උස්සන්ගොඩ ~ රුහුණේ හෝටන් තැන්න
අපි ලංකාවෙ හිටියට අපි දැකල නැති අහලවත් නැති සුන්දර තැන් ගොඩක් ලංකාවෙ තියනවා. මම අද මේ ත්‍රෙඩ් එකෙන් ඔයාලට කියන්න යන්නෙ ඒවගේ එක් තැනක් ගැන. (දකුනෙ කට්ටිය නම් දන්නව ඇති සමහරවිට
).
මේ තැන තමයි උස්සන්ගොඩ. මේක තියෙන්නෙ හම්බන්තොට දිස්ත්‍රික්කෙ නෝනාගම කියන ගමට කිට්ටුව. මේක අක්කර 20ක විතර ප්‍රමාණයක් පුරාවට විහිදිලා තියන තැනිතලාවකි. පෙනුමෙන් නුවරඑලියේ හෝටන් තැන්නට සමානයි. ඒ නිසා තමයි මෙතෙන්ට රුහුණේ හෝටන් තැන්න කියල කියන්නෙ. මෙය මුහුදට බෑවුම්වයි පිහිටා තිබෙන්නේ. මෙම ස්ථානය ලංකාවේ 21ක් වැනි ජාතික උද්‍යානය ලෙස මෑතකදී නම් කොට තිබෙනවා.
මෙතන තියන එක් විශේෂත්වයක් තමයි අක්කර විස්ස පුරාවටම විහිදිලා තියන පොලව පිලිස්සුනු ගඩොල් වල පාට තියන පසකින් සමන්විත වීමයි. (පහල තියන පින්තූර වලින් දැක ගන්නට පුලුවන්). ඒ වගේම මේ රතු පස ඇති ප්‍රදේශය පුරාවටම එකම උස ගහක්වත නැත. බොහෝ තියෙන්නේ තනකොල හා චන්ද්‍රකාන්ති, සූර්යකාන්ති, විශ්නුක්‍රාන්ති යන මල් වර්ග තුන පමණයි. මේකට හේතු වන්නේ පිලිස්සුනු පසක් ඇති බව නිසා යැයි මතයක් තියනව. විද්‍යාඥයින් පවසන්නේ මේ රතු පසට හේතු වී ඇත්තේ අධික Ferric Oxide සාංද්‍රනය නිසාවෙන් බවයි.
පුරාවෘත්ත
මෙම ස්ථානය වටා ගෙතුන බොහෝ පුරවෘත්ත ඇත.
එකක් නම් රාමයනයේදි සඳහන් වන පරිදි රාවණා රජු සීතා ව රැගෙන දඬුමොණරයෙන් පැමින මෙම ස්ථානයේ ගොඩබැස ඇතැයි කියන කතාවයි. දඬුමොණරය ගොඩ බැස්සීම සඳහා ගුවන් පතයක් වැනි යමක් මෙහි තිබෙන්නට ඇතැයිද විශ්වාස කෙරෙනවා.
මෙම ස්ථානය හා රාමායනය අතර ඇති තව සම්බන්ධ කමක් වන්නේ, හනුමන්තා තුවාල වී ඇති හමුදාව සුව කිරීමට බෙහෙත් රැගෙන එන්නට හිමාල කඳුවැටියට ගිය විට, ගෙන ඒමට අවශ්‍ය ඖෂධ පැලෑටි නොදැන සිටි නිසා හිමාලයේ ඖෂධ ඇති ප්රදේශයින් කොටසක් රැගෙන විත් මෙහි දැම්මා යයි කියවෙන කතාවයි. විද්‍යාඥ්යින් පවසන පරිදි මෙම ස්ථානයේ සබැවින්ම හිමාලය ආශ්රිත බෙහෙත් පැලෑටි ඇති බවයි.
තවත් එක් විශ්වාසයක් වන්නේ මෙම ස්ථානයට උල්කාපතයක් කඩා වැටී සෑදුන ස්ථානයක් බවයි. මෙය කඩාවැටීම හේතුවෙන් මෙහි ඇති අසාමාන්‍ය පස ද පරිසරයද නිර්මාණය වී ඇති බවද පැවසෙයි. මෙම උල්කාපාතය කඩා වැටීමෙන් 'උස් වූ ගොඩ' පසුකාලීනව උස්සන්ගොඩ වූ බවයි ජනප්‍රවාදය ඇත්තේ.
මේ තැන පිටසක්වල ජීවීන් ට සම්බන්ධ තැනක් කියලත් ප්‍රවාදයක් තිබෙනවා.
කෙසේ නමුත් මෙතන අභිරහස් ගොඩක් සැඟවී ගිය භූමියක් හැටියටයි අපට පෙනෙන්නේ.
අපි ලංකාවෙ හිටියට අපි දැකල නැති අහලවත් නැති සුන්දර තැන් ගොඩක් ලංකාවෙ තියනවා. මම අද මේ ත්‍රෙඩ් එකෙන් ඔයාලට කියන්න යන්නෙ ඒවගේ එක් තැනක් ගැන. (දකුනෙ කට්ටිය නම් දන්නව ඇති සමහරවිට
).මේ තැන තමයි උස්සන්ගොඩ. මේක තියෙන්නෙ හම්බන්තොට දිස්ත්‍රික්කෙ නෝනාගම කියන ගමට කිට්ටුව. මේක අක්කර 20ක විතර ප්‍රමාණයක් පුරාවට විහිදිලා තියන තැනිතලාවකි. පෙනුමෙන් නුවරඑලියේ හෝටන් තැන්නට සමානයි. ඒ නිසා තමයි මෙතෙන්ට රුහුණේ හෝටන් තැන්න කියල කියන්නෙ. මෙය මුහුදට බෑවුම්වයි පිහිටා තිබෙන්නේ. මෙම ස්ථානය ලංකාවේ 21ක් වැනි ජාතික උද්‍යානය ලෙස මෑතකදී නම් කොට තිබෙනවා.
මෙතන තියන එක් විශේෂත්වයක් තමයි අක්කර විස්ස පුරාවටම විහිදිලා තියන පොලව පිලිස්සුනු ගඩොල් වල පාට තියන පසකින් සමන්විත වීමයි. (පහල තියන පින්තූර වලින් දැක ගන්නට පුලුවන්). ඒ වගේම මේ රතු පස ඇති ප්‍රදේශය පුරාවටම එකම උස ගහක්වත නැත. බොහෝ තියෙන්නේ තනකොල හා චන්ද්‍රකාන්ති, සූර්යකාන්ති, විශ්නුක්‍රාන්ති යන මල් වර්ග තුන පමණයි. මේකට හේතු වන්නේ පිලිස්සුනු පසක් ඇති බව නිසා යැයි මතයක් තියනව. විද්‍යාඥයින් පවසන්නේ මේ රතු පසට හේතු වී ඇත්තේ අධික Ferric Oxide සාංද්‍රනය නිසාවෙන් බවයි.
පුරාවෘත්ත
මෙම ස්ථානය වටා ගෙතුන බොහෝ පුරවෘත්ත ඇත.
එකක් නම් රාමයනයේදි සඳහන් වන පරිදි රාවණා රජු සීතා ව රැගෙන දඬුමොණරයෙන් පැමින මෙම ස්ථානයේ ගොඩබැස ඇතැයි කියන කතාවයි. දඬුමොණරය ගොඩ බැස්සීම සඳහා ගුවන් පතයක් වැනි යමක් මෙහි තිබෙන්නට ඇතැයිද විශ්වාස කෙරෙනවා.
මෙම ස්ථානය හා රාමායනය අතර ඇති තව සම්බන්ධ කමක් වන්නේ, හනුමන්තා තුවාල වී ඇති හමුදාව සුව කිරීමට බෙහෙත් රැගෙන එන්නට හිමාල කඳුවැටියට ගිය විට, ගෙන ඒමට අවශ්‍ය ඖෂධ පැලෑටි නොදැන සිටි නිසා හිමාලයේ ඖෂධ ඇති ප්රදේශයින් කොටසක් රැගෙන විත් මෙහි දැම්මා යයි කියවෙන කතාවයි. විද්‍යාඥ්යින් පවසන පරිදි මෙම ස්ථානයේ සබැවින්ම හිමාලය ආශ්රිත බෙහෙත් පැලෑටි ඇති බවයි.
තවත් එක් විශ්වාසයක් වන්නේ මෙම ස්ථානයට උල්කාපතයක් කඩා වැටී සෑදුන ස්ථානයක් බවයි. මෙය කඩාවැටීම හේතුවෙන් මෙහි ඇති අසාමාන්‍ය පස ද පරිසරයද නිර්මාණය වී ඇති බවද පැවසෙයි. මෙම උල්කාපාතය කඩා වැටීමෙන් 'උස් වූ ගොඩ' පසුකාලීනව උස්සන්ගොඩ වූ බවයි ජනප්‍රවාදය ඇත්තේ.
මේ තැන පිටසක්වල ජීවීන් ට සම්බන්ධ තැනක් කියලත් ප්‍රවාදයක් තිබෙනවා.
කෙසේ නමුත් මෙතන අභිරහස් ගොඩක් සැඟවී ගිය භූමියක් හැටියටයි අපට පෙනෙන්නේ.
මම මෙතෙන්ට ගිය වෙලේ ගත්තු ෆොටෝ ටිකක්..
එතන තිබුන කලුගල් කැටයක්.
බලන්න මේකට වෙලා තියන දේ. පිච්චීමකින් මෙහෙම වෙලා කියලයි කියන්නෙ.

මාර්ගය
කොලඹ ඉඳල යනවනම් මාතර හම්බන්තොට පාරෙ ගිහින් තංගල්ල පහුකරල 5km විතර ගියහම මෙතෙන්ට හැරෙන තැන තියනව. එතැනින් දකුණට හැරිල ඉඳල 1.6 km විතර තියෙන්නෙ මෙතෙන්ට. මේක කලමැටිය අභය භූමියේ බටහිර බෑවුමයි.
මැප් එකෙන් පාර බලාගන්න - http://g.co/maps/nfd5t
ඔයාල හම්බන්තොට, කතරගම, යාල එහෙම යනවනම් යන එන ගමන් මේ තැන බලන්න අමතක කරන්න එපා. මමත් මෙතෙන්ට ගිහින් මෙතන තියන සුන්දරත්වය අත්වින්දා. මේ තැන ජීවිතයේ එක් වතාවක් හරි දැකබලා ගත යුතුම තැනක් හැටියටයි මම දකින්නෙ.

Last edited: