අන්තර්ජාලයෙන් මුදල් උපයමු

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    අන්තර්ජාලයෙන් මුදල් උපයමු

    ඇත්තටම අන්තර්ජාලයෙන් පහසුවෙන් හා වේගයෙන් මුදල් ඉපයිය හැකිද? :confused:

    පිලිතුර ඔව් මුදල් උපයන්න පුලුවන්. :yes: හැබැයි වේගයෙනුත් බෑ. පහසුවෙනුත් බෑ. :no:
    ඒත් මම මේ Thread එක ලියන්නෙ ඔයාලට පහසුවෙන් මුදල් උපයන හැටි කියල දෙන්නයි. අන්තර්ජාලය තුල මුදල් ඉපයීමේ ක්‍රම ඕන තරම් තියනව. ඒත් ඒ හැම එකක්ම හැමෝටම කරන්න බෑ.මොකද කියනව නම් සමහර ඒවට ලොකු දැනුමක් අවශ්‍ය වෙනව. තවත් ඒවට ලොකු කාලයක් අවශ්‍ය වෙනව.
    ඒත් මේ Thread එකෙන් මම ඔයාලට කියල දෙන්න බලාපොරොත්තු වෙනව අඩු කාලයකින් හා අඩු දැනීමකින් පහසුවෙන් මුදල් උපයන හැටි. :)

    ඉදිරියට යන්න කලින් මුලින්ම ඔයාලට කිවයුතු දේවල් කීපයක් තියනව. එනම්,


    ඔබ උපයන මුදලින් තව අයෙකුට commission එකක් යනවාට ඔබ අකමැති කුහක පුද්ගලයෙකු නම් මෙය තවදුරටත් කියවීමෙන් ඔබගේ වටිනා කාලය අපතේ නොයවන්න. :no:

    මුලින්ම මම කියල දෙන්නම් PTC Site එකකින් මුදල් උපයන හැටි.


    1.මොකක්ද මේ PTC Site කියන්නේ?
    Paid to Clicks. මෙවැනි Sites ගනනාවක් අන්තර්ජාලය තුල තිබුනත් බොහොමයක් ඒවා වoචනික ඒවාය. එමනිසා නිවැරදිව මුදල් ගෙවන නිතයානුකූල සුරක්ශිතභාවයක් ඇති PTC Site එකක් තෝරා ගතයුතුය. එවැනි Sites කීපයක් ඇත. මම ඒවා ගැන පසුව කියන්නම්.

    2.කොහොමද මෙවායින් මුදල් උපයන්නේ?
    බොහොම පහසුයි. ඒවගේම අමාරුයි. :frown:
    ;) පහසු කොටස තමා මුදල් උපයන එක. :cool: ඒත් අමාරු කොටස තමා උපයපු මුදල් තමන්ගෙ අතට ගන්න එක. :oo:
    ඔබට කරන්න තිබෙන්නෙ ඔවුන් ලබා දෙන Advertisements නැරඹීම පමණි. මේ සදහා දිනකට ගත වෙන්නේ මිනිත්තු 10 කි.

    3. PTC Site එකකින් ලොකු මුදලක් ඉපයිය හැකිද?
    ඔව් පුලුවන්. :yes: හැබැයි නිකන්ම නම් බෑ. :no: සාමාන්‍යයෙන් PTC Site එකක් ගෙවන්නෙ මෙහෙමයි.
    ඔවුන් ඔබට දිනකට Advertisements 04 ක් අනිවාර්යයෙන් ලබා දෙයි.
    $0.001 per 01 Advertisement. ඒකියන්නේ..
    $0.001*4 = $0.004 = දිනක ආදායම. :no: මෙය විහිලුවකි. මක් නිසාදයත් ඔවුන් ඔබට මුදල් ඔබේ online ගිණුමකට ලබා ගැනීමට අවසර දෙන්නේ අවම වශයෙන් $2 එකතු වු පසුවය.
    $2/0.004 = දින 500 ගතවේ. :shocked:

    එබැවින් අපේ ලoකාවෙ සාම්ප්‍රදායික Free ක්‍රමයට නම් PTC Site වලින් මුදල් ඉපයිය නොහැකිය. :no: එබැවින් ඔබට ඒ සදහා යම් මුදලක් ආයොජනය කිරීමට සිදුවේ. :yes:

    4.කොපමණ මුදලක් ආයෝජනය කළයුතුද?
    එය තීරණය වනුයේ ඔබ ඉපයීමට බලපොරොත්තු වන මුදල මතය.
    (මසකට $15 ක් නම් ඔබ ආයෝජනය කලයුත්තේ $10කි. එනම් ලාභය 1 ට 1.5 කි.)


    ඉතින් තවදුරටත් මෙය කියවමින් ඔබේ වටිනා කාලය අපතේ නොයවමින් ඔබ ලග පහත අවශ්‍යතා තිබේදැයි බලන්න.

    1. වයස අවු 18 ට වැඩිවිය යුතුය,

    2. E-mail ගිණුමක්,
    අළුත්ම Gmail ගිණුමක් තිබේ නම් ආරක්ෂාව මෙන්ම ඉදිරි වැඩ කටයුතුද පහසුවේ.

    3. සෑම දිනකම අන්තර්ජාලයට පිවිසිය හැකි අන්තර්ජාල සම්බන්දතාවයක්,

    4. AlertPay හෝ Neteller සමාගම් වල online ගිණුමක්,

    වැදගත්-
    American Express card එකක් හෝ Visa/Master credit card එකක් හෝ AlertPay online ගිණුමේ හෝ Neteller online ගිණුමේ අවම වශයෙන් $10 ක මුදලක්. (කනගාටුයි. web card එක මේ සදහා යෝග්‍ය නොවේ. :no: එමෙන්ම Neteller සමාගම සදහා Silver/Gold/Platinum වර්ගයෙන් යුතු Visa/Master credit card එකක් අවශ්‍ය වේ.)
    සටහන- web card එක මේ සදහා යෝග්‍ය නොවන්නේ AlertPay සමාගම තාවකලිකව Visa/Master Card ගණුදෙනු නවතා ඇති අතර Neteller සමාගම web card එක සදහා අවසර නොදීමත්ය.
    අවවාදයයි- Paypal සමාගම හරහා PTC Site ගනුදෙනු නොකරන්න. ආයෝජනයද නොකරන්න. මක්නිසාද යත්, Paypal සමාගම නැවත මුදල් ලoකාවට ගෙන්වා ගැනිමට අවසර නොදෙයි.

    Neteller සමාගම යනු,
    වැඩිපුර කතා බහට ලක්වන සමාගමක් නොවන අතර Neteller සමාගම ගැන පහළ විස්තරකර ඇත.
    AlertPay/Neteller සමාගම් වල Bank wire මගින්ද මුදල් තැන්පත් කල හැක.

    සටහන- ඉහත අවශ්‍යතා එකක්වත් සපුරා ගැනිමට නොහැකි නම් වෙන යම් පුද්ගලයකු හරහා ඔබේ AlertPay/Neteller ගිණුම් වලට මුදල් තැන්පත් කරගන්න. එසේද නොහැකි නම් මෙම පිටුව වසා දමන්න.


    *AlertPay හෝ Neteller සමාගම් වල online ගිණුමක් නොමැති නම්,

    පහත සදහන් කර ඇති card වර්ග වලින් අඩුම තරමෙ එකක් වත් අවශ්‍යවේ.
    American Express card එකක් හෝ Silver/Gold/Platinum වර්ගයෙන් යුතු Visa/Master credit card එකක්. (Visa debit cards වලoගු නොවේ. :no:)

    හරි දැන් මේ විදියට online account එකක් open කරන්න.


    1.AlertPay E-wallet යනු ඉතාමත් ආරක්ෂාකාරී සේවාවක් සපයන ආයතනයකි.
    ඉහත link එක click කර signup වීමට ලබාදෙන පෝරම වලට සත්‍ය තොරතුරුම ලබා දෙන්න. ආරක්ෂිත password එකක් යොදා ගන්න. Account එක සදා ගත් පසු Account එකට log වී එය තහවුරු (verify) කරගතයුතු වේ. ඒ සදහා Myaccount > Profile > Personal යටතේ verification වලට ගොස් එහි c ලෙස සදහන් තේරිම මගින් ඔබගේ ජoගම දුරකතනය භාවිතාකර තහවුරු (verify) කරගත හැක. ඉන්පසු add credit card option (දකුණු පැත්තේ ඉහලින්ම ප්‍රධාන මෙනුවට යටින්) එකට ගොස් ඔබගේ card පතෙහි තොරතුරු ලබා දෙන්න.

    සටහන-AlertPay භාවිතයෙන් සිදුකරන සෑම ගණුදෙනුවක්ම සදහාම Transaction pin එකක් අවශ්‍ය වන අතර ඔබට අවශ්‍ය pin එක ඔබ ගිණුම සාදන අවස්තාවේදී ඉදිරිපත් කලයුතුවේ.

    වැදගත්-Transaction pin එක යම් හෙයකින් ඔබට අමතක වුවහොත් නැවත ලබා ගැනීම සෑහෙන අපහසු කටයුත්තකි. :no:

    2.Neteller E-Wallet
    මෙයද ඉතාමත් ආරක්ෂාකාරී සේවාවක් සපයන තවත් ආයතනයකි.
    ඉහත link එක click කර signup වීමට ලබාදෙන පෝරම වලට සත්‍ය තොරතුරුම ලබා දෙන්න. ආරක්ෂිත password එකක් යොදා ගන්න. අදාල තොරතුරු පිරවීමෙදී help box එකක් ස්වයoක්‍රීයව දකුනු පැත්තෙන් පෙන්වනු ලැබේ. එහි උපදෙස් අකුරටම පිළිපැදිය යුතුවේ. Account එක සදා ගත් පසු Account එකට log වී එය තහවුරු (verify) කරගතයුතු වේ.

    සටහන-Account එක තහවුරු (verify) කරගැනීම නම් මදක් අපහසු කටයුත්තකි.
    මේ සදහා ඔබට ලියකියවිලි (Documents) 02 ක් අවශ්‍ය වේ.

    1. Identity Verification Document
    මේ සදහා ඔබ, ඔබේ ජාතික හැදුනුම්පත හෝ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කලයුතුය.
    (Scan කරන ලද පිටපතක් හෝ පැහැදිලි ඡායාරූපයක් - පැති දෙකම)

    2. Address Verification Document
    මේ සදහා ඔබ, ඔබේ නමින් ඇති විදුලි බිල්පතක්, වතුර බිල්පතක්, දුරකතන බිල්පතක්(ජoගම දුරකතන බිල්පත් වලoගු නොවේ), ගෑස් බිල්පතක්, අන්තර්ජාල බිල්පතක්, card statement එකක්, bank statement එකක් හෝ බලයලත් බැoකුවකින්/ආයතනයකින් ඉදිරිපත් කරන ලද මූල්‍යමය ආයෝජන වාර්තාවක්, දේපල උකස් තැබූ සහතිකයක්, ජීවිත රක්ෂණ සහතිකයක් හෝ ආදායම් වාර්තාවක් ඉදිරිපත් කලයුතු වේ.
    ඔබට ඉහත සදහන් එකක්වත් ඉදිරිපත්කල නොහැකි නම්,
    Bank account confirmation letter on bank letterhead with bank stamp and signature or Transaction confirmation notification letter එකක්වත් ඉදිරිපත් කලයුතුය.

    වැදගත්- එමෙන්ම අංක 2 යටතේ ඉදිරිපත් කරන ලියවිල්ල දින 90 කට වඩා පැරණි විය නොහැක.මෙම ලියවිලි 2 ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දවස් 2-4 ත් අතර කාලයකින් ඔබේ ලියවිලි අනුමත කල/නොකල බව පවසනු ලැබේ. සාමාන්‍යයෙන් පැය කිහිපයකින් මෙය සිදුවේ.

    3. Quick telephone call to verify your identity
    ඉහත සදහන් ලියවිලි 2 අනුමත කල බවට සදහන් email පණිවුඩය ලැබීමෙන් අනතුරුව ඔබ, ඔබේ දුරකතන අංකය ජාත්‍යන්තර අංකය සමග ලබා දිය යුතුය.
    පැය 1-3 ත් අතර කාලයකින් දුරකතන ඇමතුමක් ලැබෙන බවට email පණිවුඩයක් ලැබුනත් මිනිත්තු 15ක් ඇතුලත දුරකතන ඇමතුම ලැබේ. ඔබ ඇතුලත් කරනලද සියලුම තොරතුරු දුරකතන ඇමතුම හරහා නැවත ලබා ගනු ඇත.
    වැදගත්ම කාරණය නම්, ඔබට යම් ගැටළුවක් පැන නැගුන විට ඔබ ඔවුනට කථා කිරීම අවශ්‍ය නොවන අතර කෙටි පණිවුඩයක් යැවිමෙන් ඔවුන් ඔබව අමතනු ඇත. එමෙන්ම Visa Card පත හරහා සිදුකරන සෑම ගෙවිමකදීම Card Center එකෙන් ඇමතුමක් ලැබෙන අතර එම ගෙවීම ස්ථිර කලයුතුය.

