මම හිතන්නේ ගොඩ දෙනෙක් මේ හචිකෝ කියන සුනඛයා ගැන අහලත් ඇති, චිත්‍ර පටිය බලලත් ඇති. නොදන්න අයත් ඇති මම හිතන්නේ.
හචිකෝ කියන්නේ "අකිතා" වර්ගයේ ජපානයේ කඳුකරය ආශ්‍රිතව හැදී වැඩෙන සුනඛ විශේෂයක්. මේ සුනඛ විශේෂය තමන්ගේ ස්වාමියට පුදුම ලැදිකමක් දක්වන කීකරු සුනඛ විශේෂයක්. ආදී කාලේ ඉඳලම මේ අකිතා සුනඛයා ජපානයේ ජනතාවගේ හිත දිනාගත්තු සුනඛයෙක්.
මේ හචිකෝ ඉපදිලා තියෙන්නේ 1923 නොවැම්බර් 10 වෙනි දින ඔඩාටේ කියන නගරයේ ගොවිපලක. උපතින් අට වැනියා උන හචිකොට නම වැටුනේ අට වැනි බලු පැටියා නිසා. හචි යනු ජපාන බාෂාවෙන් ඉලක්කම් 8 ට. සුරතලේට හචිකෝ නම වැටුනා.
1924 මාස දෙකක් වයස හචිකෝ ජපානයේ ටෝකියෝ සරසවියේ මහාචාර්ය වරයෙක් වන හිඩේසබුරෝ උඑනෝ ගේ සුරතලා බවට පත් උනා. කාලයත් එක්කම මේ දෙන්නා බොහොම ලඟින් හිටියා. හැමදාම මහාචාර්යවරයා වැඩට යනකොට කෝච්චියෙන් හචිකොත් තම ස්වාමියාව ඇරලවන්න කොච්චි ස්ටේෂමට එනවා. නැවතත් ගෙදර ගිහින් ආයෙමත් මහාචාර්යවරයා ගෙදර එන වෙලාවට හචිකොත් ස්ටේෂම ලඟට වෙලා ඉන්නවා. මේ පුරුද්ද දිගටම ගියා. ස්ටේෂමට පැමිණෙන අනික් මගීන්ටත් මේ දෙන්නගේ බැඳීම ගොඩක් පුදුම දනවන එකක් උනා.
නමුත් මේ දෙන්නගේ බැඳීම 1925 මැයි 21 බිඳිලා ගියා. මොකද උදේ වැඩට ගිය මහාචාර්යවරයා සුපුරුදු පරිදි කෝච්චියෙන් ගෙදර ආවේ නැහැ. මහාචාර්යවරයාට සරසවියෙදීම හදිස්සියේ හැදුන පපුවේ අමාරුවකින් මෙලොව හැරගියා. නමුත් හචි තමාගේ ස්වාමියා ඔහුව දාලා මේ ලෝකේ හැරගියා කියලා දැනගෙන හිටියේ නැහැ. හචි සුපුරුදු පරිදි එදත් වෙනදා වගේම තමාගේ ආදර බර ස්වාමියා එනකන් ශිබුයා ස්ටේෂමට වෙලා හිටියා. මේ පුරුද්ද හචි නොකඩවා අවුරුදු 9 ක් තමාගේ ස්වාමියා එනතෙක් අව්ව, වැස්ස, හිම නොසලකා බලාගෙන හිටියා. හචි ගැන දැනගෙන හිටපු අනික් මගීන් හචිට අනුකම්පා කරලා ඔවුන් යන එන වෙලාවට හචිට කෑම බීම පවා දුන්නා. හචි ගැන ආරංචි උන පුවත් පතක් හචි ගැන ඔවුන්ගේ පුවත් පතේ ලිපියකුත් පලකලා. මේ පුවතින් හචි ගැන ජපානයේත් අනික් රටවල් වලිනුත් සැහෙන හචි ගැන අනුකම්පාවක් ඇති උනා. හචිව බලාගන්න කියන මහාචාර්යවරයාගේ පවුලට හචිගේ නඩත්තුවට මුදල් පවා එව්වා. හචි මහාචාර්යවරයාගේ පවුලේ උදවිය හදා ගන්න හැදුවත් හචි නිතරම ස්ටේෂම වෙතම යන්න ගත්තා. පවුලේ උදවිය මේක නවත්තන්න හැදුවෙත් නැහැ. 1935 මාර්තු 8 වෙනිදා සුපුරුදු පරිදි හචි ස්ටේෂම වෙත ආවේ නැහැ. හොයලා බලනකොට හචිත් මෙලොවින් සමු අරගෙන ගිහින්.
හචිකෝ ගේ ලැදියාව, කීකරු කම නිසාම හචි ගැන පල උන පුවත් පත් ලිපි ගොඩකින් අදහස් කරේ ඔහු වෙනුවෙන් ශිබුයා ස්ටේෂම ඉස්සරහා හැමදාම හචි හිටපු ස්ථානයේ හචිගේ නමින් ලෝකඩ පිළිරුවක් හදන්න. ඒ ක්‍රියාවට නංවමින් පිළිරුවක් සැදුවා 1935. දෙවන ලෝක යුද්දයත් එක්කම ජපානයේ යුධ වාතාවරණයත් එක්කම හචිකෝ ගේ මතකය ජනතාවගෙන් ඇත් උනත් 1948 අන්දෝ ටකෙෂි ඔහුගේ පියා විසින් නිර්මාණය කල හචිගේ පිළිරුව නැවත අලුත් කර හචිගේ මතකයන් අලුත් කරා හචි වෙනුවෙන් සුළු සන්විදානයක් පිහිටුවාගනිමින්. සැම වර්ෂයකම අප්‍රේල් 8 වෙනිදා හචිකොගේ ගුණ සැමරෙනවා. මේ අවස්ථාවට ජපානයේ හා වෙනත් රටවල් වල සුනඛයන්ට ආදරය කරන පිරිසක් ඇවිත් හචිකොගේ පිළිරුව අසල පහන් පත්තු කරමින්, හචිට කෑම හචිගේ පිළිරුව අසලින් තියලා යනවා.
හචිගේ ජීවිත කථාව ආශ්රයෙන් චිත්‍රපටිත් නිෂ්පාදනය උනා.
හිඩේසබුරෝ උඑනෝ මහාචාර්යවරයාගේ පිළිරුව
අකිතා වර්ගයේ සුනඛයන්
හචිගේ පිළිරුව
හචි මියයාමට අවුරුද්දකට කලින් මහාචාර්යවරයාගේ පවුලේ උදවිය සමග.
හචි ගේ සමට පුළුන් දා හචිව නිර්මාණය කරපු හචිගේ ඇත්ත ස්වරුපය ජපානයේ ප්‍රදර්ශනයට තබා ඇති අයුරු.
ශිබුයා ස්ටේෂම 1912-1945
ශිබුයා ස්ටේෂම අද

Last edited: