දෛවය...........

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    දෛවය...........

    little_girl_and_boy_holding_hands_poster-p228471647040735364t5ta_400.jpg

    කොල්ලෙක්ගේ ජීවිතයට කෙල්ලෙක් ආවම ඌට ආයෙ ඒ කෙල්ලගෙන් තොර ලොවක් නෑ.......
    "මචං මේ මගේ wife.." ඌ යාළුවන්ට කියන්නේ එහෙමයි..
    කොල්ලෙක් ජිවිතය - ජිවත් වෙන විදිහ ඉගෙනගන්නේ අන්න එතනින් පස්සෙයි.. පිස්සු කෙලින කොල්ලෙක්ගේ ජීවිතය හැඩ කරන්න කෙල්ලෙක්ට පුළුවන්.. ඌ හැදෙනවා.. වෙනදට වඩා පිළිවෙලයි..
    හැමදේම බලන්නේ අලුත් විදිහට..
    කොයිවෙලෙත් පොඩි සින්දුවක් කියාගෙන ඌ ඉන්නේ සතුටෙන්..
    ඌ කරන හැමදේම හරියනවා.... එහෙමයි කියල ඌට තේරෙනවා..
    සල්ලි කියක් හරි ඉතුරු කරන්න බලනවා..
    කෙල්ලට මොනවහරි පුංචි දෙයක් හරි දිල ඒ හදවත සතුටු වෙන එක බලල
    ඌ හිනා වෙන්නේ ලෝකේ තියන ලොකුම සතුට ලැබුන වගේ....
    ඉඩක් ලැබෙන හැම වෙලාවකම කෙල්ලට කෝල් එකක් දෙනවා...
    නැත්තන් sms එකක් යවනවා...
    කෙල්ල ගැන හොයල බලනවා.. උගේ ජීවිතේම හැඩ වෙනවා.. ලස්සන වෙනවා..
    වෙනදා වගේ නෙවෙයි.. ඌ කල්පනා කරනවා.. ප්ලෑන් කරනවා... අනාගතය ගැන හිතනවා..
    එතකොට ඌට වගකීම්, යුතුකම් ගැන තේරෙනවා...
    තමන්ගේ ගෙදර ගැනත් හොයල බලල අඩුපාඩු පුරවනවා...
    ගෙදරට සලකනවා... කොටින්ම කොල්ලෙක් නියම පිරිමියෙක්.. මිනිහෙක් වෙනවා...
    ඌගේ ජිවිතය හැදෙන්නේ එහෙමයි...
    ඒ හැමදේම පිටිපස්සෙන් ඉඳල තියෙන්නේ කෙල්ලෙක්.. හොඳ අවංක කෙල්ලෙක්..
    ඒවගේ කෙල්ලෙක්ව තමන්ගේ ජිවිතයට ළංකරගෙන තමන්ගේ අනාගතය
    හදාගන්න හැම කොල්ලෙක්ම ආසා කරනවා...... හීන දකිනවා......
    ඒත්...............
    ඒ හීනය හැබෑවෙන්නේ කියෙන් කීදෙනාටද....
    දැකපු හීනය හැබෑවෙන්න යනකොටම........
    ඒ හීනය කඩල බිඳලා පොඩිපට්ටම් කරලා......
    ලෝකේ නැති කථා හදලා.... උගේ චරිතය හමගහල....
    ඒ කෙල්ලගේ කටින්ම අර අහිංසක බලාපොරොත්තු තියාගෙන හිටපු එකාගේ පපුව කුඩුපට්ටම් කරලා සුන්නත්දුලි කරවන මිනිස්සු ඉන්නවා.....
    හිතාගන්නවත් බැරි විදිහේ අසික්කිත ජරා මිනිස්සු....
    මේවගේ තුච්ඡ දෙයක්..... තවත් මිනිහෙක්ට කරන්න තරම්
    මේ මිනිස්සුන්ට තියන උවමනාව මොකද්ද....???
    දෙපැත්තක ඉදලා ජිවිත දෙකක් ජීවිතකාලය පුරාම අඬන ඒක බලාගෙන සතුටු වෙන එකද....... ?
    මේකට වෙන්නැති දෛවය කියල කියන්නේ......

    හ්ම්...........

    - රස්තියාදුකාරයා -

    Source :
    - රස්තියාදුකාරයා -

    Code:
    http://rasthiya.blogspot.com
    :(:(:(
    ________________________

    මට හිතුන දේ
    - GihanD4R

    මගේ කලින් කෙල්ල නිසා මට වුන දෙවල්..මවපු හීන , හැම දෙයක්ම නැති වුනා..ජීවිතේ දුකක්.. දවසක් සතුටෙන් හිටියොත් මාස ගානක් අඩන්න වෙන්වා.. ඒත් අපිට පොඩි හරි සතුටක් ආවම ඒ විදපු දුක අමතක වෙලා ආපහු ඒ සතුටට හීන මවනවා..දකින මිනිසුන්ට අපිව පිස්සෝ වගේ පේනවා ඇති, ඒත් ඒ පිස්සා විදපු දුක දන්නවනම්.......

    390154_10150504614077156_521982155_8393489_1076017126_n.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මෙහෙමයි හැබැයි, කෙල්ලත් ඉහලට යන්න උත්සාහ කරන, කම්මැලිකම නැති, උත්සාහවන්ත, හරියටම කියනවා නම්, කුස්සියක් මැනේජ් කරගන්න පුලුවන් කෙල්ලෙක් නම්, ඒ කෙල්ල විවාහ කරගන්න කොල්ලා ඉතින් ඉහලටම යනවා තමා........!! :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහෙමයි හැබැයි, කෙල්ලත් ඉහලට යන්න උත්සාහ කරන, කම්මැලිකම නැති, උත්සාහවන්ත, හරියටම කියනවා නම්, කුස්සියක් මැනේජ් කරගන්න පුලුවන් කෙල්ලෙක් නම්, ඒ කෙල්ල විවාහ කරගන්න කොල්ලා ඉතින් ඉහලටම යනවා තමා........!! :yes:

    :lol::lol: umba nam kussiya onawatath wada balagannawa kiyalai aranchiya :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :lol::lol: umba nam kussiya onawatath wada balagannawa kiyalai aranchiya :P

    :angry::angry: ඔන්න ආවා වැදගත් ත්‍රෙඩ් එකක් කන්න......!! :angry::angry:

    ඔයා ආනන්දේ වුනාට, පොඩි එකාව ආනන්දෙට දාගන්න බැරි උනා නේ......!! :P :P නාලන්දේ හොදා බං. ඉගෙන ගන්න එකා, කොයි ඉස්කෝලෙට ගියත් ඉගෙන ගන්නවා....!! :yes:
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචන් ගිහාන් උබ කියල තියන ස්ටෝරි එක නම් නියමයි.මොකද මමත් පුද්ගලිකව ඔය අත්දැකීම විදලා තියන නිසා නියම රහ තේරෙනවා.:yes:
     
    kingdewi

    Well-known member
  • මෙහෙමයි හැබැයි, කෙල්ලත් ඉහලට යන්න උත්සාහ කරන, කම්මැලිකම නැති, උත්සාහවන්ත, හරියටම කියනවා නම්, කුස්සියක් මැනේජ් කරගන්න පුලුවන් කෙල්ලෙක් නම්, ඒ කෙල්ල විවාහ කරගන්න කොල්ලා ඉතින් ඉහලටම යනවා තමා........!! :yes:

    ඒකනේ ඔය වාසනාව ඉතින් අපේ යුරාජ් මල්ලිටනම් එකෙන්ම ලැබිල තියෙනව..
    ඔන්න දැන් මිනිහ ඉහලටමලු යන්නේ....:):):):):):):):)
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    මචන් ගිහාන් උබ කියල තියන ස්ටෝරි එක නම් නියමයි.මොකද මමත් පුද්ගලිකව ඔය අත්දැකීම විදලා තියන නිසා නියම රහ තේරෙනවා.:yes:

    කතා කරල වැඩක් නෑ මචන්.. මගේ කලින් කෙල්ල නිසා මට වුන දෙවල්..මවපු හීන , හැම දෙයක්ම නැති වුනා..ජීවිතේ දුකක්.. දවසක් සතුටෙන් හිටියොත් මාස ගානක් අඩන්න වෙන්වා.. ඒත් අපිට පොඩි හරි සතුටක් ආවම ඒ විදපු දුක අමතක වෙලා ආපහු ඒ සතුටට හීන මවනවා..දකින මිනිසුන්ට අපිව පිස්සෝ වගේ පේනවා ඇති, ඒත් ඒ පිස්සා විදපු දුක දන්නවනම්.......

    390154_10150504614077156_521982155_8393489_1076017126_n.jpg
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කතා කරල වැඩක් නෑ මචන්.. මගේ කලින් කෙල්ල නිසා මට වුන දෙවල්..මවපු හීන , හැම දෙයක්ම නැති වුනා..ජීවිතේ දුකක්.. දවසක් සතුටෙන් හිටියොත් මාස ගානක් අඩන්න වෙන්වා.. ඒත් අපිට පොඩි හරි සතුටක් ආවම ඒ විදපු දුක අමතක වෙලා ආපහු ඒ සතුටට හීන මවනවා..දකින මිනිසුන්ට අපිව පිස්සෝ වගේ පේනවා ඇති, ඒත් ඒ පිස්සා විදපු දුක දන්නවනම්.......

    390154_10150504614077156_521982155_8393489_1076017126_n.jpg

    හැමදේම වෙන්නේ හොදට කියල හිතට ගනින් මචන්.මම උබට පී.එම්.කලා බලපන්.:yes: