයා වගේ පේන්නේ . :confused:

    කරුට වඩා පන තියෙන කෙනෙක් ඇත්තෙම නැද්ද??:D අන්න පුලුවන්නම් දයාසිරි අන්න මිනිස්සු කොන්ද පන ඇතිව කතා කරගන්න හරි පුලුවන් :rolleyes::rolleyes:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    කතාව ඇත්ත රනිල ඉන්නකන් විපක්ශයට ඔලුව උස්සන්න බැ:lol:, ඒක මුලු රටම දන්නව ඔනේම unp පාක්ශිකයෙක් දන්නව . එයාට ගෙදර යන්න කාලේ ගොඩක් පහු උනා , දැන් ඉතින් කනෙන් අල්ලලා හරි එලියට දාන්න ඔනේ කාලේ .:yes::yes:
    අනේ මන්ද ඒත් කරු ? එයත් නිකන් මට රනිල්ගේ නිවුන් සහොදරයා වගේ පේන්නේ . :confused:

    කරුට වඩා පන තියෙන කෙනෙක් ඇත්තෙම නැද්ද??:D අන්න පුලුවන්නම් දයාසිරි අන්න මිනිස්සු කොන්ද පන ඇතිව කතා කරගන්න හරි පුලුවන් :rolleyes::rolleyes:
    This is not time to start a power struggle.Now people are ready to fight against the govt.they want to break the jail to get SF out.
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    This is not time to start a power struggle.Now people are ready to fight against the govt.they want to break the jail to get SF out.
    so then we should need a real leadership , we all know Ranil cant do that . so its time for him to go and give the leadership to a new person .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි බලාගෙන ඉමු මොකද වෙන්නෙ කියල :yes::yes:
    නායකය වෙන්නෙ කවුද කියන දේ කවුද දන්නෙ :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: roshancs05

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මට ඔය පක්ෂයකින් නම් වැඩක් නෑ නමුත් මෙක අරාබිය වගෙ කලකණ්නි වැඩ කරනකන් බලං ඉන්න තරන් හරක්නම් ඉන්නවා කියලා මම හිතන්නේ නෑ අනෙ අම්මපා මෙකේ ඉන්න එව්න්ටත් ඔන මෙක බාගන්න දාන බිලිකොක්කෙ ඇම වෙන්න මෙහෙමත් හරක් ලැජ්ජයි හිරිකිතයි මෙහෙම කියන්න විම ගැන දුකයි
     

    shan964

    Member
    Mar 31, 2011
    186
    4
    0
    කව්රු ආවත් ඉන්න අය එකමුතු වෙන්න ඕන ආපු කෙනාගේ කකුලෙන් ඇදල වැඩක් නැ
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්දව බිත්තියට හේත්තු කර ගන්නකොට, සජිත් සහ කරු ඇවිල්ලා පක්ෂේ කනවා.ඔය විදිහට නායකකම් ගන්න පොර කන්නේ මොකද?
    සජිත් ඔය කරන වැඩ ප්‍රේමදාසගේ කාලේ වෙන එකෙක් කරා නම් ඌට පක්ෂේ පස් පාගන්න හම්බ වෙන්නේ නෑ.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    කරු ජයසූරිය කියන්නේ මහ ගොන් හරකෙක්.මිනිහට දිනන්න ක්‍රමයක් නෑ.පක්සේ පස්සට තල්ලු වෙන එක වෙන්නේ..
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඉදිරියේ රාළ;11548776 said:
    ජෙනරාල්ව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට වහාම පත්කළ යුතුයි


    :yes::yes::yes::yes:

    Humanoid මල්ලි මොකද්ද මේ ගැන ඔයාගේ අදහස ... රනිල්ද? කරුද ? සජිත් පොන්ස් ද? නැත්නම් ජෙනරාල් ද?
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මහින්දව බිත්තියට හේත්තු කර ගන්නකොට, සජිත් සහ කරු ඇවිල්ලා පක්ෂේ කනවා.ඔය විදිහට නායකකම් ගන්න පොර කන්නේ මොකද?
    සජිත් ඔය කරන වැඩ ප්‍රේමදාසගේ කාලේ වෙන එකෙක් කරා නම් ඌට පක්ෂේ පස් පාගන්න හම්බ වෙන්නේ නෑ.

    මහින්දව බිත්තියට හේත්තු කරන්න නම් උබලට තව කාළාන්තරය් බලන් ඉන්න වෙයි.... :lol:
     
    • Like
    Reactions: roshancs05

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    :yes::yes::yes::yes:

    Humanoid මල්ලි මොකද්ද මේ ගැන ඔයාගේ අදහස ... රනිල්ද? කරුද ? සජිත් පොන්ස් ද? නැත්නම් ජෙනරාල් ද?
    මට ඕන රනිල්ව නායකත්වයට පත් කරලා ජෙනරාල් නියෝජ්‍යය නායකයා කරන්න.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මට ඕන රනිල්ව නායකත්වයට පත් කරලා ජෙනරාල් නියෝජ්‍යය නායකයා කරන්න.


    එකත් හොදයි :)... ජෙනරාල් මහින්දට කරපු වැඩේම රනිල්ටත් කරයිද ( කන්න දීපු අත සපා කෑම :lol: )
     
    Last edited: