සුන්දර ටජ් මහලේ නොදත් තතු

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
සුන්දර ටජ් මහලේ නොදත් තතු

ටජ්මහල පිළිබද ලොව පුරා සිටින බහුතරයක් දන්නේ සාජෙහාන් රජතුමා (ක්‍රි.ව. 1627 – 1658) විසින් සිය මිය ගිය ආදරණීය බිසවකවූ මුම්ටාස් වෙනුවෙන් සිය හැගීම ප්‍රකාශ කිරීම සදහා ඉදිකල ආදරයේ සිහිවටනයක් බවයි. එය සත්‍යයක්ද? නැතහොත් මෙයට හාත්පසින්ම වෙනස් සංසිද්ධියක් කාලයේ වැලිතලාවෙන් වැසී ගොස්ද?

කෙ‍සේ වෙතත් මම මෙම ලිපියෙන් කියන්නට යන දෙයින් කිසියම් රාජ්‍යයක්, ආගමක්, දර්ශනයක්, පුද්ගල‍යකු හෝ ජන සමූහක් හෝ අගෞරවයට හෝ එකිනෙකා අතර අසමඟියක් ඇති කිරීමට කිසිදු ආකාරයක බලාපොරොත්තුවක් නොමැති අතර මා දිනපතා පළවන ජාතික පුවත්පතක, ශාස්ත්‍රීය අතිරේඛයක ටජ්මහල පිළිබද දක්නට ලැබුන ලිපියක යම් තොරතුරක් ඔස්සේ තව දුරටත් සොයා බැලීමේදී දැනගන්නට ලැබුනු කරුණු කිහිපයක් ඔබ හමුවේ තැබීමට කරන ලද උත්සාහයක් පමණක්ම බව මුලින්ම ප්‍රකාශ කරමි.

මම කියන්නට යන දෙය ගැන ඔබ තරමක් පුදුමවන්නටත් පුළුවන්. ඉහත පැවසූ ආකාරයට මම එම ලිපිය මීට වසර දෙකකට පෙර කියවන්න‍ට ලැබුන අතර, එම පුවත්පත් ලිපිය අවසානභාගයේ දැක්වුන ආකාරයට මීට දශක කිහිපයකට පෙර ටජ් මහලේ සිදුකරන ලද වසා තිබූ කාමරයක කිසියම් අළුත්වැඩියා කටයුත්තකදී කරන ලද කාර්යයන්වලදී, එම කටයුතු කරන ලද කම්කරුවන්ට දක්නට ලැබුනේ හින්දු ආගමට අදාලවන සිතුවම් කිහිපයක්. ඔවුන් මෙය අදාල බලධාරීන්ට දැන්වූ අතර, ඔවුන් අදාල පාර්ශව හරහා එවකට ඉන්දියාවේ අගමැතිතුමා වෙත මෙය දන්වා තිබින‍. කෙසේ වෙතත් ඉන්දියාව තුල නිරතුරුවම, හින්දු සහ මුස්ලිම් ජාතීන් අතර සිදුවන ජාතිවාදී අරගල වල අමිහිරි අත්දැකීම් හේතුවෙන්, මෙම සිදුවීම අරඔයා ඇතිවිය හැකි අනතුරක සේයාව වටහා ගත් ඉන්දීය අගමැතිතුමා වහාම උක්ත කරුණට අදාල සිතුවම් ආවරණයවන සේ බදාම ගසා වසා දමන්නට අණ කල බව එම ලිපියේ දැක්විණි.

මෙම ලිපිය කියවූ විට මමද පුදුමයට පත් වූ අතර ඒ පිළිබදව තරමක් සොයා බැලීමට අන්තර්ජාලය පිරික්සූ විට ඊට ඉඟි සපයන කරුණු සමූහයක් දැකගන්නට ලැබුණා. එම කරුණු වලින් ටජ් මහලට හින්දු ආගමික සම්බන්ධතාවයක් ගැන තොරතුරු දක්නට ලැබුනු අතර ඉන්දීය ඉතිහාසඥ Shri. P. N. Oak මහතාගේ Tajmahal : The True Story කෘතිය පිළිබදවත් (Purushottam Nagesh Oak - http://en.wikipedia.org/wiki/Purushottam_Nagesh_Oak සහ http://www.hindujagruti.org/news/3611.html) , ඒ සමගම ටජ් මහලේ දුර්ලභ ඡායාරූප රැසකුත් සොයා ගැනීමට හැකිවිය. මෙම කෘතිය එවකට ඉතා ආන්දෝලනාත්මක තත්ව‍යක් ඇති කර තිබෙන අතර, භාරතයේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන්ම පොත පළකිරීමට එරෙහිව විවිද ක්‍රියාමාර්ග ගෙන තිබු බවද පැ‍වසේ.

එසේම P. N. Oak මහතා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකාරණයේ, ටජ් මහල හින්දු රජෙකු විසින් ඉදිකරන ලද බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද නඩුවක්, 2000 වසරේදී නිශ්ප්‍රභා කරන ලද බවත් සොයා ගන්නට ලැබුනි (http://en.wikipedia.org/wiki/Taj_Mahal බලන්න). එසේම ඔහු ටජ්මහලේ සොහොන් ගැබ සහ සීල් තබා වසා ඇති ස්ථාන විවෘත කර වැඩිදුර විමර්ශනයට ලක් කරන ලෙසද ඉල්ලා ඇත. එහෙත් ඒ සියල්ල ප්‍රති‍ක්‍ෂේප වී ඇත. එම ඉතිහාසඥයා ඉදිරිපත් කර ඇති මත කිහිපයක් සංක්‍ෂිප්තව මෙහි ඉදිරිපත් කරමි.
ටජ්මහල් යන නම ගත් විට එය මෝගල් රාජ වංශයට අදාල කිසිදු ලිඛිත ලියවිල්ලක සදහන් නොවන බව පැවසේ.

එසේම නමේ අග කො‍ටස වන “මහල්” යන්න මුස්ලිම් වචනයක් නොවන බවත්, ඇෆ්ගනිස්ථානයේ සිට ඇල්ජීරියාව දක්වා වූ බහුතර මුස්ලිම් රාජ්‍ය කිසිවක ගොඩනැගිල්ල යන්න හැදින්වීමට “මහල්” යන පදය භාවිතා නොකරන බවද පැවසේ.


ටජ්මහල් යන නාමය බිදි ආ බව පැවසෙන්නේ, මෙය ඉදිකිරීමට පාදක වූ සහ මෙහි භූමදානය කර ඇති බව පැවසෙන සාජෙහාන් රජුගේ බිසවකවූ, මුම්ටාස් මහාල් (Mumtaz Mahal) ගේ නමේ අග කොටස වන "මහල්" යන්න භාවිතයෙන් බවට පැවසෙතත් එහි අපහැදිලිබවක් ඇත. එයට හේතුව නම් ඇගේ සත්‍ය නම Mumtaz Mahal නොව Mumtaz-ul-Zamani බව සහ නමේ පළමු අකුරු තුන වන “Mum” ඒවා වත් මෙම ගොඩනැගිල්ල හැදින්වීමට යොදා නොගැනීම නොසලකා නොහැරිය හැකි බවත්ය.

Mumtaz.jpg


අනෙක් අතට Mumtaz යන නමේ “taz” ලෙස අවසන් වන නිසා, එහි අගට ඇති “Z” අකුර සැලකිල්ලට ගෙන එසේ නම් මෙහි නාමය යෙදීමට තිබුනේ “Tajmahal” ලෙස නොව “Tazmahal” ලෙසට බවයි.

එසේම සාජෙහාන් රජු සමයේ පැමිණි යුරෝපීය ජාතීන් මෙය හදුන්වා ඇත්තේ “Taj-e-Mahal” යන නමින් බවත් “Taj-e-Mahal” යන නම, පැරණි සංස්කෘත භාෂාවෙන්
“Tej-o-Mahalaya” ලෙස දැක්විය හැකි බවත්, එම නාමයට අනුව මෙය හින්දු දේවාලක් බවත්ය.

එය සැලකිල්ලට ගත් විට සාජෙහාන් රජු හෝ ඔහු හෝ ඔහුගේ අනුප්‍රාප්තිකයන් ඹවුනට අතිශය සංවේදීවන්නාවූ සොහොනක් බදු ස්ථානයකට සංස්කෘත නාමයක් යෙදීම කිසිසේත් සිදුවිය හැක්කක් නොවිය හැකිබව.

තවද සොහොන් ගැබන් වැනි ස්ථානයකට, මෙලෙස ගොඩනැගිල්ලක් හෝ මන්දීරයක නමක් ආදේශකිරීම ප්‍රායෝගික නොවන බවද පැවසේ.


වැඩිදුරටත් පැවසෙතොත් ටජ්මහාල් යන්නට මෝගල් වංශයට අදාලව කිසිදු පැහැදිලිකිරීමක් කිරීමට අපහසුබව පවසන අතරම මෙහි “ටජ්” හා “මහාල්” යන්න සංස්කෘත භාෂාවෙන් සපැමිණි බව කියවේ.

හින්දු දෙවොලක් තුලට පිවිසීමේදී දෙපා පැලදි පාවහන් ඉවත් කර පිවිසීම චාරිත්ර යක් වේ. එසේ නම් සොහොනක් ඇති සුසාන භූමියක් ලෙසද සැලකිය හැකි ටජ්මයලේ කිරිගරුඩ පීඨිකාව මත‍ට පිවිසීමේදී පාවහන් ඉවත්කරන්නේ ඇයි දැයි ගැටළුවක් පැණ නගින අතරම, සුසාන භූමියකදී නම් පාවහන් පැලදීම අවශ්යව වන බවද පවසයි.

එසේම පළමු පදනමේ ඇති හිස් සොහොන්ගෙයි (Cenotaph - http://en.wikipedia.org/wiki/Cenotaph )බිම සුදු කිරිගරුඩ වලින් නිමවා තිබුනද, අනෙකුත් ප්‍රධාන ස්ථානවල සහ තව තව තට්ටු දෙකක ඇති හිස් සොහොන්ගෙවල් තුනෙහි බිම විසිතුරු ලියවැල් රටා නිර්මාණයන් ඇති ගරුඩ බවත් ඒවා හින්දු ප්‍රතිමාවක පාදමට අයත් , තවමත් ඉතිරිව ඇති ආධාරක කොටස් බවත් පවසන අතර එම නිසාද මෙය මුම්ටාස් බිසවගේ හිස් සොහොන්ගෙයක් වීමේ හැකියාවක් නොමැතිබවද පවසයි.

ටජ්මහලේ ඇති කෙන්ඩියක ඇති කැටයම් වල 108 යන්න සලකුණු වී ඇතැයි පවසන අතරම 108 යන්න හින්දු සංස්කෘතියට අදාලවන දෙයක්බවද පවසසි.

ලේඛනගත සාක්ෂිතවිමසීමේදී, සාජෙහාන් රජුගේම ඉතිහාසගත ලේඛනවල සදහන්වන ලෙසට මුම්ටාස් බිසවගේ භූමදාන කටයුතු සදහා එවකට ජායිපූර් හි එවකට මහරාජා වන Jaisigh (ක්‍රි.ව. 1611 - 1667) ට අයත්, බුබ්බුලාකාර ශීර්ෂයක් සහිත “Raja Mansingh මාලිගය” අත්පත් කරගත් බවට සටහන්කර ඇත.

ටජ්මහල තැනීම සදහා වසර 22 කට වඩා කාලයක් ගතවූ බව (ක්‍රි .ව. 1631 සිට 1653අතර) ටජ් මහලට පිටතින් පිහිටුවා ඇති ඵලකයේ දැක්වුනත් , එය ඇත්ත තත්වයට වඩා කාරණා ඉස්මතුකර පෙන්වන ලද ප්‍රංශ ආභරණ වෙළෙන්දෙකුවන Tavernier ගේ සටහන්වලින් උපුටා ගන්නා ලද නිසා දත්ත පිළිබද විශ්වාසනීයත්වයේ ගැටළු ඇති බවද කියන අතරම සාජෙහාන්ගේ රජවාසල නීත්‍යායානුකූල ලියකියවිලි වල ඒ පිළිබද නිශ්චිත සටහනක්ද නොවන බව ප්‍රකාශවෙයි.

‍එසේම මෙම කාලයේදීම ඉන්දියාවේ සිටි පෘතුගීසි පූජකයකු වන Manrique ගේ සටහන් අනුව මෙහි දහසක පමණ කම්කරුවන් සේවයේ නිරත වී සිටිය බවත්, ඔවුන් ගොඩනැගිල්ල මුළුමනින්ම තැනුවා නොව තිබූ පැරණි ගොඩනැගිල්ල අලංකාර කිරීම ‍හා ඉස්ලාමීය ස්වරූපකට අදාලවන සේ නව අංග එකතු කරමින් සිටි බව පවසයි. මෙම Manrique ගේ සටහන්ද සියයට සියයක්ම විශ්වාසබව‍ට සැක තිබෙන අතර, කෙසේ වෙතත් ටජ්මහල ජායිපූර් වල සිටි මහරාජා වරයෙකුවන Raja Mansingh (ක්‍රි .ව. 1550 – 1614) හෝ වෙනත් අයෙකු ඉදිකිරීමේදී නම් මුලින් පැවසූ ලෙස වසර 22 ක් පමණ ගත වීමට සහ කම්කරුවන් 20,000 ක් පමණ සේවය කරා යයි කියන කාරණය සත්‍ය වීමට හැකිබවද ප්‍රකාශිතය.

එසේම සා‍ජෙහාන් රජු ටජ්මහල ඉදිකිරීමට අවශ්‍ය කිරිගරුඩ, මුම්ටාස් බිසව මිය ගොස් වසර දෙකක් තුල ඉක්මනින් සපයන ලෙස අදාල පාර්ශව වෙත දැන්වූ බවද ලේඛන වල සදහන් කර ඇති අතර, සත්‍ය වශයෙන්ම ටජ්මහල, ඔහු විසින් මුළුමනින්ම ඉදිකලේ නම් වසර දෙකක් තුල කිරිගරුඩ භාවිතා කිරීමට තරම් හැකියාවක් නොමැති නිසා හා වසර 22 ක් මෙය ඉදිකිරීම සදහා ගතවුනි යයි සදහන් වන නිසා කිරිගරුඩ අවශ්‍ය වන්නේ වසර 15 ක් හෝ 20 කට පසුව බවද තර්කයක් මතුකරයි.


එසේම ලේඛනගත කරුණු සැලකිල්ලට ගැනීමේදී මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට ගිය වියදම සහ භාවිතා කල ගල් සහ කිරිගරුඩ ආදී අමුද්‍රව්‍ය ගැන පැහැදිලි සටහනක් කබා නොමැති නිසාද සා‍ජෙහාන් රජු ටජ්මහල මුළුමනින්ම ඉදිකලේ යයි පැවසෙන මූලාශ්‍ර පිළිබද සැක මතුවේ.

එසේම සාජෙහාන් රජු සමයේ ඔහුගේ රාජධානියට පැමිණි යුරෝපීය ජාතිකයන් ටජ්මහල් ගොඩනැගිල්ල හා එය පිහිටා ඇති අග්‍රා නුවර පීළිබද තබා ඇති සටහන් සැලකිල්ලට ගැනීමේදීද, සාජෙහාන් රජු මෙය ඉදිකලබවට පරස්පර මතයන් ඇතිවී තිබිමද අවධානය යොමුකල යුතුබවද පැ‍වසේ.

සාජෙහාන් රජු ටජ්මහල ඉදිකර බවට ඉස්ලාමීය මූලාශ්‍ර වල සදහන් කරුණු, මුල් ලේඛණවලට පසුව වෙනමම අමුණා ඇතිබවට ඇති බවටද චෝදනා කරයි.

තවදුරටත් විද්‍යාත්මකව ගත් කල, 1974 දී ඇමරිකානු මහාචාර්යවර‍යකු වන Marvin Mills මහතා විසින් ටජ්මහලේ යමුනා ගංඟා ඉවුර අසල දොරකින් ලබා ගත් ලී කැබැල්ලක් ඇමරිකාවේ පරීක්‍ෂනාගාරයකදී සිදුකල කාබන් 14 පරීක්‍ෂාවකදී, එම නියැදිය සාජෙහාන් රාජ්‍ය පැවති කාලයටත් වඩා වසර 300 ක් පමණ පැරණි බව හෙලිවී තිබේ.

මෙහි තවත් සුවිශේෂ කරුණක් වන්නේ 11 වන සියවසේ සිට මෙම අග්‍රා ප්‍රදේශයට දිගින් දිගටම සිදුවූ මුස්ලිම් ආක්‍රමණයන්ට ලක්වීම නිසා එහි තිබූ ගොඩනැගිලි නිරතුරුවම අබලන්වීම හේතුවෙන් ඒවා අළුත්වැඩියාකිරීමට හෝ අළුතින්ම කොටස් එක් කිරීමට සිදුවීම නිසා සත්‍ය වශයෙන්ම ගතහොත් ටජ්මහල් ගොඩනැගිල්ල ක්‍රි.ව.1155 දී, නැතහොත් සාජෙහාන් රාජ්‍ය සමයටත් වඩා වසර 500 ක් පමණ පැරණි බවට සැලකිය හැක. කෙසේ වෙතත් මෙම හෙලිදරව්වෙන් පසු අදාල බලධාරීන් ටජ්මලේ තිබූ පැරණි ලී දොරවල් ඉවත් කර එම ස්ථාන ගඩොල් බැද ආවරණය කර බවද සදහන් වේ.

Timber+Door.jpg

(මෙම ලී කෑබැල්ල ලබා ගන්නට ඇතැයි සැලකෙන ලී දොර මෙය වන අතර, එම දොර ඉවත්කිරීමට පෙර ගන් ඡායාරූපයකි​

එසේම බටහිර පුරාවිද්‍යඥන් වන E.B.Havell, Mrs.Kenoyer සහ Sir W.W.Hunterhave අයගේ වාර්තා අනුව මෙය හින්දු දොවොලක ආකෘතියකට අනුව තැනූ බවට මත ඉදිරිපත් කර ඇති අතර හින්දු ආගමේ ගොඩනැගිලිවල දක්නට ලැබෙන අටශ්‍රක හැඩයන් ,

oct.jpg

(සොහොන් දෙක වට කර ඇති ආවරණයද අටශ්‍රක හැඩයක් ගෙන ඇත)​

ඒවායේ දක්නට ලැබෙන කොරිඩෝ ආදියද,

cori.jpg

නොයෙකුත් ස්ථාන වල හින්දු ආගමට සම්බන්ධතාවයන් දක්වන සිතුවම්, කැටයම්, ලියවැල් ද,

Lotus+and+kouran+letters.jpg


(මෙහි ඉහලින් ඇති ඉස්ලාමීය අක්‍ෂර සාජෙහාන් විසින් පසු කාලීනව එකතුකල බව සැලකේ)


Ganesh.jpg
(මෙහි දැක්වෙන අලීන්ගේ කැටයම් ගණ දෙවියන්ට සම්බන්දබව කියවේ)

බ්ත්තිවල, සිවිලිමේ තවත් ඔවුන්ගේ සුවිශේෂී සලකුණක් වන “ඕම්” ලාංඡන ආදිය සහ ඔවුන්ගේ පුද පූජා සදහා භාවිතා කෙරෙන පුශ්පයන්ගේ (Datura flowers) කැටයම් දක්නට ලැබෙන බවද වැඩිදුරටත් දැක්වේ.

Dhatura+%2526+OHM.jpg

(මෙම Datura මල් කැට‍යමේ ඕම් සලකුන අන්තර්ගතව ඇතිබව පැවසේ)

දෙවෙනි කොටස පසුවට :)

ගත්තේ සත්සමුදුරෙන්
 

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
දෙවැනි කොටස


තවදුරටත් පවසන්නේ නම් ටජ්මහලේ ගෝලාර්ධ ශීර්ෂයේ කොත විශාලනය කර බැළුවිට එහි අඩ සද වැනි කොටස ඉස්ලාමීය ලාංඡනයක් වන අඩ සද පිහිටන ආකාරයට වඩා වෙනස් ආකාරයකට පිහි‍ටාතිබීමත් එය සමග ඇති අනෙකුත් දේවල් හින්දු ආගමට සම්බන්ධ වස්තූන් බවටත් පවසයි.
සත්‍ය වශයෙන්ම සාජෙහාන් රජු මෙම විශ්මිත සොහොන් ගැබ ගොඩනැගුවාද? එසේනම් මුම්ටාස් බිසවගේ දේහය කවදා මෙහි උත්සවාකාරයෙන් තැන්පත් කරාද? එයට කිසිදු නිශ්චිත පිළිතුරක් මේ වනතෙක් ලැබී නොමැත. එවැනි වැදගත් දත්තයක් හරිහැටි නොදැනීමද ටජ්මහල පිළිබද වැරදි පුරාවෘතයන් ගොඩනැගීම සදහා ඉවහල්වී ඇතිබවටද චෝදනා එල්ල වේ.

අඩුම තරමෙන් මුම්ටාමස් බිසවගේ මරණය සිදු වූ වසර නොදන්නා අතර, එය ක්‍රි.ව. 1629, 1630, 1631 හෝ 1632 දී සිදුවූ බවට අනුමාන කෙරේ. එසේනම් මුම්ටාපස් බිසවගේ දේහය මෙහි තැන්පත් කිරීම කරන ලද බවට ‍නිශ්චිත කාල වකවානුවක්ද අනුමාන වශයෙන් මිස හරිහැටි කීමට නොහැකි බව පැවසේ. මක්නිසාද යත් රජගේ අන්තංපුරයේ කාන්තාවන් 5000 ක් පමණ සිට ඇති අතර ඔවුන්ගේ මරණය සිදුවූ දිනයන් පිළිබද වාර්තා තබා ගැනීම අපහසුබවද පැවසේ.

closeup-of-pinnacle.jpg

එසේම මෙවන් අන්තංපුරයක් තිබූ රජු සහ මුම්ටාස් බිසව අතර පැවතුනායයි පැවසෙන අධික ආදරය පිළිබද කථාව පසු කාලීනව මවන ලද ප්‍රබන්ධයක්බවත්, එය පිළිබදව කිසිදු පිළිගත හැකි ලිඛිත සාක්ෂියක්ද නොමැති බව පැවසෙන අතරම, එය පසු කාලීනව ප්‍රබන්ධගත කරන ලද්දේ සාජෙහාන් රජුට මෙම ටජ්මහලේ හිමිකාරීත්වය ව්‍යාජ ලෙස ලබා දීමට බවද ප්‍රකාශ කරයි. එසේම සාජහොන් රජු මුම්ටාස් බිසවගේ මරණයට පෙර හා පසු අවස්ථා කිහිපයකදීම තවත් කාන්තාවන් රැසක් විවාහ කරගෙන ඇත. එයින්ද මෙම කියන ආදරය පිළිබද කුතුහලයක් මතුවේ.


King+Sharjehan.jpg



සාජෙහාන් රජු​

සාජෙහාන් රජු පිළිබද ගැඹුරින් හැදෑරීමේදී ඔහු හා සම්බන්ධ ඉහත කරුණුවලට අමතරව තව බොහෝ විශමාචාර ක්‍රියා රැසක් පිළිබදව කරුණු අනාවරණය වේ. තවද ඔහු බලලෝභී මසුරු තැනැත්තෙකුබවද කියවේ. එසේනම් ඔහුවැන්නෙකුගෙන් හිටිහැ‍ටියේ ආදරයෙන් මුසපත් වී ටජ්මහල වැනි සුවිශාල නිර්මාණයක් ගොඩනැංවීමට මුලපුරාවි යයි සිතිය හැකිද?

එසේම මුම්ටාස් යනු උපතින්ම සාමාන්‍ය පවුලක කාන්තාවක බවත්, එනිසා ඇයට මෙතරම් රාජකීය අවමංගලය උතසවයක් සිදුකිරීමේ හේතුවක් රාජවංශිකයන්ට ඇතිවීමද සැකසහිත බවද කියවේ.

මුම්ටායස් බිසව මිය ගොස් ඇත්තේ අග්‍රාවට සැතපුම් 600 ක් පමණ දුරින් වූ බුර්හන්පූර් (Burhanpur) හිදීය. ඇයගේ සොහොන එහි කිසිදු උපද්‍රවයකින් තොරව තවම එහි පවතී. මෙසේ ගත්කල ඇයගේ නම අනිසි ලෙස භාවිතාකර හිස් සොහොන් ගැබක් ටජ්මහල තුල ගොඩනැගීම තුලින් , මෙම ගොඩනැගිල්ලේ හින්දු සම්භවය අතුගා දැමීමට කටයුතුකර ඇතැයි මෙම ඉතිහාසඥයා චෝදනා කරයි.

mum+died.jpg

(මුම්ටාස් බිසව මියගිය ස්ථානය)

mum+burried.jpg

(මුම්ටාස් බිසවගේ දේහය සත්‍ය වශයෙන්ම භූමදානය කර ඇති බව සැලකෙන්නේ Burhanpur හිම පිහිටි Ahu Mahal ලෙස හදුන්වන මෙම ස්ථානයේය. තවත් පුරාවෘතයක දැක්වෙන්නේ ඇය‍ගේ දේහය මෙහි අව්වට, වැස්සට සහ වන සතුන්ට නිරාවරණය වී මාස හයක පමණ කාලයක් පැවතුන බවයි.)​

තවද මුම්‍ටාස් බිසව ජීවතුන් අතර සිටියදී ඇය වෙනුවෙන් කිසිදු මාලිගාවක් හෝ ප්‍රාසාධයක්, සාජෙහාන් රජු ඉදිකරදී ඇති බවට සාක්‍ෂි නොමැත. එසේනම් ඇය මිය ගිය පසු, ඇය වෙනුවෙන් එවැනි දෙයක් ඔහු සිදු කරයිද? එයත් තව ගැටළුවකි.
ටජ්මහල තැනීමට කොපමණ මුදලක් වැයවුනිද යන්න සාජේහාන් රජුගේ රජවාසල නිල ලියකිවිලිවල කිසිදු විටක සදහන් නොවීමෙන්ද, ටජ්මහල ගොඩනැගුවේ සාජේහාන් රජු නොවන බවට තවත් සාක්ෂි යක් ‍වන බවද මෙම ඉතිහාසඥාගේ මතයයි.
සාජේහාන් රජුට ටජ්මහල තැනීමට ගතවූ කාලයයි පැවසෙන වසර 22 දී, එය සදහා කම්කරුවන් 20,000 කගේ සේවය ලබා ගන්නට ඇතැයි පවසන්නේනම්, ඔවුනට විස්තර ඇතුලත් ලේඛණ, දෛනික වියදම් වාර්තා, අමුද්‍රව්‍ය ඇණවුම් කිරීමට අදාල ලේඛණ සහ ඒවා ලබා ගත් බවට ලියකියවිලි සහ ගොඩනැගිල්ලේ සැලැස්ම පිළිබද සටහන් කිසිවකගේ කොල කැබැල්ලක් හෝ නිල ලියකියවිලි තුල අඩංගු නොවේ.

basic+blue.jpg

(පසුකාලීනව සකස් කරන බද ටජ්මහලේ මූලික සැලසුම් පිටපතක් - Blueprint)​


එසේනම් රජවාසල ඉච්ඡාබස් දොඩන්නන්, අදක්‍ෂ හා අපරික්‍ෂාකාරී ඉතිහාසඥයන්, නිද්‍රාජනක පුරාවිද්‍යාඥයන්, පුබන්ධ ගොතන්නන්, පැරණි කවියන්, සාවද්‍ය තොරතුරු සපයන සංචාරකයන් යන අය එකතුව නූතන ලෝකය දන්නා පරිදි ටජ්මහලේ ව්‍යාජ කර්තෘත්වය සාජේහාන් රජුට ලබාදීමට කටයුතුකර ඇති බව P. N. Oak මහතාගේ මතයයි.

yamuna.jpg

(යමුනා ගං තෙර සිට ටජ්මහල දිස්වන අයුරු)​
සාමාන්යදයෙන් සුසාන භුමියක රෝපණය කරන්නේ සෙවන සහිත ගස්වැල්. මක් නිසාදයත් එවන් ස්ථානයක රෝපණය වන මල් හෝ පළතුරු යනාදිය මනුෂ්‍ය පරිභෝජනයට පිළිකුල් බවක් ඉන්දියානු සම්ප්‍රධායන් තුල ඇත. එහෙත් ටජ්මහල අවට පිහිටි උද්‍යාන වල ඇති ශාක, හින්දු පූජා පැවැත්වීමට ගන්නා පුෂ්ප හා පත්‍ර දරන ශාක වේ. එයින්ද මෙම ස්ථානය සාජෙහාන් රජු අත්පත් කර ගැනීමට පෙ‍ර, හින්දු ආගමේ ශිව දෙවියන් වැදුම් පිදුම් කල ස්ථානයක් බවට විශ්වාසකරයි.

හින්දු දේවාල ගංඟා ඉවුරු හෝ මුහුදු වෙරලක ඉදිකිරීම සාමාන්‍ය චාරිත්‍රයයි. එය සැලකිල්ලට ගත්කල සත්‍ය වශයෙන්ම ශිව දෙවියන්ගේ දෙවොලකට සුදුසුම ස්ථානයක් වන යමුනා නදී තෙර ටජ්මහල ඉදිකර ඇත.

arial.jpg

(ඉහලින් ටජ්මහල පෙනෙන අයුරු)​

මොහොමඩ් නබිනායකතුමා ඉස්ලාම් ධර්මයේ ප්‍රකාශ කල ආකාරයට “යමෙකුගේ සොහොන අප්‍රකට ස්ථානයක් වියයුතුය. අඩුම තරමේ එය සොහොන් ගලක් පිහිටුවා ‍හෝ අනන්‍යයන්ට ප්‍රදර්ශනය නොකල යුතුය” යන්න වදාරා ඇත. එහෙත් එම නීතිය අතිශය බරපතල ලෙස උල්ලංඝනය කරමින් මෙම ටජ්මහලේ බිම්මහලේ සහ පළමු මහලේ සොහොන් ගැබ දෙකක්, එහි පෙර තිබූ ශිව ලිංග දෙක වලදමා ඒ මත ඉදිකර ඇති බව පෙන්වා දෙන අතර, හින්දු චාරිත්‍රානුකූලව ශිව ලිංග එකක් මත එකක් මහල් දෙකක පිහිටුවා තිබෙනු, Ujjain හි පිහිටා ඇති Mahankaleshwar දෙවො‍ල සහ Somnath Pattan හි පිහිටා ඇති Ahilyabai විසින් ගොඩ නගන ලද Somnath දෙවොල උදාහරණ ලෙස ගෙනහැර දක්වයි.

centho.jpg

(සාජහාන් රජුගේ (වමපස) හා මුම්ටාස් බිසවගේ යයි සැලකෙන සොහොන් ගැබ)​

(කෙසේ වෙතත් මෙම ඉස්ලාම් දහම පිළිබදව දක්වා ඇති කරුණ සිංහල බසට පරිවර්ථනය කරන ලද මුල් කෘතියේ දැක්වුන කරුණක් වන අතර, ඉස්ලාම් ධර්මය පිළිබදව මාහට දැනුමක් නොමැති බවද ප්‍රකාශ කරන අතරම, එනිසා එම කරුණු සාවද්‍යයැයි මෙය කියවන මුස්ලිම් මිතුරෙකු දුටුවහොත්, එය නිවැරදි කරන ලෙසද ඉල්ලමි)‍.
එසේම ටජ්මහලේ සතර දිශාවල පිහිටා ඇති එකිනෙකට සමාන පිවිසුම් ආරුක්කු හින්දු සම්ප්‍රධායේ ගොඩනැගිලිවලට ආවේනික බව ප්‍රකාශ කරන අතරම එය Chaturmukhi ලෙස හදුන්වයි.

එමෙන්ම මහල් හතකින් යුතු මන්දීරයක් වන මෙහි මහල් පහක්ම සීල් තබා සාජෙහාන් රජු විසින් වසා ඇති බව පැවසෙන අතර බ්ම්මහල යමුනා ගංඟාවේ මට්ටමටත් වඩා පහළින් ඇති බව පැවසෙන අතර එය වෙනත් ස්ථානයන් හිදීද හමුවන හින්දු සම්ප්‍රධායේ ගොඩනැලිවලද දක්නට ලැබෙන ලක්‍ෂනයක් සේ සලකයි.

http://2.bp.blogspot.com/_n0H6ySzVpQo/TT_2ONRd7kI/AAAAAAAAAFU/z5GsuB0Axy8/s320/fine.jpg[/IMG
(මෙම සේයාරුව 1911 දී මහතා විසින් රචිත “History of Fine Art in India and Ceylon"නම් කෘතියෙන් ලබා ගන්නා ලද අතර මෙහි දැක්වෙන ලෙද මහල් දෙකක් පිටතට නොපෙනෙන බිම්මහලේ ඇති බව කියයි)[/CENTER]

එසේම මෙහි මහල් හතේ උසටම ගැඹුර ඇති මන්දීරය තුල පිහිටි අඨාශ්‍රක හැඩති ලිදද හින්දු සම්ප්‍රධායේ පූජනීය ස්ථානවල දැකිය හැකි ලක්‍ෂනයකි.

[CENTER][IMG]http://2.bp.blogspot.com/_n0H6ySzVpQo/TT_5zJxMSiI/AAAAAAAAAFY/oQkaKxC-mmY/s320/well.jpg
(මෙහි දැක්වෙන ලෙස ලිදට විවෘත වන කවුළු ඒ ඒ කාමර වලට ඇති නිසා ග්‍රීස්ම ඍතුවේදීද ජල වාශ්ප මුසුවූ සිසිල් සුලං ලැබුන බව පැවසේ)​

ටජ් මහලේ ඇති ගෝලාකාර ශීර්ෂය දෝංකාර දෙන ගෝලාර්ධයකි. එසේම ටජ්මහල් ආශ්රි්තව සංගීත ශාලාවක්ද ඇත (එය මුස්ලිම් දේවස්ථානයක් ලෙස ඔවුන් හැදින්වයි). එහෙත් සොහොන් ගැබකට අවශ්යකවන්නේ සාමකාමී නිශ්ෂබ්ද වටපිටාවකි. මෙසේ දෝංකාර දෙන ශීර්ෂයක් මෙවැනි ස්ථානයකට සුදුසු නොවන අතර, එවැන්නක් අවශ්යව වන්නේ හින්දු පූජනීය ස්ථානයකටයි. මක්නිසාද යත් එම ස්ථානයන්හි පුදපූජා පැවැත්වෙන විට වැයෙන බෙර හා සීනූ නාදයන් තවදුරටත් නැවත නැවත වර්ධනයවී ඇසිය යුතු නිසාය.

එසේම මෙම ගෝලාකාර ශීර්ෂයේ මුදුන නෙළුම් මලක හැඩය ගන්නා අතර ඉස්ලාමීය ගොඩනැගිලිවල මුදුන මෙයට වඩා වෙනස් ආකාරයක් ගන්නා බව එවන් ගොඩනැගිලි හා ටජ්මහල සංසන්දනයෙන් පෙන්නුම් කෙරේ.

dome.jpg


music.jpg

(සංගීත ශාලාව - Music House)​

ටජ්මහලේ ඇතුළුවීමේ දොරටුව දකුණු පසට මුහුණලා ඇති නමුත් ඉස්ලාමීය ගොඩනැගිලිවල ප්රරවේශ දොරටුව සාම්ප්රීධායික ලෙස මුහුනලන්ණනේ බටහිර දිශාවටබවද වැඩිදුරටත් පැවසේ.

බොහෝ දෙනෙක් අතර පැතිර ඇති වැරදි මතයක් නම් යමෙකුගේ සොහොන් ගැබක් සදහා ස්මාරකයක් ලෙසට අළුතින්ම ටජ්මහල ‍ගොඩනැංවූ බවයි. එහෙත් මුස්ලිම් ආක්‍රමණ සිදුවූ සෑම රටකම සිදුවී ඇත්තේ, ඒ වන විටත් ගොඩනංවා තිබූ ගොඩනැගිලි ඒ සදහා යොදාගැනීමයි.

ටජ්මහල මහල් හතකින් යුතු මන්දීරයකි. ඒ බව සාජෙහාන් රජුගේ පුත් කුමරා වූ Aurangzeb (ක්‍රි.ව.1658 -1707) විසින්ද සනාථ කර සාජෙහාන් රජුට එවන ලද ලිපියක සදහන්වේ.

ගත්තේ සත්සමුදුරෙන්