දැනට ගෙවෙන්නේ ශනිගේ සිකුරු අතුරු දශාවයි.කාල සර්ප යෝගයෙන් නූලෙන් මෙන් බේරී ගොස් ඇත.කෙසේ වෙතත් කාල සර්ප යෝගයේ අහිතකර බලපෑම් තරමක් හෝ විඳීමට ජීවිතයට මැදි වයස තෙක් සිදු වනු ඇත.2021 මාර්තු මසින් පසු ශනි දශාව අවසන් වීමෙන් පසු ජීවිතයේ සාර්තක ගමන ආරම්භ වනු ඇත.හොඳ රැකියාවක්,යහපත් විවාහයක් සිදුවනු ඒකාන්තයි.විවාහ ජීවිතය සතුටින් ගත වනු ඇති අතර ලස්සන බිරිඳක් ලැබීමේ වාසනාව ඇත.කේන්දර ගලපා විවාහය සිදුකර ගන්න.
අනපා යෝගය ,ගජ කේෂරී යෝගය,සරස්වතී යෝග යන ඉතා සුබ යෝග සහිත මෙම කේන්දරය හිමියා විවාහයෙන් පසු රැකියාවෙන් ඉතා ඉහලට ඔසවා තබනු ඇත.
ආදායමට වඩා වියදම අදික තත්වයක් පෙන්නුම් කරන බැවින් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න.හදිසි අනතුරු සහිත කේන්දරයක් බැවින් ඒ ගැන සැළකිලිමත් වන්න.
2021 වන තෙක් කල්පනාකාරීව කටයුතු කිරීමෙන් සහ කාක නිල් පාශානය කවච වලින් මතුරා දකුණු අතේ මැඳ ගිල්ලේ දැමීමෙන්ද ,ශනි දින ශනි හෝරාවේ කපුටු දානය දීමෙන්ද ,ශනි මෘතෘංගයක් පැළඳීමෙන්ද යම් සහනයක් ළඟාකරගත හැක.