මෙන්න මට වෙච්චි සිද්දියක්...
ඉස්සර විබාගෙ ඉවර වෙලා ඉන්න කාලේ තිබුනා පිස්සුවක් ඈග හදා ගන්න.ඉතින් හෑමදාම හවසට පිට්ටනි ගානේ,ප්රජා මන්ඩල ගානෙ යනවා.මගෙත් එක්ක සෙට් වෙලා හිටියා මන් වගේම පිස්සු පොරක්.ඉතින් මිනිහත් එක්ක දුවලා සෙල්ලම් කරලා රෑ 10 විතර වෙලා තමයි ගෙදර එන්නෙ.ඔහොම සති දෙකක් විතර ගෙවිලා ගියා.මන් මෙ කියන සිද්දිය වෙච්ච දවසේ අපි පිට්ටනියට යන්න ටිකක් රෑ වුනා.දන් යන්න ලස්ති වෙලා මු කියනවා මුට කන්න ඔනෙලු.ඈයි යකො මොන යකාද දුවන්න ඔන්න මෙන්න තියලා කන්නේ.මට දෑන් මාරම මල.

මුට කන්නම ඔනේලු.පරක්කුත් වෙලා,ගෙදර එන්නෙ පහු වෙනිදා පාන්දරද.....මන් ඉතින් මුට කිව්වා යන ගමන් කඩෙන් බඩට මොනා හරි දා ගමු කියල.දෑන් යන ගමන් තිබ්බා පොඩි කඩ කෑල්ලක්.මු කිව්වා මෙ වෙලවට පිට්ටනියෙ කවුරුත් නෑ අපි පිට්ටනියෙ තියන් කමු කියලා.අරන් ගියා බෑදපු මාලුයි,මයියොක්යි. පිට්ටනියේ බලු බල්ලෙක් නෑ.ඉතින් මොනා කරන්නද...කනත්තක් මෑද්දෙ වුනත් අපේ ජන්ම පෙරේත ගතිය තියෙන හින්දා පටන් ගත්තා අරක පත බාන්න.

කාලත් ඉවර වෙලා පරක්කු වෙන හින්දා වතුරත් නොබීම දුවන්න පටන් ගත්තා.දන් දෙන්නා ගෑම්මේ දුවනවා.ටික දුරක් දුවන කොට මාව ටිකක් ඩල් වුනා.අරූ මාවත් පාස් කරගෙන දිව්වා.මන් නවතුනු හරිය ටිකක් පාලුයි.මන් ඉතින් ටිකක් මහන්සිය ඈරෙන්න කියලා ඉස්සරහට ඈවිදගෙන ගියා.

මෙන්න යකො මට දනෙනවා මගෙ පස්සෙන් කවුරුහරි එනව වගේ. මන් හෑරිලා බෑලුවා මොකෙක්වත් නෑ.ආයෙත් ටික දුරක් යද්දි එනව වගේ.දෙකක් දලා හිටියනම් ගානක් නෑ.එන එකෙකුත් නෑ.සද්දෙත් අහෙනවා.මොන පුකක්ද කියලා මාත් පටන් ගත්තා අයෙත් දුවන්න.

අරුව පේන්නෙත් නෑ කලුවර හින්දා.ටික දුරක් දුවනකොට මට තෙරුනා මාව උරහිසින් අල්ලලා පස්සට අදිනවා වගේ.


එවෙලේ තමයි දෙලො රත් වුනේ

.මන් පන එපා කියලා දිව්වා ගේට්ටුව පෑත්තට .යද්දි අරුත් ගේට්ටුව එලියේ ඉදන් හති අරිනවා.මන් මට වෙච්ච සීන් එක ඌට කිව්වා.ඌ දුවද්දී පිට්ටට්නියේ කෙලවර අඩි 10ක් විතර උස මිනිහෙක්ව දෑකලා.මූගේ ඈස් දෙකම රතු පාට වෙලා,වෙව්ලනවා.

මන් මුවත් එක්කගෙන ගෙදර ගියා.එච්චරට සීන් එක ගෙදරට මාට්ටු නොවුන හින්දා මන් ගෙදරට මුකුත් කිව්වෙ නෑ.ඒත් මන් කිව්වා අද රෑට අපෙ ගෙදර ඉන්න කියලා.දෑන් ඔක්කොම කාලා එහෙම නිදා ගත්තා.රෑ 12.30 ට විතර මූ යටිගිරියෙන් හු තියන්න ගත්තා.

මාව උඩ ගිහිල්ලා අහෑරුනා.ගෙදර කස්ටියත් අහෑරිලා කාමරේට දුවන් ආවා.මූව ගෑහෙනවා.අම්මා කිව්වා නූලක් දාමු කියලා.මන් ඊට පස්සෙ ඌගේ අක්කට call එකක් දාල ගියා අල්ලපු ගෙදර සීයව ඈහෑරන්න.සීයා මාතර කෙනෙක්. මන්තර වෑඩ එහෙම ලාවට දන්නවා.සීයාවත් ඈහරගෙන එද්දි උගේ අම්මල අපේ ගෙදර ඈවිල්ලා.ඊට පස්සෙ සීයා නුලක් මතුරලා මූට දෑම්මා විතරයි මූගෙ දෑගලිල්ල වෑඩි වුනා.එකපාරටම මූ වමනේ දන්න ගත්තා.

වමනේ දාලා දලා මූව හෙම්බත් වෙලා.බඩේ මොනවා තිබ්බඩ දන්නේ නෑ එච්චර යන්න.

මාත් ෆුල් හොල්මන් සීන් එකට.ඊට පස්සේ මූට කලන්තේ දෑම්මා.දවස් දෙකක් විතර ගියා මූ නොමල් වෙන්න.එතකන් පෑරනොමල් තමයි.

ඊට පස්සේ කවදවත් ගියේ නෑ ඒ පිට්ටනිය පෑත්තෙ.අරූනම් සෙල්ලම් කෙරිල්ලත් අත ඈරියා. ඒක තමයි කියන්නේ මාලුව නහින්නේ කට හින්දා කියලා.

ඔය සහෝදරයොත් ටිකක් පරිස්සම් වෙන්න.