Sri Lanka Decides to Stop Buying Iranian Oil

aruna47

Well-known member
  • අන්තිමට අපෙ එවුන්ට වෙන්නෙ පය ගහපු වත්තත් නැ හිටපු වත්තත් නෑ :P

    අනේ බන්. ඔය හම්බයෝ හිටියේ නැහැ කියල. අපිට දියුණු වෙන්න බහ කියලද කියන්නේ. ඇමරිකන් කාරයොත් එහමයි උන් හිටියේ නැහැ කියල. අපිට දියුණු වෙන්න බැරි කමක් නැහැ, ලංකාවේ නැත්තේ මොනාද. තෙල් මැණික්, හැමදේම තියන රටක් හැටියට අද සැලකෙන්නේ:dull::dull:
     
    v7soft

    Member
    Aug 23, 2008
    618
    54
    0
    appata hudu kiwwalu uputagnimaki "lankawe janadi pathi oba mada" uputagnima awasan mage adhas nowana bawa karaunikawa salkanna
     
    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    ඇමරිකාවට අපිට මොනා වුනත් ගානක් නෑ බන් උන්ට තෙල් ලිං ටික ලගට ගන්න පුලුවන්නම් ඒ ඇති :yes::yes::yes:..... අපි ඔය ප්‍රශ්න වලට ගෑවෙන්නේ නැතුව පාඩුවේ හිටියනම් හරි... නැත්නම් තියෙන පු** නැති වෙයි :dull::dull::dull:
     
    Classicsha

    Member
    Aug 14, 2007
    122
    14
    0
    Watford
    ඉරානයට එරෙහි වීමට රජය තීරණය කරයි

    Iran-President-Sri-Lanka.jpg

    තිස්වසරක් පුරාවට පැවති යුද්ධය නිමා කිරීමට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රී ලංකාවට මූල්‍යමය වශයෙන් පමණක් නොව ආයුධ වලින්ද අපට උදව් කල රටක් වශයෙන් ඉරානය සැලකිය හැක.

    ඒ කාලයේ සිරි ලංකාවේ ජනපති ඇතුළු ආණ්ඩුව ඉරාන ජනාධිපති අහමඩ් නජාදී දිවයිනට පැමිණෙන අවස්ථාවලදී ඔහුව පිළිගත්තේ අතිශයෝක්තියකින්ය, ඉරාන ජනපති දිවයිනට පැමිණෙනවා නම් අගනුවර ඇතුළු සියළුම ජානාකිර්ණ ප්‍රදේශ වල මහින්ද රාජපක්ෂ හා අහමඩ් නජාදී අතට අත දෙන, හා වෙළඳගෙන සිටින සෙයාරූ සහිත බැනර් හැරෙන හැරෙන අතේ දැක ගන්නට ලැබුණි.

    ඉන්පසුවද තත්වය වෙනස් වුයේ නැත.

    ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙල හමුවේ ඉරානයට දොස් පවරන විට චන්ඩි සේ සිරි ලංකාවේ ජනපතිත් ඉරානයට සහය පළකරනවා ලෙස කීවේය.

    එය අපි අගය කරමු.

    ඇමරිකාවට ආණ්ඩුවේ අමාත්‍ය වරු බැන වැදුනේ ඇමරිකාවට අපි දශමයක් වත් බිය නැතෙයි හූවා දැක්වීමටය. එදා ජෝර්ජ් බුෂ් හමුවූ මෝහතේ මහින්ද කීවේ බුෂ් තමන්ගේ හොඳ යාළුවෙකු බවයි.
    ඉන්පසු ඉරාන ජනපති තමන්ගේ ඉතා හොඳ මිත්‍රයෙකු බවට පැවසුවේද මහින්දයි.

    නමුත් දැන් ඉරානය හා ඇමරිකාව අතර වචන හුවමාරුව අතිභයානක ලෙස උණුසුම් වෙමින් පවතියි. ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර ක්‍රියාත්මක වෙමින් පවතියි.

    ඇමරිකාවේ ධවල මන්දිරයේ වෙබ් අඩවිය මගින් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමට පවත්වාගෙන ගිය පෙත්සමද අතිසාර්ථක ලෙස නිමා වුණා. මෙනිසා ඇමරිකාවෙන් සිරි ලංකාවට එල්ලවෙන බලපෑම් එන්න එන්නම වැඩි වෙමින් තිබේ.

