අද Tricks Lanka වෙත ආව ඔබට දකින්න පුළුවන් නත්තල් තොප්පියකින් සැරසුණු Twitter කුරුල්ල වටේම පියාබනව. ඉතින් එය මත ක්ලික් කරහම Tricks Lanka හි twitter පිටුවට යන්න පුළුවන් වගේම Tricks Lanka ගැන පොඩි විස්තරයකුත් එක්ක tweet කරන්න. ඉතින් අද මම ඔබට කියල දෙන්න යන්නේ ඔබේ බ්ලොග් එකටත් මෙවැනි පියාබන Twitter කුරුල්ලෙකු දමා ගන්නා ආකාරය පිලිබදවයි.
පියාබන Twitter කුරුල්ලෙකු ඔබේ බ්ලොග් එකට එකතු කරගන්නේ කෙසේද?
- මුලින්ම Blogger වෙත යන්න. අනතුරුව ඔබේ බ්ලොග් එකේ Design වෙත යන්න.
- Add a Gadget යන්න ක්ලික් කර, HTML/Javascript යන්න ක්ලික් කර පහත දී ඇති code එක add කරන්න.
<script type="text/javascript" src="http://trickslanka.googlecode.com/files/Chrishmas%20Twitter-bird.js"></script><script type="text/javascript">
var twitterAccount = "ඔබේ twitter username එක";
var tweetThisText = "ඔබේ බ්ලොග් එකේ ලින්ක් එක සහ බ්ලොග් එක පිලිබදව කෙටි හැදින්වීමක්";
tripleflapInit();
</script>
ඉහත Code එකේ ඇති "ඔබේ twitter username එක" යන්නට ඔබේ බ්ලොග් එකට අදාලව පවත්වාගෙන යන twitter ගිණුමේ User name එක ලබාදෙන්න.
ඒ වගේම "ඔබේ බ්ලොග් එකේ ලින්ක් එක සහ බ්ලොග් එක පිලිබදව කෙටි හැදින්වීමක්" යන්නට සදහන් කර ඇති පරිදි ඔබේ බ්ලොග් එකේ ලින්ක් එක ඇතුළුව අකුරු 140 කට අඩු විස්තරයක් ලබාදෙන්න.
- පසුව ඔබේ widget box එක save කර Page Elements හි තැබිලි පැහැයෙන් ඇති "Save" යන්න ක්ලික් කරන්න.
නත්තල් පසුවී ටික දිනක් ගිය පසු ඔබ ඔබේ බ්ලොග් එකට ඇතුළු කරගත් Twitter කුරුල්ලාගේ නත්තල් තොප්පිය ගලවාදමන අතර, ඒ සදහා ඔබ ඇතුළු කරගත් code වල කිසිදු වෙනසක් කිරීමට අවශ්‍ය වන්නේ නැත.

Source:
