ඇමරිකාව ඉරානය ඉදිරියේ දණ නමයි.
ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ඉරානය විසින් බිම හෙලූ ඩ්‍රෝන් යානය නැවත තමන් වෙත ලබාදෙන ලෙස ඉරාන රජයෙන් ඉල්ලා තිබෙන බව විදෙස් වාර්තා කියිා සිටී. ඒ සඳහා නිල ඉල්ලීමක් කළ බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද සනාථ කර තිබුනද තමන් ඒ සඳහා සුබවාදී ප‍්‍රතිචාරයක් අපේක්ෂා කළ නොහැකි බවද ඇය පිළිගෙන තිබේ.
මෙම ඉල්ලීම ඇමරිකානු රාජතාන්ත‍්‍රින පරාජයක් මෙන්ම ඉරාන යුධ තාක්‍ෂණය පිළිබඳ ඇමරිකාව යම් සලිත වීමක් පෙන්නුම් කර ඇති අවස්ථාවක් ලෙසද විදෙස් විචාරකයන් පවසයි.
ඇෆ්ගන් දේශසීමා ප‍්‍රදේශයේදී නැගෙනහිර ඉරානය තුළට පිවිසි ඇමරිකානු ඔත්තු බැලීමේ යානය මේ වනවිට ඉරාන සහ රුසියානු විශේෂඥයන්ගේ පරීක්ෂාවට ලක් වෙමින් තිබේ. එම යානයේ ඇති රේඩාර්වලට හසු නොවන ආලේපනය, විශේෂිත එංජිම, පාලන පද්ධතිය මෙන්ම අධි තාක්ෂණික කැමරා සහ සංවේදක ඉරානය විසින් අනුකරණ නිර්මාණ සඳහා යොදා ගැනීමට ඉඩ ඇති බවයි වාර්තා වේ.
මේ අතර ඉරානය ප‍්‍රකාශ කර ඇත්තේ සිය රටේ ගුවන් සීමාව උල්ලංඝණය කළ ඇමරිකානු යානය ලබාදීමට අදහසක් නොමැති බවත් ගුවන් ආක‍්‍රමණය පිළිබඳව නිල පැමිණිල්ලක් සිදු කිරිම සඳහා මෙම යානය සාක්ෂියක් ලෙස යොදා ගන්නා බවත් ඉරාන ජාතික ආරක්ෂක කමිටුව සඳහන් කර සිටී.