අද මම කියන්න යන්නේ හැමෝම වගේ දන්න කියන තැනක් ගැනයි. ඇඩිශම් බංගලාව ගැන හැමෝම අහලත් ඇති, දැකලත් ඇති, ගිහිනුත් ඇතිනේ. නොගියපු අයත් ඇති අහලවත් නැති අයත් ඇති. මේ හැමෝටම තමයි මේක ගැන දැනගන්න ත්‍රෙඩ් එකක් දාන්නේ.
මේ බංගලාව 1931 දි එවකට හිටපු වතු පාලකයකු වන බ්‍රිතාන්‍ය ජාතික සර් තෝමස් විලියර්ස් විසින් අක්කර 10 ක පමණ වත්තක තනන ලද්දක්. මේ බංගලාව නිර්මාණය කරේ R . බූත් හා F .වෙබ්ස්ටර් යන දෙන්නයි බ්‍රිතාන්‍යයේ ටියුඩර් හා ජාකොබිය ගෘහනිර්මාණ ශිල්පයට අනුවයි. සර් තෝමස් විලියර්ස් දැනට ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනයේ කලින් ප්‍රධානියා වෙලා හිටියා. සර් තෝමස් ගේ විශ්රමයෙන් පසුව මේ වත්ත හා බංගලාව සේදවත්ත මෝල අනුබද්දිත ආයතනයට විකුණනු ලැබුවා. 1961 සේදවත්ත ආයතනයේ ප්‍රධානි එවකට ලංකාවේ ප්‍රථම කැබිනට් මන්ත්‍රීවරියක වුනු විමලා විජේවර්ධන මැතිනිය විසින් නැවත මෙය රෝමානු කතෝලික පල්ලියේ කොටසක් වන සාන්ත සිල්වෙස්ටර් - බෙනඩික්ට් නිකාය වෙත විකුණනු ලැබුවා. දැනට මෙය සිල්වෙස්ටර් - බෙනඩික්ට් පුජකවරුන්ගේ ආශ්රමයක් විදියට පාවිච්චි වෙනවා. මෙය නැරබීමට දෙස් විදෙස් සංචාරකයන්ට පුළුවන්.
බංගලාව පිහිටලා තිබෙන්නේ හපුතලේ නගරයේ සිට 4km නුදුරින්. මේ බංගලාවේ වවන ස්ට්‍රෝබෙරි, පේර, හා අනිකුත් පළතුරු, එළවලු හා මල් ඉතාම අලංකාරයට දැකබලා ගන්න පුළුවන්. මේ බංගලාවේ වත්තේ වවන පළතුරු වලින් ජෑම්, කෝඩියල්, වගේ නිෂ්පදනත් මිලදී ගන්න පුළුවන්. සර් තෝමස් ගේ ගරාජය සංචාරකයන් වෙනුවෙන් නවාතැන් පොලක් ලෙසට පරිවර්තනය කරලා හදලා තිබෙනවා.
සර් තෝමස් විලියර්ස්
ශාන්ත බෙනඩික්ට් තුමා
මරිය මව්තුමිය
බංගලාව බලන්න යන්න වෙනමම වෙලාවක් හා දවස් තියෙනවා. සෙනසුරාදා, ඉරිදා, පෝය දිනවල් හා පාසැල් නිවාඩු දිනවල පමණයි.
Whom to contact : Rev Fr Jude Wilson (OSB)
Address : St.Benedict's Monastery,
Adisham, Haputale,
Sri Lanka.
Tele : +94 57 2268030
Email: [email protected]

Last edited: