කොහොම උනත් ඉතින් අපි පුරුදුවෙන්න බයිට් වෙනවා නෙවෙයිනේ කියලා හිත හදාගෙන මන් ඇහුව අක්කේ දැන් අපි කොතනින්ද පටන් ගන්නේ කියලා.
අනේ මල්ලියෝ මටත් හිතාගන්න බැ කොහෙන් කොහොම මේ වැඩ ටික පටන් ගන්නද කියලා,ඔයාලගේ අප්පච්චිනම් කීව හොටෙල් එකට ටර්මලීන් ඒක බුක් කරන්න කියලා, අපි ඉස්සෙල්ලාම ඒක කරමු මල්ලි, මොකද නැත්නම් අපිට ඒක කරගන්න බැරිවෙයි වෙන කෙනෙක් බුක් කලොත්,
අනික මල්ලි මොකද කරන්නේ ෆ්ලවර් ඩෙකරේෂන් එකට අපි ඒක කරනවද නැත්නම් වනමල් එකට බාර දෙමුද? වනමල් එකට දෙනවනම් මල්ලි අපිට ඒක දීල යන ඒක ලඟයි මොකද වනමල් එකේ ගෙදර තියෙන්නේ කැන්ඩ් වීවූ එකේ.
ඕනේ නැ අක්ක අපි ඒක කරමු මොකද මගේ යාලුවෙක් ඉන්නවා නුවර එළියේ මිනිහ ඔය වැඩ කරනවා.අපි මිනිහට කියලා ලස්සන්නට අපිට ඕනේ විදියට වැඩේ කරගම්මු.
හරි පැටියෝ එහෙනම් අපි යමු හොටෙල් එකේ වැඩේ කරන්න
හොටෙල් එක ලඟට යනකන් අපි අතරේ කතාවක් සිද්ද උනේ නැ, මට කතා කරන්න ඕන කමක් තිබ්බෙත් නැ, මොකද මට වචන හොයාගන්න බැරුව හිටියේ දිලිනි අක්කව දැක්ක වෙලේ ඉඳල, මොකද එයා ගාව අනිත් කෙල්ලන්ගේ වගේ බොරු පොෂ් ගතියක් තිබ්බෙම නැ, අනන්තවත් දකින නුවර බොරු පොෂ් කෙල්ලෝ අතරේ මේ වගේ කෙනෙක් දැක්කම නිකන්ම හිත යනවා, නහය ගලවාගන යන ෆොරින් පර්ෆියුම් නාගෙන කොන්ඩේ ටින්ට් කරලා තන්ගල්ල බැංකුව එලියට පෙන්නගෙන දනිස්සෙන් උඩට ඇදුමක් ඇදගෙන නැත්නම් දිගත් නැති කොටත් නැති කලිසම් බරුවකුත් ගහගෙන ඉන්න පෙරේතියන්ට වඩා දිලිනි අක්කගේ පෙනුම කොච්චර ලස්සනද අහිංසකද?පොඩි බබෙක් ලඟින් වගේ එන ඔඩිකොලෝන් සුවඳ, බෝරිච්චි අත් දාපු ලස්සන මල් ගවුම ඇත්තටම එයාට අමුතුම ලස්සනක් ගෙනල්ල තිබුන,
මොකද්ද මන්ද අමුතුම ආකර්ෂණයක් තියන ගතියක් මට දැනුනත් එයා මගේ අක්කගේ යාලුවෙක් නිසා මන් එයාට විශේෂයක් පෙන්නන්න ගියේ නැ,
කොහොම හරි සිතුවිලි සාගරය් මැදින් දන්නෙම නැතුව හොටෙල් එක ගාවටම ඇවිල්ල, මන් හෙමිට වාහනේ හෝටලේ කාර් පාර්ක් එකට දාල නවත්තල දිලිනි අක්ක දිහා බැලුව , අයියෝ කෙල්ලට හොඳටම නින්ද ගිහින්, නැගිට්ටවන්නත් ලෝබ හිතෙනවා පොඩි එකෙක් වගේ නිදාගෙන ඉන්න විදිය දැක්කම, මන් එයාට හොරෙන් ටිකක් වෙලා එයාගේ මූණ දිහා බලාගෙන හිටිය, මොකක්දෝ අමුතුම බැඳීමක් සංසාරේ පුරාවට තියනවා වගේ හැගීමක් මට දැනුනේ.