ක්‍රිකට් ක්‍රීඩාංගන

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ලෝකයේ~ක්‍රිකට්~ක්‍රීඩාංගන

    මට හිතුනා ලෝකෙම තියන අපි දන්නා නොදන්න ක්‍රිකට් පිටි ගැන ත්‍රෙඩ් එකක් දාන්න. ඔන්න එහෙනම් පටන් ගත්තා.

    1. මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය (MCG)

    mcg1.jpg


    140590.jpg


    ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් වල යාරා උද්‍යානයේ පිහිටි මේ ක්‍රීඩාංගනය ක්‍රිකට් වලට සැහෙන්න ප්‍රසිද්ද ස්ථානයක්. දැනට ලෝකයේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන මෙය පිහිටනු ලැබුවේ 1854 දීය. මෙහි දිග හා පළල මීටර් 172.9 හා 147.8 වෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයට අයත් වන මෙය නඩත්තු කෙරෙන්නේ මෙල්බර්න් ක්‍රිකට් සමිතියි. මෙහි පළමුවෙනි ටෙස්ට් තරගය පැවැත්වුනේ 1877 මාර්තු 15 වෙනි දින එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතරයි. මෙහි අන්ත වන්නේ සාමාජික අන්තය හා මහා දකුණු අන්තයයි. මෙහි එක වර ප්‍රේක්ෂකයන් 100,000 තරග නැරඹීමට හැකියාව තිබුනත් එම සංඛ්‍යාව ඉහල ගිය අවස්ථාද බොහොමයි. මෙහි රාත්‍රී තරග සඳහා ආලෝක කුළුණු සැදුවේ මාර්තු 1985 දීය. මේ ක්‍රීඩාංගනයේ ක්‍රිකට් වලට අමතරව රගර්, පා පන්දු වැනි ක්‍රිඩත් පැවැත් වෙනවා.

    englandaustralia1883.jpg

    1883 එංගලන්තය හා ඔස්ට්‍රේලියාව

    mccpavilion.jpg

    අබෝරිජිනි ක්‍රිකට් කණ්ඩායම

    mcg1864.jpg

    1864

    mcg1878.jpg

    1878

    2. ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගනය (The Oval , Kenington Oval , Foster 's ovel , Brit Oval , Kia Oval)

    thebritoval.jpg


    එංගලන්තයේ, ලන්ඩන් නුවර කෙනින්ටන් වල පිහිටි මේ පිටිය ආරම්බ කරනු ලැබුවේ 1845 දීය. කොර්න්වොල් අධිරාජ්‍යවරයාගේ පාලනය යටතේ පවතින මේ ක්‍රීඩාංගනය සරේ ප්‍රාන්ත පිලේ ක්‍රීඩාංගනයද වෙනවා. මෙහි පළමු ටෙස්ට් තරඟය පැවැත්වුවේ එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර 1880 සැප්තැම්බර් 6 වෙනි දිනයි. මෙහි අන්ත වන්නේ පැවිලියන් අන්තය හා වොක්ෂෝල් අන්තයයි. මෙහි එක වර ප්‍රේක්ෂකයන් 25,000 තරග නැරඹීමට අවස්ථාව ඇති අතර මෙහි රාත්‍රී තරඟ සඳහා ආලෝක කුළුණු සවි කරනු ලැබුවේ 2009 දීය.

    3. සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනය (SCG)

    scgn.jpg


    ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නගරයේ මෝර් උද්‍යානයේ මේ ක්‍රීඩාංගනය පිහිටුවන ලැබුවේ 1848 දීය. ප්‍රාන්තයේ පාලනය යටතේ සිඩ්නි ක්‍රිකට් ට්‍රස්ට් මගින් කළමනාකරණය වෙනවා. පළමු ටෙස්ට් තරඟය පැවැත්වුනේ ඔස්ට්‍රේලියාව හා එංගලන්ත අතර 1882 පෙබරවාරි 17 වෙනි දිනයි. මෙහි දිග හා පළල මීටර් 156 හා 154 වෙනවා. මෙහි අන්ත වන්නේ පැඩින්ටන් අන්තය හා රෑන්ඩ්වික් අන්තයයි. මෙහි ආලෝක කුළුණු සවි කරනු ලැබුවේ 1978 දීය. මෙහි එකවර ප්‍රේක්ෂකයන් 44,000 තරඟ නැරඹීමට හැකි.

    4. ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් ක්‍රීඩාංගනය (Old Trafford)

    120465.jpg


    එංගලන්තයේ, මැන්චෙස්ටර් හි පිහිටි මේ ක්‍රීඩාංගනය පිහිටවනු ලැබුවේ 1857 දීය. මෙහි අන්ත වන්නේ ස්ට්‍රෙට්ෆොර්ඩ් අන්තය හා බ්‍රයන් ස්ටතැම් අන්තයයි. මෙහි ප්‍රේක්ෂකයන් 19000 තරඟ නැරඹීමට හැකි අතර ආලෝක කුළුණු සවි කරනු ලැබුවේ 2011 දීය. පළමුවෙනි ටෙස්ට් තරඟය පැවැත්වුනේ ඔස්ට්‍රේලියාව හා එංගලන්ත අතර 1884 ජුලි 10 වෙනි දිනයි.

    5. ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනය (Lord's)

    118893.jpg


    ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර නම් හැඳින්වෙන මේ ක්‍රීඩාංගනය එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාවේ උපත සිදුවුණු ස්ථානය ලෙසත් පිළිගැනෙනවා. මේ ක්‍රීඩාංගනය පිහිටවනු ලැබුවේ 1814 දීය. එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි මේ ක්‍රීඩාංගනය නම් කරනු ලැබුවේ මේ ක්‍රීඩාංගනයේ නිර්මාතෘවරයා වන තෝමස් ලෝර්ඩ්ස් නම් ක්‍රිකට් ක්‍රිඩකයා නිසා වෙන්.

    54.jpg

    තෝමස් ලෝර්ඩ්ස්

    මොහු පිහිටවුනු මාරිල්බෝර්න් ක්‍රිකට් සමාජයෙන් මේ ක්‍රීඩාංගනය පාලනය වන අතර මේ ක්‍රීඩා සමාජයත් අන්තර් ජාතික ක්‍රිකට් සමෙලනයත් දැනට ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති සම්පාදනයට දායක වෙනවා. අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය කලින් මෙහි පිහිටියත් පසුව එය වැඩි දෙනාගේ පහසුව සඳහා ඩුබායි වෙත ගෙනයනු ලැබුවා. මෙහි අන්ත වන්නේ පැවිලියන් අන්තය හා නර්සරි අන්තයයි. මෙහි ප්‍රේක්ෂකයන් 28,000 තරඟ නැරඹීමට හැකියාව පවතිනවා. මෙහි ආලෝක කුළුණු සවි කරනු ලැබුවේ 2009 දීය. පළමු වන ටෙස්ට් තරඟය පැවැත්වුනේ ඔස්ට්‍රේලියාව හා එංගලන්ත අතර 1884 ජුලි 21 වෙනි දිනයි. මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත පිල හා මාරිල්බෝර්න් ක්‍රීඩා සමාජය මේ ක්‍රීඩාංගනයේ සම අයිතිකරුවන් වනවා.

    මතු සම්බන්දයි.... ;)
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    6. ඇඩිලේඩ් ඕවල් (Adelaide Oval)

    ඔස්ට්‍ර්ලියාවේ, දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් නගරයේ පිහිටි මේ ක්‍රීඩාංගනය 1873 පිහිටුවන ලද්දක්.

    AdOval31.jpg


    දකුණු ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් පාලනය වන මේ පිටිය දිග හා පළල මීටර් 190.2 හා 126.2 වෙනවා. මෙහි අන්ත වන්නේ නගර අන්තය හා දෙව්මැදුර අන්තයයි. මෙහි ප්‍රේක්ෂකයන් 31,000 තරඟ නැරඹීමට හැකියාව ඇති අතර ආලෝක කුළුණු සවි කරනු ලැබුවේ 1997. මෙහි පැවති ප්‍රථම තරඟය ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර 1884 දෙසැම්බර් 12 වන දිනයි. මේ පිටිය අපේ ලංකාවේ ක්‍රිකට් ලෝලින්ටත් අමතක නොවන පිටියක් වන්නේ 1999 මෙහිදී දැනට ලෝකයේ නොම්බර එකේ පන්දු යවන්න වන අපේ මුත්තයියා මුරලිදරන් ව "නෝ බෝල්" යවන බවට රොස් එමර්සන් නිගමනය කිරීමෙන් පසුව අර්ජුන රණතුංග ඇතුළු අපේ ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමෙන් වැලකි සිටීමට කටයුතු කිරීමට ඉවහල් උන ඒ එංගලන්ත ශ්‍රීලංකා තරඟය මේ පිටියේ පැවතුනු නිසයි.

    8-arjuna-vs.jpg


    7. සාන්ත ජෝර්ජ් ක්‍රීඩාංගනය (St George’s Park Cricket Ground)

    800px-Sahara_Oval_St_George%27s%2C_uploaded_2005.jpg


    දකුණු අප්‍රිකාවේ, පොර්ට් එලිසබත් හි පිහිටි මේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ප්‍රථම තරඟය පැවැත්වුනේ එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර 1889 මාර්තු 12 වෙනි දිනයි. මෙහි අන්ත වන්නේ ඩක්පොන්ඩ් අන්තය හා පාර්ක් ඩ්‍රයිව් අන්තයි. ප්‍රේක්ෂකයන් 19,000 තරඟ නැරඹීමට අවස්ථාව ඇති අතර මෙහි දිව රාත්‍රී තරඟ පැවැත්වීමටද පුළුවන.
     
    • Like
    Reactions: smother and binoj

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නියමයි මචන්,මගෙත් ලොකු අසාවක් තියනව ඔසී ග්‍රවුන්ඩ් එකක ඈශස් ටෙස්ට් සීරියස් එකක් බලන්න.ගොඩක් වටිනව ඔයාගෙ ත්‍රෙඩ් එක.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ara ground eka madde gahak thiyenne! anna e ground eka gana tikak dapan ko

    ඒ පිට්ටනියේ නම මචන් ශාන්ත ලෝරන්ස් පිට්ටනිය එංගලන්තේ කෙන්ට් වල. අනික් එක දකුණු අප්‍රිකාවේ පිටර්මාටින්ස්බුර්ග් පිට්ටනිය. මේ පිට්ටනි දෙක තමයි පිට්ටනියේ ගහක් තියෙන්නේ. කෙන්ට් වල පිට්ටනියේ මේ ගහට බෝලේ වැදුනොත් ලකුණු 4 ක් දෙනවා. හැබැයි මේ ගහ දැන් හුළඟට කඩාගෙන වැටිලා. මේ ගහට උඩින් හයේ පාරවල් ගහන්න පුළුවන් උනේ තවම තුන් දෙනෙක්ට විතරයිලු. මේ ගහ එක්ක හොඳ හොඳ කථා තියෙනවලු. 1800 ගණන් වල එක සැරයක් බෝලේ ගැහෙ රැඳුනු වෙලාවේ පිතිකරුවෝ ලකුණු 8 ක් දිව්වලු.:P


    ශාන්ත ලෝරන්ස් පිට්ටනිය එංගලන්තේ කෙන්ට්
    368623519cb17553afco.jpg


    35435287085abf4450e8o.jpg


    floodlitlimetreeessext2.jpg


    හුළඟට කඩාගෙන වැටි
    41148624crickettreepa41.jpg
    :dull::(

    දකුණු අප්‍රිකාවේ පිටර්මාටින්ස්බුර්ග් පිට්ටනිය
    30902378.jpg


    039291.jpg
     
    • Like
    Reactions: melanxpress

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Ela ela.. ara Roof ekak tiyena ground ekath Dapan..:) 5+

    එකේ නම මචන් ටෙල්ස්ට්‍රා ඩෝම්.(Telstra Dome)

    තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල. හදන්න පටන්ගත්තේ 1996. හදලා ඉවර කරේ 2000. මේකේ ක්‍රිකට් විතරක් නෙමේ. අනෙක් ක්‍රීඩාවලටත් පාවිච්චි කරනවා. මේකේ විශේෂත්වේ ඇවිත් ක්‍රීඩාන්ගනයට ඇරෙන වැහෙන වහලයක් තියෙන එකයි. දැනට මේකේ එක් දින තරඟ විතරයි සෙල්ලන් කරන්නේ. ටෙස්ට් වලට මේක යොදාගන්නේ නැහැ. මේකට එතියඩ් ගුවන් සමාගමෙන් පුර්ණ අනුග්‍රහය හිමි වෙලා තියෙනවා. ක්‍රිකට් වලට ප්‍රේක්ෂකයන් 48,000 පහසුකම් තියනවා. මේකේ දිඟ පළල මීටර් වලින් 170 හා 140 වෙනවා. පලවෙනි එක්දින තරඟය පැවතුනේ දකුණු අප්‍රිකාවයි ඔස්ට්‍රේලියාව අතර 2000 අගෝස්තු 16 වෙනි දිනයි.


    IMGP1235.jpg


    800px-Etihad_Stadium_crop.jpg


    800px-Docklands_Stadium_inside_during_daytime.JPG
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නියමයි මචන්,මගෙත් ලොකු අසාවක් තියනව ඔසී ග්‍රවුන්ඩ් එකක ඈශස් ටෙස්ට් සීරියස් එකක් බලන්න.ගොඩක් වටිනව ඔයාගෙ ත්‍රෙඩ් එක.

    ඔව් මචන්. මටත් එහෙමයි.