[**][|]===සත්‍ය හොල්මන් කතාවක්===[|][**]

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
[**][|]===සත්‍ය හොල්මන් කතාවක්===[|][**]

මචන්ලා මේක උනේ ගොඩක් ඉස්සර මම ලොරියක වැඩ කරද්දි. එතකොට මට වයස 16ක් විතර ඇති. ලයිසන් එහෙම නැති නිසා ලොරි ක්ලීනර්ට තමා හිටියේ. අතට ලැබෙන්නෙ සොච්චම උනත් ලංකාව වටේම ඇවිදලා රෑ වෙන කොට ලොරිය උඩට නැගලා නිදියන එකට මම ඇත්තටම ආස කලා. මම වැඩ කලේ මාතර ප්‍රසන්න ලීලාරච්චි මහත්තයා ගෙ ලොරියක, බතීගම කොල්ලෙක් ඉන්නවා නම් හොයලා බලන්න ඒ මහත්තයාට තවමත් ලොරිම තමා තියෙනෙ. අපේ ගමන් වරේ තිබ්බෙ මාතර ඉඳන් කෙලින්ම නුවරට. කළුවර බුරුත තමා නුවරට ඇද්දේ. එන කොට හොඳ කැටයම් දාපු රිදී බඩු අඩුවට අරන් ඇවිත් මාර්කට් එකේ සල්ලි තියෙන උන්ට විකුනලා අමතර ගතමන්ට් එකක් හොයා ගන්නත් අපි අමතක කලෙ නැහැ.

ගමන් දුර නිසා අතර මග දෙතුන් තැනකින්ම ඩ්‍රයිවර්ලා මාරු වෙනවා. ඒත් ගෝලයා වෙච්ච මට නම් මාරු වෙන්න බැහැ. මුළු ගමනම මම තමා යන්නෙ. කොහොම හරි එක දවසක් කඩවතට ඇවිත් බලද්දි ඊළඟ ඩ්‍රයිවර් උන්නැහේ ඇවිත් නැහැ. මමයි ඉතින් ලොරිය උඩට නැගලා එනකල් ඉන්නවා ඉන්නවා මිනිහා නැහැ. වෙලාවත් රෑ 11ට විතර ඇති, අන්තිමට මම පුළුවන් විදිහට
යන්න පටන් ගත්තා. ලොරිය පරක්කු උනොත් අපේ පඩියෙන් ගාන කැපෙනවා. ඒ දවස් වල ඉතින් මට පාර කට පාඩම්, කොහොමෙන් කොහොම හරි මම හෙමීට යද්දි මෙන්න ඩ්‍රයිවර් කාරයා ඉන්නවා නෙලුන්දෙනිය හරියෙ! මට මේ වෙන කොට වාහනේ දක්කලා හොඳටම හති. මම නවත්තලා මිනිහාව දා ගත්තා. ඊට පස්සෙ මම ඇහුවා කොහොමද මෙච්චර ආවෙ? මොකද
උනේ වගේ ප්‍රශ්න ගොඩක්! මිනිහා කිසිම කතාවක් නැහැ. අන්තිමට මම කිව්වා මහන්සි නම් පස්සෙන් ඇල වෙන්න මම දිගටම යන්නම් කියලා. ඒ පාර මිනිහ පිටි පස්සෙන් නැග්ගා, මම එලවන් ආවා.

කැන්ඩි කොල්ලො ඉන්නවා නම් දන්නවා ඇති ගලිගමුව පාර නුවර-කොළඹ පාරට සෙට් වෙන තැන තියනවා ලිං වලට දාන වලලු හදන පොට් එකක්. මම දැන් ඒ හරියෙන් එන කොට ඇවිද ගන්න බැරි තරම් වයසක මිනිහෙක් ලොරියට අත දැම්මා. අපිට අඳුරන් නැති උන්ව පටෝ ගන්න තහනම් උනත් මම ඒ වෙලාවෙ ගොඩක්ම නිදිමතේ හිටි නිසා ලොරිය නවත්තලා ඒ මිනිහව පටෝ ගන්න බැලුවා. ඒත් නවත්තලා බලද්දි මිනිහා නැහැ. ඔච්චර වයසක මිනිහෙක්ට කළුවරේ දුවන්නත් බැහැ නේ. මම ඒ පාර ඌට බැන බැන ආයෙත් ලොරිය ස්ටාට් කරලා පාරට ගත්තා. මෙන්න බොලේ තවත් මීටර් 100ක් යන කොට අර මිනිහම ආයෙත් ලොරියට අත දැම්මා. දැන් නම් මගේ හිතත් ගැස්සිලා තිබ්බෙ. ඒත් ඉතින් ඕන එකක් වෙච්ච දෙන් කියලා මම ලොරිය
නැවත්තුවා. ඇස් දෙක අහකට ගන්නෙම නැතුව බැහැලා ලඟට ගියා. "සීයා කොහෙද යන්නෙ මේ වෙලාවෙ? නගින්න මම ගිහින් දාන්නම්" කිව්වා.. එත කොට ඒ සීය කිව්වා "පුතාව අරන් යන්න තමා ඔය ආවෙ" කියලා. මට ඒක මීටර් නැති උනත් මම අතින් අලලා ලොරියට නග්ග ගත්තා.

සීයත් දැන් කිසිම කතාවක් නැතුව යනවා. ඔහොම අමු පාළුවෙන් මම එලවන් යනවා. එක පාරටම ඩ්‍රයිවර් කාරය කිව්වා ඉස්සරහින් වමට දාන්න කියලා. මමත් ඉතින් කපලා ගන්න කොටම අර සීයා කිව්වා "පුතා හරවන්න එපා" කියලා. මම එක පාරටම හරවන් නැතුව කෙළින් යන්න ගියා. ඒ පාර ඩ්‍රයිවර් කාරයා පිටි පස්සෙ යකඩෙට ගගහා හූ කියනවා හරෝපන් කියලා. මට මාරම පුදුමයි මූ ගැන. ඒ පාර අර සීයා කිව්වා "පුතාගෙ වම් අතේ කිහිල්ල යටින් පිටි පස්සෙ ඉන්න කෙනා දිහා බලන්න" කියලා. මම ලොරිය ස්ලෝ කරන ගමන් අර කිව්වා වගේ කිහිල්ල අස්සෙන් බැලුවා. මෙන්න යකෝ ඩ්‍රයිවර් කාරයා සුදුමැලි වෙලා අමු හෙළුවෙන් ඉන්නවා. ඔළුවෙන් පැත්තක්ම නැහැ. මොළේ කෑලි එලියට පැනලා එල්ලෙනවා. මේක දැක්ක ගමන් මට වාහනෙ කන්ට්‍රෝල් නැතුව ගියා. කෙළින්ම ලොරිය පෙරලුනා හෙළට. යටි ගිරියෙන් කවුරු හරි
හූ කියන සද්දෙ මට හොඳටම මතකයි. ඊට පස්සෙ සිහිය එන කොට මම හිටියේ දෙය්යන්වල පන්සලේ. ලොකු හාමුදුරුවෝ කිව්ව විදිහට නම් මාව හම්භ වෙලා තියෙන්නෙ බෝ ගහ ගාව ඉඳලා. ලොකු හාමුදුරුවොන්ට හීනෙන් පෙනුනලු මම බෝ ගහ ගාව වැටිලා ඉන්නවා. ඉතින් ඇවිත් බලන කොට ඉන්නවා ලු.

මගේ කිසිම තුවාලයක්වත් තිබ්බෙ නැහැ. උබලා කිව්වට විස්වාස කරන එකක් නැහැ ලොරිය තිබ්බෙ කඩුගන්නාවෙ මහ හෙළේ. ලොරියෙ කෑලි හොයන්නවත් තිබ්බෙ නැහැ. මට මතක් උනේ අර සීයවම තමා! එදා රෑ මට පන්සලේ ඉන්න කොට මට හීනෙන් පෙනුනා ඒ සීයව. හීනෙන් මට කිව්වෙ "පුතේ මම තමා උඹලා ගෙ ගමේ වෙද සීයා. උඹලාට අතුරු අන්තරාවක් වෙනකොට මගේ හිතට ඒක දැනෙනවා පුතේ" කියලා! වෙද සීය මැරෙන කොට මම පොඩිම
පොඩි එකෙක්. මට ඇත්තම කිව්වොත් මූනවත් මතක නැහැ. පස්සෙ ආරංචිය ආවා අර ඩ්‍රයිවර් කාරයා බීලා රණ්දුවක් ගිහින් ගහලා මරලා තිබ්බා කියලා. එහෙම මැරුන උන් තවත් එකෙක් මරා ගෙනලු මේ ලෝකෙන් යන්නෙ.

මේක සත්‍ය සිදුවීමක්! මේ වගේ ඒවා 100කට වඩා මම අත් විඳලා තියෙනවා!

 

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    හොඳ ආත්ම තියෙන අයත් ඉන්නවා මේ ලෝකේ නරක ආත්ම තියෙන අයත් ඉන්නවා...
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mata kiyapan oya lorrya peralune mona aurude koi kaleda kiyala ban poddak


    math holmannam dekala thiyanawa hebayi mehema welanam nha
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    :growl: තොට ඕක කියන්න මේ රෑ දෙගොඩහරි ජාමෙ විතරමද තිබුනෙ :frown:
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    eka thamayi ban math ahala beluwe koi kaale una sidiyakda kiyala, kadugannawenam ithin api nodena inna bha,
    ඒක කිව්වොත් ඉතින් මගේ මුළු පැටිකිරියම මාට්ටු නේ. උබ කියවද්දි තේරේවි මේකේ ඇත්ත නැත්ත. වැඩි දුර විස්තර නම් කියන්න බැරිය. :)