Re Tharuwak Wee Mage Loke

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දිලිනි අක්කේ නැගිටිනවකෝ එළිවෙනකන් මල් කඩලා දැන් මෙතන මහ දවල් නිදි, නිදාගන්නද හලෝ ආවේ?

    අනේ සොරි මල්ලියෝ මට නින්ද ගියා ඔයා කතා කලෙත් නැනේ ඉතින්, මනෝ ගහගේනනේ අවේ, ෂුවර් එකටම කෙල්ල ගැන හිත හිත එන්න ඇති පිස්සා.:frown::frown:

    ඔවු අක්කේ කෙල්ලක් ගැන තමයි, ඒ වෙන කුරුත් නෙවේ ඔයා, කියල කියන්න මට හිතට ආවත් මන් ඒ වචන පිට කලේ නැ,
    අනේ නැ අක්කේ මට ඉතින් කල්පනා කරන්න තරම් කෙල්ලෙක් නැ, ඔය පිස්සු කෙල්ලෝ ගැන හිතනවට වඩා මට සනීපයි තඩි මාළු පාන් ගෙඩියක් ගැන හිතන එක.:lol::lol::lol::lol:

    අපෝ බඩ ජහරි කම තමයි ඉතින් වෙන මොනවත් නැ, ඒ උනාට ඇගනම් කෝටු කිතයියගේ වගේ මස් කඳුලක් නැ.

    හරි හරි මේ අපි ආව වැඩේ කරමු අක්කේ දැන් බඩත් ගිනියි ඉක්මනට බුකින් එක දාල ගිහින් මොනා හරි කමු,

    ඔවු ඔවු මල්ලි යන් ඉක්මන් කරමු තව වැඩ ගොඩක් තියනවා අද දවසින් කරගන්න

    කොහොම හරි අපි බූකින් එකත් දාගෙන දවල්ට කන්න දෙවැනි රාජසිංහ මාවතේ තියන අයිවරි අයිලන්ඩ් එකට ආව,
    එතන මහවැලි ගඟ මැද්දේ පොඩි දූපතක්‌, යන්න ඕනෙත් වාහනේ පාර අයිනේ දාල බෝට්ටුවක, හරිම ලස්සන පරිසරයක්, ආදරේ කරන දෙන්නේකුටනම් නිස්කලංකව ඉන්න ගොඩක් හොඳ තැනක්,
    එත් මටම හිතාගන්න බැ ඇයි මන් දිලිනි අක්කව මේ වගේ තැනකට එක්කන් අවේ කියල,
    එය බෝට්ටුවේ එද්දිනම් මාව හයියෙන් අල්ලන් හිටියේ මොකද බෝට්ටුව පැද්දෙන කොට බය නිසා,
    බෝට්ටුව අරන් යන මනුස්සයත් දිලිනි අක්කට කියනවා මහත්තයව හයියෙන් අල්ලගන්න නෝනා දඟලන්නේ නැතුව බෝට්ටුව සමබර වෙන්න කියල, අක්කටනම් ඒ කතාවට හොඳටම හිනා,
    ඒත් මම හිත යටින් ඒ කතාවට ගොඩක් සතුටු උනා, ඒත් ඒ සතුටට හේතුව මොකද්ද කියලනම් මට තේරෙන්නේ නැ.
    මටම හිතාගන්න බැ මට මොකද අද වෙලා තියෙන්නේ කියල,
    හිත කීකරු නැ පොඩ්ඩක්වත්, දිලිනි අක්කව දැක්ක වෙලේ ඉඳල මාව කරකවල කරකවල අයෙත් කරකවල ඇත ඇරපු ගානයි,:shocked::shocked::shocked:

    මටත් හොරෙන් මගේ සිතින්
    බිඳින් බිඳින් බිඳ ආදරය සොරාගෙන
    මගේ සිතම ඔබ රැගෙන ගිහින්......

    බලා ගත් වනම බලා සිටින්නෙමි
    සිතා ගන්න බැ කල යුතු දේ
    දරාගන්න බැ මේ රුදු පාළුව
    කෙසේද මා මෙය ඉවසන්නේ......

    ඔබේ රුවම නීති පතා සිටින්නෙමි
    සොයා දෙනෙත ගැටෙන දසුනේ
    ගෙවා ගන්න බැහැ මේ ලෙස කාලය
    කෙසේද මා තව ඉවසන්නේ........
     
    • Like
    Reactions: එළ බුවා

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    ela ela machooo ada thamai net arweee arwa gaman karee ubee story eka read karapu eka ... ela ela anith tikakth dahan :D :D :D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ela ela machooo ada thamai net arweee arwa gaman karee ubee story eka read karapu eka ... ela ela anith tikakth dahan :D :D :D

    :(:(:( wadak nha ban meke un kiyawanawa witharayi comment ekakwath nha. mata liyana eka epa una, wena thenaka ho mage site eke daala man ubata link eka ewannam
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එලනේ සෝමේ අයියා...වැඩේ නවත්තන්න එපා දිගටම කරගෙන යමු...අපි දෙන්නම් සහයෝගය!!!
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කොහොම්මෙන් කොහොම හරි අපි දෙන්න හොටෙල් එකට සෙට් වෙලා ෆ්‍රයිඩ් රයිස් එකක් දාගෙන කන්න ගත්ත, කටින් බත් කන ගමන් මන් ඇස දෙකෙන් අක්කිගෙ සුන්දර රූපේ කාව, අප්සට් එක කියන්නේ අක්කට මීටර් උනා මන් එය දිහා බලන් ඉන්නවා වැඩිය් කියල, මෙය ගත්තු ගමන් කීවනේ මල්ලියෝ මට පෙන්නේ ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න වගේ කියල, අපෝ ඔක්කොම හරි මට ගොනා කියල කීව එක තමයි ඉවසගන්දම බැරි උනේ, එත් ඉතින් මොනවා කොරන්නද නම්බුව බල්ලට යන් දෙන්න බැනේ එක නිසා අවදි කල මගේ මියුරු ස්වරය

    අනේ බන් අක්කේ මන් මේ බලන් හිටියේ ඔය කියන ජාතියේ දෙයක් නිසා නෙවේ, මන් මේ බැලුවේ ඔය විහින් කැත වෙලාද නැත්නම් උපන් කැතද කියල,

    මේ සමීර එන්න එපා ඕවට හරිද ඉන්නවකෝ මන් අක්කට කියනවා මලයත් එක්ක වැඩ කරන්න බ එයාටම තනියම කරගන්න කියන්න කියල, එතකොට බලන්න බැරිය චන්ඩිය අක්ක ගාව බලු වෙන හැටි

    හාපෝ වෙනසක් නෑ අපේ අක්කගේ කටම මෙයටත් පිහිටලා තියනවා එකම වෙනසකට තියෙන්නේ අවුස්සගන්න කන් හොඳයි
    අනේ මේ මගේ බුදු අක්කේ මට ඔයාගේ ලස්සනත් එපා ඔයාවත් එපා අපි මේ වැඩේ කරලා ඉවර උනාම නොදන්නා දෙන්නෙක් වගේ ජීවත් වෙමු, මොකද එක මගේ ශරීර සවුක්යට බෙහෙවින්ම ගුණ දායකයි කියල මට මේ වෙද්දී තේරිලා හමාරයි

    අන්න එහෙම එන්න මල්ලියේ එතකොට වැඩ කරන්න ලේසියි, එහෙනම් කාල බීල හමාරනම් අපි යමුද පැටියෝ තව වැඩ තියනවනේ,

    කටක් ඇරලා කියනවනේ යකෝ පැටිය කියල මෙච්චර වෙලා මට දෙහි කපල කපල ,
    හරි අක්කේ එහෙනම් යමු මට යද්දිත් ඔය දිහා බලන් ඉන්න තියනවනේ,

    මේ කොල්ලෝ මන් කියන්නේ නෑ ඉතින් හරිද?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔන්න ඔහොම ගුටි නොකා බත් කාල එදා දවසනම් ඉවර කරලා අක්කිවත් බස්සල මන් ගෙදර ආව (දෙන මොකෝ හික් ගාන්නේ යකුනේ මන්කීවේ අක්කව ගෙදරින් බැස්සුවා කියල) මොනවා උනත් ඉතින් මගේ හිත තියනවා නේද අර බල්ලට හැතැප්ම නෑ වගේ දුවනවා දුවනවා ඉවරයක් නෑ මෙච්චර වෙලා දිලිනි එක්ක ඉඳල ආවත් හිත දුවන්නේ එයා ගාවටමයි,
    මේක ඉතින් කොරන්න බෑ තවත් මෙහෙම හිටියොත් මාව හෙට උදේම අරන් යන්න වෙනවා මානසික රෝහලට එක නිසා ගත්ත උදය මචන්ට කෝල් එකක්

    හෙලෝ උදේ ...
    මොකක් උදේ??? කවුද යකෝ මේ මහා රෑ උදේ කියන්නේ??
    අනේ ෆොන්සි මෝඩ ආතල් දෙන්නේ නැතුව පොඩ්ඩක් අහපන් බන් ................................
    සල්ලි සල්ලි කියල නොබලා උදයට මන් උදේ ඉදන් උන හැම දේම විස්තර ඇතුවම කීව,

    අම්මියෝ චාම උබට මොකෝ මේ උනේ? හොඳට හිටිය නේද?
    අඩෝ ජෝක් එකට ගණන් එපා උදය වෙන කියන්න එකෙක් නැති නිසානේ බන් උබට කීවේ,
    හරි හරි චාම අවුලක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා,තවම එක දවසනේ මාස තුනක් විතර තියනවනේ වෙන දෙයක් වෙයි, ඔහොම පලයන්කෝ, එත් ඉතින් එකක් මතක තියාගනින් එකී උබට වඩා වැඩිමල් අනික දිලිනි උබේ අක්කගේ යාලුවෙක්,අවුලක් ගියොත් රෙදි නැතුව තමයි උබට ඉන්න වෙන්නේ ගෙදර

    අන්න එක තමයි උදය මට තියන බයත්, එත් මචන් මට දිලිනි අක්ක දැක්ක වෙලේ ඉඳල ඉවසගන්න බෑ මට තේරෙන්නේ නෑ බන් මොකද්ද මන් කරන්න ඕනේ කියල

    මන් කියන්නම් චාම උබ දැන් මුකුත් නොකර අමගෙන් කිරි එකක් ඉල්ලන් බීල හොඳට දොයිය බබා කියපන්. හීනෙනුත් දිලිනි වැඩ දුන්නොත් ලොවෙත් නෑ එකෙන්ම උබට ලවු සික් ඕකට මේ ලෝකේ බේත් නෑ දුක් විදින්න හිත හදාගෙන හෙට උදේට නැගිටපන්, එහෙනම් ගුදේ ගුඩ් නයිට් කොල්ල
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    kiyawana un aduma gaane banalawath palayallaaaaa

    බනින්නේ මොකටද ඔය තියෙන්නේ එලට...ඊලග කොටස් ටිකත් අද හෙටම දාන්න...කට්ටියට මල පැනල ඇත්තේ මේක නවත්තල තිබ්බ නිසා...
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    බනින්නේ මොකටද ඔය තියෙන්නේ එලට...ඊලග කොටස් ටිකත් අද හෙටම දාන්න...කට්ටියට මල පැනල ඇත්තේ මේක නවත්තල තිබ්බ නිසා...

    dawasa gaane leewa eth 1das gaanak balalath comment 40kwath nathuwa giya, ekayi nawaththuwe:(:(:(
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    adeeeeeeeeeeeeee appaaaaaaaa elakiri oya thiyenne dala... :) :)
    anith tikakth dahan machoo k...