Colombo Stock Exchange (Daily Update)

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Technical showing buying started yesterday, if 1.5mill crossing for Aravinda didnt went yesterday for sure greg would have closed in 60 today, thats a bad move by mr Lionheart,

    yeah ... something happened today ..i mean something weird:P
    couldn't find out what was it ....thanks for the inform anyway ....

    anything regarding DPL...?.
     
    • Like
    Reactions: Thief

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    නැගිටීමේ සිහිනය හමුවේ ගෝලීය වෙළඳ පොළවල් ඉස්සෙයි


    යුරෝපයේ ණය අර්බුදය විසඳීමට සාමූහික එකතුවක අවශ්‍යතාවය පිළිබඳව යුරෝපීය නායකයින් අවධානය යොමු කරද්දී ගෝලීය කොටස් වෙළඳ පොළවල් යළිත් වතාවක් ඉහළ නගී.

    බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ ඇමරිකානු කොටස් දර්ශක වසර දෙකකට පසුව වාර්තා කළ වැඩිම වර්ධනය වාර්තා කරමින් මේ සතියේදී සියයට 07 කින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි.

    මීට අමතරව, ප්‍රංශය, ජර්මනිය හා එංගලන්තයේ ප්‍රධාන කොටස් දර්ශකද සියයට 01 කින් පමණ ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

    යුරෝපය පිස්කල් ඒකාබද්ධතාවයක් වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව ජර්මනියේ චාන්සලර්වරයා වන Angela Merkel පවසා තිබුණු අතර ගෙවුණු නොවැම්බර් වලදී ඇමරිකාවේ විරැකියාව සියයට 8.6 ක් දක්වා අඩුවී තිබේ.

    ගෝලීය කොටස් වෙළඳ පොළවල වැඩිම ඉහළ යාමක් වාර්තා කර තිබෙන්නේ බැංකු අංශයේ කොටස්වල බව වැඩිදුරටත් සඳහන්ය.

    එංගලන්තයේ Lloyds කොටස් සියයට 04 කින්ද, Barclays සියයට 05 කින්ද, ජර්මනියේ Commerzbank කොටස් සියයට 06 කින්ද, Deutsche සියයට 04 කින්ද, ප්‍රංශයේ BNP Paribas කොටස් සියයට 07 කට වඩාද ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

    මුලින් ආසියානු කොටස් වෙළඳ පොළවල්ද ඉහළ ගිය අතර ජපානයේ Nikkei කොටස් දර්ශකය සියයට 0.5 කින්ද, හොංකොංහි Hang Seng දර්ශකය සියයට 0.2 කින්ද ඉහළ ගොස් ඇත.


    http://vimasuma.com/index.php?optio...icle&id=3642&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    18 වසරක් ගිණුම් හෙළි නොකළ රාජ්‍ය ආයතනයක් මෙන්න

    රජයේ කළමනාකාරීත්වය සහිත කහටගහ ග්‍රැෆයිට් ලංකා සමාගම පසුගිය වසර 18 ක කාලයක් තුළ විගණන වාර්තා ඉදිරිපත් කර නොමැති බව අනාවරණය වේ.

    මේ බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් හෙළිකර තිබෙන අතර 1990 ගණන්වල කහටගහ ග්‍රැෆයිට් සමාගම පුද්ගලීකරණය කළ අතර බෝගල ග්‍රැෆයිට් යනුවෙන් තවත් සමාගමක් ඇතිවූ අතර එය කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත කළේය.

    කහටගහ සමාගම පසුව නැවතත් රජයට පවරා ගත්තද බෝගල සමාගම ජර්මන් සමාගමක් විසින් මිලදී ගත් අතර මේ වනවිට එම සමාගම ලාභදායී ලෙස පවත්වාගෙන යයි.


    http://vimasuma.com/index.php?optio...icle&id=3646&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොළඹ කොටස් ලගියි

    කොළඹ කොටස් වෙළඳ පොළේ අද දිනයේ සිදුවූ ගනුදෙනුවල සුවිශේෂී සිදුවීම් මෙසේයි.

    සමස්ත මිල දර්ශකය සියයට 0.12 කින් පහළ ගොස් ඒකක 5,988.65 ක්වූ අතර මිලංක මිල දර්ශකයේ එතරම් වෙනසක් සිදු නොවී ඒකක 5,156.39 ක්වී තිබේ.

    දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 776 කි.

    Aitken Spence Hotel කොටසක් රුපියල් 1.20 කින් ඉහළ ගොස් රුපියල් 66 ක්ද, ජෝන් කීල්ස් කොටසක් රුපියල් 1.90 කින් ඉහළ ගොස් රුපියල් 164 ක්ද වෙද්දී ජෝන් කීල්ස් කොටස් 199,700 ක් අලෙවි වී තිබේ.

    අද දිනයේදී වඩාත් සක්‍රීයව ගනුදෙනු වූ කොටස බවට ඔරියන්ට් ගාමන්ට් පත්වූ අතර කොටසක් රුපියල් 1.50 කින් ඉහළ ගොස් රුපියල් 40.30 ක් වෙද්දී කොටස් මිලියන 4.8 ක් ගනුදෙනු වී ඇත.

    මෙම කොටසක් දිනයේ එක් අවස්ථාවක රුපියල් 42.70 ක් දක්වාද ඉහළ ගොස් තිබුණි. HVA Foods කොටස්ද අද සක්‍රීයව ගනුදෙනු වූ අතර කොටසක් ශත 30 කින් ඉහළ ගොස් රුපියල් 39 ක්වී කොටස් 451,700 ක් ගනුදෙනු විය.

    මේ අතර, Trade Finance & Investments කොටසක් ශත 80 කින් ඉහළ ගොස් රුපියල් 22.70 ක්වී තිබේ.


    http://vimasuma.com/index.php?optio...icle&id=3656&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ගාල්ලේ ලයිට්හවුස් හෝටලය තවත් පුළුල් වේ

    සංචාරක කර්මාන්තය වර්ධනය වෙමින් තිබීම හමුවේ මෙරට සුපිරි හෝටල් හතු පිපෙන්නාක් මෙන් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මේ අතර, ගාල්ලේ ලයිට්හවුස් හෝටලයද පුළුල් කිරීමට සූදානම් වේ.

    සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ ගාල්ලේ පිහිටි ලයිට්හවුස් හෝටලයට අළුතින් කාමර 15-20 ත් අතර ප්‍රමාණයක්, නව ආපන ශාලාවක් හා මත්පැන් අලෙවි සැලක් ගොඩ නැගීමට කටයුතු කරන බවයි.

    දැනට මෙම හෝටලයේ සිදුවන කාමර නවීකරණය කිරීමට අමතරව අදාළ ඉදිකිරීම් සඳහා මුදල් ආයෝජනය කරන බව සඳහන්ය.


    http://vimasuma.com/index.php?optio...icle&id=3654&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    විනිමය කොමිසමේ ලොකු පුටුව තිලක්ට
    Thursday, 08 December 2011 11:11

    සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉන්ද්‍රාණි සුගතදාස මහත්මිය ඉල්ලා අස්වීමෙන් පසුව එම තනතුරේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන තිලක් කරුණාරත්න මහතා අද වැඩ භාර ගැනීමට නියමිත බව අනාවරණය වේ.

    සිය ප්‍රතිපත්ති මත පිහිටා තමා අදාළ තනතුරෙන් ඉවත්වන බව සුගතදාස මහත්මිය පැවසූ අතර ඇය හා අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙන් ඉවත්කළ මලික් කාදර් මහතා කොටස් වංචා මැඩ පැවැත්වීමට කටයුතු කළේය.

    මලික් කාදර් මහතා තනතුර උසස් කර මුදල් අමාත්‍යංශයට පසුගියදා මාරු කෙරුණි.


    http://vimasuma.com/index.php?optio...icle&id=3672&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොළඹ කොටස් පොළ උදාසීනයි
    Friday, 09 December 2011 17:15

    සමස්ත මිල දර්ශකයේ අගය නැවත වතාවක් ඒකක 6000 සීමාවට වඩා පහළ යමින් අද කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු උදාසීන විය.

    මේ අනුව, අද සමස්ත මිල දර්ශකය සියයට 0.51 කින් පහළ ගොස් ඒකක 5,996.44 ක් වෙද්දී මිලංක මිල දර්ශකය සියයට 0.34 කින් පහළ ගොස් ඒකක 5,231.12 ක් විය.

    පිරිවැටුම රුපියල් මිලියන 464 ක් දක්වා පහළ ගිය අතර කොටසක් රුපියල් 150 බැගින් ඩිස්ටිලරීස් සමාගමේ කොටස් 202,234 ක් ගනුදෙනු වී තිබේ.

    මේ අතර, ජෝන් කීල්ස් කොටසක් රුපියලකින් පහළ ගොස් රුපියල් 172.60 ක්ද Orient Garments කොටසක් රුපියල් තුනකින් පහළ ගොස් රුපියල් 33.40 ක්ද විය.

    දිනයේ එක් අවස්ථාවක Orient Garments කොටසක් රුපියල් 35.80 ක් දක්වාත් ඉහළ ගොස් තිබුණු අතර කොටස් 533,300 ක් ගනුදෙනු විය.

    Expolanka Holdings කොටසක් ශත 10 කින් ඉහළ ගොස් රුපියල් 8.70 ක් වෙද්දී කොටස් මිලියන 4.77 ක් ගනුදෙනු වී තිබෙන අතර HVA Foods කොටසක් ශත 80 කින් පහළ ගොස් රුපියල් 38.30 ක්වී තිබේ.

    වංචාවක් නිසා අලාභ වැඩිවූ බව හෙළකළ First Capital Holdings හා Dunamis Capital කොටස් අද දිනයේදීද පහළ ගිය අතර First Capital Holdings කොටසක් ශත 40 කින් පහළ ගොස් රුපියල් 15.10 ක් වෙද්දී Dunamis Capital කොටසක් ශත 30 කින් පහළ ගොස් රුපියල් 14.70 ක්වී ඇත.


    http://vimasuma.com/index.php?optio...icle&id=3680&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අද කොළඹ කොටස් පෙරළි මෙහෙමයි
    Tuesday, 13 December 2011 16:05

    කොළඹ කොටස් වෙළඳ පොළේ අද දිනයේදී සිදුවූ වැදගත් සිදුවීම් මෙසේයි.

    සමස්ත මිල දර්ශකය සියයට 0.50 කින් ඉහළ ගොස් ඒකක 5,994.66 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 0.75 කින් ඉහළ ගොස් ඒකක 5,267.74 ක් විය.

    අද දිනයේදී පිරිවැටුම රුපියල් මිලියන 462 ක් දක්වා පහළ වැටුණි.

    ජෝන් කීල්ස් කොටසක් රුපියල් 5.10 කින් ඉහළ ගොස් රුපියල් 182.10 ක්වූ අතර හැටන් නැෂනල් බැංකුවේ කොටසක් ශත 30 කින් පහළ ගොස් රුපියල් 150.60 ක්වී තිබේ.

    මීට අමතරව, Environmental Resources Investments කොටසක් රුපියල් 1.10 කින් පහළ ගොස් රුපියල් 45 ක්ද, HVA Foods කොටසක් ශත 40 කින් ඉහළ ගොස් රුපියල් 37.20 ක්ද වුණි.


    http://vimasuma.com/index.php?optio...icle&id=3701&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොළඹ කොටස් පොළේ අද රැළි පෙරළි මෙන්න
    Wednesday, 14 December 2011 17:12

    බැඳුම්කරවල පොලී නගී

    කොළඹ කොටස් වෙළඳ පොළේ අද දිනයේදී සිදුවූ ගනුදෙනුවල වැදගත් සිදුවීම් මෙසේයි.

    මේ අනුව, සමස්ත මිල දර්ශකය ඒකක 43.6 කින් පහළ ගොස් ඒකක 5,950.99 ක්වූ අතර මිලංක මිල දර්ශකය ඒකක 39.2 කින් පහළ ගොස් ඒකක 5,228.4 ක් විය.

    Asha Central Hospital කොටසක් රුපියල් 34 කින් පහළ ගොස් රුපියල් 182.00 ක්ද, Asian Alliance Insurance කොටසක් රුපියල් 3.00 කින් පහළ ගොස් රුපියල් 166.00 ක්ද වුණි.

    මේ අතර, ඩයලොග් කොටස් මිලේ එතරම් වෙනසක් සිදුනොවූ අතර කොටසක් අලෙවි වූයේ රුපියල් 7.80 කටයි.

    Colonial Motors කොටසක් රුපියල් 17.00 කින් ඉහළ ගොස් රුපියල් 399.60 ක් වෙද්දී Asiri Surgical Hospital කොටසක් ශත 10 කින් ඉහළ ගොස් රුපියල් 7.60 ක් විය.

    Aviva NDB Insurance කොටසක් රුපියල් 14.50 කින් පහළ ගොස් රුපියල් 235.50 ක්වූ අතර Ceylon Tobacco කොටසක් රුපියල් 26.70 කින් පහළ ගොස් රුපියල් 453.00 ක් විය.

    මේ අතර, ණය වෙළඳ පොළ දෙස යොමුවීමේදී 2015 දී කල් පිරෙන බැඳුම්කරවල පොලී අනුපාතය සියයට 10 කට වඩා ඉහළ ගියබව මූල්‍ය වෙළෙඳුන් කියයි.


    http://vimasuma.com/index.php?optio...icle&id=3708&catid=50:puwatharthika&Itemid=56
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    මේක මම දැන් ගත්ත එකක්.මේක ආසියාවේ ආශ්චර්ය වෙයිද??
    15237506af56341e719c9950e5530b6c65aa9cf0.png

    කොහොමද මේ දැක්කම නේද?
    ASI-9523.23
    MPI-7577.92

    ඔක්කොම up එකේ
    ගනන් ගන්න එපා මං දැන් බ්‍රෝකර්ට කතා කලා. මිනිහ කියනව මේක trail එකක්ලු. මේක දැක්කම නම් පිස්සු හැදෙනව
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මේක මම දැන් ගත්ත එකක්.මේක ආසියාවේ ආශ්චර්ය වෙයිද??
    15237506af56341e719c9950e5530b6c65aa9cf0.png

    කොහොමද මේ දැක්කම නේද?
    ASI-9523.23
    MPI-7577.92

    ඔක්කොම up එකේ
    ගනන් ගන්න එපා මං දැන් බ්‍රෝකර්ට කතා කලා. මිනිහ කියනව මේක trail එකක්ලු. මේක දැක්කම නම් පිස්සු හැදෙනව

    මේ ටිකේ ටෙස්ට් රන් වගයක් උන් කරනව