<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    << සුපිරි කවි ට්කක් >>

    ඔක්කටම කලින් මම කවියක් කියලා ඉන්නම්කෝ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මේ ත්‍රෙඩ් එක බලන නෝනා මහතුන්ට
    කීමට දෙයක් ඇත මැනවින් අහගන්ට
    මුල සිට අගට බලලා රස විදගන්ට
    බම්පියකින් වත් මට සහයක් දෙන්ට
    :rofl::rofl::rofl::rofl:

    ඔන්න දැන් තමයි වාදෙ..
    :P:P:P:P

    කවියා:

    දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ
    මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ
    හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ
    රතු කැටයක් වගෙයි හරියට කහවත්තේ


    කිවිඳිය:

    උපමා කියයි දම දම බොරු හිනාව
    මට තේරුණා අමරෙගෙ උවමනාව
    වයසට ගියත් ඉස්තිරි වර්ණනාව
    හොඳ නෑ වගෙයි තමුසෙගෙ කල්පනාව

    කවියා:

    අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි
    කටහඬ ඇසෙන විට මී පැණි පරිදි රසයි
    දිස් වුනෙ ළමැද මෙතැනදි රණ තිසරු ලෙසයි
    මම කවියෙකු වුනෙත් ඇය වැනි ගැහැණු නිසයි


    කිවිඳිය:

    රණ හංසයින් පෙන්නා ළැම මත පීනූ
    අමරේ කවි ලියයි උපමා අඩු නූනූ
    වරලස සිකි පිළලු හඳ වාගෙලු මූණූ
    කොයි ලෝකයෙද ඉන්නේ ඔය වගෙ ගෑණූ



    කවියා:

    කන් පෙති සිනිඳු අරලිය මල් පෙතිය ඇගේ
    පස්සා පැත්ත හරියට පුන් කළස වගේ
    සුව දෙන මෙට්ටෙකට දෙවෙනිද සිරුර ඇගේ
    දුටුවා එවැනි එකියක මගෙ තරුණ යුගේ


    කිවිඳිය:

    කැත එකියකට බොරු උපමා හරි ගස්සා
    ඔල්මාදයෙන් දොඩවයි මේ කවි පිස්සා
    පුන් කළසකට සමවේ නම් පිටි පස්සා
    පාරේ ගියේ කොහොමද ඇය අඩි උස්සා

    කවියා:

    කුඹුකේ ළිඳෙන් දිය නා ගෙන අසල වෙලේ
    තාලෙට කළය රඳවාගෙන උකුලු තලේ
    සුවඳට ඇගේ මල් පිපුණා අසල කැලේ
    අප වැනියන්ට පමණකි එය දකින මොලේ


    කිවිඳිය:

    අමරේ ගැහැණු ගැන මෙහි බොරු සිහින දකී
    කවි යයි කියා පවසන්නෙම බොළඳ වැකී
    සතියක් යන්න පෙර මංගල නැකත මැකී
    වෙන මිනිහෙකුට බහ දුන්නලු ගෙදර එකී

    කවියා:

    කවි පද වලට කොතැනකවත් නෑ මෙල්ල
    ඔබ හින්දයි ගියේ වෙනතක ඒ කෙල්ල
    මට පෙම් පිපාසය - හරියට පෑවිල්ල
    නංගියෙ, චූට්ටක් දෙනවද නා දල්ල?


    කිවිඳිය:

    අප වැනි ගැහැණු දුටු දුටු තැන කෙළ ගිල්ල
    වැටහෙයි නාකි අමරෙගෙ බොරු දැඟලිල්ල
    දැන්නම් මගෙත් නැතිවෙනවා ඉවසිල්ල
    නා දළු නොවෙයි අරගන්නෙමි දොර පොල්ල

    කවියා:

    කවියට කොතැන මුත් ඇත්තේ බාදකය
    බැලුවම ගැහැණු වන මල් මෙන් ළාමකය
    දැමුවට පසු ඇයට උපමා රූපකය
    ඔලුවට එන හැඩයි දොර පොලු මාරකය


    කිවිඳිය:

    උපමා උපමේය දම දම පුරාණේ
    එන්නෙම ළඟට මුල'සුනටත් හොරානේ
    ඉන්නෙත් තවම අකලට දිරවලානේ
    මට මොනවටද මේ වයසක පරානේ

    කවියා:

    සුන්දර ගැහැණු ගැන ඔබ දන්නවද මොකක්
    නෙත යොමු කරනු පරිසරයට අවට ටිකක්
    සිහිනිඟ මිටින් අරගත හැක නැතුව සැකක්
    කහවත්තෙදිත් දැකගත්තෙමි එහෙම එකක්


    කිවිඳිය:

    හිර කොට කලිසමක් ඇඳගෙන පටි දාලා
    සක්කරවට්ටමක් යනකොට නළවාලා
    ඉඟ සුඟ මිටින් ගත හැකියයි රැවටීලා
    අමරේ ඉන්ඩ ඇති නහුතෙට බඩුනාලා

    මුලාසනය:

    හැඩවැඩ අගය කොට වනිතා පරපුරට
    කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට
    ළතැවෙනු කුමට උපමා කිය කිය බරට
    කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !!!
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පෙර කල අසා ඇති මුත් රස කවි ..මඩුව
    දැන් දැන් පෙනේ තදටම එය නැති අඩුව
    අසලා ආව මුත් පිපිලා හිරි .........ගඩුව
    අමරෙට දුවන්නට දීලා ඒ ..........බඩුව
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අමරේ කියන්නේ පින්ක් පැන් ...තරයාද?
    කිවිදිය ඉන්නෙ අල්ලපු ගෙදරක ...වත්ද?
    වාදය ගියේ වත්තේ වැට ...........ලගද?
    හිතා ගන්න බැරි මුලසුන නම් ......කව්ද?

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    පෙර කල අසා ඇති මුත් රස කවි ..මඩුව
    දැන් දැන් පෙනේ තදටම එය නැති අඩුව
    අසලා ආව මුත් පිපිලා හිරි .........ගඩුව
    අමරෙට දුවන්නට දීලා ඒ ..........බඩුව
    නියමයි මචන් උඹ දුන් ඒ කවි පහර
    කී දෙය ඇත්ත කවි මඩු නැත අප අතර
    දාමුද මචන් කවි මඩුවක් මේ පාර
    විහිදෙන්නට "එල" නාමය අත සතර

    :rofl::rofl::rofl::rofl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    අමරේ කියන්නේ පින්ක් පැන් ...තරයාද?
    කිවිදිය ඉන්නෙ අල්ලපු ගෙදරක ...වත්ද?
    වාදය ගියේ වත්තේ වැට ...........ලගද?
    හිතා ගන්න බැරි මුලසුන නම් ......කව්ද?

    අසරන බුවෙකි මේ පින්ක් පැන්තරයානම්
    හුදු රසවිදුම අරභයා මෙය දැම්මේ මන්
    කවි කිය කිය ඉන්නේ නැත ඇය ලගනම්
    උස්සන් යම් මුලසුනටත් නොදැනෙන මෙන්
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නියමයි මචන් උඹ දුන් ඒ කවි පහර
    කී දෙය ඇත්ත කවි මඩු නැත අප අතර
    දාමුද මචන් කවි මඩුවක් මේ පාර
    විහිදෙන්නට "එල" නාමය අත සතර

    :rofl::rofl::rofl::rofl:

    කවි මඩු තිබේ එළකිරියේ ත්‍රෙඩ් ..අතර
    ඒවා උඩට එන්නේ නම් නෑ .....නිතර
    සුලු පිරිසක්ය ඉන්නේ අද අප ....අතර
    ගැට ගහ ගන්න හැකි මේ කව් පද සතර
     
    • Like
    Reactions: Chooty malli

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අසරන බුවෙකි මේ පින්ක් පැන්තරයානම්
    හුදු රසවිදුම අරභයා මෙය දැම්මේ මන්
    කවි කිය කිය ඉන්නේ නැත ඇය ලගනම්
    උස්සන් යම් මුලසුනටත් නොදැනෙන මෙන්

    කවියන් වාදයට එන්නේ මේ .......විලසින්ය
    මම එය කීවේ රසවත් කවි .........හිතකින්ය
    උඹට වැරදුනේ පිළීතුරු ..........කවියෙන්ය
    අසරණ බව පෙනෙන්නේ අන්තිම පදයෙන්ය
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    කවි මඩු තිබේ එළකිරියේ ත්‍රෙඩ් ..අතර
    ඒවා උඩට එන්නේ නම් නෑ .....නිතර
    සුලු පිරිසක්ය ඉන්නේ අද අප ....අතර
    ගැට ගහ ගන්න හැකි මේ කව් පද සතර
    මා කවි දැනුම ගැන ඔබ හට සැටිස්ද
    ආසයි මගේ කවි කම උරගාන්න
    ඇයි බැරි ඒ ත්‍රෙඩ් ඉහලට ගෙන එන්න
    දාමුද තවත් කවිමඩුවක් නොමියෙන්න
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    කවියන් වාදයට එන්නේ මේ .......විලසින්ය
    මම එය කීවේ රසවත් කවි .........හිතකින්ය
    උඹට වැරදුනේ පිළීතුරු ..........කවියෙන්ය
    අසරණ බව පෙනෙන්නේ අන්තිම පදයෙන්ය
    ඇය උස්සන් යන්නේ අහිතකින් නොවේ
    මුලසුන දරන පොරනම් හොද බුවෙක් නොවේ
    කවිසම්පතක් ඇය රැකීම යුතුකමවේ
    මැනික රකින නා රජු ඒ නම් මමවේ
     
    • Like
    Reactions: Chooty malli

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    You must spread some Reputation around before giving it to Pink panther again.

    මචෝ මැක්සා කවි ටික......
     
    Aug 14, 2009
    974
    92
    0
    උඹලගෙ ටෝක් ටික නම් බන් එල මැක්සා
    දැක්කම ත්‍රෙඩ් එකේ කවි ටික මට හිතුනා
    දාපන් මචං දාපන් හැමදම මෙව්වා
    අපිටත් එලකිරිය එලකිරි බැබලේවා

    :P
     
    • Like
    Reactions: Yamuna Sandamali

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මා කවි දැනුම ගැන ඔබ හට සැටිස්ද
    ආසයි මගේ කවි කම උරගාන්න
    ඇයි බැරි ඒ ත්‍රෙඩ් ඉහලට ගෙන එන්න
    දාමුද තවත් කවිමඩුවක් නොමියෙන්න

    කවියක් ලියන විට රීතිය රැක ...ගන්න
    එළිවැට තබන්නට උත්සහයක් ..ගන්න
    යවහන් රීතියද එළෙසම .....ගලපන්න
    මාත්‍රා ගැනද ඔබෙ සිහියට .......ගන්න
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    එළකිරි අයිය නියමෙට යනවා
    දෙන්නම දෙනවා කවි නම්මා
    මමත් මේ දන්නා විදියට දුන්න
    දිගටම කරගෙන යන් මෙව්වා...

    (ඇදෙ පලවෙනි පාරට මන මේ මෙහෙම එකක් හදල දැම්මේ බන)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එළකිරි අයිය නියමෙට යනවා
    දෙන්නම දෙනවා කවි නම්මා
    මමත් මේ දන්නා විදියට දුන්න
    දිගටම කරගෙන යන් මෙව්වා...

    (ඇදෙ පලවෙනි පාරට මන මේ මෙහෙම එකක් හදල දැම්මේ බන)

    පළවෙනි පාර හැදුවානම් මෙහෙම ...එකක්
    වැඩෙනු පෙනේ කවියෙකුගේ ...අංකුරයක්
    තව තව ලියනු ඉදහිටවත් සතර ....පෙළක්
    කවියන් අතර වන්නට හැක නියම .පොරක්
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    adoooooooooooooooooooooo umbala dennatamaara dakshathawayakne thiyenne bann maxxxa

    දක්ෂතාවයක් ඇත්නම් එය විය යුතු ..මැක්සා
    එය භාවිතය සුදුසුය ඇතුවම.......... සික්ෂා
    එළෙස නොවුවහොත් විගැහින් ගොස්..ලිස්සා
    ඇන ගත හැකිය සැනෙකින් කවියගෙ..පස්සා
     
    • Like
    Reactions: RottenCOLT