හොල්මන් කතා බැලුවනේ පොඩ්ඩක් හිනා වෙන්න මේක දැම්මේ
https://www.youtube.com/watch?v=KBYCYDIhmME&feature=related




https://www.youtube.com/watch?v=KBYCYDIhmME&feature=related








සමාවෙයන් රොබෝට් අයියේ. දවස් කීපයක් බූත කොටුව පැත්තේ එන්න බැරි උනා. මේ දවස්වල බූතයෝ පෙරේතයෝ යක්සයෝන්ටත් වැඩිය මිනිසුන්ට හානියක් කරන්න සැරසෙන සත්වයෙක් වෙනුවෙන් කාලේ ටිකක් මිඩංගු කරන්න සිද්ද උනා. මුකුත් ලියන්න බැරි උනාට හැමදාම බූත කොටුවට ඔලුව දැම්ම හොඳේ. බූත කොටුව ඇදගෙන යන්න සහයෝගේ දෙන හැමෝටම හද පූරා ප්‍රණාමය. එල කතා ටික මචන්ලා. බූත කොටුවට ජයවේවා...![]()

රොබොටා තාම ගෙදර ආවේ නැත...... ඉතින් කතාද නැත....... ඒත් මහරෑම මේ කෙටුවෙ මේක බලන උන්ගෙන් පොඩි උදවුවක් බලාපොරොත්තුවෙන්...... පුලුවන් එකෙක් මට මේ සතාව ගොඩදාලදියන්........ යන වියදම මම දෙන්නම්
........මේක දැක්ක වෙලේ ඉඳන් මගේ හිතට හරිනෑ
...........
http://www.elakiri.com/forum/showthread.php?t=1308291
රොබොට් අයියා.....

මගේ අත්දැකීම් කියන්නට කලින් පෙරදිග භූත විද්‍යාවට අදාල කාරණා ටිකක් කියන්න හිතුනා. කැමත්තක් ඇති අය කියවන්න
http://www.facebook.com/note.php?note_id=174155506021728
පෙරදිග ගුප්ත විද්‍යාවේ මහත් පුදුම සහගත නිර්මාණයක් වෙන අදුන මගින් අතීත අනාගත වර්තමාන කාලය හරහා ගමන් කිරීමට හැකියාවක් පවතියි. අදුනේ නිර්මාතෘ ලෙස හැදින්වෙන්නේ රාවනා රජතුමයි.ලංකාව තුල අදුන් වර්ග 18 ක් පවතියි. එක් එක් අදුන සාදන විදිහ වෙනස් වෙයි. නිසි යාකාරයෙන් නැකත් කාල හෝරාවන් වල ආරම්භ කර සාදා අවසාන වෙනකල් පියවරින් පියවර නැකත් අනුවම සිදු වෙයි
අදුනක් බැලීමේදී අදුන බලන්නා 50% හොද සිහියෙන් සිටියි.එම නිසා අදුනෙන් දැනගත යුතු කාරණාව කිසි විටකත් අදුන බලන කෙනාට කලින් නොකිය යුතුයි.කලින් නොකිය බැලීම මගින් සාර්ථක පිළිතුරු අදුනෙන් ලබාගත හැකිය.
අදුන් වලට අදිගෘහිතව කටයුතු කරනුයේ හනුමා දෙවියන් ය. සියලුම අදුන් වලට අදිපති වූ හනුමා දෙවියන්ගේ මෑණියන් අංජනම් දේවියයි.වායු නම් දෙවියන්ගේ පුතා වන හනුමා දෙවියන් ගේ ගමන් හනුමා දෙවි අවතාරය වේගයෙන්ම ගමන් කරන්නා වෙයි. ගමන් හනුම දෙවියන් මගින් අදුන බැලීමේදී අවශ්‍ය තැනකට යන විට පසුවන මං සලකුණුද නිවැරදිවම කිව හැකීය.
එක් එක් අදුන අනුව ඇතැම් සීමවන්ගේ ඉදගෙන අතීතයට අනාගතයට ගමන් කිරීමේ හැකියාවක් පවතියි.
අදුනකට බලසම්පන්න වෙන පිරිස්
නියමාකාරයෙන් අදුනක් පෙනෙන කෙනෙකුට අදුන ජීවං කර තිබෙන ස්ථානයෙන් ඈත ස්ථානයක සිට උවද අදුනෙන් වැඩ කරවා ගැනීමට පුළුවන.
- දේවතාවුන් වහන්සේලා
- බහිරව උන්නාන්සේලා
- යක්ෂ උදවිය
- මලගිය ප්රානකාරීන්
විවිද අවශ්‍යතාවන් වෙනුවෙන් සකස් කල අදුන් වර්ග කිහිපයක් දෙස බලමු.
1.ශ්‍රී විෂ්ණු අදුන.
අදුන් අතර ප්‍රබලම අදුනකි. මෙම ඇදුනට මතු බුදු බව ලබන ශ්‍රී විෂ්ණු දිව්‍ය රජෝත්මයානන් ද බල වරම් ලබා දෙනු ලබයි. ඊට අමතරව සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් බහිරව නව දෙනා වහන්සේලාත් ඇදුනට වැඩම කරවීමට පුළුවන.
ලංකාවේ විෂ්ණු අදුන් 5 ක් ගැන වාර්තා වී ඇත. එයිනුත් මෑත කාලයේ සක්‍රීයව පැවතුනේ අදුන් 2 කි. වර්තමානය වන කොට එයිනුත් සක්‍රීයව පවතිනුයේ එක් අදුනක් පමණක් බවට සැකයක් පවතී.විෂ්ණු අදුනින් කාරණා සැඟවීම අසීරු කාරණයකි.
2. කළුවර අදුන
කළුවර අදුන ද ඉතාමත් ප්‍රබල අදුනකි. කළුවර ඇදුනට රහස් සඟ වීම ඉතාමත් අසීරුය.ලංකාවේ සක්‍රීය පවතින කළුවර අදුන් ගැන වාර්තා නොවේ.
3.පාතාල අදුන
පාතාල අදුන සදනුයේ පොලව යට තිබෙන විස්තර බැලීමටයි. පොලව යට ඇති වස්තු. ජලය ඇති තැන් ඇති නියම දුරින්ම් පැවසීමේ හැකියාව ඇත. නිවැරදි පාතාල අදුන සදනුයේ යක්ෂ කෙනෙක් බන්දනය කිරීමෙනි. පාතාල ඇදුනට දෙවි වරුන් වැඩම වීම නොකරයි.
4.දේව අදුනදෙවි වරුන් වඩම්මවා ගැනීමට හැකි අදුනකි
5.බහිරව අදුන
ආතාල ඇදුනට බල වරම් ලබා දෙනුයේ බහිරව නව දෙන වහන්සේලාය.
6.ස්වර්ණ හංස අදුනපොළවෙන් මතුපිට ඇති දේවල් පැහැදිලිව පෙන්නුම් කරයි.විශේෂයෙන් හනුමා දෙවියන් අදිගෘහිතව කටයුතු කරයි. හනුම දෙවියන් හා අංජනම් දේවිය වඩම්මවා ගැනීමට පුළුවන.
7.කපුරු අදුන
අදුන් අතර බලය අඩු අදුනකි.හනුම දෙවියන් අංජනම් දේවිය වඩම්මා ගැනීමට හා, යක්ෂ උදවිය ,මලගිය ප්‍රනකරීන් ගෙන්වීමට පුළුවන.
8.ප්‍රේත අදුන
මලගිය ප්‍රනකරීන් බන්දනය කර ඇත. අදුන බලන්න පිළිබද සැහෙන්න විස්තර පවසයි. නමුත් ඇදුනට කල හැකි දේ සීමා සහිතයි.
අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ අදුනක් පෙනෙන කෙනෙක් අදුන පිළිබද රහස් කාටවත් හෙළි කිරීමට කැමති නැති බවයි.ඒ පිළිබද රහස් හන්ගයි. අදුන් බලන උදවිය බොහොමයක් තමන්ගේ ලාබ ප්‍රයෝජය උදෙසා බොරු කරයි. එහෙත් එවං පුද්ගලයන් නිසා අදුන් සාස්ත්‍රය සම්පූර්ණ බොරුවක් යයි පැවසීමෙන් වෙන්නේ පෙරදිග විද්‍යාවක් අභාවයට යාමයි.
මේ අත්දැකීම මට තියෙනවමං කාටවත් කියල නැහැ.. මට හොඳටම ෂුවර් කවුරු හරි මගේ කකුලේ මහපට ඇඟිල්ලෙන් ඇද්ද.
අනිත් අයත් බය කරන්න ඕන නැති නිසා සහ මළගෙදර අවසන් වෙලා දවසක් ගතවී තිබ්යදී මැරුණු කෙනාට අපහාසයක් කරන්න අවශ්‍ය නැති නිසා ඒ සිද්ධිය එහෙන්ම අත් ඇරලා දැම්ම. හැබැයි ඊට පස්සෙ කිසිම එහෙම දෙයක් නැහැ.
තව ප්‍රශ්නයක් තියෙනව රොබට් අයිය හෝ priyankarascorpio සහෝදරයා හෝ උත්තරයක් දෙයි කියල බලාපොරොත්තු වෙනව. මේකයි වැඩේ..
මට සාමන්යෙන් එදිනෙදා ජීවිතයේදී යම් යම් වැඩ කරද්දී ඒ දේවල් ඒ විදියටම ඒ ආකාරයටම මීට පෙර අත්විඳලා තියෙනව කියල මතක් වෙනව. ඒත් ඒ කොහෙදිද? හීනෙන්ද? නැත්නම් වෙන අවස්ථාවකදීද කියල කොහෙත්ම මතකයට එන්නෙ නැහැ.
උදාහරණයක් විදියට - අද මට කවුරු හරි කෙනෙක් (සමහරවිට ජීවිතේ ප්‍රථම වතාවට මුණගැහෙන කෙනෙක් වෙන්නත් පුළුවන්, නැත්නම් හොඳට දන්න යාලුවෙක් නෑදෑයෙක් වෙන්නත් පුළුවන්) හම්බ වෙලා මගෙත් එක්ක කතා කරනව කියල හිතමු යම් දෙයක් ගැන. ඒ කතා කරන අතරතුර මට තේරෙනවා මේ දෙබසම, මේ හමුවීමම කලිනුත් සිද්ද උනා නේද කියල මතකයක් එනව. ඒත් ඒ හීනෙන්ද? නැත්නම් කොහේ හරි තැනකදීද කියල මතක් වෙන්නෙ නැහැ. ඒත් හොඳටම මතකයි අදාළ පුද්ගලයා ඒ ඇඳුමින්ම, එම ස්ථානයේම, එම වචන වලින්ම අංශුමාත්රයක් වත් වෙනස් නැතුව මම ඒ අවස්තාව කලින් අත්විඳලා තියෙනව කියල.
මේක මට මාර ප්‍රශ්නයක්. හැමදේම එහෙම වෙන්නෙ නැහැ. ඒත් මාසෙකට අඩුමගානේ ඔය වගේ සිද්දි 3, 4 ක් වත් වෙනව. මම මතක් කරන්න ෆුල් ට්‍රයි එක දුන්නත් කොහොමද මගේ මතකයේ දැන් වෙන දේවල් කලින්ම සටහන් උනේ කියල මතක් වෙන්නෙම නැහැ
මොකද්ද මේ කේස් එක?![]()
අම්මට හුඩු මචෝ මටත් ඕක ඔය විදිහටම තේරිලා තියෙනවා නේ මාත් මේ අහගන්න කව්රුවත් නැතුව හිටියේ
ඇතැම් අවස්ථාව වලදී අපේ ඇස දෙකෙන් ලබා ගන්නා දෘශ්‍ය සඥා දෙකෙන් එකක් මොලේට කලින් යනවා. මෙහිදී තියෙන්නේ මිලි තත්පර ගණනක වෙනසක්. හැබෙයි මොලේ කලින් ලැබුන සඥාව පෙර මතකයක් විදිහට පෙන්නුම් කරනවා.


මම මේ කටයි අනික් එකයි පූට්ටු කරන් කල්පනාකොරන්නෙ උඹ මොන හරුපයක් කියල තියෙනවද කියල????? "මම නම් පට්ට බයයි...
හැබැයි බය නැහැ
.." කියන එකෙන් උඹ අදහස් කලේ මොකක්ද???
මචන් මේ දේවලට මගපෙන්වීම එච්චර සුබ කටයුත්තක් නෙමෙයි......... මම මේ කරන්නෙ මම මේ දක්වා ලබාගත් අත්දැකීම් ඉදිරිපත් කරමින් නොපෙනෙන ලෝක ගැන දැනුවත්කිරීමක් හා ඒ දේවල් විවෘර්ත විවාදයකට ලක්කිරීම පමණයි............
මම දන්න ගොඩක් උන් මේව පස්සෙ ගිහින් කෙලවගෙන තියෙනව........අහල තියෙනවනේ....... බුදුබණෙත් තියෙන්නෙ මේ දේවල් පස්සෙ ගියොත් විනාසෙ කියල............. පරිස්සමින් පුතෝ.......
රොබොට් අයියා


මම අදුරන 3 දෙනෙක් ඉන්නවා යක්කු ,පෙරේතයෝ දකින්න පුළුවන්, මේ අයත් එකිනෙකා අදුරන අය නෙවෙයි . හැබැයි 3 දෙනාම භාවනා කරන අය . දෙන්නෙක් මාර්ගපල අවබෝධ කරන්න උත්සහ කරන අය .(හාමුදුරුවරු නෙවෙයි) එක්කෙනෙක් ගේ එහෙම බලාපොරොත්තුවක් නැ. මේ තුන්දෙනාම යක්කු පෙරේතයෝ පිලිබඳ කියන කතා බොහෝ දුරට සමානයි (මට හිතෙන විදිහට තුන්දෙනා ඉන්නේ මට්ටම් 3 ක .) දැනගන්න දෙයක් තියනවනම් මම අහලා කියන්නම් , මම දැනට අහලා දැනගෙන තියන දේවල් කෙලින්ම කියන්නත් පුළුවන්.
මම මේදේවල් කීමෙන් කියවන අය හරි මාර්ගයට වැටෙයි කියලා මම බලා පොරොත්තු වෙනවා . සමහර පුද්ගලයෝ ඉන්නවා මේවා විස්වාස නොකරන , අපාය , ප්‍රේත භූත ආත්ම , දෙවියන් .
විස්වාස නොකරන අයට බුදු හාමුදුරුවෝ කියපු දේවල් හරියට ම වැටහෙයි කියලා හිතන්න අමාරුයි .