    මෙනිසා පවතින ආණ්ඩුව ඉරානයට පිටුපා ඇමරිකාවට හුරතල් වීමට තීරණය කර ඇත.
    ඒ ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙලට තමන්ගේ විරෝධය දැක්වීම පිණිස ඇමරිකාව ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉරානයෙන් තෙල් මිලදී ගන්නා සියළුම රටවල් ඒම ගනුදෙනු නතර කරන ලෙසය.

    මෙයට ප්‍රතිචාර දක්වමින් සිරි ලංකාවේ වත්මන් ආණ්ඩුව තමන්ගේ නපුන්සක ගතිය එළියට ඇද දැම්මේය.

    ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ මින් පසු ඉන්ධන ආනයනය කිරීම සඳහා ඇති විකල්ප කෙරෙහි තම අවධානය යොමු කරන බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් තෙල් ආනයනය කරනු ලබන්නේ ඉරානයෙන් වන අතර 1960 දශකයේ පමණ ස්ථාපිත සපුගස්කන්ද තෙල් පිරිපහදුව මඟින් පිරිපහදුවට ලක් කළ හැකි බොරතෙල් ලබා ගත හැක්කේ ඉරානය සහ සෞදි අරාබියෙන් පමණක් වීම සුවිශේෂී කරුණකි.
    REPOST!!!!!!

    මචන් මේක www.RealGossipLanka.com එකෙන් නේද ඉස්සුවේ?

    first post: 01-16-2012, 10:43 AM
    ඇමරිකාවට බයේ ඉරානයට ආණ්ඩුවේ නපුන්සක මුහණ පෙන්නයි!!

    ආණ්ඩුව කන්න දීපු අත සපා කෑමේ සූදානමක්..

    Mahinda-Rajapaksa-with-American-and-Iran-Presidents.jpg

    Classicsha

    Member
    Aug 14, 2007
    122
    14
    0
    Watford
    ඇමරිකාවට අපිට මොනා වුනත් ගානක් නෑ බන් උන්ට තෙල් ලිං ටික ලගට ගන්න පුලුවන්නම් ඒ ඇති :yes::yes::yes:..... අපි ඔය ප්‍රශ්න වලට ගෑවෙන්නේ නැතුව පාඩුවේ හිටියනම් හරි... නැත්නම් තියෙන පු** නැති වෙයි :dull::dull::dull:

    අනිවා මචන්, අපේ රට **** දුන්නට ඉන්දියාවයි, චීනෙයි තෙල් ගන්න එක නවත්තල නෑ.... අපේ රටේ ඉන්නේ කෝටි 2යි, එත් ඉන්දියාවේත් චීනෙත් ?
    පොඩ්ඩක් හිතපන්... හිහ් හිහ් ...... :D:D:D
    , අපි තෙල් ගන්න එක නැවැත්තුවයි කියලා ඉරානෙට පාඩු නෑ බන්,
    උන් අපේ මහා රජාගේ හැටි දැන් දැනගත්ත එච්චරයි!!!

    :D:D:D:D
     
    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    අනිවා මචන්, අපේ රට **** දුන්නට ඉන්දියාවයි, චීනෙයි තෙල් ගන්න එක නවත්තල නෑ.... අපේ රටේ ඉන්නේ කෝටි 2යි, එත් ඉන්දියාවේත් චීනෙත් ?
    පොඩ්ඩක් හිතපන්... හිහ් හිහ් ...... :D:D:D
    , අපි තෙල් ගන්න එක නැවැත්තුවයි කියලා ඉරානෙට පාඩු නෑ බන්,
    උන් අපේ මහා රජාගේ හැටි දැන් දැනගත්ත එච්චරයි!!!

    :D:D:D:D

    සිරාවට අපේ මහ රජා නිකන් නොන්ඩි වෙනවා බන් :sorry:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    අනුමත කරමි.

    ඉරානය ඉරාකය පකිස්තානය ඈතුලු මුලු අරාබිකරයම න්‍යෂ්ටික ප්‍රහාරයකින් සහමුලින්ම අතුගා දෑමිය යුතුය. එදාට අදට වඩා ලස්සන, අමනුස්සකම තිරිසන්කම දුරු වු ලොවක් උදාවනු ඈත.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    ගත්තේ මෙතනින්.......
    Code:
    http://gadflyzone.wordpress.com/2012/01/26/%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%94-%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A-%E0%B6%BB%E0%B7%96-%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A/

    බිතු සිතුවම් රූ මෙන්

    ahmadinejad-pic-getty-464947830.jpg

    කල්‍යාණ මිත්‍රයෝ බිතු සිතුවම් රූ මෙන් පි‍ටු නොපා සිටිය යුතු බව කිව්වේ පුරාණ කවියෙක්ය.

