මොනවද මැණික මේ කියවන්න්නේ? ඔයා මොනවද මගෙන් හංගන්නේ?නැත්නම් අද වගේ දවසක ඇයි ඔයා මේ විකාර කියවන්නේ?
හ්ම්ම්......හැම දෙයක්ම ඔයාට දැනගන්න ලැබෙයි රත්තරන්,
එත් කවදාවත් මගේ ආදරේ ගැන සැකයක් හිතන්න එපා, මන් ඔයාට මගේ ජීවිතේට වඩා ආදරෙයි, මගේ හැම දෙයක්ම ඔයාට විතරයි රත්තරන්,
කෙල්ලෙක් ලොකු ළමයෙක් උන දවසේ ඉඳල ගොඩක් පරිස්සමෙන් රැක ගන්න දෙයක් තියනවා, ඒ එයා මැරි කල දවසට එයාගේ හස්බන්ඩ්ට එයා පිරිසිදු කෙනෙක් කියල ඔප්පු කරන්න,
මම ඒ හැම දේම රැකගත්තේ මගේ පැටිය වෙනුවෙන්,
මට ඔව වැඩක් නෑ බබා, ඔයා මගෙනම් මට ආදරේ කරනවම් මන් ලඟින් හැමදාම ආදරෙන් ඉන්නවනම් මට ඕන එච්චරයි,
ඔයාට පුළුවන් නේද හැමදාම මගේ ලඟින් මේ විදියටම වෙනස් නොවී ඉන්න?
ඔවු මහත්තයෝ ඔව් මේ පිස්සු කෙල්ල හැමදාමත් ඔයා ලඟින් ඉන්නවා කවදාවත් වෙනස් වෙන්නේ නෑ,
මටත් ඕනේ එච්චරයි දිල්, අපි ගොඩක් ආදරෙන් ඉමු හැමදාමත්.....
බබා අද රැට මම ඉනන්ද ඔයාගේ ළඟ?
මාත් අසයි ඔයා ඉන්නවනම් දිල්, එත් ඔයාට ගෙදරින් ප්‍රශ්නයක් වෙයිද?
අම්ම ඇහුවොත් මොකද කියන්නේ?
අම්ම දන්නවනේ පැටියෝ ඔයා ගැන, අනික අපේ අම්මල ඔයාගේ අක්කට ගොඩක් ආදරෙයි, එක නිසා එයාලනම් මුකුත් කියන්නේ නෑ, එත් ඔයාලගේ අම්මල මොනවා හරි හිතයිද දන්නේ නෑ නේද?
එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ දිල්, කොහොමත් මන් හිතන් හිටියේ අම්මට රෑ ඉන්න එපා කියන්න, අම්මටත් සනීප නැනේ බබා,
හරි එහෙනම් අද මගේ මහත්තයව බලාගන්නේ මම,