ඇමරිකාව ඉරානය ඉදිරියේ දණ නමයි.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඇමරිකාව ඉරානය ඉදිරියේ දණ නමයි.

    ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ඉරානය විසින් බිම හෙලූ ඩ්‍රෝන් යානය නැවත තමන් වෙත ලබාදෙන ලෙස ඉරාන රජයෙන් ඉල්ලා තිබෙන බව විදෙස් වාර්තා කියිා සිටී. ඒ සඳහා නිල ඉල්ලීමක් කළ බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද සනාථ කර තිබුනද තමන් ඒ සඳහා සුබවාදී ප‍්‍රතිචාරයක් අපේක්ෂා කළ නොහැකි බවද ඇය පිළිගෙන තිබේ.

    ahamedinejad-neclear.jpg


    මෙම ඉල්ලීම ඇමරිකානු රාජතාන්ත‍්‍රින පරාජයක් මෙන්ම ඉරාන යුධ තාක්‍ෂණය පිළිබඳ ඇමරිකාව යම් සලිත වීමක් පෙන්නුම් කර ඇති අවස්ථාවක් ලෙසද විදෙස් විචාරකයන් පවසයි.

    ඇෆ්ගන් දේශසීමා ප‍්‍රදේශයේදී නැගෙනහිර ඉරානය තුළට පිවිසි ඇමරිකානු ඔත්තු බැලීමේ යානය මේ වනවිට ඉරාන සහ රුසියානු විශේෂඥයන්ගේ පරීක්ෂාවට ලක් වෙමින් තිබේ. එම යානයේ ඇති රේඩාර්වලට හසු නොවන ආලේපනය, විශේෂිත එංජිම, පාලන පද්ධතිය මෙන්ම අධි තාක්ෂණික කැමරා සහ සංවේදක ඉරානය විසින් අනුකරණ නිර්මාණ සඳහා යොදා ගැනීමට ඉඩ ඇති බවයි වාර්තා වේ.

    මේ අතර ඉරානය ප‍්‍රකාශ කර ඇත්තේ සිය රටේ ගුවන් සීමාව උල්ලංඝණය කළ ඇමරිකානු යානය ලබාදීමට අදහසක් නොමැති බවත් ගුවන් ආක‍්‍රමණය පිළිබඳව නිල පැමිණිල්ලක් සිදු කිරිම සඳහා මෙම යානය සාක්ෂියක් ලෙස යොදා ගන්නා බවත් ඉරාන ජාතික ආරක්ෂක කමිටුව සඳහන් කර සිටී.
     
    • Like
    Reactions: Fire Eye

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    කෙහෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා කියල අපේ ආදී මුතුන් මිත්තෝ කියල තියෙන්නේ කට කහනවට නෙවෙයි නේ බොලල්ලා…..

    එල එල ඉරාන්, කොහොම හරි ඈරමෙරිකව දනගස්සවපන්.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ලිබියාවේ ගඩාෆිත් මුලදී හිටියේ ඔහොමයි, නමුත් අන්තිමේදී මොකද උනේ?. ඇමෙරිකාව පහර දෙන්නේ ආයුද වලින් විතරක් නොවෙයි. ඔවුන් හදිස්සි වෙන්නෙත් නැහැ. ඉරානය කල්පනාකාරී නොවුනොත්ඔවුන්ටත් අත් වෙන්නේ ලිබියාවේ/ඉරාකයේ ඉරණමම තමයි.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,939
    2
    116,017
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දන ගැසීමක් නෙවෙයි ඕක ඉරානයට ගහන්න හේතුවක් කර ගනියි...යානව ආපහු දුන්නොත් ඇමරිකාව කියයි ඉරානය අපිට දන ගැහැව්ව කියල(ඉරානය ඔක දෙයි කියල හිතන්න අමාරුයි)ඕක තමා ස්ටෝරි එක!:)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ලිබියාවේ ගඩාෆිත් මුලදී හිටියේ ඔහොමයි, නමුත් අන්තිමේදී මොකද උනේ?. ඇමෙරිකාව පහර දෙන්නේ ආයුද වලින් විතරක් නොවෙයි. ඔවුන් හදිස්සි වෙන්නෙත් නැහැ. ඉරානය කල්පනාකාරී නොවුනොත්ඔවුන්ටත් අත් වෙන්නේ ලිබියාවේ/ඉරාකයේ ඉරණමම තමයි.

    Dewiyange (Allah) Udaw nettam iran aniwa peradenawa...so eyala dewiyange pettata lan wenna wenawa nettam sorry.com libiya eke gadafi ta weccha de tamai wenne.?