ඇඩිශම්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අද මම කියන්න යන්නේ හැමෝම වගේ දන්න කියන තැනක් ගැනයි. ඇඩිශම් බංගලාව ගැන හැමෝම අහලත් ඇති, දැකලත් ඇති, ගිහිනුත් ඇතිනේ. නොගියපු අයත් ඇති අහලවත් නැති අයත් ඇති. මේ හැමෝටම තමයි මේක ගැන දැනගන්න ත්‍රෙඩ් එකක් දාන්නේ.

    59169936155da6d1b091b.jpg


    මේ බංගලාව 1931 දි එවකට හිටපු වතු පාලකයකු වන බ්‍රිතාන්‍ය ජාතික සර් තෝමස් විලියර්ස් විසින් අක්කර 10 ක පමණ වත්තක තනන ලද්දක්. මේ බංගලාව නිර්මාණය කරේ R . බූත් හා F .වෙබ්ස්ටර් යන දෙන්නයි බ්‍රිතාන්‍යයේ ටියුඩර් හා ජාකොබිය ගෘහනිර්මාණ ශිල්පයට අනුවයි. සර් තෝමස් විලියර්ස් දැනට ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනයේ කලින් ප්‍රධානියා වෙලා හිටියා. සර් තෝමස් ගේ විශ්‍රමයෙන් පසුව මේ වත්ත හා බංගලාව සේදවත්ත මෝල අනුබද්දිත ආයතනයට විකුණනු ලැබුවා. 1961 සේදවත්ත ආයතනයේ ප්‍රධානි එවකට ලංකාවේ ප්‍රථම කැබිනට් මන්ත්‍රීවරියක වුනු විමලා විජේවර්ධන මැතිනිය විසින් නැවත මෙය රෝමානු කතෝලික පල්ලියේ කොටසක් වන සාන්ත සිල්වෙස්ටර් - බෙනඩික්ට් නිකාය වෙත විකුණනු ලැබුවා. දැනට මෙය සිල්වෙස්ටර් - බෙනඩික්ට් පුජකවරුන්ගේ ආශ්‍රමයක් විදියට පාවිච්චි වෙනවා. මෙය නැරබීමට දෙස් විදෙස් සංචාරකයන්ට පුළුවන්.

    බංගලාව පිහිටලා තිබෙන්නේ හපුතලේ නගරයේ සිට 4km නුදුරින්. මේ බංගලාවේ වවන ස්ට්‍රෝබෙරි, පේර, හා අනිකුත් පළතුරු, එළවලු හා මල් ඉතාම අලංකාරයට දැකබලා ගන්න පුළුවන්. මේ බංගලාවේ වත්තේ වවන පළතුරු වලින් ජෑම්, කෝඩියල්, වගේ නිෂ්පදනත් මිලදී ගන්න පුළුවන්. සර් තෝමස් ගේ ගරාජය සංචාරකයන් වෙනුවෙන් නවාතැන් පොලක් ලෙසට පරිවර්තනය කරලා හදලා තිබෙනවා.

    3742769329_953b8bfaf7_z.jpg


    50335990948d4c5ac55eo.jpg


    54584026.jpg


    83209195.jpg


    296701331712880083a8.jpg


    adisham1byfarcry77.jpg


    adisham3byfarcry77.jpg


    thomasek.jpg

    සර් තෝමස් විලියර්ස්

    p4190117.jpg


    p4180059.jpg


    dsc01175j.jpg

    ශාන්ත බෙනඩික්ට් තුමා

    633597500183eac38459o.jpg


    dsc01162sx.jpg


    633597474379489c013co.jpg


    6335974699af51f4a793o.jpg


    633673144870ffa571e8o.jpg


    3501562514a88ceae2f9b.jpg

    මරිය මව්තුමිය

    37986937.jpg


    80798f7e-abd2-430a-a89f-41eb2167aba3.jpg

    බංගලාව බලන්න යන්න වෙනමම වෙලාවක් හා දවස් තියෙනවා. සෙනසුරාදා, ඉරිදා, පෝය දිනවල් හා පාසැල් නිවාඩු දිනවල පමණයි.


    Whom to contact : Rev Fr Jude Wilson (OSB)

    Address : St.Benedict's Monastery,
    Adisham, Haputale,
    Sri Lanka.
    Tele : +94 57 2268030

    Email: [email protected]


    :):):)
     
    Last edited:
    • Like
    Reactions: senarath and kites

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    මචන් ගිය සතියෙත් ගියා ...නියම පෝස්ට් එක අහ්.. :P:Pමොනාද තිබ්බේ කියලනම් මතක නෑ..එවෙලේ ඩෝප් වෙලා හිටියේ :confused:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් ගිය සතියෙත් ගියා ...නියම පෝස්ට් එක අහ්.. :P:Pමොනාද තිබ්බේ කියලනම් මතක නෑ..එවෙලේ ඩෝප් වෙලා හිටියේ :confused:

    ඇති උඹව ඇතුලට ගත්තා. :lol::lol:

    අවුලක් නැහැ. දැන් බලාගන්නකෝ.;)