    ගිණුම තහවුරු කල පසු ඔබට Net+ Card එක apply කල හැකිවන අතර එම Card පත හරහා ලොව ඕනෑම Any Time Money (ATM) එකකින් ඔබගේ ගිණුමේ ඇති මුදල් ලබාගත හැක. තවද එම Card පත ඔබට අවශ්‍ය නම් Paypal ගිණුම සදහාද ඉදිරිපත් කල හැක.

    හරි දැන් ඔක්කොම හරි. ;) ;)

    දැන් තියෙන්නෙ PTC Site එකක Register වෙන එක.
    NeoBux.com

    ඉහත link එක මගින් neobux වෙබ් අඩවියට පිවිසී සාමාජිකත්වය ලබා ගන්න.
    අවවාදයයි- neobux යනු දැඩි නීති-රීති ඇති PTC වෙබ් අඩවියකි. නීති-රීති කඩකිරීම මගින් ගිනුම අත්හිටුවනු ලැබේ.


    වැදගත්- මෙහිදී ඔබ ඉහත සදහන් link එක භාවිතයෙන් වෙබ් අඩවියට පිවිසියේ නම් ඔබට පෝරමයක් දිස්වන අතර එහි referral එකට අදාල කොටුවේ මගේ නම හෝ නමට අදාල code එක තිබෙනු ඇත.

    මෙම referral code එක මගින් ඔබට කිසිදු අවාසියක් නොවන අතර කිසිදු වාසියක්ද සිදු නොවේ. :rofl:

    එහෙත් එම code එක හරහා මට නම් වාසියක් ඇත. :yes: එනම් ඔබව යොමුකරන පුද්ගලයා, මම බවට neobux ආයතනය දැන ගන්නා අතර එමගින් මට යම් commission එකක් ලැබේ. එය ඔබ උපයන මුදලින් 20%-50% අතර අගයකි. ඔබේ referrals උපයන මුදලට commission නොලැබේ. ඔබට එම code එක delete කලහැකි වන අතර එමගින් ඔබට neobux හි සාමාජිකත්වය ලබා ගැනීම සදහා කිසිදු ගැටලුවක් පැනනගිනු නොලැබේ. :no:

    එහෙත් ඔබට හැකිනම් පමණක් ඉහත link එකෙන් ගොස් එම code එක delete නොකර neobux හි සාමාජිකත්වය ලබා ගන්න. :)

    සාමාජිකත්වය ලබාගැනීමෙන් පසු ඔබට මුදල් ඉපයීම ආරම්භකල හැක.
    එහෙත් මුලින්ම neobux හි සියලුම terms of service හොදින් කියවා අවබෝද කර ගන්න.
    Help පිටුවේ ඇති සියලු විස්තරත් හොදින් කියවා අවබෝද කරගන්න.


    කොහොමද ආයෝජනය කරන්නේ?

    1. මුලින්ම neobux තූලට login වෙන්න.

    Elakiri-A-01.jpg


    2. Username එක click කිරීමෙන් ඔබගේ profile එකට පිවිසෙන්න. (A)

    3. එහි referrals යන්න click කරන්න.
    referrals pack වල මිල ගනන් දක්වා ඇත.
    දැන් දකුණු පස උඩු කෙලවරේ ඇති Add funds යන්න click කරන්න.

    Elakiri-A-02.jpg


    AlertPay හෝ Neteller යන 2න් එකක් තෝරන්න. (මෙය ඔබට ඇති online bank ගිණුම අනුව තීරණය වේ. ඔබට paypal සක්‍රීය ගිණුමක් දැනටමත් තිබුනත් එය භාවිතා කිරිමෙන් වළකින්න. වැඩි විස්තර ඔවුන්ගේ Terms of service 5.1 හා 5.6 මගින් ලබාගත හැක )
    Paypal මට වැරදුන තැනකි.

    4.ඔබට ආයෝජනය කිරිමට අවශ්‍ය මුදල තෝර ගන්න.

    Elakiri-A-03.jpg


    (ඔබ මිලදී ගැනීමට යන referrals pack එක අනුව තීරණය වේ)

    5.Referrals pack එකක් Select කර confirm කරන්න.

    සටහන-ඔබ එක් Referrals pack එකක් මිලදී ගත් පසු ඔබට නැවත Referrals pack එකක් මිලදී ගත හැක්කේ දවස් 7 කට පසුවය. Referrals pack එකක් දින 30ක් පමණක් වලංගු වන අතර ඔබට ඉහත රූපයේ 'D' හරහා ගොස් නැවත මුදල් ගෙවා කාල සීමාව උපරිමය දින 240ක් දක්වා දික් කරගත හැක.

    Elakiri-A-04.jpg


    Standard Member ---> Max 300 Referrals
    Gold Member ---> Max 2000 Referrals


    කොහොමද මුදල් උපයන්නේ?

    1. මුලින්ම view advertisement කියන එක click කරන්න. එවිට ඔබට තිබෙන advertisements පෙන්වනු ලැබේ.

    Elakiri-01.jpg


    Standard Member ---> 04 advertisements ++
    Gold Member ---> 09 advertisements ++++

    2. වරකට එක advertisement එකක් පමණක් විවෘත කරන්න.
    එවිට ඔබෙ වින්ඩෝවේ යටින්ම කහපාටින් තීරුවක් පිරවී ගෙන යයි. එය පිරවී අවසන් වු පසු තීරුව කොලපාට වී වම්පස උඩ කෙලවරින් ඔබේ ගිණුමට මුදල් බැරවු බව සදහන් පණිවුඩයක් දිස්වේ.

    Elakiri-02.jpg


    ඉන්පසු වින්ඩෝව වසා දමන්න. එලෙස ඔබට හිමි සියලුම advertisement බලන්න.

    3.තැඹිලි පාටින් ඇති advertisements ඔබ අනිවාර්යයෙන්ම බැලිය යුතු ඒවාය.

    Elakiri-03.jpg


    මතක තබා ගන්න- පැය 24ක් යනු අළුයම 12.00 සිට මධ්‍යම රාත්‍රී 11.59 තෙක් කාලයයි.
    (12:00 - 23:59)
    එහෙත් මෙය ඇමරිකාවේ ආයතනයක් බැවින් ඔවුන්ගේ කාලයට අප වැඩ කලයුතුව ඇත.
    එනම් ඔවුන්ගෙ පැය 24 යනු ලංකීය වෙලාවෙන් උදෑසන 10:30 සිට පසුදා උදෑසන 10:29 දක්වාය.
    එමනිසා මෙම කාලය ඇතුලත එකම advertisement එක දෙවරක් click නොකිරීමට ඔබ වගබලා ගත යුතුය. (advertisements පැය 24ක් යාමට මත්තෙන් reset වන බැවින්)

    4.Local Time එක පිළිබදව ඔවුන් අවධානය යොමු නොකරයි. ඔබේ පහසුව පිණිස එය ප්‍රස්තාරයෙන් නිරූපණය කරයි.

    Elakiri-04.jpg


    5.සෑම දිනකම advertisements බැලීම කලයුතුවේ. එසේ නොමැතිනම් referrals මගින් ඔබට ලැබෙන commission මුදල නොලැබී යනු ඇත.

    Elakiri-05.jpg

    Elakiri-05B.jpg


    විෂේශ අවාදයයි- මෙහි දැක්වෙන පරිදි යම් දෙයක්/දෙවල් ඔබ කිරිමට ගොස් ඔබට සිදුවන කුමන හෝ ලාභයක්, පාඩුවක්, අලාභානියක් පිළිබදව මා කිසිදු වගකීමක් දරණු නොලැබේ. :no: :no: :no:

    මේ ආකාරයට ඔබත් මුදල් උපයන්න පටන් ගන්න. ඔබේ අදහස්, යෝජනා, චෝදනා කමෙන්ටුවකින් ඉදිරිපත් කරන්න. :) :) Thread එක කියවු ඔබ සැමට තුති. :) :)
     
    Last edited:

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    Neobux eke free member kenek widihara invest karana eka kawadawath karanna epa. Apita thiyena tikath nathi wenawa. Coz referrals la hamadama click karanne na. average 2 clicks per day wage thama.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    එහෙම වෙන්නෙ නෑ මචෝ. හැමෝම Golden යන්න කලින් කරල බලනව. මාත් බැලුව දාපු ගානට වඩා ආව. කොහොමත් standard member කෙනෙක්ට 2.0 average එකක් එක්ක referrals cliks දෙනව නම් තමා 1 ta 1.5 profit එකක් එන්නෙ. 4.0 එකක් දෙනව නම් 1 ta 3 profit එනව
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    මචන් උඹ ඉන්නෙ ගල්යුගේද?

    1. නියෝබක්ස් එකෙන් දැන් සල්ලි ගෙවන්නෙ නැහැ හරියකට, උන් නිකම් අහම්භෙන් තෝරගෙන සල්ලි ගෙවන්නෙ.

    2. පේපැල් එකෙන් සල්ලි ලංකාවට ගන්න පුළුවන් කියලා ඕනම පොඩි එකෙක් දන්නවා.

    3. රෙෆරල්ස්ලා කියලා ඉන්නෙ බොට් එකක්. දවසකට ක්ලික් කරන්නෙ ඇඩ් 1ක් විතර.

    4. වැදගත්ම එක තමා වෙන හොඳ බක්ස් සයිට් තියෙද්දි ඔය වගේ ගොං එහෙකට රැවටෙන්න එපා බන්


    මහන්සිවෙලා ටයිප් කරපු එක නම් හොඳයි. ඒත් ප්‍රයෝජනයක් නැහැ මචන්. මමත් කළින් බක්ස් සයිට් 20ක් විතර කලා. එකකට $150ක් වගේ ආයෝජනය කලා, දාපු ගානත් කවර් කර ගත්තෙ මාරම ගේමක් දීලා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මෙහෙමයි මචෝ $5ක් වගේ දාලා නම් ඉතින් profit හොයන්න බෑ. අඩුම තරමෙන් $20 ක් වත් ඔනේ. මොකද එතකොට තමා clicks වලින් හොද average එකක් එන්නෙ. referrals la දෙතුන් දෙනෙක් rent කරල profit හොයන්න එපා.
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    මෙහෙමයි මචෝ $5ක් වගේ දාලා නම් ඉතින් profit හොයන්න බෑ. අඩුම තරමෙන් $20 ක් වත් ඔනේ. මොකද එතකොට තමා clicks වලින් හොද average එකක් එන්නෙ. referrals la දෙතුන් දෙනෙක් rent කරල profit හොයන්න එපා.
    මම නියෝබක්ස් එකට $150ක් දැම්මා.. මාස 6කටම ප්‍රොෆිට් එක $13යි ගානක්:rofl::rofl:
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    උඹ ඔය සල්ලි හොයලා තියෙන්නෙ රිෆරල්ස්ලා ගෙන් නෙ? උඹ මෙතන අපිට කියනවා සල්ලි ආයෝජනය කරන්න කියලා. ඒ උනාට උඹ සල්ලි හොයන්නෙ උබේ ලින්ක් එකෙන් අපිව රෙජිස්ටර් කොරවලා. අනික මේක උඹේ ටියුට් එකක් නිසා පාඩුවක් උනොත් උඹ වගකියන්න ඕන නෙ? හරි හරි මචන් එහෙනම් දිගටම කරපන් කෝ. කවුරු හරි කමක් නැහැ කීයක් හරි හොයනවා නම් ලොකු දෙයක් නේ. ගුඩ් ලක් මචන්!:D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මම නියෝබක්ස් එකට $150ක් දැම්මා.. මාස 6කටම ප්‍රොෆිට් එක $13යි ගානක්:rofl::rofl:

    බොරු කියන්න එපා බන්. මම මාසෙන් $26ක් ගත්ත.
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    බොරු කියන්න එපා බන්. මම මාසෙන් $26ක් ගත්ත.
    උඹ $26ක් හෙව්වෙ හියුමන් රිෆරල්ස්ලා ගෙන්! මම $13ක් හෙව්වෙ බොට්ලා ගෙන්
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    neo bux neda ? men naahapan

    neo bux eke gold member kenek tama mama tharaha gan da epa mama mewa kiwwata. site eke genuine uba kiyana deth aththa namuth meke sgawich cha dewal godak thiyanawa.. matath oya una tibuna muladi ekai mama membership eka gatte..

    neo bux eka muladi ekiyan ne oyala ge arambayedi hodata gewanawa.. ok.. oyala tiken tika ihalata yad di un ge referels la active nehe .. ethakota nikam ma padu widin da wenawa. recycle karapuhama labeth iwarai.. godak aya meka tharinawa membership gaththa ayath mokada meka kapati kamak. eka onge trick ekak.. direct referels la hitiyoth hoda labayak ganda puluwan..

    meke labaya hoyan da pulwan referels la hmm ex.. 100 extend karoth 3 moth puluwan kauda ban oka karan ne doller 50 withara yana wa ekata masekata karapuhama tikak labai eth referels la hamadama active nehe ethakota padui inactive sathi ganan samahara vita ethakota labayak ath thema nehe.. kohomath padui wade masa 3ta gath thath hamadama active nehe .. recycle karn dath gewan da ona...

    un ge site eke kiyala thiyenawa earning calculate eke sampurna booru mokada referels la hamadama active nehe smahara ewun sathi ganan click karan neth nehe ..

    ihalata yad di un ge referels la kohomath click karan ne nehe automatic recyle tiyenawa eka free eth eka wada karan ne referel kenenk 15 days click kare nattam witharai ethakota api uwa gan ne masekata ethakota labak nehe ..

    anith trick eka un ge thiyenawa option ekak auto pay kiyala eka wada karan ne mehemai referel kenenk ta maseta wenuwata dawasa ta gewana wa click karoth witharai 15% discout masekata gan nawata wada hodai neda? hehe eketh trick eka kiyan ne referels dawas 20ta wadi ayata thama eka active anaith eka dawas 20 mehata eka wada karan ne nehe referels la hamada ma active nehe ethakota nikam ma smahara wita ara dawas 20 eka dawask hari u ckick kare nat tam uwa aphau masekata gan da wenawa ekath ech charama sarthaka nehe ..

    meke hoda profit ganda puluwan mama hitha widihata direct referels la innawanam witharai .. api gewapu ganama apahu api aragena wadak nehe labayak thama ona... meken godayana ekama aya direct referels la inna aya witharai.... me site eken earn karan da puluwan referels la gen.. ithin direct referels la godak innawanam meke niyamai... niyama laba gan da puluwan..

    ithin oyala thawath hithanawanm meka maru kiyala mage 1 year membership eka thama thiyenawa aduwata eka den nam kata hari .......
     
    Last edited:

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    උඹ $26ක් හෙව්වෙ හියුමන් රිෆරල්ස්ලා ගෙන්! මම $13ක් හෙව්වෙ බොට්ලා ගෙන්

    එක ඇත්ත අපි රෙන්ට් කරන්නේ Botලා උන් click කරන්නේ උන්ට ඕනේ ගාන
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    කැමති අයට idea එකක් ගන්නයි දැන්මේ. හිගාකන්න නෙමේ. :P
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මම නියෝබක්ස් එකට $150ක් දැම්මා.. මාස 6කටම ප්‍රොෆිට් එක $13යි ගානක්:rofl::rofl:

    siraawata mama Golden gaththa referrals 300k gaththa 2months gihilla balanakota yantham $20k withara thiyenawa eka atha arala damma.

    onbux kala ekenam referrals la elat ekata click kala. Gold gaththa $60 gaanaka payout ekak gaththa ethanin passe ekath scam una atharala damma
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    microworkers eke register wela jobak karahanko.. bux karala kawada diyunu wennada.. register wenawanam mulinma human referrals la 50k wath hoyaganna.. me thread eka dala thiyenneth ekata thamai :) ewa apita wedak nehe.. oyalath human ref la hoyaganna dannawanam wede patan gaththata padu nehe. mamanam bux epa wela inne.. micro workers nam ela.. hondata igena gaththoth forex karahan.. gode goda.