<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔන්න කවියනේ පැන්තා ගොඩ බැස්සා
    හදවත නම් ලිඳ අද මේ දැන් ඉස්සා
    පැනි හෙම මින් මතු තවරන්නෑ මේ පිස්සා
    ඇයට ඕනේනම් ගියදෙන් මට ගස්සා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    එළකිරි එන්නෑ එන්නේ වලා.......... කුලක්
    ස'වර් එක අද දවසෙම කෙළියි .........ගුලක්
    එලකිරියට ඔය මගුලෙන් නොවේ......පලක්
    පස් දාලා වහපන් හාරලා.............. වලක්
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    එළකිරි අපට නැතිවුන පැය තුන....... හතරේ
    අතරමං වුනා මමනම් මේ ............කතරේ
    යෝජක තුමා කවි කර ඇත ඒ..........අතරේ
    උදවු ලැබුන දෝ පෝරාවෙන්.......... උතුරේ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    හික්කඩු, ගල්කිස්ස නැතිනම්.............හලාවත
    ආරුගම්බෙ, නාච්චිකුඩා තවත්...............ඇත
    මේවගේ ආර්ථික තත්වය ඉහල...............යත
    අදිනා ඇදුම් නම් ටික ටික කුඩා.............වෙත

    යුද්ද කාලේ වැදිල තිබුනු හතේ.................... හත
    දැන් ඉවරයි සුද්දියො හැම තැනම................... ඇත
    අඩුවෙන් ඇන්දේ අව පැහැ ගන්වන්න............. ගත
    වැඩිම උනොත් ගෙවෙන්නේ කොල්ලන්ගේ........අත
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    යටත් වෙලා සුද්දට ඒ හිටපු...........යුගෙන්
    ගලවා ගත්තේ වීරයො දිවි දීල.........දගෙන්
    සාංචාරකයො ගෙන්වා මේ කරන.....රගෙන්
    වලපල්ලටම යනවා රට මහ.........වේගෙන්

    උඹ හරි මචං එලෙව්ව අපි පර......... සුද්දා
    ආපසු ගන්නේ නැහැ කිසි ලෙසකින් .....වද්දා
    දැන් කල් හරිය ආපසු ගැසුමට........... මද්දා
    උන්ටත් හොරෙන් පොකට් එකට අපි ....විද්දා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    එදා එලව දැමු මේ පර සුද්දො.......කැල
    සල්ලිවලින් අප හට පෙන්නනව.......බල
    ඕන කුණක් කන අපෙ ජාතිය......සිංහල
    සුද්දට රටම දී තොපි පිට රටම.......පල

    අපිට ඕනේ පර සුද්දගෙ කළු........ සල්ලී
    ඔකුං එදා අපෙනුයි ගැහුවේ .........පිල්ලි
    සුද්දට දීල අපි රට යන්නෑ ...........මල්ලී
    අපි සිංහලයෝ අපගේ ඇඟ නැහැ... පුල්ලී
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    කප්රුක වගේ සම්පත් කැටිවුන...............රටය
    සුද්දෝ එන්නෙ රටටම වැඩ.............දෙන්නටය
    "පෙර දිග ලෝකෙ බබලන අමුතුම..........ඇටය"
    උන් ගෙන ගිහින් මුතු අප හට දී.............ඇටය


    කප්රුක උනත් අද අපි ගන්නේ...... දරට
    මුතු තිබුනත් පළඳින්නේ නැහැ....... බරට
    මේ හදන්නේ රට ගෙනියන්නට...... පෙරට
    සුද්දව උනත් අපි ගන්නේ නැහැ...... කරට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සල්ලි දෙන නිසා නිහඩව.........ඉන්නවද?
    ඕන එකක් කරලා පල............කියනවද?
    මාතෘ භුමි කිව්වේ අර.............මක්කටද?
    අම්මව විකුණගෙන කාලා.......වැඩක්වෙද?
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෙල්ලන් විකිණෙනව වාගේ ලාබ..........බඩූ
    පොඩි කොල්ලනුත් විකිනෙයි නොකියාම...නඩූ
    උන් ටික අරන් සුද්දන් ගහනවා.............බඩූ
    මෙහෙම ගියොත් ලංකාවට බඩේ...........බඩූ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලෝකෙන් උතුම් රට සුන්දර.........අතිරමණි
    ඉතිහාසයත් අභිමානයි...........නොවපැරණි
    මේවා පොඩිය දැන් ලොකු සල්ලී.......පමණී
    මේවන විපත දැක ලක්මව ඇත......සොවිණී
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මහවැලි කැළණි වලවේ කළු යන.........ගංගා
    වටකර මහා හෝටල් ඉහලට............නැංගා
    කුණු පොදි පිටින් හොරෙන්ම වතුරට......රිංගා
    ඒවා ගලයි අසූචී දිය යට...................හංගා
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    අඩෝ පට්ට කවි කාරයො සෙට් එකක්නෙ එලකිරියෙ ඉන්නෙ... එල එල! ඔහොම යං :D
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ඔන්න කවියනේ පැන්තා ගොඩ බැස්සා
    හදවත නම් ලිඳ අද මේ දැන් ඉස්සා
    පැනි හෙම මින් මතු තවරන්නෑ මේ පිස්සා
    ඇයට ඕනේනම් ගියදෙන් මට ගස්සා

    හොඳ අදහසකි එයනම් පැන්තෝ......... පින්කී
    එකී ඉදිරියේ නැටුවා උඹ .................මංකී
    ඔය බර ඉතිං ඇති ඇද්දා ලෙස ..........ඩොන්කී
    උඹටත් අදම ලැබෙනව කෙල්ලෙක්...... ෆංකී
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    පැන්තෝ මචං මට දැන් වෙනවා ........යන්න
    අපෙ යාලුවා දිගටම කෙලිනවා.......... ඔන්න
    වාදේට ඇවිත් මං ගිය පැත්තම..........ගන්න
    බයෙ නං නෙවෙයි මං යන්නේ......... බොන්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අඩෝ පට්ට කවි කාරයො සෙට් එකක්නෙ එලකිරියෙ ඉන්නෙ... එල එල! ඔහොම යං :D

    එලකිරි කොල්ලෝ බොක්කෙන් මම මෙය....කියමී
    මෙහෙම කමෙන්ට්ස් වාගේ අපහට...............අමමී
    හැමදා කවි අරන් මේ ලෙස මම...................දුවමී
    උඹ වටිනවා වරෙන් නිතර බං...................මියාමී
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තේකක් හෙම මවුගේ අතින් හදවාලා
    බේතක් මෙන් එය හෙමිට තොලගාලා
    මේකප් හෙම යහමින් මුව ගන්වාලා
    ගේමක් ඉල්ලා පැන්තර් ඇවිල්ලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තේකක් හෙම මවුගේ අතින් හදවාලා
    බේතක් මෙන් එය හෙමිට තොලගාලා
    මේකප් හෙම යහමින් මුව ගන්වාලා
    ගේමක් ඉල්ලා පැන්තර් ඇවිල්ලා

    උඹනං මෙමට පැන්තො..............හාල්මැස්සේකී
    කවි සාගරෙහි මම මහ නිල්.............තල්මසෙකී
    හිරු නැග එනවිටදි කඩුපුල් යයි..............වියැකී
    නිහඩව ඉදින් උඹ මට පොඩි............ගැරඩියෙකී
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උඹනං මෙමට පැන්තො..............හාල්මැස්සේකී
    කවි සාගරෙහි මම මහ නිල්.............තල්මසෙකී
    හිරු නැග එනවිටදි කඩුපුල් යයි..............වියැකී
    නිහඩව ඉදින් උඹ මට පොඩි............ගැරඩියෙකී
    නොදැන කිවු දෙයට සමාව දිය හැකිය
    කවි සාගරේ තල්මසාද විය හැකිය
    නිශ්ඵල මුත් ඔහේ පිනුම් ගහනේය
    හිතන් ඉන්නේ සැසියා හෙන පොර ලෙසය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නොදැන කිවු දෙයට සමාව දිය හැකිය
    කවි සාගරේ තල්මසාද විය හැකිය
    නිශ්ඵල මුත් ඔහේ පිනුම් ගහනේය
    හිතන් ඉන්නේ සැසියා හෙන පොර ලෙසය

    මම මහ රජුය උඹ විපක්ෂ.............නායකය
    අද දින උඹට හිමිවන්නේ.............පෝරකය
    මට නම් පැන්තො උඹ ගැන තරමක්.....සැකය
    හොයපන් පෙටී ඇය දැන් වෙන........පාරකය
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මම මහ රජුය උඹ විපක්ෂ.............නායකය
    අද දින උඹට හිමිවන්නේ.............පෝරකය
    මට නම් පැන්තො උඹ ගැන තරමක්.....සැකය
    හොයපන් පෙටී ඇය දැන් වෙන........පාරකය
    හදවත ගැන සැලකූ කල මටත් සැකයි
    පෙටියා මගේ හදවතේ පාලුවත් මකයි
    එහෙම එකී මකා දමනු හිතට දුකයි
    අර පූවා මට දැන් පෙන්නන්නේ කොකයි