ඔන්න කවියනේ පැන්තා ගොඩ බැස්සා
හදවත නම් ලිඳ අද මේ දැන් ඉස්සා
පැනි හෙම මින් මතු තවරන්නෑ මේ පිස්සා
ඇයට ඕනේනම් ගියදෙන් මට ගස්සා
හදවත නම් ලිඳ අද මේ දැන් ඉස්සා
පැනි හෙම මින් මතු තවරන්නෑ මේ පිස්සා
ඇයට ඕනේනම් ගියදෙන් මට ගස්සා
හික්කඩු, ගල්කිස්ස නැතිනම්.............හලාවත
ආරුගම්බෙ, නාච්චිකුඩා තවත්...............ඇත
මේවගේ ආර්ථික තත්වය ඉහල...............යත
අදිනා ඇදුම් නම් ටික ටික කුඩා.............වෙත
යටත් වෙලා සුද්දට ඒ හිටපු...........යුගෙන්
ගලවා ගත්තේ වීරයො දිවි දීල.........දගෙන්
සාංචාරකයො ගෙන්වා මේ කරන.....රගෙන්
වලපල්ලටම යනවා රට මහ.........වේගෙන්
එදා එලව දැමු මේ පර සුද්දො.......කැල
සල්ලිවලින් අප හට පෙන්නනව.......බල
ඕන කුණක් කන අපෙ ජාතිය......සිංහල
සුද්දට රටම දී තොපි පිට රටම.......පල
කප්රුක වගේ සම්පත් කැටිවුන...............රටය
සුද්දෝ එන්නෙ රටටම වැඩ.............දෙන්නටය
"පෙර දිග ලෝකෙ බබලන අමුතුම..........ඇටය"
උන් ගෙන ගිහින් මුතු අප හට දී.............ඇටය
ඔන්න කවියනේ පැන්තා ගොඩ බැස්සා
හදවත නම් ලිඳ අද මේ දැන් ඉස්සා
පැනි හෙම මින් මතු තවරන්නෑ මේ පිස්සා
ඇයට ඕනේනම් ගියදෙන් මට ගස්සා
අඩෝ පට්ට කවි කාරයො සෙට් එකක්නෙ එලකිරියෙ ඉන්නෙ... එල එල! ඔහොම යං![]()
තේකක් හෙම මවුගේ අතින් හදවාලා
බේතක් මෙන් එය හෙමිට තොලගාලා
මේකප් හෙම යහමින් මුව ගන්වාලා
ගේමක් ඉල්ලා පැන්තර් ඇවිල්ලා
නොදැන කිවු දෙයට සමාව දිය හැකියඋඹනං මෙමට පැන්තො..............හාල්මැස්සේකී
කවි සාගරෙහි මම මහ නිල්.............තල්මසෙකී
හිරු නැග එනවිටදි කඩුපුල් යයි..............වියැකී
නිහඩව ඉදින් උඹ මට පොඩි............ගැරඩියෙකී
නොදැන කිවු දෙයට සමාව දිය හැකිය
කවි සාගරේ තල්මසාද විය හැකිය
නිශ්ඵල මුත් ඔහේ පිනුම් ගහනේය
හිතන් ඉන්නේ සැසියා හෙන පොර ලෙසය
හදවත ගැන සැලකූ කල මටත් සැකයිමම මහ රජුය උඹ විපක්ෂ.............නායකය
අද දින උඹට හිමිවන්නේ.............පෝරකය
මට නම් පැන්තො උඹ ගැන තරමක්.....සැකය
හොයපන් පෙටී ඇය දැන් වෙන........පාරකය