හෙළ අධිරාජයේ සිට අපේ උරුමය

sam@

Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    හෙළ අධිරාජයේ සිට අපේ උරුමය



    Uploaded with ImageShack.us

    අපේ ඉතිහාසය රාවණ යුගයකටත් වඩා අතට දිව යාම ඇරඹි ඇති බව ඔබ දන්නවද ...

    අපි පැවත එන්නේ විජය කුමරුගෙන් නොවන බව දැන් පැහැදිලි වෙමින් පවතී
    ආදම්ගේ පාලම හෙවත් රාවණ පාලම මිනිසුන් විසින් සදා ඇති බවත් එය අවුරුදු ලක්ෂ ගණනක් පැරණි බවත් අද නාසා ආයතනය පිළිගෙන ඇත .

    මහාවංශයේ දෙවැනි කාණ්ඩයට අයත් මුලික පාලි ග්‍රන්ථයේ 40 වන පරිචේදය නැති බවත් එය සිගිරිය හා රවන රජු පිළිබද විස්තර ලියවූ පරිචේදය බවත් 21 වන සියවසේ එම කොටස් බටහිරින් අන්තර්ජලයට එක්වී ඇති බවත් ඔබ දන්නවද

    ලෝකේ පුදුම හතෙන් එකක් වන බැබලෝනියාවේ එල්ලෙන උයන සැදුවේ සිංහ මිනිසුන්ගේ රටේ සිහගිරි නම් පර්වතය අනුසාරයෙන් බවත් එය සැදීමට සිංහ මිනිසුන් අහසින් ආ බවත් සාක්ෂි සහිතව 1998 සිට නුතන ලෝකය දන්නා බවත්

    මොන්ජදරෝ හා හරප්පා ශිෂ්ටාචාර විනාස වුවේ න්‍යෂ්ටික පහරදීමකින් බවද එය එහි තිබු පාෂාණ කොටස් තිරිවාන බවට පත් වී තිබු බවත් එසේ වීමට නම් 3000C අවශ්‍ය බවත් නාගසාකි හා හිරෝෂිම හි මළසිරුරු වල විකිරනශීලි තත්ත්ව මොන්ජදරෝ හා හරප්පා හි ඇටසැකිලි වල විකිරනශීලි තත්ත්ව හා සමාන බවත් එවැනි තක්සනාවක් එකල වූවා නම් අධිවේගී ගුවන් යානා හා න්‍යෂ්ටික අවි තිබිය යුතු බවත් ඔබ දන්නවද

    ක්‍රිස්තු පුර්ව 4 දී ග්‍රීක ජාතික ප්ලේටෝ විසින් කියන ලද අත්ලාන්තික් පුරවරය හා හනුමා දුටු ලංකා පුරය එකම තැනක් ගැන ලියවුනු ලිපි දෙකක් බවත් ,

    1998 දී USA හමුදා විසින් වෙයිමනික ශාස්ත්‍ර හා වෙනත් ලියවිලි අනුව merecury vortex engine සහිත ගුවන් යානාවක් සාර්ථකව අත්හද බැලු බවත් ,

    ඉන්දියානු සාගරයේ උතුරු කැම්බේ බොක්කේ 4000 ft යටින් අවුරුදු 10000 පැරණි දන්දකරණයේ අගනුවර ජනස්තාන් 2003 දී ඉන්දියානුවන් සොයා ගත බවත්.

    හිරන් කසුබ් රජුගේ කාලයේදී හෙළයන් ඉතා දියුණු ව සිටි බවත් ඇමරිකානු මානව විද්‍යාඥයන් විස්වාස කරන බවත් එකල පාලනය කල තුන් ලෝකය පෘතුවි අගහරු හා සිකුරු බවටත් අගහරු ලෝකයේ පිරමිඩ යයි සැලකිය හැකි ස්ථානයක ජයාරූප නාසා ආයතන සතු බවත් ( location 27 n 117 e google earth (MARS) visible imagery.) මගින් ඔබට පවා දැකිය හැකි බවත් ඔබ දන්නවද ,

    alexandriya වරාය පුස්තකාලයට අනුව හෙළයන් සතුව ලෝකයේ දිගම හා විසලතම නැව් සමාගමක් තිබු බවත් තාක්ෂණයද ඉතා ඉහල බවත් ,

    අවුරුදු 12500 කට පෙර යුරෝපා හිම තට්ටුව දියවීමෙන් පසු රාවණ රජුගේ බිරිදගේ සහොදරයෙකු වන දනුබ් කුමරු ඩැනියුබ් ගංගාව අසල (දනුබ් ගංගාව පසු කලෙක ඩැනියුබ් ගංගාව) රමණිය නම් රටක් ඇතිකළ බවත් අද එය Romania ලෙස හදුන්වනු ලබන බවත් ,

    එසේ ඇරඹි මිනිසුන් ගංගාව දිගේ ඉහලට ගමන් කල අතර දනව+මාර්ග වලින් ඩෙන්මාර්කය සැදුනු බවටත් denish බාසාවේ ඇති හොලිගෝ ශබ්දය හෙළ බාසාවේන් පැමිණි බවටත් මහාචාර්ය ඩේවිඩ් ෆොර්ලි සදහන් කරන බවටත්,

    හිට්ලර්ගේ rocket තාක්ෂනය ලැබුවේ ලමා වරුන්ගේ අරම වල තිබු පොත් පත් වලින්ද බව ද
    අන්දිස් හි ටිවනකු වර්තමානයේ ඉන්කා ශිෂ්ටාචාරය වීරවන කුමරු නිර්මාණය කල බවත් nazka line එකල ගුවන් යානා අභ්‍යාකාශ තොටුපලක් ලෙස පවත් බවත් මානව විද්‍යාඥයන් විස්වාස කරන බවත් ඔබ දන්නවද,

    මේ සියල්ලම ඇරඹියේ හෙළ අධිරාජයේ සිට බවත් ඒ මේ ශ්‍රී ලංකාව බවත් එකල අපේ රට විශාල භුමි ප්‍රමාණයක් වූ බවත් එය සමහර විට නුතන ඕස්ට්‍රේලියව තරම් වන්නට හැකි බවද විස්වාස කරන අතර
    හෙළ අධිරාජ්‍ය ලක්දිව වට ගොඩ නැගී තිබු බවට හොදම ශාක්ෂි ලෙස රාවනා සෙල් ලිපිද බබ්ලොනියාවේ මැටි පුවරු සේම අනුරාධ පුර star gate පුවරුවද අපට නිහඩ සාක්ෂි දරයි

    සොයා යන්න අපේ අනගි ඉතිහාසය..
    වැළලුනු අනගි තාක්ෂනය..
    මේ අපේ කාලයයි
    මේ ලක්දිව නැවත බබලවන්නට
    සාමකාමී ලෝකයක් උදෙසා ...

    පොත පත් ඇසුරෙන්
    ලංකා ඉතිහාසයේ හෙළ යුගය - සූරිය ගුණසේකර http://helayugaya.tk/
    විශේෂ ස්තුතිය

    kaushala1988 kaushala1988
    Senior Member

    සහෝදරයට



    sam@ Creation
    2011 Dec




    පහත උපුටා ගැනීම http://www.facebook.com/groups/Maharawan/ පිටුවෙන් Harsha Ranasinghe
    සොහොයුරාගේ ඉදිරිපත් කිරීමකිනි

    ලංකා ඉතිහාසයේ හමුවන ප්‍රථම අධිරාජ්‍යයා වන්නේ රාවණ රජුය. ලංකා පුරය රාජධානිය කරගත් හෙතෙම අහසින් යා හැකි දඬුමොණර යන්ත්‍රය උපයෝගී කරගනිමින් අසල්වැසි රාජ්‍යයන් හා සම්බන්ධකම් පැවැත්වූ බවට අතීත ජනප්‍රවාදයන්හි සඳහන් වේ. පුරාවිද්‍යාඥයෝ හා ඉතිහාසඥයෝ මෙම රාම රාවණා කතා පුවත් විශ්වාස කිරීමට මැලි බවක් දැක්වුවද ඇමරිකාවේ ජාතික ගඟන හා අජටාකාශ ආයතනය (නාසා) මේ වනවිටත් ලොව සියළ...ු දෙනාගේ අවධානය මේ වෙත යොමු කිරීමට හේතුවන සාධක ඉදිරිපත් කර ඇත. මේ අනුව ලොව මිනිසුන් විසින් තනන ලද පැරණිතම පාලම හෙළයින් විසින් හෙළදිව සහ ඉන්දියාව යා කරමින් තනා තිබූ බව පවසන නාසා ආයතනය පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප ප්‍රතිබිම්බ ගත කරමින් දීර්ඝ කාලයක් කරන ලද පර්යේෂණ මඟින් ඒ බව තහවුරු කිරීමට හැකි බව පෙන්වා දෙයි.

    නාසා ආයතනය තව දුරටත් පවසන්නේ මෙම පාලමටම විශිෂ්ට වූ වක්‍රතාවය හා එය නිර්මාණය කරන ලද කාලය සලකා බැලීමේදී මෙය ස්වාභාවික නිර්මාණයක් විය නොහැකි බවත් මිනිසාගේ නිර්මාණයක් බවත්‍ ය. නාසා ආයතනය පවසන පරිදි ලංකාවේ මානව ජනාවාස බිහිවීම අදින් වසර 17,50,000ක පමණ ඈත අතීතයකට දිවයයි. රාමායණයට වස්තුබීජ වූ වකවානුවේ ලංකාවේ ඉතාමත්ම දියුණු ශිෂ්ටාචාරයක්ව තිබෙන්නට ඇතැයි පිළිගන්නා නාසා ආයතනය මෙම පාලම නිර්මාණය කරන්නට ඇත්තේ ඒ දියුණු මිනිසුන් විසින් බවට සැක කරයි.

    ජනප්‍රවාදයට අනුව රාමාගේ වානර හමුදාවේ නායක "හනුමාන්" විසින් ගොඩ නගන ලද පාලම මෙය වේ. පසු කාලයක කුමක් හෝ සිදු වී මෙම පාලම කැඩී ගොස් ,මුහුදු පතුලට ගිලා බැස්සද ,අදද එමමුහුදු පාලම ,මුහුද යට තිබෙනවා දැක ගත හැක. කෘතිම චන්ද්‍රිකා මගින් ගන්නා ලද ඡායාරූපත්,දකුණු ඉන්දියාවේ වෙරළ බඩ කලාපය තුළ දක්නට ඇති එම පාලමේ කොටස්ද ඒ බව සනාථ කරයි. මෙම පාලම නූතනයේ ආදම්ගේ පාලම(Adam’s Bridge), හනුමාගේ පාලම(Hanuman’s Bridge), රාවණාගේ පාලම(Ravana Bridge), රාමාගේ පාලම(Rama Bridge), සේතු සමුද්‍රම්(Sethusamudhram), පෝක් සමුද්‍ර සන්ධිය(Pork Strait) යන නම් වලින් හදුන්වනු ලබයි.

    අප රටේ "රාවණා" චරිතය පිළිබදව ඇති බොහෝ වෙබ් අඩවි පවසනුයේ මෙම පාලම හනුමා විසින් නොව රාවනා රජු විසින් තැනූ බවයි. අද වන විට ඉන්දියානු විද්වතුන් පවා එම මතයම පිළිගෙන ඇත. මෙම පාලම තැනීමට යෙදූ තාක්ෂණය ඉතාමත් පොහොසත් තාක්ෂණයකි. එම නිසා වානරයන් පිරිසකට මෙවන් තාක්ෂණයකින් යුක්ත, ශක්තිමත් පාලමක් කිසි විටෙකත් තැනිය නොහැක. එමෙන්ම රාමාටද ඔහුගේ පියාගෙන්වත් මේ සදහා සහයෝගය නොලැබුණේ නම් ඔහුටද මෙවැනි පාලමක් තැනිය නොහැක.

    රාවණා රජු මෙම පාලම ඔස්සේ ඉන්දියාවට ගොස් යුද්ධ කළ බව ඇතැම් පොත්පත් වල දැක්වේ. මෙම මතයන් නිවැරදි හෝ වැරදි වූවද, පාලම මගින් "රාම රාවණා" කතා පුවත සැබෑවක් බව සනාථ වේ. එම පුවත සැබෑවක් නම් "රාවණා" චරිතය සත්‍ය චරිතයක් බව කදිමට පැහැදිලි වේ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් පොස්ටි එක නමි උපරිමයි
    ඒත් බලාගෙන ජාතිවාදිය කියයි,
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    මචන් පොස්ටි එක නමි උපරිමයි
    ඒත් බලාගෙන ජාතිවාදිය කියයි,

    aakanam athha machoo...:)

    යාලුවනේ ..මට ඔය ජාති වාදයක් නෑ ..මට මේ ලංකාව පුරාම යාලුවෝ ඉන්නවා ..ඒ නිසා එක එහෙම නෙවෙයි..
    හැමදාම මට රට පළමුව ..
    කව්රු හරි එහෙම කිවොත් මම ඒ පුද්ගලයා ගැන දුක් වෙනවා ..ඒ ඔහු මා ගැන නොදන්නා නිසා හා ඔහුගේ සිතුවිලි මානය ඉතාමත් පහත මානයක තිබීම නිසයි ..
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ලංකාවෙ අවුරුදු දහස් ගානකට කලින් ඉතාමත් දියුනු තාක්ශනයක් තිබුන බවනම් පැහැදිලියි..:yes:
    (ඒ කියන්නෙ ඔය වැව් අමුනු වගේ නිර්මාණ වලට වඩා ගොඩක් සංකීර්ණ තාක්ෂනයක්)
    ඒත් ඒ දියුනු තාක්ෂනය වර්තමාන අපිට අහිමි උනේ කොහොමද කියන එක ගැටලුවක්.:confused:
    ඒ පැවතුන තාක්ෂනය දිගින් දිගටම දියුනු උනානම් ලෝකෙ බලවත්ම රට ලංකාව වෙන්න ඉඩ තිබුනා:yes:


     
    Last edited:

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ලංකාවෙ අවුරුදු දහස් ගානකට කලින් ඉතාමත් දියුනු තාක්ශනයක් තිබුන බවනම් පැහැදිලියි..:yes:
    (ඒ කියන්නෙ ඔය වැව් අමුනු වගේ නිර්මාණ වලට වඩා ගොඩක් සංකීර්ණ තාක්ෂනයක්)
    ඒත් ඒ දියුනු තාක්ෂනය වර්තමාන අපිට අහිමි උනේ කොහොමද කියන එක ගැටලුවක්.:confused:
    ඒ පැවතුන තාක්ෂනය දිගින් දිගටම දියුනු උනානම් ලෝකෙ බලවත්ම රට ලංකාව වෙන්න ඉඩ තිබුනා:yes:



    එකගයි මචන් ..:yes::yes:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    එකගයි මචන් ..:yes::yes:

    11.gif