Re Tharuwak Wee Mage Loke

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කෝ බොල ඉවරද..
    මේ උබ අලුතේන් දාපු කෑල්ල තියෙන පේජ් එක ටැග් වල දාහන්:)

    අද පෝයනේ බන් ලියල දාන්නම් ඉක්මනට ටැග් දාන්ඩ ගියොත් ඉතින් ටැග් මදිවෙයිනේ
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අද තමයි දවස අද සැට ලියල දාන්නම් තව ටිකක් කස්ටිය ලෑස්තිවෙලා ඉන්න කියවන්න
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කාල ඉවර වෙලා දෙයියනේ කියලා හිත සැනසීමෙන් නිදාගත්තා අවුරුදු දෙකකට පස්සේ. අක්ක ඇවිල්ල තේ එක දෙන්න කතා කලාමයි ඇහැරුනේ,

    මල්ලි මෙන්න තේ එක බොන්න,
    මල්ලි ඒක නෙවෙයි අම්ම මොනවා හරි කීවද ඔයාට?

    කීවානම් තමයි බන් අක්කේ ඒත් ඉතින් තමුසේ නැතුව ඕව මට තනියමනම් කරන්න බැ හලෝ තමුසේ නිවාඩුවක්වත් දැම්මනම් හරි මේ වැඩ ටික ඉවර කරගන්නකන්,අනික ඉතින් තමුසෙට බැන්දම අයිය වැඩට යන්න දෙන්නෙත් නැතිවෙයිනේ.

    ඒකනම් එහෙම වෙයි මල්ලියෝ ඒත් මට බාර ගත්තු වැඩ වගයක් තියනවා ඉවර කරගන්න මන් ඒවා ඉවර කරලම අයින් වෙනවා,මන් කොහොමත් මිස්ට මහින්දට කියලා තියෙන්නේ,
    ඔයාට මතකයි නේද දිලිනි අක්කව,එයත් එක්ක ගිහින් මේ වැඩ ටික බලන්න මල්ලි මමන් දිලිනිට විස්තර කියලා තියෙන්නේ,හෙට උදේම යන්න එහෙ, දෙන්න එකතුවෙලා මේ ටික බලල කරන්න මල්ලි හොඳ කොල්ලනේ.

    මට එච්චරම මීටර් නම නැ දිලිනි, හරි මට කියනවකො ගෙවල් මන් හොයාගෙන යන්නම්.තමුසේනම් ඔයි අනේ මන්ද මගේම කරුමෙට ඉපදිච්ච කෙල්ලෙක්ද කොහෙද, බලනවා එග්සෑම් ඉවර වෙලා එක දවසක් නිදහසේ ඉන්න දුන්නේ නැනේ මට,

    හරි හරි බූරුවෝ මේක කරපන් ආයෙ තොගෙන් වැඩ ගන්න මේ අක්ක නැනේ, එතකොට තේරෙයි උබට අක්ක නැති අගේ.:angry::angry::angry:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පාන්දර 10 ට විතර අතට අහු උන ඇඳුමකුත් දාගෙන අප්පච්චිට දස අතේ වැඳලා ඉල්ලා ගත්තු වාහනෙත් අරගෙන ගියා දිලිනිව හොයාගෙන,හරියටම නොදැන ගියත් අක්ක කීවේ ගල් කන්ද පාර ගාවට යන්න කියලනේ 10.30 වෙද්දී එයා ඇවිල්ල ඉඳියි කියලනේ,කොහොම හරි ඉතින් මන් එතෙන්ට යද්දිනම් 11 ට විතර ඇති, ඒත් ගල්කන්ද පාර පටන් ගන්න හන්දියේනම් අක්කගේ යාලුවෙක් කියලා හිතන්න පුළුවන් කෙනෙක්නම් හිටියේ නැ, ඒත් ඒ වායසේ වගේ කෙල්ලෙක් හිටිය, හරිම අහිංසක විදියට මේ කාලේ නුවර විසේශේන්ම මේ අනිවත්ත ගල් කන්ද පැත්තේ දකින්න නොලැබෙන විදියේ ඇදුමකුත් ඇදගෙන, මන් එයා ගාවට ගිහින් ඇහුව අක්කේ මේ, මේ හරියේ ඉන්නවද දිලිනි දිසානායක කියලා කෙනෙක්,
    අනේ මෙන්නේ මේකි මගේ හිසේ සිට පාදාන්තය දක්වාම බලල බඩ අල්ලන් හිනාවෙන්න ගත්ත,මන් හිතුවෙම ෂුවර් එකට පිස්සු කෙල්ලෙක් කියලා මොකද එයා ඇදන් හිටියෙත් මල් රෙද්දකින් මහපු ගවුමක්‌ අර පබා ඇදන් හිටියේ අන්න ඒ වගේ එකක්,
    පස්සේ මගේ මූණ දිහා බලන් හිටිය කෙල්ල, අනේ මෝඩයෝ දිලිනි දිස්සානායක කියලා කෙනෙක්නම් ඉන්නවා, මේ හරියේ නෙවේ ටිකක් උඩහට යන්න ඕනේ, ඒත් දැන් ඔයාට එහේනම් යන්න වෙන්නේ නැ කියලා කීව.
    ඇයි එයාලගේ ගේ ගාවට වාහන යන්න බැයිද කියලා මන් අහපුවම අයෙත් මෙකි හිනා වෙන්න ගත්ත, යකෝ මේක යකාගේ කෙළියක්නේ මේකිට මොන යකෙක් වැහිලද මේ හිනාවෙන්නේ, මට මල පැනපු පාර තමුසෙට පිස්සුද ඔයි හිනාවෙන්නේ මගුල කියලා ඇවිත් වාහනේට නැග්ග,
    මෙන්න මේකිත් දුවගෙන ඇවිත් අනිත් පැත්තෙන් නැග්ග වාහනේට,:confused::confused::confused: මන් රවාගෙන බලන් හිටිය නිසාද කොහෙද කෙල්ල හිනා වෙලා කියනවා,
    අනේ මෝඩ සමීරයෝ මන් තමයි දිලිනි දිස්සානායක කියලා,
    හාපෝ මට වහ කන්න වගේ හිතුන, ඇයි යකෝ මන් රාජකීය බයිට් වීමක්නෙ වෙලා තියෙන්නේ.
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    onna balahan koo mugee kapati kama.. 1st day ekee demma hena godak 2 part unath .. ada mu 2 part dala he dingak .. adeee dana kota tikak read karanth time eka pass karanna wediyen daapan bun .... :D :D mata meka kiyawanna giyee 2 min
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    onna balahan koo mugee kapati kama.. 1st day ekee demma hena godak 2 part unath .. ada mu 2 part dala he dingak .. adeee dana kota tikak read karanth time eka pass karanna wediyen daapan bun .... :D :D mata meka kiyawanna giyee 2 min

    සොරි බං අද පොඩ්ඩක් වැඩි උනා දැන් ආදර කතා ලියන්න පුළුවන් මානසිකත්වෙක නැ, ඒත් උබල බලන ඉන්න නිසා මේකත් ලීවේ
    අනික මන් ඇඩ්ඩින් කොල්ලගෙනුත් පොඩි හෙල්ප් එකක් ඉල්ලුව උබල වෙනුවෙන් බලමු ලැබෙයිද කියලා
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කොහොම උනත් ඉතින් අපි පුරුදුවෙන්න බයිට් වෙනවා නෙවෙයිනේ කියලා හිත හදාගෙන මන් ඇහුව අක්කේ දැන් අපි කොතනින්ද පටන් ගන්නේ කියලා.

    අනේ මල්ලියෝ මටත් හිතාගන්න බැ කොහෙන් කොහොම මේ වැඩ ටික පටන් ගන්නද කියලා,ඔයාලගේ අප්පච්චිනම් කීව හොටෙල් එකට ටර්මලීන් ඒක බුක් කරන්න කියලා, අපි ඉස්සෙල්ලාම ඒක කරමු මල්ලි, මොකද නැත්නම් අපිට ඒක කරගන්න බැරිවෙයි වෙන කෙනෙක් බුක් කලොත්,
    අනික මල්ලි මොකද කරන්නේ ෆ්ලවර් ඩෙකරේෂන් එකට අපි ඒක කරනවද නැත්නම් වනමල් එකට බාර දෙමුද? වනමල් එකට දෙනවනම් මල්ලි අපිට ඒක දීල යන ඒක ලඟයි මොකද වනමල් එකේ ගෙදර තියෙන්නේ කැන්ඩ් වීවූ එකේ.

    ඕනේ නැ අක්ක අපි ඒක කරමු මොකද මගේ යාලුවෙක් ඉන්නවා නුවර එළියේ මිනිහ ඔය වැඩ කරනවා.අපි මිනිහට කියලා ලස්සන්නට අපිට ඕනේ විදියට වැඩේ කරගම්මු.

    හරි පැටියෝ එහෙනම් අපි යමු හොටෙල් එකේ වැඩේ කරන්න

    හොටෙල් එක ලඟට යනකන් අපි අතරේ කතාවක් සිද්ද උනේ නැ, මට කතා කරන්න ඕන කමක් තිබ්බෙත් නැ, මොකද මට වචන හොයාගන්න බැරුව හිටියේ දිලිනි අක්කව දැක්ක වෙලේ ඉඳල, මොකද එයා ගාව අනිත් කෙල්ලන්ගේ වගේ බොරු පොෂ් ගතියක් තිබ්බෙම නැ, අනන්තවත් දකින නුවර බොරු පොෂ් කෙල්ලෝ අතරේ මේ වගේ කෙනෙක් දැක්කම නිකන්ම හිත යනවා, නහය ගලවාගන යන ෆොරින් පර්ෆියුම් නාගෙන කොන්ඩේ ටින්ට් කරලා තන්ගල්ල බැංකුව එලියට පෙන්නගෙන දනිස්සෙන් උඩට ඇදුමක් ඇදගෙන නැත්නම් දිගත් නැති කොටත් නැති කලිසම් බරුවකුත් ගහගෙන ඉන්න පෙරේතියන්ට වඩා දිලිනි අක්කගේ පෙනුම කොච්චර ලස්සනද අහිංසකද?පොඩි බබෙක් ලඟින් වගේ එන ඔඩිකොලෝන් සුවඳ, බෝරිච්චි අත් දාපු ලස්සන මල් ගවුම ඇත්තටම එයාට අමුතුම ලස්සනක් ගෙනල්ල තිබුන,
    මොකද්ද මන්ද අමුතුම ආකර්ෂණයක් තියන ගතියක් මට දැනුනත් එයා මගේ අක්කගේ යාලුවෙක් නිසා මන් එයාට විශේෂයක් පෙන්නන්න ගියේ නැ,
    කොහොම හරි සිතුවිලි සාගරය් මැදින් දන්නෙම නැතුව හොටෙල් එක ගාවටම ඇවිල්ල, මන් හෙමිට වාහනේ හෝටලේ කාර් පාර්ක්‌ එකට දාල නවත්තල දිලිනි අක්ක දිහා බැලුව , අයියෝ කෙල්ලට හොඳටම නින්ද ගිහින්, නැගිට්ටවන්නත් ලෝබ හිතෙනවා පොඩි එකෙක් වගේ නිදාගෙන ඉන්න විදිය දැක්කම, මන් එයාට හොරෙන් ටිකක් වෙලා එයාගේ මූණ දිහා බලාගෙන හිටිය, මොකක්දෝ අමුතුම බැඳීමක් සංසාරේ පුරාවට තියනවා වගේ හැගීමක් මට දැනුනේ.
     
    Last edited: