යාලුවා... මමත් gamestore cum iCafe එකක් කරා මීට අවුරුදු දෙකකට කලින්... හොද ආදායමක් තිබ්බා.... මට දවසට customers ලා 250ක සාමාන්‍යයක් තිබුනා.. තිබුනේ මහ පාර අයිනකත් නෙවෙයි.. ඒත් සෑහෙන සෙනග ඇදුනා.... ළග පාත icafe තියාගෙන කි.මී. 10 දුර ගෙවාගෙන ආපු customer ලා මට හිටියා... මගේ දෛනික ආදායම රු.12000ක් (රීලෝඩ් ආදායම නැතුව) පමණ වුනා. මට වියදමට තිබුනේ rent එකයි (රු.9000/-), slt බිලයි (රු. 2000/-), කොල්ලෙක් වැඩ කලා මාත් එක්ක ඌට පඩියයි (රු. 12000/-) විතරයි. ඊට අමතරව මාසෙකට වෙනත් වියදම් maximum රු.4000/-ක් ගියා. (අමතර වියදම් කිව්වේ... game dvd's, stationary, laser toner refill වගේ ඒවා.)
මම ෂොප් එකේ දවසේ ඉන්නේ පැය 6යි. උදේ 9ට මම ඇවිත් open කරලා 01 වෙනකං වැඩ කරනවා. ඊට පස්සේ වහලා 03 වෙනකොට ගෝල බාලයා ආයෙත් ෂොප් එක open කරනවා. මම හවස 7 වෙනකොට (busy time එක වෙනකොට) එනවා. ආයෙත් 9 විතර වෙද්දි යනවා. ෂොප් එකට කි.මී.1.5ක් දුරින් මම හිටියේ... කොල්ලා ෂොප් එක වහලා 11ට මට යතුර ගෙනත් දීලා යනවා. (ඌගේ ටයිමින් පැය 8යි)


.
මගේ ආදායමෙන්
35%ක් අන්තර්ජාලය වෙනුවෙන්
40%ක් ගේම්ස්ටෝර් එකෙන්
25%ක් ලිපිසේවා/ස්කෑන්/ප්‍රින්ටවුට්/ෆොටෝකොපි/ෆැක්ස්/කෝල් ආදියට..
පොඩ්ඩක් ගනන් හදලා බලන්න කොහොමද ඉතුරු කරන්න පුලුවන් කොහොමද ඔයාට හොද කියලා...
මම ඔයාට කියන්නේ හොදම අදහස තමයි ගේම් ස්ටෝර් එකක් හරි ගේම්සෝන් එකක් හරි දැම්මොත් ඔයාට හොදට හොයන්න පුලුවන්.. හිතාගන්න බැරි කස්ටමර්ස් ලා ඔයාට සෙට් වෙනවා... මම මාස 2ක් pc games දුවලා කිසිම වැඩක් නැති තැන playstation / xbox 2ක් ගෙනල්ලා සෙට් කලා... අම්මටසිරි මෙන්න ආපි බිස්නස්... ඔයාට හිතාගන්න බැරිවේවි එතකොට.. මොකද පිටරට වගේ නෙවෙයි ලංකාවේ ps/xbox එච්චර අතිදැකීම් ගන්නවා අඩුයි.. අනිත් එක ඒවගේ දේවල් ළමයි වෙනුවෙන් වියදම් කරන්න පුලුවන් ආර්ථිකයක් අද අම්මලා තාත්තාලාට නෑ.. ඉතින් ඕක ඒගොලන්ට ලාබායි.. මම බොරුවක් කියන්නේ නෑ...


හැබැයි මේ බිස්නස් එක කරන එකෙක් කවදාවත් මේක සාර්ථකයි කියන්නෙත් නෑ... මොකද ඊරශ්යාව කියන එක IT කරන උන්ට වැඩියි කියලා අහලා ඇති...

මම මගේ ෂොප් එක අයියාට භාරදීලා අවුරුදු දෙකකට කලාන් අබුඩාබි ආවා.. තාමත් අයියා කරනවා සාර්ථකව... යාලුවට ඕනම උදව්වක් තියනවානම් මට pm පාරක් දාන්න මම පුලුවන් සපෝට් එකක් දෙන්නම්...