එළකිරි භූත කොටුව.........

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ටිං ටිං ද සිල්වා;11943005 said:
    රොබොට් අයියා අතුලු භූත කොටුවේ යාලුවන් ගෙන් අවසරයී.... :cool:
    මේ සීන් එක උනේ මගේ ලොකු අප්පච්චිට , පොඩි කාලෙ ලු....

    ඒ හූ හඩවල් ඇහෙන්නෙ ඒ වැඩේ අති සාර්ථකයි කියන්නලු.. කියල හාමුදුරුවො කිව්වලු.මේ තෛලය එකල රටේ ජනප්‍රිය පුද්ගලයො කිහිප දෙනෙක්ම මිලදී අරන් කියල අපේ ලොකු අප්පච්චි මට කිව්ව.

    භූත කොටුවට අපි :love:

    ඔය කියන රාජතර්න්ගනී තෛලය හොයාගන්න නැහැ නේද ? :P
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    6. නොපෙනෙන ලෝකය .

    කලින් කොටස් බලල ඉන්න .

    මීට කලින් කොටස

    http://www.elakiri.com/forum/showpost.php?p=11938104&postcount=723

    නොපෙනෙන අය අතරත් නොයෙක් බෙදීම් තියනවා , ඒ කියන්නේ එක එක වර්ගයේ අය ඉන්නවා .
    ප්‍රධාන වශයෙන් දේව (සුර ) යක්ෂ (දේව නොවන "අසුර ?" )
    ඒ වගේම දේව ගති වැඩි (ප්‍රභල දෙවිවරු ) වගේම වැඩිපුර පවුකරපු අය අසුර ගති වැඩි යක්ෂයින් ලෙසත් උපත ලබනවා . වැඩිපුර පහත තල වල උපත ලබන අමනුෂ්‍ය සත්වයින්ට පින් ලබා ගැනීමට හැකියාවකුත් නෑ .
    පින් ලබාගැනීම මගින් මේ අයගේ ජීවන තත්වය උසස් වෙන බවත් දැනගන්න ලැබුනා .( තමන් ඉන්න ආත්මය වෙනස් වීම වගේම වෙනස් නොවී යහපත් වීමකුත් පින් ලබා දීමෙන් සිදු වෙනවා), තමන් ගේ යම්කිසි පුණ්‍ය ශක්තියක බලපෑම නිසා මේ අයගේ හැකියාව (ප්‍රභලත්වය ) වැඩිවෙනවා .
    සමහර අය හට භෞතික ව යම් යම් දේ සිදුකල හැකියි .
    මේ කිසිම සත්වයෙක් සාමාන්‍ය මිනිසුන්ට පෙනෙන්න විදිහක් නෑ , එක එක දේවල් දැකලා බය වෙන සිද්ධි වැඩි ප්‍රමාණයක් සෙලවෙන (භය වෙන ) සිත නිසා සිදුවූ සිදුවීම් .
    අමනුෂ්‍යයා ගේ හැකියාව අනුව මිනිස්සුන්ට පෙනෙන තත්වයට පත්වෙන්න පුළුවන් අයත් ඉන්නවා . එහෙම කරන්නේ බොහෝවිට යම් පණිවිඩයක් දීමට හෝ බයකිරීමට විය හැකියි (භූතයෝ ලවා මේවා කර ගැනීම පිලිබඳ රොබට් අයගෙන් අහලා දැන ගමු)

    මහසෝනා

    - විශේෂ අමනුෂ්‍ය යෙකි
    - සුර හා අසුර ලක්ෂණ 50% බැගින් ඇත (අසුර /දේව නොවන අයගෙන් ඉහලින්ම සිටින්නා වේ )
    - යක්ෂයෙක් ලෙස හෝ දෙවි කෙනෙක් ලෙස සැලකිය හැක .
    - බුදු දහම / පිරිත් ආදිය ඇසීමට කැමැත්තක් (හැකියාවක්) ඇත .
    - ගුරුකම් සඳහා සම්බන්ද කරගත හැක්කේ මහසෝනා ට පහල අමනුෂ්‍ය කොටස් පමණි .
    - මහසෝනා සිටින ස්ථාන වල අනෙත් පහල අමනුෂ්‍යයෝ නොසිටී .
    - උරන් (pig ) සමග සම්බන්දයක් ඇත . එම ස්ථාන වල ගැවසීම සිදු කරයි

    සමහර ගුරුකම් කලාම උරන් /උරු තෙල් සම්බන්ද කරගන්න එපා කියන්නේ මේ නිසා වෙන්න ඇති (මහසෝනා ආපුවහම අනෙත් අය මාරු වෙනවා ඇති )
    උරන්ට භය ගුරුකම් හා අනෙත් දේවල් පිලිබඳ පොඩ්ඩක් හිතලා බලන්න .

    මහසෝනා හෝ වෙනත් බොහෝ නම් වලින් හදුන්වන අමනුෂ්‍යයෝ එක එක ජීවින් නොවේ , කොට්ටාශ වේ ( උදා- සිංහයා කියන්නේ එක සතෙක් නෙවෙයි සත්ව වර්ගයක්)

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    එල කිරි වෙඩක්. දිගටම කරගෙන යන්න. දාපු ටික මන් අසාවෙන් කියව්වා .. :yes:
     
    • Like
    Reactions: scylla4444

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    රොබොට් අයිය නියම කතා ටික..:yes::yes:එළකිරියේ මුල ඉදන් අතල් එකේ බලපු 1 කම ත්‍රෙඩ් 1 ක තම මේක..:nerd::nerd::cool::cool: මට නම් තාම මෙහෙම කිසිම දෙයක් වෙලා න දෙයියන්ගේ පිහිටෙන්.. එල කිරි වගේ කරන යමු මගේ පුල් බක්තිය..:D
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    6. නොපෙනෙන ලෝකය .

    කලින් කොටස් බලල ඉන්න .

    මීට කලින් කොටස

    http://www.elakiri.com/forum/showpost.php?p=11938104&postcount=723

    සමහර ගුරුකම් කලාම උරන් /උරු තෙල් සම්බන්ද කරගන්න එපා කියන්නේ මේ නිසා වෙන්න ඇති (මහසෝනා ආපුවහම අනෙත් අය මාරු වෙනවා ඇති )
    උරන්ට භය ගුරුකම් හා අනෙත් දේවල් පිලිබඳ පොඩ්ඩක් හිතලා බලන්න .

    උරා හලාල් නැහැ යකෝ . උරනව තම්බින්ට පෙන්නන්න බැහැ . :lol::lol::lol:

    උන් අමනුස්සයෝද ? :shocked:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    රොබට් අයියගෙන් අවසරයි අද තමයි එළකිරි භූත කොටුව කියවලා ඉවර උනේ මටත් තියනවා භූත කතාවක් දාන්න මේක එච්චර රස නැති වුනත් මේකත් හොද ඉදිරියට ගැනීමක් වෙයි

    අපි ඉපදෙන්නත් කලින් උනු සිද්ධියක් මේක අපේ ගෙවල් තියෙන්නේ හෝමාගම, මහකටුවාන කියන ග්‍රාමයේ. දැන්නම් මේ හරිය ගොඩක් නාගරිකරනය වෙලා තියෙන්නේ. මේකේ ඇති හෝමාගම කට්ටියත් උන් එහෙම මාව හොයාගෙන් එනවා නෙමෙයි ;);)

    මේ සිද්ධිය වේලා තියෙන්නේ 1940 ගනන් වල අපේ අච්චි අම්මට. ඇය කාන්තාවක් කීවට හොද සවි ශක්තිය ඇති කොල්ලෝ පස් දෙනෙකුත් කෙල්ලො දෙන්නෙකුගෙත් මවක් බාලම දුව තමයි අපේ අම්මා. ඉතිං දන්නවනේ කොල්ලො 5 දෙනෙක් කියන්නේ ආයේ ගමම හොල්ලගෙන තමයි ඉදලා තියෙන්නේ. මේ කට්ටියගේ අනුවර්ථ නාමය තමයි සතරසිංහ ගැටවරයෝ කීවම ඔය හරියේ පරණ උදවිය දන්නවා ඒ අහවලාගේ අහවලා කියාලා. (සතරසිංහ කියන්නේ අපේ සීයාගේ වාසගම) මේ සිදධිය වෙද්දී සීය ජීවතුන් අතර ඉදලා නැහැ. අපිට විශාල ඉඩමක් තියනවා මුළු පලාතටම ගෙවල් 3,4 තමා තිබිලා තියෙන්නේ අපේ ඉඩම ඉස්සරහා තවත් විශාල ඉඩමක් තිබිලා තියනවා ඒ ගෙදර ඉදලා තියෙන්නේ මහා නපුරැ ගැනීයෙක් ඒ ගෑනී හැමදාම ගැටවරයොත් එක්ක වලි තමා. ඒ මදිවට ඒවා බේරැම් කර ගන්න යන අපේ ආච්චි අම්මත් එකකත් මේ ගැනී වලි දානවලු. මේ ගැනීට තුවක්කුවක් තිබිලා තියනවා. ඔය තුවක්කුවට ගමේ හැමොම බයයිලු :P:P අපේ ගැටවරයෝ ටික ඇරෙන්න:yes::yes::yes: එක දවසක් මොකක් හරි දේකට මේ ගැනී අපේ ආච්චි අම්මත් එක්ක පැටලිලා රන්ඩුව ඉවර වෙලා තියෙන්නේ අර ගෑනී කීවලු දෙන්නම් උම්බට වැඩේ කියලා. එත් ඉතිං අපේ ආච්චි අම්මා ඕක ගනන් අරං නැහැ.

    මෙන්න බොලේ මේ සිද්ධිය වෙලා දවස් 3 යනකොට ආච්චි අම්මා කථා කරන්නේ නැලු ඔක්කෝම ගොලු බාසාවෙන් තමයි ලු. බලාගත්ත අතේ බලාගෙන කල්පනා කරනවලු. කට්ටියට දැන් මේක හෙන ප්‍රශ්ණයක් :oo::oo: ඇයි දෙයියනේ මේ හොදට හිටිය ආච්චි අම්මට මොකද උනේ කියලා. කොහෙමෙන් කොහොම හරි ඒ කාලේ හැටියට බේත් එහෙම කරලා මොන කිසිම ගුනයක් නැලු. පස්සේ අපේ අාච්චි අම්මගේ නංගිටත් මේක ආරංචි වෙලා ඇවිල්ලා. ඒ වෙනකොට ආච්චි අම්මගේ නංගි බැදලා. එයා ඉදලා තියෙන්නේ කෝට්ටේ රජමහා විහාරේ ලග. එයා ආච්චි අම්මව බලන්න ඇවිත් තියෙන්නේ එයාගේ ලොකු දුවගේ මහත්තයත් එක්ක ඒ කියන්නේ අපේ මහප්පා. මහප්පා දැකපු ගමන් කීවුලු මේකට බේත කරලා හරියන්නේ නැහැ ඒයා දන්න මාතර කට්ටඩියෙක් ඉන්නවා එයාව ගෙන්නමු කියාලා. ඉතිං කට්ටියම කැමති වෙලා කට්ටඩියව ගෙන්නලා.

    දැන් ඉතිං කට්ඩියා ඇවිත් අර අදුනෙන් බලලා කීවාලු ඉස්සරා ගෙදර ගෑනී තමයි මේක කරලා තියෙන්නේ. සනීප වෙන්නනම් මේක කපන්න ඔනේ කියලා. ඉතිං කට්ටිය කැමති වෙලා මේක කපන්න. කොහොම හරි ආචිචිව සනීප කරගන්න එපැ. කට්ටඩියත් ඊට වඩා දෙයක් කියලා නැහැ. දැන් අපේ ගෙදර තොවිලයක් කරෝත් අර ගැනීට පෙනෙයි කියලා වත්ත පල්ලෙහා වෙනම මඩවුක් එහෙම හදලා වැඩේ පටන් ගත්තලු. දැන් කට්ටඩියා මතුරලා මතුරලා නූල් එහෙම දානකොට ඔන්න අච්චි අම්මට පොඩි ගුණයක් එහෙම ආවලු. නූල දැම්මට පස්සේ ආච්චි අම්මා හොදට කෑවලු. එතකං හරියට කාලාත් නැහැ. ඔන්න දැන් ඒ අතරේ කට්ටඩිය මතුරනවා කට්ටිය දැන් බලාගෙන ඉන්නවලු. එක පාරටම කට්ටඩිය කීවාලා පුහුල ගනින්, පුහුල ගනින් කියාලා. පුහුල අරන් පැදුරක් උඩින් තියාලා කඩුව අතට අරන් ඇහුවලා විදවන්න කපන්නද මැරෙන්න කපන්නද කියාලා. :rolleyes::rolleyes::rolleyes: ඔන්න දැන් කෙලා. මොනවා කරන්නද ආච්චි අම්මටත් කතා කරන්න බැනේ ගැටවරෙයෝ ටික පැනපු ගමන් කීවලු මැරෙන්නම කපන්න කියලා. කියනකොටම කට්ටඩිය පුහුල කැපුවලු. මෙන්න ටික වෙලාවකින් ඇහැනෙවලු අර ගෑනී ඉන්න ගේ පැත්තෙන් හු කියනවා. කට්ටඩිය කීවලු යන්න එපා කියලා කාටවත් කොහොම හරි මෙකෙන් පස්සේ අපේ ආච්චි අම්මට සනීප වෙලා.
    පහුවදා උදේ බැලුවාම අර ගැනී තුවක්කුවත් අතේ තියාගෙන ගේ පිටිපස්සේ මැරිලා හිටියුලු ඒ කාලේ මොකෙකුටවත් හොය ගන්න බැරි වුනාලු මේ ගැනී මැරැනේ කොහොමද කියාලා. මුළු ඇගම නිල් වෙලා ඇස් දෙක දොට්ට් පැනලලු තිබුනේ. ආච්චි අම්මා කිවාලු එයාට කථා කරන්න පුළුවන් කම තිබුනානම් අර ගැනීව මරන්නේ දෙන්නේ නැහැ කියාලා ඒ තරමට එයත් බයවෙල අර ගැනී මැරිලා හිටිය හැටි දැක්කම

    ඔන්න ඕක තමයි කථාව මේ ලගදිත් අපේ මාමලා කථා වුනේ එදා වගේ දක්ෂ කට්ටඩියෝ අද කාලේ නැහැ කියලා මගේ මේ කාථවේන් කියන්න ඕන වුනෙත් මේ වගේ දක්ෂයෝ අපේ සමාජයේ ඉදලා නැති වේලා තියනවා කියන එක කියන්නයි. ඒ වගේම අපිට නොපෙනෙන ලොකු බලවේග මේ අවට පරිසරයේ තියානවා කියන එක කියන්නයි

    එහෙමනම් භූත කොටුවට ජය තව සිද්ධි තියනවා ඒවා පසුවට දාන්නම් හැබැයි කිසිම දිනක මම හොල්මන් අවතාර දැකලා නැහැ
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    එළ මචන්..... දිගටම ඇදගෙන යන්න....

    6. නොපෙනෙන ලෝකය .
    නොපෙනෙන අය අතරත් නොයෙක් බෙදීම් තියනවා , ඒ කියන්නේ එක එක වර්ගයේ අය ඉන්නවා .
    ප්‍රධාන වශයෙන් දේව (සුර ) යක්ෂ (දේව නොවන "අසුර ?" ) ..........

    එළ මචන්..... :cool: දිගටම ඇදගෙන යන්න....:)
    උඹට කියල වැරදිල උඹට කමෙන්ට් කරපු එකෙක්ට රෙප් දුන්න.......මෑන් වගේ නමත් දාල "දිගටම ඇදන් පලයන් කියල" රෙප් දුන්නේ.... ඌ හිතනව ඇති මම පිස්සෙක් කියල :lol::lol::lol: lolZZZ .... උඹට රෙප් දෙන්න බෑ ලු.....:dull:

    භූත කොටුව බලන උන් මුගේ මහන්සියට වචනෙකින් හරි සහයෝගය දීල දිරිමත්කරපල්ලා.......;)

    :frown:රොබොට් අයියා...
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    දෙන සහයෝගයට ස්තූතියි..........

    බූත කොටුව කියවල අපේ ගෑනිට වෙච්චි හරිය... :D

    http://jeeniya.blogspot.com/2012/02/blog-post_01.html

    මම හිතුව නංගි උඩපැනගෙන භූත කොටුව කියවනකොට ඇපනූලක් දාල දෙහි ටිකක් කප්පගන්න වැඩේ සිද්ධකරගනියි කියල..... :lol::lol:lolzzzzz

    දෙන සහයෝගයට ස්තූතියි..........ටච් එකේ හිටපල්ලා......;)

    :frown:රොබොට් අයියා