එළකිරි භූත කොටුව.........

DemonAkalanka

Well-known member
  • Aug 17, 2011
    7,560
    1,447
    113
    Sri Lanka
    සමාවෙයන් රොබෝට් අයියේ. දවස් කීපයක් බූත කොටුව පැත්තේ එන්න බැරි උනා. මේ දවස්වල බූතයෝ පෙරේතයෝ යක්සයෝන්ටත් වැඩිය මිනිසුන්ට හානියක් කරන්න සැරසෙන සත්වයෙක් වෙනුවෙන් කාලේ ටිකක් මිඩංගු කරන්න සිද්ද උනා. මුකුත් ලියන්න බැරි උනාට හැමදාම බූත කොටුවට ඔලුව දැම්ම හොඳේ. බූත කොටුව ඇදගෙන යන්න සහයෝගේ දෙන හැමෝටම හද පූරා ප්‍රණාමය. එල කතා ටික මචන්ලා. බූත කොටුවට ජයවේවා...:love::love::love:

    mokada bun a satha :eek:
     
    • Like
    Reactions: scylla4444

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    රොබොටා තාම ගෙදර ආවේ නැත...... ඉතින් කතාද නැත....... ඒත් මහරෑම මේ කෙටුවෙ මේක බලන උන්ගෙන් පොඩි උදවුවක් බලාපොරොත්තුවෙන්:(...... පුලුවන් එකෙක් මට මේ සතාව ගොඩදාලදියන්........ යන වියදම මම දෙන්නම්:yes:........මේක දැක්ක වෙලේ ඉඳන් මගේ හිතට හරිනෑ:(:(:(:(:(:(:(:(:(:(:(:(:(...........

    http://www.elakiri.com/forum/showthread.php?t=1308291

    :(රොබොට් අයියා.....

    මෙයාව බේරාගෙන තියෙනවා අපේ රටේ හිත හොද දොස්තර මහත්තයෙක්. මම දැක්ක මේ ලදී පත්තරේ දල තියෙනවා.. බය වෙන්න කාරී නෑ
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    එය සෙනසුරාදා දිනයක් විය​…
    රාත්‍රී 8.45 ඔරලෝසුවේ සටහන් වී තිබුණී….

    ටිකක් අඳුරු දිනයක් වූ අතර එදින අහසේ තරු පවා නොතිබුණි. ඇය සාලයට වී රූපවාහිනිය නරඹමින් සිටි අතර ඒ මොහොතේ ඇයගේ පවුලේ අනික් අයවලුන් එතන නොසිටියහ​.
    එක් වරම නිවසේ ඉදිරි පසින් සර සර​.. ශබ්දයක් ඇසුනු අතර ඇය ජනේලය වෙතට ගොස් ජනේල් තිරය මඳක් එහාට කර කළුවර අතරින් දෑස යොමු කලාය​. එවිට ඇයට දැක ගත හැකි වූයේ සුදු පැහැති සරමකින් හා කමිසයකින් සැරසුනු පුද්ගලයෙකු වූ අතර දැඩි අඳුර නිසාම ඇයට මිනිසාව හඳුනා ගැනීමට නොහැකි වූනි. ඔහු ඉදිරිපස පාරේ සිට යුවතියගේ නිවස දෙසට නෙත් යොමු කරගෙන සිටියේය​. ඇයට එම මොහොතේ කිසිදු දෙයක් නොසිතුණු අතර ඇය නැවතත් ජනේල් තිරය අත හැරියාය​. නමුදු එක් වරම කුමක්දෝ බලයකින් මෙහෙයවූවෙකු මෙන් ඇය නැවතත් ජනේල් තිරය ඈත් කර පාර දෙස බැලුවාය​. නමුදු කලින් දුටු මිනිසා එහි දකින්නට නොලැබුණි. ඇයගේ සිත තුළ සියුම් බියක් ඇති වූවද ඇය මේ ගැන නිවසේ සෙස්සන් හට නොකීමට වග බලගත්තාය​……

    එය ඊළඟ සතියේ සෙනසුරාදා දිනය විය​…

    ඒ වන විට දැරිය නින්දේ පසු වූ අතර රාත්‍රී 12 ට ආසන්නව තිබෙන්නට ඇත​. මොහොතකින් ඇයව කවුරුන් දෝ ඇඳට තබා තද කරන් සිටින සෙයක් ඇයට දැනෙන්නට වූ අතර ඇය කෑ ගැසුවාය​..
    “අනේ මාව මරන්නෙපා……” ඒ සමඟම ඇය ඇඳ මත හිඳ ගත් අතර ඇය මොහොතක් ගොලුව සිටියාය. ඇය ඇගේ මවට තුරුලු වී හඬන්නට වූවාය​..
    “අනේ බබා මොකද උනේ ළමයෝ…ඇයි ඇයි පුතේ කවුද ඔයාව මරන්න ආවේ?”
    ” ම.. මා.. මාව මැරුවා අම්මේ…එයා මාව මැරුවා…” ඇය හඬන්නට වූවාය..
    “කවුද පුතේ ඔයාව මැරුවේ .ඔයාව මරලා නෑ. මේ හොඳට ඉන්නේ. කවුද මැරුවෙ ඔයාව​? “ මව හඬන්නට වූ අතර දැරියගේ සහෝදරියද ඒ වන විටත් බියපත්ව සිටියාය​.
    “ඒ ගෑණි මාව මැරුවා අම්මේ…”
    “කවුද පුතේ මොන ගෑණිද​?”
    “නපුරු ගෑණියෙක් අම්මේ… එ..එයාට මාව මරන්න ඕනි කිව්වා. එයා මට පිහියෙන් ඇන්නා’ දැරිය නැවතත් හඬන්නට වූවාය​.
    “මොන ගෑණිද බබා ? “

    “මං දන්නේ නෑ අම්මේ… කොන්ඩේ බොකුටු යක්ශියෙක් වගේ ගෑණියක් අම්මේ…සුදු ඔසරියක් ඇඳන් හිටියේ..”

    “ආ දැන් හරි ඔය බය වෙන්නෙපා. මේ වතුර ටිකක් බොන්න​. ඒක හීනයක්..”
    “ඔයා හීනෙන් බය වෙලා බබා. හා දැන් නිදා ගන්න​. ඔයාව එහෙම මරන්න දෙනවද මම. මම ඒකිට මගෙ දරුවව මරන්න දෙනවද​. ඔයා නිදා ගන්න​. මම ඉන්නවනේ…” මව ඇයව අස්වැසුවාය​.

    “එයාට මාව මරන්නෙපා කියන්න අම්මේ”
    “හරි හරි ඔය දැන් නිදා ගන්නකො. මම මුකුත් කරන්න දෙන්නෙ නෑ” මව යළිත් කීවාය​
    දැරිය මවට තුරුලු වී යලින් නින්දට පිවිසෙන්නට උත්සහ කල අතර පිරිත් කියමින් හිස අත ගාමින් මව ඇය ලඟම සිටියාය​…
    සැනෙකින් යළිත් දැරිය නිදන්නට විය​….



    එය අනෙක් සතියේ සෙනසුරාදාව විය​…

    වේලාව රාත්‍රී 8.00 පමණ වන්නට ඇත​…

    කතා නායිකාව ඒ වන විට නාන කාමරයේ සිටි අතර එක් වරම නාන කාමරයේ බිත්තියේ මඳක් ඉහළට වන්නට ඇති ජනේලය දෙස ඇයට බැලුනේ නිරායාසයෙනි. ඇය දුටු දෙයින් තදින්ම බියපත් වූ අතර ඇය හයියෙන් කැහැ ගැසුවත් ඇගේ කටින් ශබ්දය පිට නොවුනි. ඇය දොර හරින්නට උත්සහ කලද දැඩි බිය නිසාම එය හැර ගැනීමට ඈට අපහසු වුනි. නමුදු ඇය කෙසේ හෝ දොර හැරගෙන කාමරයට පිවිසියාය​. ඇය සිහිනයෙන් මෙන් ඇඳ වෙතට ගිය අතර ඇගේ හිස කැරකෙන බවක් ඇයට දැනුනි. ඈ ඇඳ මතට වැටුනාය​. නැවත ඇයට සිහිය ආවේ මිනිත්තු කිහිපයකට පසුව වූ අතර එසැනින්ම ඇය නැගී සිටියාය​. ඇයට ඉකිගසා හැඬුනු අතර ඇය මව වෙතට දිව ගියාය​.
    “අම්මේ..”
    “ඇයි මේ” මවට සිදුවූ දේ සිතාගන්නට නොහැකි විය​.
    “අනේ අම්මේ..බාත් රූම් එකට යන්න එපා අම්මේ..අර ගෑනි අම්මව මරයි..” දැරිය නැවතත් හඬන්නට වූවාය​.
    මවට මෙවර කුමක් හෝ යමක් සිදුවෙමින් පවතින බවක් දැනුනු අතර ඇය ” මොකෝ උනේ ලමයෝ..මොන ගෑනිද​? මොන ගෑනිද බාත් රූම් එකේ ඔයාව මරන්න ආවේ?”
    “අනේ අම්මේ අර හීනේ හිටපු ගෑනි මාව මරන්න ඔනි කිව්වා අම්මේ. මට බයයි. ඒ ගෑනි මාව මරයි අම්මේ”
    මව ඒ මොහොතේ දැඩි ලෙස බියපත්ව සිටි අතර ඒ බවක් නොපෙන්වා සිටීමට උත්සහ කළද ඇයද හැඬුවාය​.
    “ඔයාගෙ හිත ගැස්සෙන්න ඇති ලමයෝ. ඔයා එදා හීනෙන් බය උනු නිසා..”
    ” නෑ නෑ අම්මේ එ ගෑනි ම තමයි අම්මෙ ඒ. කියන දේ අහන්නකෝ. මාත් එක්ක තරහක් තීනවලු අම්මෙ ඒ ගෑනිට​. “
    “අනේ දෙයියනේ මේ මොන කරුමයක්ද අපිට උනේ.. ඇයි දෙයියනේ මරන එකියෙක් මගේ ළමයවම මරන්න හදන්නේ…මාව මරපං මරන එකියෙක්..” මව විලාප තියන්නට වූවාය​.
    දැරිය සිදුවූ සියල්ලම මවට කියමින් හැඬූ අතර ඇය ඒ සියල්ල පවසන අතර වාරය පුරාම ඇය පසු වූයේ අව සිහියෙන් මෙනි. දැඩි ලෙස බියපත් වීම හේතුවෙන්ම ඇයට උණ සැදුනු අතර එදින රාත්‍රියේම ඇගේ සීයාද පැමිණ ඇය නිදා ගන්නා තෙක් පිරිත් කිවේය​. එදින එම නිවසේ මහත් කාල ගෝට්ටියක් වූ අතර දැරිය හැර අනෙක් අයට නිදා ගැනීමට නොහැකි විය​..

    ඉන් දින කිහිපයකට පසුව දැරියගේ නිවසට ආරක්‍ෂාවක් සිදු කෙරුණු අතර දැනගන්නට ලැබුනේ දැරියගේ නිවසට ඉදිරියෙන් ඇති නිවසේ මීට පෙරාතුව පදිංචිව සිටි කාන්තාවක් සහ පිරිමියෙකු ගෙය තුළම සිය දිවි හානි කරගෙන ඇති බවයි.



    මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් බව සලකන්න​. අර ගැහැණිය මෙහි එන දැරියවම මැරීමට පැමිණියේ ඇයි දැයි යන්න තවමත් ප්‍රශ්නයකි….


     

    Uwasara

    Member
    Nov 24, 2011
    24
    1
    0
    Colombo
    athhatama mamat holman awathara dakala na :no: namut wishwasa karanawa.mokada ape pawle ayata me attdakeem thiyanawa ape seeya nesa

    digathama katha danna man EK eke wadiya naha kattiya dannet naha bt buutha kotuwa kiyawanawa

    obata jaya Ayya
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    රොබට් අය්යා . මට පොඩි ප්‍රස්නයක් තියෙනවා දැන ගන්න ඔයා මේක ගැන අහල තියෙනවා ඇති කියලා හිතුන නිසයි අහන්නේ ,
    මම කවදාවත් කිසිම හොල්මන් අවතාර දකලාත් නැහැ. කරදරයක් වෙලත් නැහැ .
    මම රක්‍ෂ ඝන ,
    රාක්ෂ ඝන අයට . අමනුෂ්‍යයෝ පෙනෙන්නේ , කරදර කරන්නේ නැහැ කියන කතාව ඇත්තද?.
    එක අත්තහනම් . අයි එහෙම වෙන්නේ මොකක්ද එකට හේතුව :confused:
     

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    මගේ අත්දැකීම් කියන්නට කලින් පෙරදිග භූත විද්‍යාවට අදාල කාරණා ටිකක් කියන්න හිතුනා. කැමත්තක් ඇති අය කියවන්න

    http://www.facebook.com/note.php?note_id=174155506021728


    පෙරදිග ගුප්ත විද්‍යාවේ මහත් පුදුම සහගත නිර්මාණයක් වෙන අදුන මගින් අතීත අනාගත වර්තමාන කාලය හරහා ගමන් කිරීමට හැකියාවක් පවතියි. අදුනේ නිර්මාතෘ ලෙස හැදින්වෙන්නේ රාවනා රජතුමයි.ලංකාව තුල අදුන් වර්ග 18 ක් පවතියි. එක් එක් අදුන සාදන විදිහ වෙනස් වෙයි. නිසි යාකාරයෙන් නැකත් කාල හෝරාවන් වල ආරම්භ කර සාදා අවසාන වෙනකල් පියවරින් පියවර නැකත් අනුවම සිදු වෙයි

    අදුනක් බැලීමේදී අදුන බලන්නා 50% හොද සිහියෙන් සිටියි.එම නිසා අදුනෙන් දැනගත යුතු කාරණාව කිසි විටකත් අදුන බලන කෙනාට කලින් නොකිය යුතුයි.කලින් නොකිය බැලීම මගින් සාර්ථක පිළිතුරු අදුනෙන් ලබාගත හැකිය.

    අදුන් වලට අදිගෘහිතව කටයුතු කරනුයේ හනුමා දෙවියන් ය. සියලුම අදුන් වලට අදිපති වූ හනුමා දෙවියන්ගේ මෑණියන් අංජනම් දේවියයි.වායු නම් දෙවියන්ගේ පුතා වන හනුමා දෙවියන් ගේ ගමන් හනුමා දෙවි අවතාරය වේගයෙන්ම ගමන් කරන්නා වෙයි. ගමන් හනුම දෙවියන් මගින් අදුන බැලීමේදී අවශ්‍ය තැනකට යන විට පසුවන මං සලකුණුද නිවැරදිවම කිව හැකීය.

    එක් එක් අදුන අනුව ඇතැම් සීමවන්ගේ ඉදගෙන අතීතයට අනාගතයට ගමන් කිරීමේ හැකියාවක් පවතියි.

    අදුනකට බලසම්පන්න වෙන පිරිස්

    1. දේවතාවුන් වහන්සේලා
    2. බහිරව උන්නාන්සේලා
    3. යක්ෂ උදවිය
    4. මලගිය ප්‍රානකාරීන්
    නියමාකාරයෙන් අදුනක් පෙනෙන කෙනෙකුට අදුන ජීවං කර තිබෙන ස්ථානයෙන් ඈත ස්ථානයක සිට උවද අදුනෙන් වැඩ කරවා ගැනීමට පුළුවන.

    විවිද අවශ්‍යතාවන් වෙනුවෙන් සකස් කල අදුන් වර්ග කිහිපයක් දෙස බලමු.

    1.ශ්‍රී විෂ්ණු අදුන.

    අදුන් අතර ප්‍රබලම අදුනකි. මෙම ඇදුනට මතු බුදු බව ලබන ශ්‍රී විෂ්ණු දිව්‍ය රජෝත්මයානන් ද බල වරම් ලබා දෙනු ලබයි. ඊට අමතරව සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් බහිරව නව දෙනා වහන්සේලාත් ඇදුනට වැඩම කරවීමට පුළුවන.

    ලංකාවේ විෂ්ණු අදුන් 5 ක් ගැන වාර්තා වී ඇත. එයිනුත් මෑත කාලයේ සක්‍රීයව පැවතුනේ අදුන් 2 කි. වර්තමානය වන කොට එයිනුත් සක්‍රීයව පවතිනුයේ එක් අදුනක් පමණක් බවට සැකයක් පවතී.විෂ්ණු අදුනින් කාරණා සැඟවීම අසීරු කාරණයකි.

    2. කළුවර අදුන

    කළුවර අදුන ද ඉතාමත් ප්‍රබල අදුනකි. කළුවර ඇදුනට රහස් සඟ වීම ඉතාමත් අසීරුය.ලංකාවේ සක්‍රීය පවතින කළුවර අදුන් ගැන වාර්තා නොවේ.

    3.පාතාල අදුන

    පාතාල අදුන සදනුයේ පොලව යට තිබෙන විස්තර බැලීමටයි. පොලව යට ඇති වස්තු. ජලය ඇති තැන් ඇති නියම දුරින්ම් පැවසීමේ හැකියාව ඇත. නිවැරදි පාතාල අදුන සදනුයේ යක්ෂ කෙනෙක් බන්දනය කිරීමෙනි. පාතාල ඇදුනට දෙවි වරුන් වැඩම වීම නොකරයි.

    4.දේව අදුනදෙවි වරුන් වඩම්මවා ගැනීමට හැකි අදුනකි

    5.බහිරව අදුන

    ආතාල ඇදුනට බල වරම් ලබා දෙනුයේ බහිරව නව දෙන වහන්සේලාය.

    6.ස්වර්ණ හංස අදුනපොළවෙන් මතුපිට ඇති දේවල් පැහැදිලිව පෙන්නුම් කරයි.විශේෂයෙන් හනුමා දෙවියන් අදිගෘහිතව කටයුතු කරයි. හනුම දෙවියන් හා අංජනම් දේවිය වඩම්මවා ගැනීමට පුළුවන.

    7.කපුරු අදුන

    අදුන් අතර බලය අඩු අදුනකි.හනුම දෙවියන් අංජනම් දේවිය වඩම්මා ගැනීමට හා, යක්ෂ උදවිය ,මලගිය ප්‍රනකරීන් ගෙන්වීමට පුළුවන.

    8.ප්‍රේත අදුන

    මලගිය ප්‍රනකරීන් බන්දනය කර ඇත. අදුන බලන්න පිළිබද සැහෙන්න විස්තර පවසයි. නමුත් ඇදුනට කල හැකි දේ සීමා සහිතයි.



    අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ අදුනක් පෙනෙන කෙනෙක් අදුන පිළිබද රහස් කාටවත් හෙළි කිරීමට කැමති නැති බවයි.ඒ පිළිබද රහස් හන්ගයි. අදුන් බලන උදවිය බොහොමයක් තමන්ගේ ලාබ ප්‍රයෝජය උදෙසා බොරු කරයි. එහෙත් එවං පුද්ගලයන් නිසා අදුන් සාස්ත්‍රය සම්පූර්ණ බොරුවක් යයි පැවසීමෙන් වෙන්නේ පෙරදිග විද්‍යාවක් අභාවයට යාමයි.
     
    • Like
    Reactions: scylla4444

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    [FONT=&quot]මමත් රාක්ෂ . හැබෙයි මම අනන්තවත් දැකල තියෙනවා[/FONT],

    [FONT=&quot]මොනවා උනත් රාක්ෂ හා දේව ගණ වල අයට පේන්නේ බොහොම කලාතුරකින්.[/FONT]
    [FONT=&quot][/FONT]
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මගේ අත්දැකීම් කියන්නට කලින් පෙරදිග භූත විද්‍යාවට අදාල කාරණා ටිකක් කියන්න හිතුනා. කැමත්තක් ඇති අය කියවන්න

    http://www.facebook.com/note.php?note_id=174155506021728


    පෙරදිග ගුප්ත විද්‍යාවේ මහත් පුදුම සහගත නිර්මාණයක් වෙන අදුන මගින් අතීත අනාගත වර්තමාන කාලය හරහා ගමන් කිරීමට හැකියාවක් පවතියි. අදුනේ නිර්මාතෘ ලෙස හැදින්වෙන්නේ රාවනා රජතුමයි.ලංකාව තුල අදුන් වර්ග 18 ක් පවතියි. එක් එක් අදුන සාදන විදිහ වෙනස් වෙයි. නිසි යාකාරයෙන් නැකත් කාල හෝරාවන් වල ආරම්භ කර සාදා අවසාන වෙනකල් පියවරින් පියවර නැකත් අනුවම සිදු වෙයි

    අදුනක් බැලීමේදී අදුන බලන්නා 50% හොද සිහියෙන් සිටියි.එම නිසා අදුනෙන් දැනගත යුතු කාරණාව කිසි විටකත් අදුන බලන කෙනාට කලින් නොකිය යුතුයි.කලින් නොකිය බැලීම මගින් සාර්ථක පිළිතුරු අදුනෙන් ලබාගත හැකිය.

    අදුන් වලට අදිගෘහිතව කටයුතු කරනුයේ හනුමා දෙවියන් ය. සියලුම අදුන් වලට අදිපති වූ හනුමා දෙවියන්ගේ මෑණියන් අංජනම් දේවියයි.වායු නම් දෙවියන්ගේ පුතා වන හනුමා දෙවියන් ගේ ගමන් හනුමා දෙවි අවතාරය වේගයෙන්ම ගමන් කරන්නා වෙයි. ගමන් හනුම දෙවියන් මගින් අදුන බැලීමේදී අවශ්‍ය තැනකට යන විට පසුවන මං සලකුණුද නිවැරදිවම කිව හැකීය.

    එක් එක් අදුන අනුව ඇතැම් සීමවන්ගේ ඉදගෙන අතීතයට අනාගතයට ගමන් කිරීමේ හැකියාවක් පවතියි.

    අදුනකට බලසම්පන්න වෙන පිරිස්

    1. දේවතාවුන් වහන්සේලා
    2. බහිරව උන්නාන්සේලා
    3. යක්ෂ උදවිය
    4. මලගිය ප්‍රානකාරීන්
    නියමාකාරයෙන් අදුනක් පෙනෙන කෙනෙකුට අදුන ජීවං කර තිබෙන ස්ථානයෙන් ඈත ස්ථානයක සිට උවද අදුනෙන් වැඩ කරවා ගැනීමට පුළුවන.

    විවිද අවශ්‍යතාවන් වෙනුවෙන් සකස් කල අදුන් වර්ග කිහිපයක් දෙස බලමු.

    1.ශ්‍රී විෂ්ණු අදුන.

    අදුන් අතර ප්‍රබලම අදුනකි. මෙම ඇදුනට මතු බුදු බව ලබන ශ්‍රී විෂ්ණු දිව්‍ය රජෝත්මයානන් ද බල වරම් ලබා දෙනු ලබයි. ඊට අමතරව සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් බහිරව නව දෙනා වහන්සේලාත් ඇදුනට වැඩම කරවීමට පුළුවන.

    ලංකාවේ විෂ්ණු අදුන් 5 ක් ගැන වාර්තා වී ඇත. එයිනුත් මෑත කාලයේ සක්‍රීයව පැවතුනේ අදුන් 2 කි. වර්තමානය වන කොට එයිනුත් සක්‍රීයව පවතිනුයේ එක් අදුනක් පමණක් බවට සැකයක් පවතී.විෂ්ණු අදුනින් කාරණා සැඟවීම අසීරු කාරණයකි.

    2. කළුවර අදුන

    කළුවර අදුන ද ඉතාමත් ප්‍රබල අදුනකි. කළුවර ඇදුනට රහස් සඟ වීම ඉතාමත් අසීරුය.ලංකාවේ සක්‍රීය පවතින කළුවර අදුන් ගැන වාර්තා නොවේ.

    3.පාතාල අදුන

    පාතාල අදුන සදනුයේ පොලව යට තිබෙන විස්තර බැලීමටයි. පොලව යට ඇති වස්තු. ජලය ඇති තැන් ඇති නියම දුරින්ම් පැවසීමේ හැකියාව ඇත. නිවැරදි පාතාල අදුන සදනුයේ යක්ෂ කෙනෙක් බන්දනය කිරීමෙනි. පාතාල ඇදුනට දෙවි වරුන් වැඩම වීම නොකරයි.

    4.දේව අදුනදෙවි වරුන් වඩම්මවා ගැනීමට හැකි අදුනකි

    5.බහිරව අදුන

    ආතාල ඇදුනට බල වරම් ලබා දෙනුයේ බහිරව නව දෙන වහන්සේලාය.

    6.ස්වර්ණ හංස අදුනපොළවෙන් මතුපිට ඇති දේවල් පැහැදිලිව පෙන්නුම් කරයි.විශේෂයෙන් හනුමා දෙවියන් අදිගෘහිතව කටයුතු කරයි. හනුම දෙවියන් හා අංජනම් දේවිය වඩම්මවා ගැනීමට පුළුවන.

    7.කපුරු අදුන

    අදුන් අතර බලය අඩු අදුනකි.හනුම දෙවියන් අංජනම් දේවිය වඩම්මා ගැනීමට හා, යක්ෂ උදවිය ,මලගිය ප්‍රනකරීන් ගෙන්වීමට පුළුවන.

    8.ප්‍රේත අදුන

    මලගිය ප්‍රනකරීන් බන්දනය කර ඇත. අදුන බලන්න පිළිබද සැහෙන්න විස්තර පවසයි. නමුත් ඇදුනට කල හැකි දේ සීමා සහිතයි.



    අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ අදුනක් පෙනෙන කෙනෙක් අදුන පිළිබද රහස් කාටවත් හෙළි කිරීමට කැමති නැති බවයි.ඒ පිළිබද රහස් හන්ගයි. අදුන් බලන උදවිය බොහොමයක් තමන්ගේ ලාබ ප්‍රයෝජය උදෙසා බොරු කරයි. එහෙත් එවං පුද්ගලයන් නිසා අදුන් සාස්ත්‍රය සම්පූර්ණ බොරුවක් යයි පැවසීමෙන් වෙන්නේ පෙරදිග විද්‍යාවක් අභාවයට යාමයි.

    නියමයි ! දිගටම කරගෙන යමු .
     

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    මේ අත්දැකීම මට තියෙනව :baffled: මං කාටවත් කියල නැහැ.. මට හොඳටම ෂුවර් කවුරු හරි මගේ කකුලේ මහපට ඇඟිල්ලෙන් ඇද්ද.:dull: අනිත් අයත් බය කරන්න ඕන නැති නිසා සහ මළගෙදර අවසන් වෙලා දවසක් ගතවී තිබ්යදී මැරුණු කෙනාට අපහාසයක් කරන්න අවශ්‍ය නැති නිසා ඒ සිද්ධිය එහෙන්ම අත් ඇරලා දැම්ම. හැබැයි ඊට පස්සෙ කිසිම එහෙම දෙයක් නැහැ. :D:yes:

    තව ප්‍රශ්නයක් තියෙනව රොබට් අයිය හෝ priyankarascorpio සහෝදරයා හෝ උත්තරයක්‌ දෙයි කියල බලාපොරොත්තු වෙනව. මේකයි වැඩේ..

    මට සාමන්යෙන් එදිනෙදා ජීවිතයේදී යම් යම් වැඩ කරද්දී ඒ දේවල් ඒ විදියටම ඒ ආකාරයටම මීට පෙර අත්විඳලා තියෙනව කියල මතක් වෙනව. ඒත් ඒ කොහෙදිද? හීනෙන්ද? නැත්නම් වෙන අවස්ථාවකදීද කියල කොහෙත්ම මතකයට එන්නෙ නැහැ.

    උදාහරණයක් විදියට - අද මට කවුරු හරි කෙනෙක් (සමහරවිට ජීවිතේ ප්‍රථම වතාවට මුණගැහෙන කෙනෙක් වෙන්නත් පුළුවන්, නැත්නම් හොඳට දන්න යාලුවෙක් නෑදෑයෙක් වෙන්නත් පුළුවන්) හම්බ වෙලා මගෙත් එක්ක කතා කරනව කියල හිතමු යම් දෙයක් ගැන. ඒ කතා කරන අතරතුර මට තේරෙනවා මේ දෙබසම, මේ හමුවීමම කලිනුත් සිද්ද උනා නේද කියල මතකයක් එනව. ඒත් ඒ හීනෙන්ද? නැත්නම් කොහේ හරි තැනකදීද කියල මතක් වෙන්නෙ නැහැ. ඒත් හොඳටම මතකයි අදාළ පුද්ගලයා ඒ ඇඳුමින්ම, එම ස්ථානයේම, එම වචන වලින්ම අංශුමාත්‍රයක් වත් වෙනස් නැතුව මම ඒ අවස්තාව කලින් අත්විඳලා තියෙනව කියල.

    මේක මට මාර ප්‍රශ්නයක්. හැමදේම එහෙම වෙන්නෙ නැහැ. ඒත් මාසෙකට අඩුමගානේ ඔය වගේ සිද්දි 3, 4 ක් වත් වෙනව. මම මතක් කරන්න ෆුල් ට්‍රයි එක දුන්නත් කොහොමද මගේ මතකයේ දැන් වෙන දේවල් කලින්ම සටහන් උනේ කියල මතක් වෙන්නෙම නැහැ :growl:

    මොකද්ද මේ කේස් එක? :baffled:


    අම්මට හුඩු මචෝ මටත් ඕක ඔය විදිහටම තේරිලා තියෙනවා නේ මාත් මේ අහගන්න කව්රුවත් නැතුව හිටියේ
     

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    අම්මට හුඩු මචෝ මටත් ඕක ඔය විදිහටම තේරිලා තියෙනවා නේ මාත් මේ අහගන්න කව්රුවත් නැතුව හිටියේ


    මෙහෙම දෙයක් තියෙනවා.:P ඇතැම් අවස්ථාව වලදී අපේ ඇස දෙකෙන් ලබා ගන්නා දෘශ්‍ය සඥා දෙකෙන් එකක් මොලේට කලින් යනවා. මෙහිදී තියෙන්නේ මිලි තත්පර ගණනක වෙනසක්. හැබෙයි මොලේ කලින් ලැබුන සඥාව පෙර මතකයක් විදිහට පෙන්නුම් කරනවා.:eek::eek::eek:

    මෙතන සඥා දෙක අතරේ තියෙන්නේ මිලි තත්පර ගණනක වෙනසක් නිසා අපිට දැනෙන්නේ නැ මේ ඇස් දෙකෙන් ලැබුන සඥා නිසා සිදු උණු බව. මේ සිදුවීම අපිට විද්‍යා මාන වෙන්නේ එ සිදුවීම පිළිබද පෙර මතකයක් ලෙසයි
     
    Last edited:

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0


    මම මේ කටයි අනික් එකයි පූට්ටු කරන් කල්පනාකොරන්නෙ උඹ මොන හරුපයක් කියල තියෙනවද කියල:rolleyes:?????
    "මම නම් පට්ට බයයි... :(හැබැයි බය නැහැ :nerd: .." කියන එකෙන් උඹ අදහස් කලේ මොකක්ද??? :confused:

    මචන් මේ දේවලට මගපෙන්වීම එච්චර සුබ කටයුත්තක් නෙමෙයි:no::no:......... මම මේ කරන්නෙ මම මේ දක්වා ලබාගත් අත්දැකීම් ඉදිරිපත් කරමින් නොපෙනෙන ලෝක ගැන දැනුවත්කිරීමක් හා ඒ දේවල් විවෘර්ත විවාදයකට ලක්කිරීම පමණයි............ :rolleyes:

    මම දන්න ගොඩක් උන් මේව පස්සෙ ගිහින් කෙලවගෙන තියෙනව........ :no::no: අහල තියෙනවනේ....... බුදුබණෙත් තියෙන්නෙ මේ දේවල් පස්සෙ ගියොත් විනාසෙ කියල............. පරිස්සමින් පුතෝ.......:dull::dull:


    :frown:රොබොට් අයියා


    සිරා කතාව දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග:P:P
     

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    මම අදුරන 3 දෙනෙක් ඉන්නවා යක්කු ,පෙරේතයෝ දකින්න පුළුවන්, මේ අයත් එකිනෙකා අදුරන අය නෙවෙයි . හැබැයි 3 දෙනාම භාවනා කරන අය . දෙන්නෙක් මාර්ගපල අවබෝධ කරන්න උත්සහ කරන අය .(හාමුදුරුවරු නෙවෙයි) එක්කෙනෙක් ගේ එහෙම බලාපොරොත්තුවක් නැ. මේ තුන්දෙනාම යක්කු පෙරේතයෝ පිලිබඳ කියන කතා බොහෝ දුරට සමානයි (මට හිතෙන විදිහට තුන්දෙනා ඉන්නේ මට්ටම් 3 ක .) දැනගන්න දෙයක් තියනවනම් මම අහලා කියන්නම් , මම දැනට අහලා දැනගෙන තියන දේවල් කෙලින්ම කියන්නත් පුළුවන්.

    මම මේදේවල් කීමෙන් කියවන අය හරි මාර්ගයට වැටෙයි කියලා මම බලා පොරොත්තු වෙනවා . සමහර පුද්ගලයෝ ඉන්නවා මේවා විස්වාස නොකරන , අපාය , ප්‍රේත භූත ආත්ම , දෙවියන් .
    විස්වාස නොකරන අයට බුදු හාමුදුරුවෝ කියපු දේවල් හරියට ම වැටහෙයි කියලා හිතන්න අමාරුයි .

    මමත් මගේ අත්දැකීම මෙලෙස සටහන් කර තබන්නම් වැරදි නම් නිවැරදි කරන්න
     

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    පියවි ඇසින් ඔබ්බට........ ලිපි 1

    මිනිසා ඇතුළු ඕනෑම සත්වයෙක් සෑදී ඇති පංචස්ඛන්දය සංවේදී වන පරාසයක් පවතිනවා.උදාහරණයක් ලෙස අපේ කන් සංවේදී වන්නේ 20 Hz - 20 kHz අතරේ.අපේ ඇස ආලෝක තරංග පරාසයටත් අපේ සම අධෝරක්ත කලාපයටත් සංවේදී වෙනවා. ඒ වගේම අපේ සතු පංචස් ඛන්දයකුත් ශක්තියකුත් පවතිනවා. අපි කෙනෙක්ව දකින්නේ ඒ පුද්ගලයාගේ පදාර්තයයි. ඒ අපේ ඇස සංවේදී වෙන ආලෝක තරංග සංවේදී වෙන්නේ පදාර්ථයට නිසා. ඒ වගේම අපි අවට ඉන්න ජීවින් ට දැනෙන පරාස වෙනස්. ඒ ඒ සත්ව කොටස් වල පදාර්ථ පිහිටීමත් වෙනස්. ඒ වගේම අපි අවටත් අපේ ඇසට ගෝචර නොවන(පදාර්ථයක් නොවේ නම් ඇසට ගෝචර නොවේ) කනට නොඇසෙන ශක්ති විශේෂ අනන්ත ප්‍රමාණයක් තිබිය හැකිය.

    අනිත් කාරණය අපි දන්නා මාන තුනට(දිග, පළල, උස) අමතරව තවත් මාන ඇති බව බටහිර විද්‍යාවද පිළිගනියි (මාන යන්න භෞතික විද්‍යාවේ භාවිත කරන වචනයක්) චතුර් මාන හා පංච මාන, ඒ වගේම අපි දකින්නේ ඇසින් පමණක් නොවෙයි. මනසින්ද දකිනවා. අසන්නේ කන් වලින් පමණක් නෙ‍ෙවයි . මනසින්ද අසනවා හැබැයි එහෙම වෙන්නට තරම් මනස දියුණු විය යුතුය. උදාහරණයක් ලෙස අපි ගාල්ල කොටුව ගැන සිතුවහොත් අපේ මනසේ රූපයක් ඇදෙනවා. හැබැයි ඒ වර්තමානයේ එම ස්ථානයේ පිහිටීම නොවේ. ඒ ස්ථානය පිළිබද අපිට තිබුණු මතකයක් පිංතූරයක් ලෙස පෙන්නවා. හැබැයි අපේ සිතට දකින දේ තේරුම් ගන්න පුළුවන් තරමට දියුණු කරලා තිබුනා නම් වර්තමානයේ තිබෙන ආකාරය දකින්නට පුළුවන. මෙලෙස දියුණු සිතකට පංච මානයම දැකීමට හැකියාවක් ඇත. මේ ආකාරයට එක් එක් සංක්‍යාත වල ජීවින් සිටිති.

    අපි දන්නා මෙවන් ජීව කොටස් වෙන් වෙන් වශයෙන් සලකන බලමු


    1.දේවතාවුන්වහන්සේලා.

    ඉතා සියුම් ශරීර ඇත. මහත් වූ පෙර කුසල් බලයන් හේතු කරගෙන දිව්‍ය ආත්ම වල උපත ලබයි. බුදු දහමට අනුව දිව්‍ය ලෝක 6 ක්ද, බ්‍රහ්ම ලෝක 4 ක් ගැනද සදහන් වෙයි. ඒවා පියෙවි ඇසින් දකින්නට තරමක් අමාරුවනවා සේම එහි වසන දේවාතාවුන් වහන්සේලා දැකීමද අපහසුය.
    නමුත් ගමන් කරන ආලෝක කදම්භ වශයෙන් දැකිය හැකි (දේවතා එලි) බවට විස්වාසයක් පවතියි, අනුමෝදම් කරන පින් ලබා ගැනීමට හැකියාවක් ඇත.

    2. යක්ෂආත්ම

    තරමක් ඝන සිරුරු ඇත. අපි දන්නා තරංග පරාස අතුරින් අධෝරක්ත (infared)කලාපයට අදාළ සංඛ්‍යාත දරයි. මෙවන් ආත්මයකට ලං වුනොත් තරමක උණුසුමක් දැනේ. විශේෂයෙන් චායාව දැකිය හැකිය. කණ්නාඩි තුළින් හොදින් දර්ශනය වේ. පෙර කුසල ශක්තිය අනුව විවිධ හැකියාවන් ඇත. අනුමෝදම් කරන පින් ලබා ගැනීමට පුළුවන.

    මොවුන් අතර මලබිමේ උපන් යක්ෂයෝ නම් කොටසක් ඇත. අයහපත් වූ සිතුවිල්ලක් හේතු කරගෙන උත්පත්තිය ලබයි. අනුමෝදම් කරන පින් ලබා ගැනීමට හැකියාවක් නැත,මොවුන්ට පෙර ආත්මවල තිබු සම්බන්ධකම් මතක නැත.

    යක්ෂ යැයි කියන අය ගේ සංඛ්‍යාත වල ශක්තිය වැඩි නිසා බෝතල් තුළ සිර කිරීමට නොහැක.

    3. ප්රේතයන්/ කුම්භාණ්ඩයන්

    අල්ප වූ කුසල කර්ම හේතු කරගෙන උත්පතියක් ලබයි. මොවුන් අවට සිහින් සීතලක් දැනෙයි. දුගදක් ඇත. ඇතැම් ප්‍රේතයන්ට අහරක් බුක්ති විදීමට අහාරය අසලටම යා යුතු උනත් ඊට වඩා කුසල් සහිත ප්‍රේතයින් එම ආහාරය ඊට වඩා දුර ඉදල බුක්ති විදියි. මොවුන් අයත් ශක්තිය අවශ්‍ය මොහොතක විශාල කාමරයක් තරමට විහිදුවාලීමට හෝ කුඩා කුප්පියක් තරමට හකුළුවා ගැනීමට පුළුවන. මෙනිසා මෙම සත්වයින් බෝතල් වල සිර කිරීමටද හැකියාවක් ඇත.

    ඉදිරියේදී මේ සම්බන්ධව සවිස්තරාත්මකව කරුණු අනාවරණය කිරීමට බලාපොරොත්තු වෙමි.
    මනුෂ්‍යන් ගැන විමසා බැලුවොත් ප්‍රේතයන්ටත් අන්ත වූ මිනිසුන්ගේ සිට ඉතාමත් උතුම් වූ මිනිසුන් දක්කවා වූ පරාසයේ විහිදී ඉන්න අය දකින්නට පුළුවන්. ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේද සාමාන්‍ය මනුෂ්‍ය ලොකයේ මිනිසෙක්මය. උන්වහන්සේලා ලෝකයට පහල වන්නේ මෙවන් වූ උතුම් පරමාර්ථයකිනි. ‘‘බුද්ධෝහං බෝධයිස්සාමි, මුත්තෝහං මෝචයේ පරේ, තිණ්නෝහං තාරයිස්සාම්, සංසාරෝගා මහබ්භයා“ (තමන් විසින් බුද්ධත්වය අවබෝධ කරගෙන අන් අයට සත්‍ය අවබෝධ කරලීම පිණිසත්, තමන් මේ ඝෝර සසරෙන් මිදී අන් අය ඉන් මුදවාලීමටත්, තමන් මේ ඝෝර සසරෙන් එතර වී අන් අය එතෙර කරවීමටත්ය) එසේ පහළ වන උන්වහන්සේලාගේ පරම අරමුණ වන්නේ,
    "සබ්බපාපස්සඅකරනං
    කුසලස්සඋපසම්පදා
    සචිත්තපරියෝදපනං
    ඒතංබුද්ධානුසාසනං"

    යනාදි ලෙසට සියලු පව් නොකිරීමද, කුසල් දහම් වැඩීමද, තම සිත පිරිසිදු කරගැනීමද, යන්න සියුලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

    -අංජන