    අපේ ලොකු තැනට යාලුවෝ ඉන්නේ ස්වල්ප දෙනෙක්ය. ලිබියාවේ ගඩා‍ෆි ඒ අතර හිටි හොඳම යාලුවෙක්ය. ඒ උනාට ගඩා‍ෆි ලඟින් ඉඳගෙන ගඩා‍ෆිගේ අත තමන්ගේ කරේ දාගෙන ගුවන් කරණම් බලපු ලංකාවේ කළ්‍යාණ මිත්තරයා ගඩා‍ෆිට කෙලවෙන කොට ඇහක් ඇරලා බැලුවේ නැත.

    කාණුවක් අස්සේ හැංගිලා හිටි ගඩා‍ෆිව ඇදගෙන ගිහිල්ලා බල්ලෙක් වගේ මරා දාන කොට මීක් කිව්වේ නැත. ගඩා‍ෆි කියන්නේ කවුදැයි නොදන්නවා වගේ අහක බලාගෙන හිටියේය. යාලුවෝ දෙන්නා කරේ අත දාගෙන උන්න හැටියට අපි හිතුවේ , ගඩා‍ෆිට ගහන කොට මෙහෙ දෙකක් වෙන්න නටලා උඩ පැනලා හමුදාවකුත් අරගෙන ලිබියාවට යයි කියලාය.

    ඒත් අන්තිමට ගඩා‍ෆි මලාම කොලේ ඔය වගේ වාත කේස් වලට දාලා බලන්න මුට්ටියට තියං ඉන්න වීරවංශ ගොය්යයි එයාගේ පුරෝහිත දත් දොස්තරයි ලව්වා සුද්දන්ට නොතේරෙන්ට සිංහල බාසාවෙන්ම ශෝක ප්‍රකාශයක් ලොරි මුදලාලිගේ කැලෑ පත්තරේ පල කිරීමය.

    ගඩා‍ෆි ගියයින් පස්සේ අපිට ඉන්න හොඳම යාලුවා තමා ඉරානයේ අහමඩින්ජාඩ් තුමා. කොච්චර යාලුවෝද කියනවා නම් දැක්ක තැන බදාගෙන ඉඹිනවා. උම්මා දෙනවා. වැඩ කෝටියයි.

    ගඩා‍ෆිට වගේම ඒ යාලුවගෙත් හෙනහුරු දසාව දැන් ලබලා. ඇමෙරිකාවයි, යුරෝපා සංගමෙයි ඉරානෙට විරුද්ධව සම්බාධක දාල. ඉරානෙන් තෙල් ගන්න එකත් නවත්තලා.විදේශ වත්කම් තහනම් කරලා. ඉදිරියේදී ගඩා‍ෆිට දුන්නා වගේ බැටේ දෙන්න යන්නේ.

    ඔන්න වෙලාව , යාලුකම පෙන්වන්න. ඇමෙරිකාවයි යුරෝපා සංගමෙයි කරන්න වැඩේ වැරදියි කියලා ඊට විරුද්දව සටන කරන්න. ඉස්සරහදී සම්බාධක තවත් වැඩි කරලා ඉරානෙත් ගනුදෙනු සම්පූර්ණයෙන්ම තහනම් කොලොත් ඒ සම්බාධක ගනන් නොගෙන ඉරානෙත් එක්ක දිගටම ගනුදෙනු කරන්න. අන්න එහෙමයි හැබෑ යාලුවෝ වැඩ කරන්න ඕනේ. බිතු සිතුවම් රූ වගේ ඉන්න ඕනේ. කරදරේ වැ‍ටුනාම පස්ස හරවන්න හොඳ නෑ. හැබෑ අධිරාජ්‍යවිරෝදියෝ වැඩ කරන්න ඕනේ. අධිරාජ්‍යවාදින්ගේ තීන්දු තීරණ වලට හිස නොනමා සටන් කරන්න ඕනෑ.

    ගඩා‍ෆිට වුන දේ වුනා. ගියදේ ගියාවේ. අපි බලමු මේ සැරේවත් යාලු මිත්‍රකම් හරියට වැඩ කරයිද කියලා.
     
    aruna47

    Well-known member
  • ගත්තේ මෙතනින්.......

    :lol::lol: