පුද්ගලිකයි රහසිගතයි IV
ඔන්න දිගු නිහැඬියාවකට පස්සෙ නැවතත් ලිංගික අධ්‍යාපන නූල.
අද කතා කරන්නෙ පුරුෂ ප්‍රජනක පද්ධතිය ගැන.
අපිමුවෙකය (epidydymis) -
මෙය ඉතාමත් දඟර ගැසුනු නාලයකි. වෘෂණයේ ඉහළ කෙළවරට සවිවී ඇති මෙම නාලය තුළ, වෘෂණය මඟින් තැනෙන ශුක්‍රාණු මේරීම සිදුවේ. ඒ සඳහා දින 20ක් පමණ ගතවේ. ශුක්‍රාණු වලට චාලක හැකියාව ලැබෙන්නේ මෙහිදීය. මේරූ ශුක්‍රාණු, ශුක්‍ර නාලයට පිවිසේ.
ශුක්‍ර නාලය (vas deferens)-
45cm පමණ දිග මෙම නාලය අපිමුවෙකයෙන් පටන් ගෙන මුත්‍රාශය ඉදිරිපසින් හා මුත්‍රා මාර්ගය වටා රවුමක් ගොස් පුරස්ථග්‍රන්ථිය හරහා මුත්‍රා මාර්ගයට විවෘත වේ. මෙහි කාර්යය, මේරූ ශුක්‍රාණු තැන්පත් කරගනිමින් අවශ්‍ය විට මුත්‍රා මාර්ගයට මුදාහැරීමයි.
මුත්‍රා මාර්ගය (urethra)-
මුත්‍රාශයේ පහල කෙළවරින් පටන් ගන්නා මුත්‍රා මාර්ගය, එතැන පිහිටි පුරස්ථග්‍රන්ථිය සහ ශිෂ්ණය හරහා ගමන් කර ශිෂ්ණ මුණ්ඩය මැද පිහිටි විවරයෙන් බාහිරට විවෘත වේ. එමඟින් අවශ්‍ය වූ විට මුත්‍රාශයේ එකතුවූ මුත්‍රා පිටකිරීමත්, ලිංගික ක්‍රියාවලියේදී ශුක්‍ර තරලය පිටකිරීමත් මුත්‍රා මාර්ගයට හැකියාව තිබේ.
ශුක්‍ර ආශයිකා (seminal vesicles)-
ඇඟිල්ලක් පමණ දිග ශුක්‍ර ආශයිකා යුගල මුත්‍රාශයට පිටුපසින් පිහිටා ඇත. ලිංගික ක්‍රියාවලියේදී පිටවන ශුක්‍ර තරලයෙන් 60% පමණ නිපදවන්නේ මෙහිය. මෙම තරලය මඟින් ශුක්‍රාණු වල ජීවයට අව්ශ්‍ය ශක්තිය හා ඉස්ගෙඩියන් මෙන් පිහිනා යාමට අවශ්‍ය දියරමය මාධ්‍යය සපයනු ලැබේ. මෙම ආශයිකා, ශුක්‍ර නාලය සමඟ සම්බන්ධ වන්නේ, ශුක්‍ර නාලය පුරස්ථග්‍රන්ථිය තුලදී මුත්‍රා මාර්ගයට සම්බන්ධ වීමට ප්‍රථම ය.
පුරස්ථ ග්‍රන්ථිය (prostate gland)-
පුවක් ගෙඩියක් තරම් වූ මෙය මුත්‍රාශයේ අඩියෙන් පැන නඟින මුත්‍ර නාලය වට කරමින් පිහිටා ඇත. ශුක්‍ර තරලයෙන් 30% පමණ නිපදවන්නේ මෙහි ය. කාන්තාවන්ගේ යෝනි මාර්ගය තුල ඇති ආම්ලිකතාව අඩු කර ශුක්‍රාණුවලට ගර්භාෂය තුලට ඇතුලුවීම සඳහා හිතකර භාෂ්මික පරිසරයක් මෙම පුරස්ථ තරලය මඟින් ඇති කරනු ලැබේ.
කූපර් ග්‍රන්ථිය/බල්බ මුත්‍රාශීය ග්‍රන්ථිය
(cowper's gland/bulbourethral gland )-
රටකජු ගෙඩියක් තරම් වූ මෙම ග්‍රන්ථි යුගල, පුරස්ථ ග්‍රන්ථියට පහලින් පිහිටා ඇත. එමඟින් නිපදවනු ලබන අවර්ණ භාෂ්මික දියරය, මුත්‍රා මාරග්යේ තැවරුනු මුත්‍රාවල ආම්ලික භාවය දුරලා ශුක්‍රාණුවලට හිතකර පරිසරයක් ලිංගික උත්තේජනයේදීම නිර්මාණය කරයි. සුරාන්තයට ළඟාවීමට පෙර හෝ ලිංගික හැසිරීමේදී මුත්‍රා මාර්ගයේ කෙළවරින් පිටවන අවර්ණ දියරය එයයි.
එහි ශුක්‍රාණු යම්කිසි ප්‍රමාණයක් තිබීමට පුළුවන. දරු පිළිසිඳ ගැනීමක් වැළැක්වීමට අව්ශ්‍ය නම් මුල සිටම කොණ්ඩමයක් පැළඳිය යුත්තේ ඒ නිසාය.
ශිෂ්ණය (penis)-
දණ්ඩාකාර වූ පුරුෂ ලිංගය ශිෂ්ණය නම් වේ. එය ශ්‍රෝණි මේඛලාවේ ඉදිරිපසින් ඉදිරියට නෙරා ඇත. ශිෂ්ණය ශ්‍රෝණියට සවිවී ඇති කොටස මුල ලෙසත්, මැද කොටස කඳ ලෙසත්, කෙළවර පිහිටි ඉතාමත් සංවේදි තරමක් විශාල කොටස ශිෂ්ණ මුණ්ඩය ලෙසත් හැඳින්වේ. ශිෂ්ණ මුණ්ඩය, ෆ්‍රිනියුලම නැමැති නූලක් වැනි කොටසකින් පෙර සමට සම්බන්ධ වී ඇත.
වෘෂණ හා වෘෂණ කෝෂ (testis & scrotum)-
රඹුටන් ගෙඩි 2ක් බඳුවූ ඕවාලාකාර වෘෂණ දෙක, වෘෂණ කෝෂ තුල තැන්පත් වී ඇත. යොවුන් වියේ සිට මහළු විය දක්වාම මෙමඟින් ශුක්‍රාණු නිපදවේ. මීට අමතරව ද්විතීයීක ලිංගික ලක්ෂණ ඇති කරන හෝමෝන ද නිපදවයි. වෘෂණ කෝෂ වාතයට නිරාවරණව තිබීමට හේතුවක් ඇත. යම් හෙයකින් ඒවා ඩිම්බ කෝෂ මෙන් උදර කුහරය තුල තිබුණා නම්, නිපදවන ශුක්‍රාණු, ශරීර උෂ්ණත්වයේදී විනාශ වී යයි. වාතයට විවෘත වී ඇති නිසා එහි උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට වඩා අංශක 3කින් පමණ අඩුය, එය ශුක්‍රාණු වල පැවැත්මට හිතකර උෂ්ණත්වයයි. මීට අමතරව වෘෂණ වලින් එකක් අනිකට වඩා තරමක් පහළින් පිහිටා ඇති බව පෙනේ, එය ස්වාභාවිකයි. එමඟින් දිවීම්, පැනීම්, තෙරපීම් වලදී වෘෂණ එකිනෙක වැදී සිදුවන වේදනාව වළක්වයි.
විශේෂයි කියලා හිතුන කරුණු ටිකක්:
පෙර නූල: පුද්ගලිකයි රහසිගතයි III

පිරිමියාගේ ප්‍රජනක පද්ධතියේ මූලික කාර්යභාරය වනුයේ පුරුෂ ජනක සෛල වන ශුක්‍රාණු නිෂ්පාදනය කොට එය ගැහැනියගේ යෝනි මාර්ගය තුලට මුදාහැරීමයි. යෞවන වයසට පත්වීමත් සමඟ වෘෂණ මඟින් නිපදවනු ලබන ශුක්‍රාණු මහළු වයසට පත්වන තුරුම සිදුවේ.
පුරුෂයාගේ බාහිරින් පෙනෙන ලිංගික අවයව දෙක වන වෘෂණකෝෂ සහ ශිෂ්ණය යා කෙරෙන මාර්ගය පිහිටා ඇත්තේ ශරීර අභ්‍යන්තරයේය.
ඊට සම්බන්ධ වන දෑ එකිනෙක දැන් හඳුනා ගනිමු.
මෙන්න දළ රූප සටහනක්
සමහර ඉංග්‍රීසි වචන වෙනස් ඇති, නූල කියවද්දි ඒවා හොයාගන්න පුළුවන් වේවි.
පුරුෂයාගේ බාහිරින් පෙනෙන ලිංගික අවයව දෙක වන වෘෂණකෝෂ සහ ශිෂ්ණය යා කෙරෙන මාර්ගය පිහිටා ඇත්තේ ශරීර අභ්‍යන්තරයේය.
ඊට සම්බන්ධ වන දෑ එකිනෙක දැන් හඳුනා ගනිමු.
මෙන්න දළ රූප සටහනක්
සමහර ඉංග්‍රීසි වචන වෙනස් ඇති, නූල කියවද්දි ඒවා හොයාගන්න පුළුවන් වේවි.
අපිමුවෙකය (epidydymis) -
මෙය ඉතාමත් දඟර ගැසුනු නාලයකි. වෘෂණයේ ඉහළ කෙළවරට සවිවී ඇති මෙම නාලය තුළ, වෘෂණය මඟින් තැනෙන ශුක්‍රාණු මේරීම සිදුවේ. ඒ සඳහා දින 20ක් පමණ ගතවේ. ශුක්‍රාණු වලට චාලක හැකියාව ලැබෙන්නේ මෙහිදීය. මේරූ ශුක්‍රාණු, ශුක්‍ර නාලයට පිවිසේ.
ශුක්‍ර නාලය (vas deferens)-
45cm පමණ දිග මෙම නාලය අපිමුවෙකයෙන් පටන් ගෙන මුත්‍රාශය ඉදිරිපසින් හා මුත්‍රා මාර්ගය වටා රවුමක් ගොස් පුරස්ථග්‍රන්ථිය හරහා මුත්‍රා මාර්ගයට විවෘත වේ. මෙහි කාර්යය, මේරූ ශුක්‍රාණු තැන්පත් කරගනිමින් අවශ්‍ය විට මුත්‍රා මාර්ගයට මුදාහැරීමයි.
ස්ථිර උපත් පාලනය ක්‍රමයක් වන වාසෙක්තමි (Vasectomy) සැත්කමේදී කරනු ලබන්නේ, මෙම ශුක්‍ර නාලය, වෘෂණ කෝෂ ආසන්නයේදී කැපුමක් මඟින් නාලය ඇද කපා ගැට ගැසීමයි.
වාසෙක්තමි සැත්කම නිසා ලිංගික දුබලතා ඇති නොවේ.
එහෙත් නිපදවෙන ශුක්‍ර තරලයේ ශුක්‍රාණු නොපවතින නිසා උපත් පාලනයක් සිදුවේ.
මුත්‍රා මාර්ගය (urethra)-
මුත්‍රාශයේ පහල කෙළවරින් පටන් ගන්නා මුත්‍රා මාර්ගය, එතැන පිහිටි පුරස්ථග්‍රන්ථිය සහ ශිෂ්ණය හරහා ගමන් කර ශිෂ්ණ මුණ්ඩය මැද පිහිටි විවරයෙන් බාහිරට විවෘත වේ. එමඟින් අවශ්‍ය වූ විට මුත්‍රාශයේ එකතුවූ මුත්‍රා පිටකිරීමත්, ලිංගික ක්‍රියාවලියේදී ශුක්‍ර තරලය පිටකිරීමත් මුත්‍රා මාර්ගයට හැකියාව තිබේ.
ශුක්‍ර ආශයිකා (seminal vesicles)-
ඇඟිල්ලක් පමණ දිග ශුක්‍ර ආශයිකා යුගල මුත්‍රාශයට පිටුපසින් පිහිටා ඇත. ලිංගික ක්‍රියාවලියේදී පිටවන ශුක්‍ර තරලයෙන් 60% පමණ නිපදවන්නේ මෙහිය. මෙම තරලය මඟින් ශුක්‍රාණු වල ජීවයට අව්ශ්‍ය ශක්තිය හා ඉස්ගෙඩියන් මෙන් පිහිනා යාමට අවශ්‍ය දියරමය මාධ්‍යය සපයනු ලැබේ. මෙම ආශයිකා, ශුක්‍ර නාලය සමඟ සම්බන්ධ වන්නේ, ශුක්‍ර නාලය පුරස්ථග්‍රන්ථිය තුලදී මුත්‍රා මාර්ගයට සම්බන්ධ වීමට ප්‍රථම ය.
පුරස්ථ ග්‍රන්ථිය (prostate gland)-
පුවක් ගෙඩියක් තරම් වූ මෙය මුත්‍රාශයේ අඩියෙන් පැන නඟින මුත්‍ර නාලය වට කරමින් පිහිටා ඇත. ශුක්‍ර තරලයෙන් 30% පමණ නිපදවන්නේ මෙහි ය. කාන්තාවන්ගේ යෝනි මාර්ගය තුල ඇති ආම්ලිකතාව අඩු කර ශුක්‍රාණුවලට ගර්භාෂය තුලට ඇතුලුවීම සඳහා හිතකර භාෂ්මික පරිසරයක් මෙම පුරස්ථ තරලය මඟින් ඇති කරනු ලැබේ.
කූපර් ග්‍රන්ථිය/බල්බ මුත්‍රාශීය ග්‍රන්ථිය
(cowper's gland/bulbourethral gland )-
රටකජු ගෙඩියක් තරම් වූ මෙම ග්‍රන්ථි යුගල, පුරස්ථ ග්‍රන්ථියට පහලින් පිහිටා ඇත. එමඟින් නිපදවනු ලබන අවර්ණ භාෂ්මික දියරය, මුත්‍රා මාරග්යේ තැවරුනු මුත්‍රාවල ආම්ලික භාවය දුරලා ශුක්‍රාණුවලට හිතකර පරිසරයක් ලිංගික උත්තේජනයේදීම නිර්මාණය කරයි. සුරාන්තයට ළඟාවීමට පෙර හෝ ලිංගික හැසිරීමේදී මුත්‍රා මාර්ගයේ කෙළවරින් පිටවන අවර්ණ දියරය එයයි.
එහි ශුක්‍රාණු යම්කිසි ප්‍රමාණයක් තිබීමට පුළුවන. දරු පිළිසිඳ ගැනීමක් වැළැක්වීමට අව්ශ්‍ය නම් මුල සිටම කොණ්ඩමයක් පැළඳිය යුත්තේ ඒ නිසාය.
ශිෂ්ණය (penis)-
දණ්ඩාකාර වූ පුරුෂ ලිංගය ශිෂ්ණය නම් වේ. එය ශ්‍රෝණි මේඛලාවේ ඉදිරිපසින් ඉදිරියට නෙරා ඇත. ශිෂ්ණය ශ්‍රෝණියට සවිවී ඇති කොටස මුල ලෙසත්, මැද කොටස කඳ ලෙසත්, කෙළවර පිහිටි ඉතාමත් සංවේදි තරමක් විශාල කොටස ශිෂ්ණ මුණ්ඩය ලෙසත් හැඳින්වේ. ශිෂ්ණ මුණ්ඩය, ෆ්‍රිනියුලම නැමැති නූලක් වැනි කොටසකින් පෙර සමට සම්බන්ධ වී ඇත.
වෘෂණ හා වෘෂණ කෝෂ (testis & scrotum)-
රඹුටන් ගෙඩි 2ක් බඳුවූ ඕවාලාකාර වෘෂණ දෙක, වෘෂණ කෝෂ තුල තැන්පත් වී ඇත. යොවුන් වියේ සිට මහළු විය දක්වාම මෙමඟින් ශුක්‍රාණු නිපදවේ. මීට අමතරව ද්විතීයීක ලිංගික ලක්ෂණ ඇති කරන හෝමෝන ද නිපදවයි. වෘෂණ කෝෂ වාතයට නිරාවරණව තිබීමට හේතුවක් ඇත. යම් හෙයකින් ඒවා ඩිම්බ කෝෂ මෙන් උදර කුහරය තුල තිබුණා නම්, නිපදවන ශුක්‍රාණු, ශරීර උෂ්ණත්වයේදී විනාශ වී යයි. වාතයට විවෘත වී ඇති නිසා එහි උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට වඩා අංශක 3කින් පමණ අඩුය, එය ශුක්‍රාණු වල පැවැත්මට හිතකර උෂ්ණත්වයයි. මීට අමතරව වෘෂණ වලින් එකක් අනිකට වඩා තරමක් පහළින් පිහිටා ඇති බව පෙනේ, එය ස්වාභාවිකයි. එමඟින් දිවීම්, පැනීම්, තෙරපීම් වලදී වෘෂණ එකිනෙක වැදී සිදුවන වේදනාව වළක්වයි.
විශේෂයි කියලා හිතුන කරුණු ටිකක්:
- ලිංගික උත්තේජනයේදී ශිෂ්ණය ප්‍රානවත් වී තුන් ගුණයක් පමණ විශාල වේ.
- දිනක් තුල ශුක්‍රාණු කෝටි 10ක් පමණ වෘෂණය තුල නිපද වේ.
- ලිංගික සංසර්ගයකදී පිරිමියෙකු විසින් ශුක්‍රාණු කෝටි 30-50ත් අතර ප්‍රමාණයක් මුදාහරිනු ලැබේ.
- වරක් ශුක්‍රාණු පහවීමෙන් පසු නැවත වරක් ලිංගික ප්‍රාණවත්භාවය ඇති කරගැනීමට: තරුණයෙකුට විනාඩි කිහිපයක සිට පැය කිහිපයක් දක්වාත්,වැඩිහිටියෙකුට පැය කිහිපයක සිට දින කිහිපයක් දක්වාත් පමා විය හැකිය.
- සුරාන්තය හා ශුක්‍රාණු පහවීම එකවිටම සිදුවුවත් එය ක්‍රියාවලීන් දෙකකි.
පෙර නූල: පුද්ගලිකයි රහසිගතයි III
ඊළඟ නූලෙන් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය!
GT අයියා මාව ban කරන එකක් නැති වෙයි ඒක දැම්මා කියලා.

උපුටාගැනීමේදී Elakri.com යන්න සඳහන් කිරීමට කාරුණික වන්න.
මෙහි අඩංගු දෑ copy කර, දින වෙනස් කර blog වල දමා මඩ ප්‍රචාර ගැසීමෙන් වළකින්න.

උපුටාගැනීම:
පුද්ගලිකයි රහසිගතයි - වෛද්‍ය ආරියසේන යූ. ගමගේ