<< සුපිරි කවි ට්කක් >>

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මම සෙට් උනේ 35වන..........පිටුවෙදිය
    ඒ වෙනවිටත් මෙය හොදටම.....පරිණතය
    එහෙන් මෙහෙන් අහුලං ලිව්වට.....කවිය
    හරිහැටි ඉගෙනගත්තේ බං.....මෙතැනදිය

    පදයක් දෙකක් ගටගැහුමට........ අහුලනවා
    වහරක් සොයත් නැහැ මම එය.... උහුලනවා
    උඹනං ජයක් ලැබ අද අත........ පිහලනවා
    දවසක මමත් ජය කොඩියක් ......ඉහලනවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පදයක් දෙකක් ගටගැහුමට........ අහුලනවා
    වහරක් සොයත් නැහැ මම එය.... උහුලනවා
    උඹනං ජයක් ලැබ අද අත........ පිහලනවා
    දවසක මමත් ජය කොඩියක් ......ඉහලනවා

    කොහැදෑ ගොයියො මම අත මෙහි..........පිහලන්නේ
    තවමත් මෙමා දණගාගෙන..................ඇවිදින්නේ
    දන්නා ලෙසට ඔහෙ පදවැල්................අමුණන්නේ
    එවිටදි කවක් නිතැතින් නිමවී...................එන්නේ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    යාමට සිතක් නෑ අද කවි මඩුව........ දමා
    හෙට උදෙන්ම යාමට ඇත නොවී .....පමා
    ඕනෑ වෙන්නේ මට දැන් නින්ද ..... ..තමා
    මම යමි මිතුරේ මට දැන් වෙන්න..... කමා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යාමට සිතක් නෑ අද කවි මඩුව........ දමා
    හෙට උදෙන්ම යාමට ඇත නොවී .....පමා
    ඕනෑ වෙන්නේ මට දැන් නින්ද ..... ..තමා
    මම යමි මිතුරේ මට දැන් වෙන්න..... කමා

    ඕනැම විටකදී ඔබ මෙහි............පැමිණෙන්න
    මා සිටිනවා ඔබ හා කවි..............මුමුණන්න
    සතුටින් ගොහින් නිදි දෙව්දුව...........සිපගන්න
    යලි හෙට දිනෙත් මේවෙත පිය.........ඔසවන්න
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එස් එල් අයියා සිටියානම්
    ඔහුටයි දෙදහසෙ උරුමකම්
    අප අතරේ මේ නෑකම්
    මඩුව වේය එයට පදනම්

    හිතුවා හරිය අද කොල්ලෝ එක් ......වීලා
    දෙදහා ගහයි අද රෑටම සෙට් ...........වීලා
    නොහිටිය නමුත් ඒ මොහොතේ ලොග් වීලා
    මේ වග දැනන් හිටියේ හද සතුටින් ..පිරිලා





     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දෙදහස ගහන මොහොතේ මා මතක් වෙලා
    උඹලා කියපු ඒ කවි පද කියවා....... බලා
    සතුටු දහර මගෙ හදවතෙ ගියා ........ගලා
    දෑසත් තෙමා මොහොතක් මා නිහඩ ..කලා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පදයක් දෙකක් ගටගැහුමට........ අහුලනවා
    වහරක් සොයත් නැහැ මම එය.... උහුලනවා
    උඹනං ජයක් ලැබ අද අත........ පිහලනවා
    දවසක මමත් ජය කොඩියක් ......ඉහලනවා

    උඹේ කොඩිය අද ඉහලින් ලෙල දෙනවා
    උඹේ කවිය අද මඩුවේ රජ .....වෙනවා
    බලන විටදි මට එය වැටහී .......යනවා
    ජයක් ලබා ඇති බව නම් ස්ථිර .වෙනවා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පැන්තා ගෙතුව මේ මහ කවි ..නූලකට
    එක්වී කවි කියූ කොලු-කෙලි ....සැමට
    වාද කරන්නට මග සපයා දුන් ....අයට
    චිරං ජයතු!!! කවියනි ඔබලා ....සැමට
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එළකිරි එකේ වල්-පල් ත්‍රෙඩ් ඇත ...පිරිලා
    සාමය සතුට ඒවායෙන් මග ........හැරිලා
    පච හල හලා රට ජාතිය බිම ......හෙලලා
    ඉන්නා එවුන් අද මඩ ගොහොරුවෙ වැටිලා

    වැඩකට නොහෙන ‍බේගල් ත්‍රෙඩ් බම්ප් කරලා
    කමෙන්ට් නොකර ඉන්නා එක හොද ..හිතලා
    කෙනෙකුට වැඩක් ඇති ත්‍රෙඩ් වලටම .ඇලිලා
    කවි රස විදින එක සැපයකි .........සැනසීලා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පුංචි පුංචි දේවල් මහ ලොකු .......කරගෙන
    විසදුම් ‍ලැබෙන තෙක් ඉවසා නොසිටි ...දන
    මීඩියා සමග එක්වී ලොවටම ..පෙන්නගෙන
    අහෝ ඛේදයකි!! බලව්!! හැටි මුන් රට කන
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කට්ටිය තාම ඊයේ දෙදහස .........ගහලා
    එළිවෙන තෙක්ම කවි මඩුවේ නිදි ...මරලා
    කව්රුත් නැත්තේ ඒකයි තව ....ඇවිදිල්ලා
    නැගිටිව්!! කොල්ලනේ දැන් කවි ලියපල්ලා
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    barre3.gif


    සිනා කවට කම් මදිවට දෙහි කැපිලී....
    rosenoeud2.gif

    දිනා දහසකුත් බාධක මැද නොසැලී..
    rubis.gif

    මනා කවි කාරකම් හා බැදි පද පේලී...
    licca39.gif

    ගෙනා දෙදහසේ (2000+)ගමනට සුභාසිරී.........
    rubis9.gif


    barre3.gif


    congratulations020.gif
    2avecbiere.gif

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කීවත් නොකීවත් ආදර අනෙකුත් කවියන්නේ
    හදපිරි සතුටෙන් මා දෙන ස්තූතිය ගන්නේ
    වැඩුනු කවි ගසේ විහිදුනු මල් ටික ඔබලානේ
    නූඹලාගේ කවි හින්දයි අද අප වැජබෙන්නේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    barre3.gif


    සිනා කවට කම් මදිවට දෙහි කැපිලී....
    rosenoeud2.gif

    දිනා දහසකුත් බාධක මැද නොසැලී..
    rubis.gif

    මනා කවි කාරකම් හා බැදි පද පේලී...
    licca39.gif

    ගෙනා දෙදහසේ (2000+)ගමනට සුභාසිරී.........
    rubis9.gif


    barre3.gif


    congratulations020.gif
    2avecbiere.gif

    මඩුවේ කඩඉම පැන්නේ ඊයේ රැයේ
    හදවතේ ජය ලැබුවෙ ඉකුත් ගෙවුන පැයේ
    දැන්නම් ජය ගී මාගේ සිතේ වැයේ
    සුවද හමනවා පෙටියගේ මේ කවියේ
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ආසයි දැනගත්තම මේ ආරංචිය
    දැක්ක ගමන් දිව ආවෙමි මේ වෙතට
    මාවනම් අමතක වී නොමැති ලෙස
    පැන්තර් අයිය දුන්න කවි පොදකින්ම මට

    මමනම් හිටියේ මුල් හරියේ..දී පමණ
    පසුව ඇදගෙන ගියා සස්ලිට්...ටා ඇතුළු සැම
    අපේ ලොකු ශ්‍රී බෝයියායි අව්රෝරායි සැම
    පැන්තරයත් සමග දී ඇත එල පදමටම


    පසුව එකතු උණු සැවොම අපේ
    අපිනම් සලකන්නේ අපේ සොහොයුරන් වගේ
    කිව්වා සුභ පැතුමක් මම මෙලෙසේ
    2000 නෙමේ ඊටත් එහායින් යමන් මලේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ආසයි දැනගත්තම මේ ආරංචිය
    දැක්ක ගමන් දිව ආවෙමි මේ වෙතට
    මාවනම් අමතක වී නොමැති ලෙස
    පැන්තර් අයිය දුන්න කවි පොදකින්ම මට

    මමනම් හිටියේ මුල් හරියේ..දී පමණ
    පසුව ඇදගෙන ගියා සස්ලිට්...ටා ඇතුළු සැම
    අපේ ලොකු ශ්‍රී බෝයියායි අව්රෝරායි සැම
    පැන්තරයත් සමග දී ඇත එල පදමටම


    පසුව එකතු උණු සැවොම අපේ
    අපිනම් සලකන්නේ අපේ සොහොයුරන් වගේ
    කිව්වා සුභ පැතුමක් මම මෙලෙසේ
    2000 නෙමේ ඊටත් එහායින් යමන් මලේ
    ඔබලා කවි මඩුවේ පදනම වූවා
    නැතිනම් මඩුවක් අදනම් නැති වූවා
    ඉස්සරනම් නිතරම් ඔබ මෙහි ආවා
    නැති පාලුවනම් මකන්න බැරි වූවා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උදේ මම ඇවිත් ....ගියා
    තනිව කවි කියා ....ගියා
    තොපි බුදියන ......නියා
    දැනී මට මල පැනලා ගියා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇවිදින් අයියේ මම අතීතේ වෙතට ගියා
    බලමින් කරපු දෑ හද මගෙ ඉපිලි ගියා
    කදුලින් පවා ඇස් අග තෙත් වෙන්න ගියා
    මෙලෙසින් ආව ගමනේ ඔබ වේය පියා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ජීවත් වෙන්න මිස ලෝකය...........අල්ලන්න
    ආවා නොවෙමි කවි මඩුවට..........රජවෙන්න
    හැකිවේනම් මගේ හදවත............කියවන්න
    සස්ලිට්ටා ඇවිදින් එහෙන්ම්..............ඔන්න
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තුන්දහසේ කඩ ඉම දැන් හිතේ ඇත
    අදිඨන මිස අලසකමක් හිතේ නැත
    සිත හොද කවියන් දැන් මේ මඩුවේ ඇත
    ඉදිරිය මිස පසුබෑමක් අපේ නැත